05/10/2025
☸බුදුරජාණන් වහන්සේ තව්තිසා දෙව් ලොවෙහි සිට සංකස්ස පුරයට වැඩම කිරීම.
☸මෛත්‍රී බෝසතුන් පැවිදි වීම.
☸සැරියුත් හිමියන්ට ප්‍රඥාවෙන් අග තැම්පත් තනතුර ප්‍රධානය කිරීම.
☸සංඝමිත්තා තෙරණිය වැඩම කරවීමට අරිට්ඨ කුමරු දඹදිවට පිටත් කරවීම.
☸මිහිඳු මහ රහතන් වහන්සේගේ අනුදැනුම ඇතිව සිඟාල මහ රහතන් වහන්සේ විසින් ථූපාරාමයේදී විනය පිටකය සංඝායනා කිරීම.
☸දෙවන පෑතිස් රජු අරීටිඨ කුමරා ඇතුළු දූතපිරිසක් ධර්මාශෝක රජු වෙත යවා ජය ශ්‍රී මහා බෝධි ශාකාව ලංකාවට වැඩම කිරීමටට ඇරයුම් කිරීම.
☸පෙරවස් සමාදන් වූ භික්ෂූන් වහන්සේලා මහා පවරණයෙන් වස් පවාරණය කිරීම හා චීවර මාසය ආරම්භ වීම.
වැනි කරුණු රාශියක් හේතුකොට ගනිමින්, වප් පුර පසළොස්වක පොහොය ශ්‍රී ලාංකීය බෞද්ධ සැදැහැවතුනට ඉතා වැදගත් පොහොය දිනයක් ලෙස හැඳින්විය හැකිය.
පින්බර සිතුවිලි ගෙන දෙන උතුම් වප් පුර පසළොස්වක පොහොය දිනයක් වේවා!෴