DREAMs

DREAMs යන් යන් යන් හීනෙට ඇවිදන් යන්....❤️❤️❤️❤?

30/09/2021
11/09/2021
30/08/2021
28/08/2021

A collaborative social awareness production between Sri Palee Campus, University of Colombo and Team of Koombiyo.Special ThanksVice Chancellor/ University of...

🥰🥰
22/08/2021

🥰🥰

🥰
21/08/2021

🥰

තරුණ ගායිකාවක් වන යොහානි වගේ ම 'ඒක බාර්' සිංදුවට නටන ගැහැනු ළමයාත් ඉදිරි දශකය තුළ ලංකාව සහ ලෝකය තුළ සිදුවන පරිවර්තනය ගැන...
20/08/2021

තරුණ ගායිකාවක් වන යොහානි වගේ ම 'ඒක බාර්' සිංදුවට නටන ගැහැනු ළමයාත් ඉදිරි දශකය තුළ ලංකාව සහ ලෝකය තුළ සිදුවන පරිවර්තනය ගැන ලොකු කතාවක් කියන පණිවිඩකාරියන් දෙදෙනෙකු විදියට මම දකිනවා.

ඔවුන් දෙදෙනාගෙන් ම මේ මොහොතේ ලෝකය ගමන් කරමින් පවතින දිශාව ගැන ඉතා ම ප්‍රබල අදහසක් ලබා ගන්න පුළුවන්.

මේ අප ජීවත් වන දශකය අවසන් වෙන්න කලින් ලෝකයේ සිදුවන වඩාත් ම වැදගත් වෙනස තමයි විශ්ව විද්‍යාල උපාධි, සාමාන්‍ය පෙළ, උසස් පෙළ වගේ විධිමත් අධ්‍යාපනය යටතේ වැදගත් යැයි සැලකෙන කඩයිම් සහ මිනිසෙකු ගේ මුදල් ඉපැයීමේ හැකියාව අතර තියෙන සම්බන්ධය නැති වෙලා යාම.

සරලවම කිව්වොත් ජීවිතයේ හොඳට මුදල් උපයන්න නම් විධිමත් අධ්‍යාපනය අවශ්‍යයි කියන 60-70 දශකවල සිට මුල් බැසගත් අදහස ඉදිරි අවුරුදු දහය ඇතුළත සෑහෙන දුරට බොරු වෙන බව පැහැදිලියි.

ඒ වෙනුවට ලෝකයේ ඉතා ඉහළ ඉපැයීම් හැකියාවක් හිමිවන්නේ අනන්‍ය හැකියාවන් (unique skills) සහ නිර්මාණශීලිත්වය තියන මිනිසුන්ට.

හැමෝට ම තේරෙන උදාහරණයක් කිව්වොත් මැටි වලින් ලංකාවේ වෙන කවුරුත් නොහදන විදියේ මැටි බඩු හදන්න පුළුවන් කෙනෙකුට අන් අයට වඩා ඉහළ ඉපැයීම් හැකියාවක් ගොඩනගාගත හැකියි. ඒත් ඒ වෙනුවෙන් ඔහු මැටි ශිල්පයට අමතරව තමන් හදන දේවල් සයිබර් අවකාශයේ ආකර්ෂණීය විදියට අලෙවි කරන විදියත් දැන සිටිය යුතුයි.

මේ විදියට ඕනෑම ක්ෂේත්‍රයක වෙන කවුරුත් ම නොකරන දේවල් කරන අයට, වෙන කවුරුත් ම නොහදන දේවල් හදන අයට වෙළෙඳපොළ ඇතුළේ ඉහළ වටිනාකමක් හිමිවෙනවා. මෙහෙම වෙන කවුරුත් ම නොකරන දෙයක් කරන්න කෙනෙකුට ඉඩ ලැබෙන්නේ කුමක් හෝ අනන්‍ය හැකියාවක් නිසාමයි. ඒ නිසා මෙච්චර කල් විධිමත් අධ්‍යාපනයට ලැබී තිබුණු තැන මේ කියන 'අනන්‍ය හැකියාවට' ලැබෙන්න පටන් ගන්නවා.

අනන්‍ය හැකියාව කියන එකට තනි නිර්වචනයක් නැහැ. කොටින් ම කිසිම හැකියාවක් නොතිබීම ම හැකියාවක් කරගෙන විශාල අවධානයක් දිනාගන්න චරිත සමාජ මාධ්‍ය අවකාශයේ විටින් විට හම්බ වෙනවා. අප ඔවුන්ට හිනාවුණාට ඔවුන් අපට කියාදෙන්නේ මේ 'අනන්‍ය හැකියාව' කියන සංකල්පය කොයි තරම් පුළුල් සහ නිදහස් එකක් ද කියලායි.

විධිමත් අධ්‍යාපනය ලබපු අයට වඩා ඉක්මනින් මොන දේකට හරි අනන්‍ය හැකියාවක් තියන මිනිස්සු ආර්ථිකය කියන ඉණිමගේ ඉහළට නගින්න පටන් ගන්නවා.

මේ අනන්‍ය හැකියාවන් ලබාගන්න පුළුවන් එක නිශ්චිත ක්‍රමයක් නැහැ. ඒක ඕනෑම කෙනෙකුට ඕනෑම විදියකට ලබා ගත හැකියි. ඒ නිසා ම ඒක විධිමත් අධ්‍යාපනයට වඩා විවෘත භූමියක්. මම මේ වෙනස් වීමට ආසා කරන්නේ ඒ හින්දයි.

මේ අනන්‍ය හැකියාවන් නිසා බිහිවෙන හැම දෙයක් ම ප්‍රධාන වශයෙන් ම ලෝකයට විවෘත වෙන්නේ අන්තර්ජාලය හරහා. වෙන කවුරුත් ම නොහදන දේ හදලා අලෙවි කරන්න නම් ඒවා ගැන වෙන කවුරුත් ම නොහදන විදියේ content (අන්තර්ගතයන්) හදලා අන්තර්ජාල අවකාශයට එකතු කරන්න වෙනවා.

ඒ නිසා ම ඉහළ ඉල්ලුමක් ගොඩනැගෙන තවත් ක්ෂේත්‍රයක් තමයි අන්තර්ජාලය සඳහා ආකර්ෂණීය content නිර්මාණය කිරීම.

සරලව කිව්වොත් අන්තර්ජාලයේ සැරිසරන මිනිස්සු ආකර්ෂණය කරගන්න පුළුවන් විදියට ලියන, කතා කරන, නටන, සිංදු කියන, වීඩියෝ හදන, වීඩියෝ එඩිට් කරන අයට ඒ ලෝකය තුළ ඉහළ වටිනාකමක් ලැබෙනවා. යොහානි වගේ ම 'ඒක බාර්' සිංදුවට නටන ගෑනු ළමයා තුළත් මම දකින්නේ ඒක.

අන්තර්ජාල යුගය තුළ මිනිසුන් ගේ රුචි අරුචිකම්, ඔවුන් කියවන විදිය, සිංදු අහන විදිය, වීඩියෝ නරඹන විදිය, යම් දෙයකට අවධානය ලබා දිය හැකි කාල සීමාව වගේ හැම දෙයක් ම වෙනස් වෙලා තියෙනවා. යම්කිසි භාණ්ඩයක් හෝ සේවාවක් වෙනුවෙන් කුමන හෝ ආකාරයක content හදන අය ඒ නාඩි වැඩ කරන විදිය අල්ලාගන්න තරම් දක්ෂ වෙන්න ඕනෙ.

මේ නාඩි වැඩ කරන විදිය අල්ලගන්න හැටි සහ ඊට ගැළපෙන නිර්මාණශීලි දේවල් හදන්න ඉගෙන ගන්නත් එක නිශ්චිත ක්‍රමයක් නැහැ. ඒක අන්තර්ජාලයේ වගේ ම සමාජ මාධ්‍ය ඇතුළු තවත් බොහෝ අවකාශවල රස්තියාදු ගහලම ඉගෙන ගන්න ඕනෙ දෙයක්. විධිමත් අධ්‍යාපනයට වගේ මෙහෙම දේවල්වලට ආධිපත්‍යය දරන 'දෙවිවරුන්' නැහැ.

මේ වගේ ලෝකයක කිසි ම කෙනෙකුට අකැමැත්තෙන් යම් දෙයක් කිරීමේ හෝ කරන්න බලකිරීමේ තේරුමක් නැති වෙනවා. තමන් අකැමැත්තෙන් ඉගෙන ගන්න අප්‍රියජනක විෂයක් ඔස්සේ ගිහින් වෙන කවුරුවත් නොකරන විදියේ දෙයක් කරන්න කෙනෙකුට උනන්දුවක් ඇති වීමේ සම්භාවිතාව ඉතා ම අඩුයි. ඒ වෙනුවට වඩාත් ප්‍රායෝගික ම විකල්පය වන්නේ තමන් කැමති කුමක් හෝ දෙයක් වෙනුවෙන් කාලය හා ශ්‍රමය වැය කිරීම සහ ඒ වෙනුවෙන් කෙසේ හෝ වටිනාකම් නිර්මාණය කරන්න ඉගෙන ගැනීම.

ඒ නිසා ම එක ම විදියට ඇඳ පැළඳගෙන, ඔෆිස් කාමරවලට වෙලා 8-5 රැකියාවල නිරත වෙන්න හීන දකින අය ගේ ප්‍රතිශතය සැළකිය යුතු විදියට අඩු වෙයි. බොහෝ අය වෙනස් ක්ෂේත්‍රවලට ගිහින් තමන්ට ම අනන්‍ය විදියට වටිනාකම් නිර්මාණය කරන්න උත්සාහ කරයි. මේක හරියට කරන අයට ඉහළ ඉපැයීම් හැකියාවක් ළඟා කරගන්න පුළුවන් වෙයි.

මේක තේරුම් ගන්න ඕන හරියට ම නොඉඳුල් වනාන්තරයක ගමන් කිරීමක් විදියට.

නොඉඳුල් වනාන්තරයක ගමන් කරන එක යම් තරමකට අනතුරුදායක බව ඇත්ත - හැබැයි එහෙම වනාන්තරයක කවුරුවත් අත නොතැබූ ඵලවැල ඕනෑ තරම් තියෙනවා. සමහර ඒවා විෂ ඇති. සමහර ඒවාවල ඉතා ම දුර්ලභ පෝෂ්‍ය පදාර්ථ ඇති.

මේ හැම දෙයක් ම කාලා බලලා, හොඳ නරක අත්විඳලා, මේ වනාන්තරයේ ජීවිතය ගැටගහගන්න වෙන්නේ තනියම. මේ නීතියක් නැති, සීමා මායිමක් කවුරුත් දන්නේ නැති, මොන විදියේ ගහකොළ, සතාසීපාවුන් හමුවෙනවාදැයි දන්නේ නැති අවිනිශ්චිත කලාපයේ ජීවිතය හරි විචිත්‍රයි.

-

රසික ජයකොඩි
20 - 08 - 2021

යූටියුබ් වීඩියෝ මෙතැනින් බලන්න:
https://bit.ly/3Ap1xp5

🔺 අද රාත්‍රී 10.00 සිට ලබන 30 වෙනි සඳුදා දක්වා මුළු දිවයිනම ලොක් ඩවුන් කිරීමට තීරණය කළ බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැ...
20/08/2021

🔺 අද රාත්‍රී 10.00 සිට ලබන 30 වෙනි සඳුදා දක්වා මුළු දිවයිනම ලොක් ඩවුන් කිරීමට තීරණය කළ බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ටිවිට්ර් සටහනක් තබමින් ප්‍රකාශ කර සිටියි.

උපුටා ගැනීමකි ©️

💪🤜🙏👍
19/08/2021

💪🤜🙏👍

19/08/2021

Address

Kurunegala

Website

Alerts

Be the first to know and let us send you an email when DREAMs posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share