Media Unit NWP

Media Unit NWP සත්‍යයේ හඩ.....

වයඹ පළාත් ප්‍රධාන ලේකම් ඉන්දික ඉලංගකෝන් මහතාටසුබ උපන්දිනයක් වේවා.. !
21/05/2025

වයඹ පළාත් ප්‍රධාන ලේකම්
ඉන්දික ඉලංගකෝන් මහතාට
සුබ උපන්දිනයක් වේවා.. !

"වයඹ පළාත් ප්‍රධාන ලේකම් ලෙස ඉන්දික ඉලංගකෝන් මහතා 2025.01.16 දින වැඩ භාරගනී"වයඹ පළාත් ප්‍රධාන ලේකම් ලෙස ඉන්දික ඉලංගකෝන් ...
16/01/2025

"වයඹ පළාත් ප්‍රධාන ලේකම් ලෙස ඉන්දික ඉලංගකෝන් මහතා 2025.01.16 දින වැඩ භාරගනී"

වයඹ පළාත් ප්‍රධාන ලේකම් ලෙස ඉන්දික ඉලංගකෝන් මහතා අද(16)පෙරවරුවේදී වයඹ ප්‍රධාන ලේකම් කාර්යාලයේදී වැඩ භාරගත්හ.

1992 වර්ෂයේ ගුරුවරයකු ලෙස රාජ්‍ය සේවයට එක්වූ ඒ මහතා ශ්‍රී ලංකා පරිපාලන සේවා විභාගය සමත්ව සහකාර ප්‍රාදේශීය ලේකම්වරයකු සහකාර ලේකම්, සහකාර පළාත් පාලන කොමසාරිස්, කුඩා කර්මාන්ත දෙපාර්තමේන්තුවේ වයඹ පළාත් අධ්‍යක්ෂක,වයඹ ප්‍රධාන අමාත්‍යාංශ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්,වයඹ පළාත් පාලන කොමසාරිස්,ජාතික සමුපකාර සංවර්ධන ආයතනය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ලෙසද කටයුතු කලේය.

වයඹ පළාත් ප්‍රධාන ලේකම් ලෙස පත්වීමට පෙර ඔහු වයඹ ආණ්ඩුකාර ලේකම් ලෙස සේවය කරමින් සිට ඇත.ඉන්දික ඉලංගකෝන් මහතා
වයඹ පළාත් රාජ්‍ය සේවයේ දහතුන්වන(13)පළාත් ප්‍රධාන ලේකම්වරයා වේ.

2025.01.16
මාධ්‍ය ඒකකය
වයඹ පළාත් සභාව

වයඹ පළාත් සභාවට අයත් සියළුම අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු කාර්ය මණ්ඩලයට, සේවය කල හා මියගිය කාර්ය මණ්ඩලයට මෙන්ම,උදාවන්නාවූ ...
29/12/2024

වයඹ පළාත් සභාවට අයත් සියළුම අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු කාර්ය මණ්ඩලයට, සේවය කල හා මියගිය කාර්ය මණ්ඩලයට මෙන්ම,උදාවන්නාවූ 2025 නව වසරට සෙත්පතා 2024.12.27 දින වයඹ ආණ්ඩුකාර කාර්යාලයීය පරිශ්‍රයේ පැවති පිරිත් සඤ්ඤායනය.

ආණ්ඩුකාර කාර්යාලය මගින් සංවිධානය කරන ලද මෙම පිංකම් මාලාව පසුදා උදෑසන මහා සංඝරත්නය සඳහා වූ දානමය පිංකමින් අවසන් විය.

වයඹ ආණ්ඩුකාර තිස්ස වර්ණසූරිය , කෘෂි කර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මප්‍රිය දිසානායක යන මහත්වරුන්ද වයඹ ප්‍රධාන ලේකම්තුමිය,කුරුණෑගල දිස්ත්‍රික් ලේකම්තුමා ,ආණ්ඩුකාර ලේකම්තුමා ඇතුළු අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු ප්‍රධානීන්ද රාජ්‍ය නිලධාරීන්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

"වයඹ විසිත් රූ"ප්‍රදර්ශනය අලෙවිපොළ හා සම්මාන ප්‍රදානෝත්සවය 2024.12.17 දින වයඹ පළාත් සභා ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.වයඹ පළ...
17/12/2024

"වයඹ විසිත් රූ"
ප්‍රදර්ශනය අලෙවිපොළ හා සම්මාන ප්‍රදානෝත්සවය 2024.12.17 දින වයඹ පළාත් සභා ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

වයඹ පළාත් සභාවේ සභාපති ටිකිරි අධිකාරි මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයට වයඹ ප්‍රධාන ලේකම් දීපිකා ගුණරත්න ,කුරුණෑගල දිස්ත්‍රික් ලේකම්තුමා,ජාතික ශිල්ප සභාවේ සභාපතිතුමා ඇතුළු රාජ්‍ය නිලධාරීන්ද එක්ව සිටියහ.

2024 දෙසැම්බර් 18,19 යන දෙදින පුරා වයඹ පළාත් සභා සංකීර්ණයේදී මෙම ප්‍රදර්ශනය හා අලෙවිපොළ මහජනයා සඳහා විවෘතව පවතී.වයඹ පළාත් කර්මාන්ත සංවර්ධන දෙපාර්තමේන්තුව ,ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුව ,ජාතික ශිල්ප සභාව මෙය සංවිධානය කරන ලදී.

03/12/2024
ජාත්‍යන්තර සංඥා  භාෂා දින සැමරුම් උළෙලට සමගාමීව පැවති වයඹ පළාත් සැමරුම් දින උත්සවය 2024.11.21 දින වයඹ පළාත් සභා ශ්‍රවණාග...
21/11/2024

ජාත්‍යන්තර සංඥා භාෂා දින සැමරුම් උළෙලට සමගාමීව පැවති වයඹ පළාත් සැමරුම් දින උත්සවය 2024.11.21 දින වයඹ පළාත් සභා ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.වයඹ ප්‍රධාන අමාත්‍යංශ ලේකම් චන්දන දිසානායක මහතා ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරුන් හා දෙපාර්තමේන්තු ප්‍රධානීන් රැසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.වයඹ පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුව මගින් මෙම උත්සවය සංවිධානය කරන ලදී.

වයඹ පළාත් ආණ්ඩුකාර මාධ්‍ය ඒකකය
2024.11.21

19/11/2024

"වයඹ රඟ අබිසෙස්" වයඹ රාජ්‍ය නාට්‍ය උළෙල 2024

08/11/2024

විභාග මධ්‍යස්ථානය වෙනස් කිරීම

හෙට දින (2024.11.09) දින පැවැත්වෙන වයඹ පළාත් රාජ්‍ය සේවයට ගුරුවරුන් බඳවා ගැනීම සඳහා වන විවෘත තරග විභාගයේ පුත්තලම හින්දු දෙමළ විද්‍යාලය විභාග මධ්‍යස්ථානය අධික වර්ෂාපතනය හේතුවෙන් පු/ ෆාතිමා බාලිකා විද්‍යාලය වෙත ගෙන යන ලද බව අයදුම්කරුවන් වෙත දැනුම් දෙමි.

ලේකම්
වයඹ පළාත් සභා රාජ්‍ය සේවා කොමිෂන් සභාව.

*பரீட்சை நிலையங்களில் மாற்றம்*

வடமேல் மாகாண சபை பொது சேவை ஆணை குழுவினால் நாளை ( 09.11.2024) நடைபெறும் பட்டதாரி ஆசிரியர்களை தெரிவு செய்வதற்கான போட்டிப் பரீட்சைக்காக *பு/இந்து தமிழ் மகா வித்தியாலயத்தில்* ஒதுக்கப்பட்ட பரீட்சை நிலையம் மழை வெள்ளம் காரணமாக *பு/பாத்திமா மகளிர் பாடசாலைக்கு* மாற்றம் செய்யப்பட்டுள்ளது.

*P/Hindu Central College*, the exam centre of Competitive Examination for the Recruitment of Graduate teachers - 2024 has been changed to *P/ Fathima Balika Vidyalaya*

Exam Date : 09.11.2024
Scheduled Center:~P/Hindu Central College~❌
New Venue: P/ Fathima Balika Vidyalaya ✅

Secretary
North Western Provincial Council Public service Commission

වයඹ ආණ්ඩුකාර තිස්ස වර්ණසූරිය මැතිතුමාගේ  පළමු මහජන දිනය වයඹ පළාත් සභා ලිච්ජවී ශාලාවේදී 2024.10.09දින පැවැත්විණි.වයඹ ප්‍ර...
09/10/2024

වයඹ ආණ්ඩුකාර තිස්ස වර්ණසූරිය මැතිතුමාගේ පළමු මහජන දිනය වයඹ පළාත් සභා ලිච්ජවී ශාලාවේදී 2024.10.09දින පැවැත්විණි.වයඹ ප්‍රධාන ලේකම්තුමිය ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරුන්,දෙපාර්තමේන්තු ප්‍රධානීන්ද,ආණ්ඩුකාර ලේකම්තුමාද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

වයඹ පළාත් ආණ්ඩුකාර මාධ්‍ය ඒකකය
2024.10.09

Address

Kurunegala

Website

Alerts

Be the first to know and let us send you an email when Media Unit NWP posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share