Sasunata Sawiya

Sasunata Sawiya Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sasunata Sawiya, Media, Kurunegala, Kurunegala Colony.

07/11/2024
07/11/2024
30/10/2024

දයාසිරි ජයසේකර නම් වන ඔහු..
ඔහු සිය ගමන ඇරඹුවේ නීති පීඨයේ ශිෂ්‍ය දේශපාලනයෙන්. විශ්ව විද්‍යාලය තුල සිසු අයිතීන් වෙනුවෙන් හඩ නගමින් කඳුළු ගෑස්, පොලිස් බැටන් පොලු ප්‍රහාර වලට මුහුණ දෙමින් ඔහු ලද පන්නරයෙන් අනතුරුව අනූහතේ පඩුවස්නුවර ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් ලෙස ආරම්භ කළ ගමන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්, මහ ඇමතිවරයෙක් සහ කැබිනට් ඇමතිවරයෙක් දක්වා දිග් විජය කරන්නට ඔහු සමත් වුණේ ඔහු, මිනිස්සුන්ගේ ලේ දහදිය සුවඳ හොඳින් හදුණන නායකයෙක් වූ නිසා. මිනිස්සුන්ගේ කඳුළ සුදුසුම වටහාගත් නායකයෙක් වූ නිසා.

රටේ ඕනම මනුස්සයෙකුගෙන් ඇහුවොත් කියයි.....
දයාසිරි හොරෙක් නෙවෙයි,
දයාසිරි බිස්නස්කාරයෙක් නෙවෙයි,
දයාසිරි රාජ්‍ය දේපල අනිසි ලෙස පාවිච්චි කළ නායකයෙක් නෙවෙයි,
දයාසිරි ටෙන්ඩර් ගනුදෙනුවලින් මුදල් හම්බ කරපු මනුස්සයෙක් නෙවෙයි,
කොටින්ම ඔහු දූෂිතයෙක් නෙවෙයි කියලා.

හැමෝටම “හොරා හොරා” කියපු අනුර කුමාරවත් දයාසිරි ට “හොරා” කියල කිව්වෙ නැත්තෙ ඒ නිසයි.
මොනම ජගතෙකුටවත් ඇඟිල්ල දික් කරන්න පුලුවන් විදියෙ වරදක් දේශපාලනය තුළ නොකළ එකම නායකයා ඔහු වෙන්නත් පුලුවන්. ඇමතිකම්වලට, වරදාන, වරප්‍රසාදවලට තම මන්ත්‍රීධුරය පාවා දෙන මිනිසුන් අතර පක්ෂයේ නායකත්වය විසින් දිගින් දිගටම කළ කෙනෙහිලිකම් හමූවේ ඔහු තම පක්ෂයෙන් ඉවත් ව වෙනත් දේශපාලන පක්ෂයකට සම්බන්ධ වූණේ පාර්ලිමේන්තු ඉතිහාසයේ කිසිවෙකු කිසිදාක නොකළ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සහ පක්ෂයේ දරණ ලද සියලු තනතුරු එම පක්ෂයට ලබා දී ඉවත් ව යාමෙනි. ඒ නිසා තමයි රාජ්‍ය සේවකයන් වූ ඔබ හමුවට පැමිණ ඡන්දය ඉල්ලා සිටින්නට තරම් තවමත් ඔහුට ආත්ම විශ්වාසය තිබෙන්නෙ. ධෛර්යය තිබෙන්නෙ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙසවත් මහ ඇමතිවරයෙකු ලෙසවත් කැබිනට් ඇමතිවරයෙකු ලෙසවත් කිසි විටෙක බලය අනිසි ලෙස පාවිච්චි කරමින් ඔහු රාජ්‍ය සේවකයන් පීඩාවට පත් කළේ නැහැ. රාජ්‍ය සේවකයා ගස් බදින්න ගියේ නැහැ.මොනම අන්දමකින්වත් රාජ්‍ය සේවකයාගේ රාජකාරියට බාධා කළේ නැහැ. ඒ වෙනුවට රාජ්‍ය සේවකයාගේ අයිතිවාසිකම් වෙනුවෙන්, ඔවුන් මුහුණ දුන් ප්‍රශ්න හා ගැටළු වෙනුවෙන් පාර්ලිමේන්තුව තුලත් ඉන් පිටතත් පෙනී සිටියා. අමාත්‍යවරයෙක් ලෙස පළාත් සභාවේ සේවකයන් සමඟත් අමාත්‍යාංශ සේවකයන් සමඟත් සොඳුරු මිනිසෙකු ලෙස ඔවුන් සමඟ රාජකාරිය ඉටු කළා.
රට තුළ මේ වන විට හටගෙන තිබෙන දේශපාලන සහ ආර්ථික අර්බුදය හමුවේ රාජ්‍ය සේවකයින්ගේ ගැටළු වඩාත් උග්‍ර වී තිබෙන වගත් හොදින්ම දන්නේ ඔහු යි.

අතීතයේ දී මෙන් නොව දැන් තිබෙන්නේ වෙනත් දේශපාලන තත්වයක්. රට ගොඩනැගීමේ අවංක උවමනාවක් හැම තැනකින්ම දකින්න ලැබෙනවා. ඒ අභිලාෂයෙන්ම තමයි රාජ්‍ය සේවකයන් ජනාධිපතිවරණයේ දී මෙතෙක් නොවූ විරූ තීරණයක් ගත්තෙ. රට ගොඩනගන්න යන මේ ගමනේ දි දයාසිරිලා වගේ මහජන නියෝජිතයන් අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවේ ඉන්න ඕන.
කුරුණෑගල සංවර්ධනය කරන්න ඕන ආකාරය දන්නෙ කුරුණෑගල ඉපදුණු මිනිස්සු. කුරුණෑගල දූවිල්ලෙ හැදුණු වැඩුණු මිනිස්සු. දයාසිරි එහෙම මිනිහෙක්. කාර්මික, කෘෂිකාර්මික සහ සේවා යන තෙවැදෑරුම් පෙරමුණුවලින් කුරුණෑගල සංවර්ධනය කරා ගෙන යන නිරවුල් ප්‍රතිපත්තිමය දැක්ම දයාසිරි සතු යි.
ඒ දයාසිරි මෙවර සමගි ජන බල සන්ධානයේ (දුරකථන ලකුණ දාන්න) දුරකථනය ලකුණින් අංක 12 යටතේ කුරුණෑගල ට ඉදිරිපත් වෙනවා.

රටේ දේශපාලනයේ මෙතෙක් නොවූ විරූ දේශපාලන හැරවුම් ලක්ෂ්‍යක් සනිටුහන් කළ රාජ්‍ය සේවක ඔබ,

රට ගොඩනගන්නට නම් දේශපාලකයන් වගේම රාජ්‍ය සේවකයනුත් කැපවීමෙන් වගකීමෙන් සහ දූරදර්ශී භාවයෙන් කටයුතු කළ යුතු යැයි විශ්වාස කරන රාජ්‍ය සේවක ඔබ,

හොරුන්ගෙන් වංචනියකන්ගෙන් බිස්නස්කාරයන්ගෙන් තොර උගත්, වියත්, බුද්ධිමත් නායකයන් ගෙන් සැදි පාර්ලිමේන්තුවක් වෙනුවෙන් සුබ ප්‍රාර්ථනා දරා සිටින රාජ්‍ය සේවක ඔබ,

ඔබට ඇහුම්කන් දෙන, ඔබට කතා කරන්න පුලුවන්, ඔබ වෙනුවෙන් කතා කරන්නට සූදානම්.

ඒ වෙනුවෙන්,
නීතිඥ දයාසිරි ජයසේකර
පාර්ලිමේන්තුවට පත් කර යවමු !
කුරුණෑගල දිස්ත්‍රික්කයේ රාජ්‍ය සේවක එකමුතුව

Address

Kurunegala
Kurunegala Colony

Telephone

+94718439563

Website

Alerts

Be the first to know and let us send you an email when Sasunata Sawiya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category