Radical Digital Magazine

Call Directions Contact the business

Radical Digital Magazine Media📑

🪬 DM For Articles | Advertising | Promotions - 070 3470212 (Whatsapp)
(6)

ඕනෑම තරඟයක කිරුළකට වඩා දහස් සංඛ්‍යාත ජනතාවගේ හදවත් දිනා ගැනීම අපහසු කාර්යයකි. මෙවර වසන්තයේ බොහෝ දෙනාගේ කතාබහට ලක් වෙමින්...
04/05/2026

ඕනෑම තරඟයක කිරුළකට වඩා දහස් සංඛ්‍යාත ජනතාවගේ හදවත් දිනා ගැනීම අපහසු කාර්යයකි. මෙවර වසන්තයේ බොහෝ දෙනාගේ කතාබහට ලක් වෙමින් වැඩිම මනාප සහ ආදරය මැද ජනප්‍රියතම දියවන්නා අවුරුදු කුමරිය ලෙස අභිෂේක ලැබීමට ඇය සමත් විය. ජනතා අකාර්ෂණයට පත් වූ ඇය නමින් Umayangani Rajapaksha.

1. ආයුබෝවන් උමයංගනී, කොහොමද මේ දවස්වල ජීවිතේ?

මේ දවස්වල ජීවිතේ ගොඩක් උද්යෝගිමත් සහ සතුටුදායක කාලයක්. දියවන්නා අවුරුදු කුමරිය තරඟයෙන් ලැබුණු ආදරය සහ සහයෝගය නිසා හිත ගොඩක් පිරිලා තියෙන්නේ. ඒ එක්කම මගේ අධ්‍යාපනික සහ වෘත්තීය ඉලක්ක වලටත් උනන්දුවෙන් වැඩ කරගෙන යනවා. මේ ජයග්‍රහණයත් එක්ක ජීවිතේට අලුත් බලාපොරොත්තු සහ අලුත් අවස්ථා රැසක් ලැබිලා තියෙනවා කියලා මට හිතෙනවා.

2 . ඔබ ගැන හැඳින්වීමකින්ම අපි කතාබහ ආරම්භ කරමු.

මම උමයංගනී රාජපක්ෂ. මගේ ගම නුවරඑළිය. පවුලේ නංගිලා දෙන්නයි අම්මයි තාත්තයි. මම තමයි වැඩිමලා. මගේ පාසල සූරියගහපතන මහා විද්‍යාලය. වැඩිදුර අධ්‍යාපනය සඳහා රූපහ ශ්‍රී සද්ධානන්ද ද්විතියික පාසලට තමයි ගියේ. උසස් පෙළ විභාගයෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් 7 වෙනියා වෙලා මම කොළඹ විශ්ව විද්‍යාලයට ඇතුළත් වුණා. දැන් මම භූගෝල විද්‍යාව පිළිබද ගෞරව උපාධියක් හදාරා මගේ විශ්ව විද්‍යාලයේම නිරූපණකරුවෙක් (Demonstrater) විදිහට වැඩ කරනවා. ඒ අතරතුර මගේ නර්තන, රංගන, නිරූපණ කටයුතුත් කරගෙන යනවා.

3. මෙවර 'ජනප්‍රියතම දියවන්නා අවුරුදු කුමරිය' කිරුළ ජයග්‍රහණය කිරීම ගැන මොකද හිතෙන්නේ?

ඇත්තටම මේ ජයග්‍රහණය මට වචන වලින් කියන්න බැරි තරම් සතුටක් සහ ගෞරවයක්. ජනප්‍රියතම දියවන්නා අවුරුදු කුමරිය ලෙස තේරී පත් වීම මට ලැබුණු මහත් ආදරය සහ ජනතා සහයෝගය ගැන ලස්සන සාක්ෂියක් විදිහට මම දකිනවා. මේ කිරුළ මගේ ජයග්‍රහණයක් විතරක් නෙවෙයි මාව විශ්වාස කරලා මට සහයෝගය දුන් මගේ පවුලේ අය, මිතුරන් සහ රසිකයන් හැමෝගේම ජයග්‍රහණයක්. ඒ ආදරය සහ විශ්වාසය මට ඉදිරියට තවත් ශක්තියක් ලබා දෙනවා.

4. අවුරුදු කුමරියක් විදියට වේදිකාවට එන්න ඔබ මොන වගේ සූදානමක් ද වුණේ?

මේක මගේ පළවෙනි pageant එක නිසා මට මීට කලින් මේ වගේ අවසන් මහා තරඟයකට සහභාගී වූ අත්දැකීමක් තිබුණේ නැහැ. ඒ නිසා මම ගොඩක් කැපවීමෙන් සූදානම් වුණා. walking, stage presence, confidence සහ presentation ගැන practice කළා. අත්දැකීම් නොතිබුණත් මම මගේ උපරිමය දෙන්න සහ මගේ උපරිමය වේදිකාව තුළ පෙන්නන්න ගොඩක් උත්සාහ කළා. ඒ වගේම දියවන්නා team එකෙන් ලොකු support එකක් ලැබුණා. ඔවුන් සංවිධානය කළ workshops සහ practice sessions හරහා මට හොඳ සූදානමක් ලබා ගන්න පුළුවන් වුණා.

5. මේ තරඟයට ඉදිරිපත් වෙන්න ඔබට විශේෂ හේතුවක් තිබුණ ද?

මට විශේෂ හේතුවක් තිබුණා. මගේ ආසාව නිරූපණ ක්ෂේත්‍රයත් රංගන සහ නර්තන කටයුතු හරහා ලංකාවම දන්න හොඳ කලාකාරිනියක් වීම. ඒ හීනයට ආරම්භයක් ගන්න හොඳම අවස්ථාව මේක කියලා මට හිතුණා. ඒ නිසා තමයි මම මේ තරඟයට අයදුම් කළේ මගේ හීනෙට පළමු පියවර තබන්න.

6. සැබෑ ජීවිතේ උමයංගනී කියන්නේ මොන වගේ කෙනෙක්ද?

සැබෑ ජීවිතේ මම ගොඩක් සරල, ආදරණීය සහ positive mindset එකක් තියෙන කෙනෙක්. මම හැමදේටම කැපවෙලා වැඩ කරනවා. විශේෂයෙන් මගේ හීනවලට. අභියෝග වලට බය නොවී ඉදිරියට යන්න උත්සාහ කරන කෙනෙක් කියන්න පුළුවන්. මම විශ්වවිද්‍යාලයෙන් ලැබුණු අත්දැකීම් එක්ක සමාජශීලි චරිතයක්, කැම්පස් එකේ සමාජ සංගම්වල සක්‍රීයව වැඩ කරලා team work, leadership සහ people management වගේ දේවල් ඉගෙනගත් කෙනෙක්.
ඒ වගේම මගේ පවුල, යාලුවෝ සහ මට ආදරය කරන අයට ගොඩක් ආදරණීයව සලකන කෙනෙක්.

7. තරඟය පුරාවටම ඔබට අභියෝගාත්මක අවස්ථාවන් බොහොමයකට මුහුණ දෙන්නට සිදු වෙන්න ඇති නේද?

ඔව්, තරඟය අතරතුර මට මුහුණ දෙන්න සිදු වුණ ලොකුම අභියෝගය තමයි talent show එකට දවස් 3–4 කට කලින් හොඳටම අසනීප වෙලා රෝහල්ගත වෙන්න සිදු වීම. ඒ වෙලාවේ මානසිකව මම ගොඩක් වැටුණා. මට මේක කරන්න බැරි වෙයි කියලාත් හිතුණා. මොකද ඒ වෙද්දිත් මගේ ඉදිරිපත් කිරීමට සම්පූර්ණයෙන්ම සූදානම් වෙලා තිබුණේ නැහැ. නමුත් මගේ විශ්වවිද්‍යාලයේ යාලුවෙක් වන නර්තනයට ගොඩක් දක්ෂ තුසිත මල්ලිගෙන් ලැබුන සහයෝගය නිසා තමයි මට ඒ talent show එකට සාර්ථකව ඉදිරිපත් කරන්න පුළුවන් වුණේ. ඒ නිසා ඔහුවත් මම මේ වෙලාවේ ආදරයෙන් සහ ගෞරවයෙන් මතක් කරනවා.

8. වර්තමානයේ පවත්වන අවුරුදු කුමරා / කුමරිය තරඟ ගැන ඔබේ අදහස මොන වගේද?

වර්තමානයේ අවුරුදු කුමරා කුමරිය තරඟ කියන්නේ හුඟක් හොඳ වේදිකාවක්. තමන්ගේ හැකියාවන්, දක්ෂතා සහ විශ්වාසය පෙන්නන්න තරුණ තරුණියන්ට ලැබෙන ලොකු අවස්ථාවක් කියලා මම හිතනවා. ඒ වගේම අපේ සංස්කෘතියත්, සම්ප්‍රදායත් ලස්සනට ඉදිරිපත් කරන්නත් මේ වගේ තරඟ වැදගත් වෙනවා. අද කාලේ අපිට මේ වගේ තරඟ බොහොමයක් දකින්න පුළුවන් නිසා ඒවා අතරින් හරි දේ තෝරාගෙන තරුණ පරපුර නුවණැතිව සහ වගකීමෙන් ඒවා භාවිතා කරන්න ඕන කියලා මම හිතනවා.

9. මේ ලැබුණු කිරුළ සහ ජනප්‍රියත්වයත් එක්ක ඔබේ අනාගත බලාපොරොත්තු සහ ඉලක්ක මොනවද?

මේ ජයග්‍රහණයත් එක්ක මගේ අනාගත බලාපොරොත්තුව තමයි නිරූපණ, රංගන සහ නර්තන ක්ෂේත්‍රවලින් ඉදිරියට ගිහින් ලංකාවම දන්න හොඳ කලාකාරිනියක් වීම. ඒ සඳහා ලැබෙන හැම අවස්ථාවක්ම හොඳින් භාවිතා කරලා මගේ හැකියාවන් තවත් දියුණු කරගන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම රසිකයන්ගේ ආදරය සහ සහයෝගයත් එක්ක මේ ගමන තවත් දිගු කරගෙන ඉදිරියට යන්න මම බලාපොරොත්තු වෙනවා. ඒ අතරම මගේ වැඩිදුර අධ්‍යාපනයත් හදාරමින් කතිකාචාර්යවරියක් වීමේ බලාපොරොත්තුවත් තියෙනවා.

10. මේ ගමන එන්න ඔබට ශක්තියක් වූ පිරිස සහ ඔබට මනාපය පළ කළ රසිකයන් වෙනුවෙන් මොනවද කියන්න තියෙන්නේ?

මේ ගමනේදී මට ලැබුණු ලොකුම ශක්තිය තමයි මගේ පවුල සහ ළඟින්ම ඉන්න යාලුවෝ. ඔවුන්ගේ ආදරය, කැපවීම සහ හැම මොහොතකම දුන්න ශක්තිය නැතුව මට මේ ගමන එන්න බැරි වෙයි. ඒ වගේම දියවන්නා team එක, මගේ විශ්වවිද්‍යාලයේ මිතුරන් සහ මාව හැමදාම විශ්වාස කරලා උදව් කරපු හැමෝටම මම ගොඩක් කෘතවේදී වෙනවා. විශේෂයෙන් මට මනාප පළ කරපු ආදරය කරන හැම විදිහකින්ම මට ශක්තියක් වුණ මගේ රසිකයන්ට හදවතින්ම ස්තුති කරනවා. මේ ජයග්‍රහණය ඔවුන්ගේ ආදරය සහ විශ්වාසය නිසාම ලැබුණු එකක් කියලා මම හැමදාම හිතනවා.

11. ස්තුතියි ඔබට. අවසාන වශයෙන් රැඩිකල් පිළිසඳර අපේ කතාබහ ගැන ඔබේ අදහස දැන ගන්න කැමතියි.

මේ කතාබහට මට ආරාධනා කිරීම ගැන මම ගොඩක් සතුටු වෙනවා. මගේ ගමන, අත්දැකීම් සහ අදහස් බෙදා ගන්න ලැබීමත් හොඳ අවස්ථාවක්. රැඩිකල් අපේ වගේ platform එකක් හරහා මෙවැනි කතාබහක් කිරීම ගොඩක් වටිනා දෙයක්. විශේෂයෙන් කලා ක්ෂේත්‍රයට එන නවකයින්ට. බොහොම ස්තුතියි මට මේ අවස්ථාව ලබා දුන්නට.

කතාබහ

උමේෂා හංසනී
කොළඹ විශ්වවිද්‍යාලය

Read more : https://www.facebook.com/share/p/1DfF9UmrCU/

"පැන්සල් තුඩින් ජීවය ලබන රූප, ඔබ මීට කලින් දැකලා තියෙනවද? මිනිස් රූප වල සොදුරු බව චිත්‍රයකින් දැකලා තියෙනවද? ඔව්..අද අපි...
03/05/2026

"පැන්සල් තුඩින් ජීවය ලබන රූප, ඔබ මීට කලින් දැකලා තියෙනවද? මිනිස් රූප වල සොදුරු බව චිත්‍රයකින් දැකලා තියෙනවද? ඔව්..අද අපිත් එක්ක කතා බහට එකතු වෙන්නෙ, ඒ විදියට රූපයකට පණ දෙන්න පුළුවන්,සුන්දර මැජික්කාරියක්…ඇය නමින් Tharushi Amarasinghe Tharu arts ….”

1).ආයුබෝවන් තරුෂි..රැඩිකල් කතා බහට ආදරයෙන් එකතු කරගන්නවා..ඉතින් කියන්නකො..කොහාමද මේ දවස් වල?
•ආයුබෝවන්. ඔයාලටත් බොහොම ස්තූතී මට මේ වගේ කතා බහකට ආරාධනා කලාට. මේ දවස් වල commission work කරගෙන යන ගමන් තමයි දවස ගෙවෙන්නෙ.

2).අපිට කියන්නකො කවුද මේ පණ තියෙන චිත්‍ර අදින මැජික්කාරිය කියලා..
•මම තරුශි අමරසිංහ. විනෝදාංශයක් විදිහට චිත්‍ර ඇදලා දැන් ඒ හැකියාවම රැකියාවක් බවට පත්කරගෙන නිදහසේ වැඩ කරගෙන යන සරල චරිතයක්

3).පවුලෙ විස්තර ගැන කතා කරොත්?
•මගෙ පවුලෙ ඉන්නවා මමයි අයියලා දෙන්නයි අම්මයි තාත්තයි. හැබැයි දැන් තාත්තනම් අපි අතර නැහැ.

4).කොහොමද මෙච්චර ලස්සනට චිත්‍ර අදින්න පුරුදු උනේ? මං හිතන්නෙ මේ චිත්‍ර වලට ආදරේ කරන අය ඒක දැනගන්න ආසාවෙන් ඇති..
•මන් චිත්‍ර අදින්න මුලින්ම පටන් ගත්තේ 2020 නොවැම්බර් වගේ. ඒ වෙද්දි චිත්‍ර ගැන කිසිම දැනුමක් තිබුනෙ නැහැ. Youtube එකේ අහම්බෙන් දැකපු චිත්‍ර අදින වීඩියෝ එකක් නිසා තමා චිත්‍ර අදින්න පටන් ගත්තේ. වීඩියෝස් බලලා බලලා තමා මේ තරම් දුරට සාර්ථක වුනේ. මීට මාස 8ට කලින් වගේ මන් R&D Academy එකට join වෙලා චිත්‍ර ගැන වැඩිදුර අධ්‍යාපනයක් ලැබුවා.

5).තරුෂි අදින්න කැමති චිත්‍ර ශෛලියක් තියෙනවද?
•Portrait තමා මන් ගොඩක්ම අදින්නේ. දැනට ඇදලා තියෙන්නෙත් portrait තමයි

6).අපි කතා කරමුකො ඔබේ චිත්‍ර වලට ලැබෙන ප්‍රතිචාර ගැනත්?
•සෑහෙන ප්‍රතිචාර තියෙනවා. ඒවා ඇහුනම එයාලගෙ comments දැක්කමනම් හරිම සතුටුයි. ඒවගේම තමා මන් අදින content creators ලගේ drawing, එයාලගෙනුත් සෑහෙන ප්‍රතිචාර තියෙනවා.

7).”Tharu Arts” නිර්මාණය වුනේ කොහොමද?
•Tharu arts නිර්මානය වුනේ යාලුවන්ගේ ප්‍රතිචාරත් එක්කමයි. මොකද ඒ වෙද්දි මන් fb පරිශීලනය කරන කෙනෙක් නෙමේ. යාලුවන්ගේ ප්‍රතිචාරත් එක්ක තමා මන් Tharu arts කියන නම පාවිච්චි කරලා social media වලට අවතිර්න වුනේ.

8).මුලින්ම ඇදපු සිතුවම මතකද?
•ඔව්. ඒ සිතුවම මතක් වෙනකොටත් මට ටිකක් හිනා යනවා. ඒ තරම් ඒක අවුල්. මන් මුලින්ම ඇන්දේ ඉන්දියානු නිලි දීපුකා පදුකෝන්ව. හැබැයි ඒ සිතුවම දීපිකාගේ ලගින්වත් තියන්න බෑ. මන් ඒක අදින්න සෑහෙන උත්සහ කලා හැබැයි ඇදගන්න බැරිවුනා. ඊටපස්සෙ තමා පියවරෙන් පියවර ඉගෙන ගන්න ඔනි කියලා වැඩේ පටන් ගත්තෙ.

9).මෙතෙක් කළ නිර්මාණ වලින් තරුෂිගෙ හදවතට වඩාත් දැනුන නිර්මාණයක් තියෙනවද?
•හදවතට වඩාත් දැනුනු චිත්‍ර කීපයක්ම තියෙනවා. ඒවගෙන් ප්‍රේක්ශකයෝ මුලින්ම මාව හදුනගත්තේ 'මරු ඩබලක්' ( දිලීප් සහ චමත් ) අයියලා දෙන්නගේ සිතුවම. ඒ සිතුවමට කලින් මාව හදුනගෙන හිටියෙ ඉතාම සුලු පිරිසක්. එහෙම බලද්දි මගෙ හිතට වදින් සිතුවම විදිහට මරු ඩබලක් සිතුවම ගන්න පුලුවන්.

10).අපිට කියන්නකො මේ නිර්මාණ වලදී ඔබ භාවිතා කරන ප්‍රධාන මාධ්‍ය මොනවද කියලා
•ප්‍රධාන මාධ්‍ය පැන්සල් තමා. Graphite pencil brand කීපයක්ම මන් පාවිච්චි කරලා තියෙනවා. ඒකෙන් මන් වැඩිපුර පාවිච්චි කරන්නෙ steadtler සහ faber castell කියන brand දෙක. මීට අමතරව charcoal drawing කරනවා ඒකට මන් general's charcoal තමා පාවිච්චි කරන්නෙ

11).ඔයාගෙම කියලා චිත්‍ර ප්‍රදර්ශනයක් තියන්න අදහසක් තියෙනවද?
•මගෙම කියලා චිත්‍ර ප්‍රදර්ශනයක් තියන්නම් ආසවක් තියෙනවා. අපි ඉස්සරහට බලමු.

12).සජීවි පෙනුමක් තියෙන චිත්‍රයක් අදිනවා කියන්නෙ දවසින් කරන්න පුළුවන් ලේසි පහසු දෙයක් නෙවෙයි.කොහොමද මේ දේවල් වලට කාලය යොමු කරන්නෙ?
•මුලදිනම් කාලය යොමු කරනවා කියන්නෙ ටිකක් අමාරු වැඩක්, මොකද මගෙ degree එකේ වැඩ කටයුතුත් එක්ක කාලය සීමිත උනා. දැන් degree complete නිසා full time drawings වලට තමා මන් කාලය යොදවලා තියෙන්නෙ.

13). "Tharu Arts” හරහා ඉස්සරහට අපට දැකගන්න පුළුවන් වෙනස් නිර්මාණ මොනවද?
•දැනට මන් කරන්නේ black and white drawings නෙහ් , ඉස්සරහට painting කරන්නත් අදහසක් තියෙනවා.

14).විනෝදාංශයක් විදියට පටන් ගත්ත මේ ගමන ගැන තරුෂිට මොකද හිතෙන්නෙ?
•හරිම සතුටුයි මට. මට මගෙ හැකියාව හදුනගන්න ලැබුනා. විනෝදාංශය වෘත්තීය මට්ටමෙන් කරගෙන යන්න ලැබුන එක ගැන ගොඩක් සතුටුයි. මේ නිසා මට ආදරය කරන ආදරනීය ප්‍රේක්ශක පිරිසකුත් ඉන්නවා

15).අනාගත සැලසුම් ගැන කතා කරොත්?
•දැනට මාව දන්නෙ ලංකාවෙ බොහොම සුලු පිරිසක් විතරයි. දවසක බහුතරයක් දෙනා මාව හදුනන දක්ශ Artist කෙනෙක් වෙන්න ලොකු බලාපොරොත්තුවක් තියෙනවා.

16). අවසාන වශයෙන් අපිට කියන්නකො තරුෂි වගේ චිත්‍ර අදින්න ආසාවෙන් ඉන්න අයට මොනවද කියන්න තියෙන්නෙ
•උත්සහය අතාරින්න එපා. එහෙම උත්සහය අතහැරියනම් අද මන් මේ විදිහේ artist කෙනෙක් නෙමේ. Artist කෙනෙක් වෙන්න උපන් හැකියාවක් තියෙන්නම ඔනි නැහැ. හැබැයි උත්සහය , කැපවීම, ඉවසීම සහ උනන්දුව තියේනම ඕනි.

ගොඩක් ස්තූතියි තරුෂි අපේ කතා බහට එකතු උනාට.වෙනස් නිර්මාණ වලින් ඉස්සරහටම යන්න රැඩිකල් අපි සුභ පතනවා..
•විනෝදි, ඔයාටත් ගොඩක් ස්තුතී මාව මේ විදිහේ සුහද කතාබහකට සම්බන්ධ කරගත්තට.

විනෝදි විජේරත්න
නැගෙනහිර විශ්ව විද්‍යාලය

Read more : https://www.facebook.com/share/p/1DfF9UmrCU/

උත්පත්තියෙන් ම හිමිවන සුන්දර රූප ශෝභාවට, කාලයක් තිස්සේ වැඩිදියුණු කරගන්නා  හැකියාවන් සමූහයක්  මුසුකරමින් තමන්ටම කියලා ඉහ...
02/05/2026

උත්පත්තියෙන් ම හිමිවන සුන්දර රූප ශෝභාවට, කාලයක් තිස්සේ වැඩිදියුණු කරගන්නා හැකියාවන් සමූහයක් මුසුකරමින් තමන්ටම කියලා ඉහළ වටිනාකමක් ගොඩනගාගන්න චරිත අපිට මුනගැහෙනවා. ඉතිං එහෙව් චරිත කවදත් කතාබහට ලක්කරන රැඩිකල් පිළිසඳර සමග අද එකතු වෙන්නෙත් අනාගතයේ ලොවක් එළිය කරන්න සිහින දකින යොවුන් තාරකාවියක් .ඇය නමින් Amasha Dewindi යි.

1.ආයුබෝවන් අමාෂා . මේ දිනවල වැඩ කටයුතු කොහොමද ?

ආයුබෝවන්. මේ දවස්වල ජීවිතේ හොඳින් ගෙවෙනවා. මගෙ වැඩකටයුතු කරගෙන, සතුටින් කාලය ගතකරනවා.

2.අමාෂා කියන්නෙ Social media content හරහා ජනප්‍රියත්වයට පත්වුණු දක්ෂ තරුණියක්. මේ ගමනේ මූලාරම්භය පිළිබඳව මතක් කළොත්..

මම කාලයක් තිස්සේ පොඩි පොඩි නිර්මාණ වලට දායක වුණා. නමුත් IRO SHAN අයිය වගේම Frog D එකේ අයියා එක්ක වැඩකරන්න පටන්ගත්තාට පස්සෙ තමයි මාව වැඩිපුරම ජනතාව අතරට ගියේ. ඉතිං ඒ දෙදෙනාවත් මේ වෙලාවේ ආදරයෙන් මතක් කරනවා.

3.ඔබට ආදරය කරන සමාජ මාධ්‍යය පරිශීලකයන් වෙනුවෙන් ඔබේ පෞද්ගලික විස්තරත් කෙටියෙන් සඳහන් කළොත්...

මම අමාෂා දේවින්දි. මගේ ගම අනුරාධපුර , ගලෙන්බිඳුණුවැව. වයස 24 යි. මම දැන් උසස් අධ්‍යාපන කටයුතුවල නියැලෙමින් ඉන්නේ. මම වැඩි කැමැත්තක් දක්වන්නේ ගුරු වෘත්තියට. ඉතිං අනාගතයේ ගුරු වෘත්තියට ප්‍රවිෂ්ට වන්නට බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ වගේම මගේ පවුලේ ඉන්නේ අම්මයි, අයියයි මමයි. ඒ දෙන්නා තමයි මගෙ හැමදේටම ළඟින් ඉන්නේ.

4.ඩිජිටල්කරණයත් සමඟ බද්ධ වූ යුගයක Content Creator කෙනෙක් වීම කියන්නෙම සාර්ථකත්වය කරා ගමන් කරන කෙනෙකුට හොඳ අවස්ථාවක්. ඒ පිළිබඳ ඔබේ අදහස මොනවගේද ?

ඔව් ඇත්තටම මේ ක්ෂේත්‍රය තරුණ පිරිසට ගොඩාක් වටිනවා. මොකද මහන්සි වෙලා වැඩකටයුතු කළොත් ඉතා ඉක්මනින් ජනතාව අතරට යන්න පුළුවන් මේ ක්ෂේත්‍රය හරහා. මුදල් ඉපැයීමට විතරක් නෙවෙයි ජනතාවගේ ආදරයත් අපිට ලැබෙනවා මේ ක්ෂේත්‍රය තෝරාගැනීම තුළින්. ඉතිං සාර්ථකත්වය කරා යන කෙනෙකුට මේ ක්ෂේත්‍රය හොඳ අවස්ථාවක් කියලා මම හිතනවා.

5.නිරූපණ ශිල්පිනියක් ලෙසින් වැඩ කටයුතු ආරම්භ කරලා දැනට කොපමණ කාලයක් ගත වෙනවාද සහ ඒ වෙනුවෙන් ලැබෙන ප්‍රතිචාර කොහොමද ?

පොඩි කාලෙ ඉඳන්ම විවිධ වැඩකටයුතු වලට සහභාගී වුනත් මේ වෙනුවෙන් ම කැපවීමෙන් වැඩ කටයුතු කරන්න පටන් අරන් අවුරුද්දක්වත් නෑ තවම. ඒ පුංචි කාලය ඇතුළත ආදරණීය ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන ආදරය ගැනනම් ඇත්තටම ගොඩක් සතුටුයි. ඒ හැමෝටම මමත් ආදරෙයි.

6.'IRO SHAN' සහ 'Frog D' සමඟ ඔබ සුහද ගමනක් යන බව හැමෝටම නොරහසක්. ඉතිං ඒ මිත්‍රත්වයන් පිළිබඳ අදහසත් අපත් සමඟ බෙදාගමු..

IRO SHAN සහ Frog D කියන්නෙ මට මගේ සහෝදරයො දෙන්නෙක් වගේ. අපි එකට වැඩ කරන්නේ එක පවුලක් වගේ හිතලා. ඒ මිත්‍රත්වය ගැන කියන්න වචන නෑ. ඇත්තටම වටින, ආදරණීය මිත්‍රත්වයක් ඒක. ඉතිං අපි එකතුවෙලා ඉදිරියටත් ලස්සන වැඩවලින් හැමෝගෙම හිත් සතුටු කරන්න බලාපොරොත්තු වෙනවා.

7.ඔබ නියෝජනය කරන මෙකී ක්ෂේත්‍රයන් තෝරාගැනීමට සුවිශේෂී හේතුවක් බලපෑවාද ?

ඔව් ඇත්තටම තාම මම ක්ෂේත්‍රයට අලුත් කෙනෙක්. මම තාම ඇවිත් තියෙන්නෙ ඉතාමත් කෙටි දුරක්. මේ ක්ෂේත්‍රයට මම ගොඩක් ආදරෙයි. පොඩි කාලෙ ඉදන්ම මට ලොකු හීනයක් තිබ්බා, රටම ආදරය කරන චරිතයක් වෙන්න. පොඩි කාලෙ ඇස් දෙකෙන් දකින්න හීන මවපු අතිදක්ෂ, ජනප්‍රිය තරු මේ ක්ෂේත්‍රය තෝරාගත්තු නිසා මට මුනගැහෙන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ අයගෙ ජීවිත දිහා බැලුවම දවසක අපිත් මේ වගේ තැනකට එන්න ඕනෙ කියලා හැමදාම හිතනවා. ඉතිං මම උත්සාහ කරනව දවසක එහෙම තැනකට එන්න.

8.Content Creater කෙනෙක්, නිරූපණ ශිල්පිනියක් වගේම සාමාන්‍ය තරුණියක් ලෙසින් කටයුතු කරන අවස්ථාවල බොහෝවිට බාධක/හිත් රිදවීම් ඔබ ඉදිරියටත් පැමිණෙන්නට ඇති. ඒවාට අභියෝග කරන්න ශක්තිමක් වන්නේ කොහොමද ?

ඇත්තටම කිව්වොත් අපි මොන ක්ෂේත්‍රයකින් ඉදිරියට ගියත් බාධක කියන දේ අපේ ජීවිතවලට එනවා. ඒක සාමාන්‍ය දෙයක්. ඒ වගේම හිත් රිදවීම්, ප්‍රතික්ෂේපවීම් කියන්නෙත් ජීවිතවල සිදුවන සාමාන්‍ය දෙයක්. මම හිතනවා හැම මනුස්සයෙක්ම ජීවිතේ එක් අවස්ථාවක හරි ප්‍රතික්ෂේප වෙලා, හිත් රිදවීම් වලට ලක්වෙලා තියෙනවා. ඒ දේවල්වලට කඩාවැටීමකින් තොරව මුහුනදීලා ඉදිරියට යන්න ඕනෙ. හිත්රිදීම්, බාධක, ප්‍රතික්ෂේපවීම් එක්ක ගමනක් ගියාම අපිට අවසානෙදි කියන්න ලස්සන කතාවක් තියෙනවා. ඉතිං බාධක හමුවේ මග නතර නොවී, ජීවිතේ ලස්සනට හදාගන්න තමයි මම උත්සාහ කරන්නෙ.

9.සාර්ථකත්වය කරා ගමන් කරන මේ ගමනට සහය වුණු පිරිසක් ඔබටත් ඇති. ඒ අය වෙනුවෙන් යමක් එකතු කරන්න මේ හොඳම අවස්ථාවක්..

මට මේ හැමදේකදිම උදවු කරපු ගොඩක් අය ඉන්නවා. විශේෂයෙන් මතක් කරන්න ඕනෙ, මගෙ අම්මාව. මගේ ජීවිතේ හැම මොහොතකම මගෙ ළඟින්ම ඉදලා හයියක් වුණේ මගෙ අම්මා. ඒ වගේම මගෙ අයියාවත් ආදරයෙන් මතක් කරනවා. අම්මයි අයියයි තමයි මම වැටෙන හැම මොහොතකම මට හයියක් වෙලා මගෙ ගමනට උදවු කළේ. ඒ වගේම මගෙ පාසලේ සියලුම ගුරුවරු වගේම , පාසලෙන් පිටත මට අකුරක් හෝ උගන්නපු සියලුම ගුරුවරුන්ව ආදරෙන් මතක් කරනවා. ඉතිං මට මේ ගමන එන්න වචනෙකින් හරි උදවු කරපු හැමෝටම ගොඩක් ස්තූතියි කියලා කියන්න මම මේක අවස්ථාවක් කරගන්නවා.

10.ඔබේ අනාගත බලාපොරොත්තු පිළිබඳවත් දැනගන්න කැමතියි..

ඉගෙනීමේ කටයුතු කරගෙන යන අතරතුරේ රංගන ක්ෂේත්‍රයෙන් වගේම නර්තනයෙන් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා.

11.රැඩිකල් පිළිසඳර සමඟ එක්වීම සම්බන්ධයෙන් ඔබේ අදහසත් වචන කරමු..

ඔව්. මුලින්ම ගොඩක් ස්තුතිවන්ත වෙනවා Radical Digital Magazine එකට, මට ආරාධනා කිරීම සම්බන්ධයෙන්. මේ ක්ෂේත්‍රයට අලුතින් එන ළමයින්ට මේ වගේ දේවල් ඇත්තටම ගොඩක් වටිනවා. ඉතිං ඉදිරි වැඩකටයුතු සාර්ථක වෙන්න ඔයාලටත් සුබ පතනවා.

කතාබහ:
නයනිකා පියුමලී

Read more : https://www.facebook.com/share/p/1DfF9UmrCU/

කාලයේ තාලයට වෙනස් වන ලෝකයාගෙ හරවත්ම වත ගොත රැසක් සමගින් මෙවර රැඩිකල් 66 වන සඟරාමය වාර්තාව.📍2026.05.01♾️මෙවර සඟරාවෙන්| ❛❛...
01/05/2026

කාලයේ තාලයට වෙනස් වන ලෝකයාගෙ හරවත්ම වත ගොත රැසක් සමගින් මෙවර රැඩිකල් 66 වන සඟරාමය වාර්තාව.
📍2026.05.01

♾️මෙවර සඟරාවෙන්

| ❛❛ මම තාම ඇවිත් තියෙන්නෙ ඉතාමත් කෙටි දුරක්. මේ ක්ෂේත්‍රයට මම ගොඩක් ආදරෙයි. පොඩි කාලෙ ඉදන්ම මට ලොකු හීනයක් තිබ්බා, රටම ආදරය කරන චරිතයක් වෙන්න. පොඩි කාලෙ ඇස් දෙකෙන් දකින්න හීන මවපු අතිදක්ෂ, ජනප්‍රිය තරු මේ ක්ෂේත්‍රය තෝරාගත්තු නිසා මට මුනගැහෙන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ අයගෙ ජීවිත දිහා බැලුවම දවසක අපිත් මේ වගේ තැනකට එන්න ඕනෙ කියලා හැමදාම හිතනවා❜❜
_________________
- Amasha Dewindi
✍️ | Radical Interviewer - Panawala RN
| ❛❛සිතුවම මතක් වෙනකොටත් මට ටිකක් හිනා යනවා. ඒ තරම් ඒක අවුල්. මන් මුලින්ම ඇන්දේ ඉන්දියානු නිලි දීපුකා පදුකෝන්ව. හැබැයි ඒ සිතුවම දීපිකාගේ ලගින්වත් තියන්න බෑ. මන් ඒක අදින්න සෑහෙන උත්සහ කලා හැබැයි ඇදගන්න බැරිවුනා.❜❜
_________________
- Tharushi Amarasinghe
✍️ | Radical Writer - Vinodie Vijerathna
| ❛❛සැබෑ ජීවිතේ මම ගොඩක් සරල, ආදරණීය සහ positive mindset එකක් තියෙන කෙනෙක්. මම හැමදේටම කැපවෙලා වැඩ කරනවා. විශේෂයෙන් මගේ හීනවලට. අභියෝග වලට බය නොවී ඉදිරියට යන්න උත්සාහ කරන කෙනෙක් කියන්න පුළුවන්.❜❜
_________________
- Umayangani Rajapaksha
✍️ | Radical Writer - Umesha Hansanie
සහ තවත් විශේෂාංග සමඟින්...

♾️ ඔබත් ලිවීමට හපන්කම් පාන්නෙක්ද? ඔබ ලියූ ආටිකල් රැඩිකල් හරහා පලකර ගැනීම සඳහා අපගේ වට්ස්ඇප් අංකය වෙත හෝ ඊමේල් හරහා යොමු කරන්න.

• ඔබට අවශ්‍ය ඩිජිටල් ප්‍රචාරණ කටයුතු දැන් රැඩිකල් වෙතින් සිදු කරගත හැක.
Advertising | Interview Article | Business Promotion | Graphic Design
🎙️Contact us
• Whatsapp - 070 3470 212
•Email - [email protected]


කාලයේ තාලයට වෙනස් වන ලෝකයාගෙ හරවත්ම වත ගොත රැසක් සමගින් මෙවර රැඩිකල් 65 වන සඟරාමය වාර්තාව.📍2026.04.20♾️මෙවර සඟරාවෙන්| ❛❛...
20/04/2026

කාලයේ තාලයට වෙනස් වන ලෝකයාගෙ හරවත්ම වත ගොත රැසක් සමගින් මෙවර රැඩිකල් 65 වන සඟරාමය වාර්තාව.
📍2026.04.20

♾️මෙවර සඟරාවෙන්

| ❛❛ මම චරිත තෝරා බේරා ගෙන තමා වැඩ කරන්නේ.ඉතින් මන් තෝරා ගත් චරිත වලට උපරිම සාධාරණයක් ඉටු කලා කියලා විශ්වාස කරනවා.මිනිස්සු පිනවමින් ප්‍රේක්ශක හදවතේ රැදෙන්න හැමෝටම බැහැ.ඒකත් එක්තරා අභියෝගයක්. මේ තාක් පැමිණි ගමන ගැන මට මන් ගැනම ආඩම්බරයි.❜❜
_________________
- Ishani Madhurasinghe
✍️ | Radical Interviewer - Madhuwanthi De Silva
| ❛❛Artemiss ii Mission කියන්නේ මේ දවස්වල කවුරුත් කතාබහ කරන දෙයක්නේ.ඉතින් මේ වෙනකොටඒ ඓතිහාසික චන්ද්‍ර ගමන නිමා කරලා ගගනගාමීන් හතරදෙනාම අතිසාර්ථක ලෙස පෘතුවියටත් නැවත ආවා.ඉතින් දන්නවද මේ හතරදෙනා එක්ක ගිය තවත් කෙනෙක් ඉන්නවා කියලා. ඒ තමයි Rise ඉතින් අද මං කියන්න යන්නේ Artemis ii Mission එකට සහභාගිවීමට වාසනාව ලැබුණු අන්න ඒ Rise ගැනයි.❜❜
_________________
✍️ | Radical Writer - Githmini Munaweera
සහ තවත් විශේෂාංග සමඟින්...

♾️ ඔබත් ලිවීමට හපන්කම් පාන්නෙක්ද? ඔබ ලියූ ආටිකල් රැඩිකල් හරහා පලකර ගැනීම සඳහා අපගේ වට්ස්ඇප් අංකය වෙත හෝ ඊමේල් හරහා යොමු කරන්න.

• ඔබට අවශ්‍ය ඩිජිටල් ප්‍රචාරණ කටයුතු දැන් රැඩිකල් වෙතින් සිදු කරගත හැක.
Advertising | Interview Article | Business Promotion | Graphic Design
🎙️Contact us
• Whatsapp - 070 3470 212
•Email - [email protected]


19/04/2026
ඔබ සැමට සාමය, සතුට, සෞභාග්‍යය පිරි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා! 🌞❤️
14/04/2026

ඔබ සැමට සාමය, සතුට, සෞභාග්‍යය පිරි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා! 🌞❤️

⚫ කෘතිම බුද්ධිය සමඟ කුඩා ව්‍යාපාර හිමියන් සුරක්ෂිත ද?අද වන විට ලෝක ව්‍යාපාර පරිසරය වේගයෙන් වෙනස් වෙමින් පවතින අතර, එම පර...
11/03/2026

⚫ කෘතිම බුද්ධිය සමඟ කුඩා ව්‍යාපාර හිමියන් සුරක්ෂිත ද?

අද වන විට ලෝක ව්‍යාපාර පරිසරය වේගයෙන් වෙනස් වෙමින් පවතින අතර, එම පරිවර්තනයේ මූලිකම බලවේගය ලෙස කෘතිම බුද්ධිය (Artificial Intelligence - AI) ඉදිරියට පැමිණ ඇත. එහෙත් මේ නවීන තාක්ෂණික රැල්ලත් සමඟම දැවැන්ත පැනයක් සමාජය හමුවේ මතු වේ. එනම්, "කෘතිම බුද්ධිය සමඟ කුඩා ව්‍යාපාර හිමියන් සැබවින්ම සුරක්ෂිත ද?" යන්නයි. විශාල බහුජාතික සමාගම් AI තාක්ෂණය ඔස්සේ වේගයෙන් ඉදිරියට යමින් පවතී. නමුත් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර (SMEs) තමන්ගේ පැවැත්ම, නිර්මාණශීලීත්වය සහ තරඟකාරීත්වය පිළිබඳව යම් අවිනිශ්චිත භාවයකට පත්ව ඇත. මෙය සමකාලීන ව්‍යවසායකත්වයේ ප්‍රායෝගික ගැටලු අතර කැපී පෙනෙන ලක්ෂණයක් වී ඇත. කෘතිම බුද්ධිය යනු කුඩා ව්‍යාපාරිකයාගේ ගමනට අත්වැලක්ද, නැතහොත් ඔහුගේ සුරක්ෂිතතාවයට තර්ජනයක්ද යන්න අපි දැන් විමසා බලමු.

කෘතිම බුද්ධිය ව්‍යාපාර ලෝකය තුල කාර්යක්ෂමතාව, වේගය සහ නිවැරදිතාව එකවර ඉහළ නැංවීමට සමත් වී ඇත. පාරිභෝගික සේවා ස්වයංක්‍රීයකරණය, දත්ත මත පදනම්ව අලෙවිකරණ තීරණ ගැනීම, තොග කළමනාකරණය සහ ඉල්ලුම පුරෝකථනය කිරීම වැනි ක්ෂේත්‍ර රැසක් AI මගින් වෙනස් වී ඇත. උදාහරණයක් ලෙස, පාරිභෝගික සේවා සඳහා කෘතිම බුද්ධිය භාවිතා කරන කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලින් 95% කගේම තම ප්‍රතිචාර දැක්වීමේ ගුණාත්මකභාවය වැඩි වී ඇති බවත්, 92% කට වඩා වැඩි වේගවත් සේවාවක් ලබා දීමට හැකි වී ඇති බවත් 2026 වසරේ Intuit සහ ICIC යන ආයතන විසින් සිදු කළ සමීක්ෂණ වාර්තාවක් මගින් පෙන්වා දී ඇත. එහෙත්, මෙම තාක්ෂණික සංවර්ධනය කුඩා ව්‍යාපාර සඳහා සම්පූර්ණයෙන්ම සුදුසු සහ පහසු මාර්ගයක් ලෙස නොපෙනෙන්නේ ඒ සමඟම නව අභියෝග රැසක් මතු වන බැවිනි. AI භාවිතය අද ව්‍යාපාර තරඟකාරීත්වයට අත්‍යවශ්‍ය කරුණක් බවට පත්ව තිබීමත් සමඟ, එය භාවිතා නොකරන ව්‍යාපාර පසුබසින අවදානමට ලක්වීම මෙහි ඇති ප්‍රධානතම ගැටලුවයි. එක්සත් ජනපද වාණිජ මණ්ඩලයේ (U.S. Chamber of Commerce) වාර්තාවකට අනුව, කුඩා ව්‍යාපාරවලින් 58% ක් මේ වන විටත් ජනන කෘතිම බුද්ධිය (generative AI) භාවිතයට යොමුවී ඇති අතර, එය 2024 දී පැවතියේ 40% ක් ලෙසිනි.

කුඩා ව්‍යාපාර බොහෝ විට සීමිත මූල්‍ය සම්පත්, සීමිත මානව සම්පත් සහ සීමිත තාක්ෂණික දැනුමේ යන කරුණු සමඟ කටයුතු කරන බැවින්, AI වැනි නව තාක්ෂණයක් හඳුන්වාදීම ඔවුන්ට බරපතළ තීරණයක් වේ. ව්‍යවසායකත්වය හා කෘතිම බුද්ධිය අතර සම්බන්ධය ඉතා සෘජු එකකි. නව ව්‍යාපාර ආරම්භ කරන ව්‍යවසායකයන්ට AI භාවිතයෙන් අඩු වියදමින් වැඩි ප්‍රතිදානයක් ලබාගැනීමට හැකිය. නමුත් එය නිසි ලෙස කළමනාකරණය නොකළහොත් අවදානමක් බවටද පත්විය හැක. විශේෂයෙන්ම නවක ව්‍යාපාර (startups) සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා AI ක්‍රියාත්මක කිරීමේදී මුහුණ දෙන ප්‍රධාන අභියෝගයක් වන්නේ අවශ්‍ය තාක්ෂණික දක්ෂතා නොමැති වීමයි. පර්යේෂණ දත්ත වලට අනුව, කුඩා ව්‍යාපාරවලින් හතරෙන් එකකට වඩා වැඩි ප්‍රමාණයක් AI තාක්ෂණය ආරම්භ කිරීමට අවශ්‍ය කුසලතා හෝ දැනුම තමන්ට නොමැති බව වාර්තා කර ඇත. බොහෝ ව්‍යාපාරවල සේවකයන්ට AI පද්ධති (systems) භාවිතා කිරීමේ මූලික දැනුම පවා නොමැති වීම නිසා, තාක්ෂණය තිබුණද එයින් සම්පූර්ණ ප්‍රයෝජනයක් ගැනීමට නොහැකි වීම දැකගත හැක.

තවත් වැදගත් අභියෝගයක් වන්නේ මූල්‍ය බාධාවන්ය. AI මෙවලම් (tools), මෘදුකාංග දායකත්වයන් (software subscriptions), පද්ධති ඒකාබද්ධ කිරීම් (system integration) සහ සේවක පුහුණුව (employee training) සඳහා අවශ්‍ය ආයෝජන කුඩා ව්‍යාපාරවලට දැරීමට අපහසු විය හැක. විශාල සමාගම්වලට වඩා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා අවදානමට ඔරොත්තු දීමේ හැකියාව අඩු බැවින්, AI සඳහා කරන ආයෝජනයක් අසාර්ථක වුවහොත් එය සමස්ත ව්‍යාපාරයම අවදානමට පත් කළ හැක. එම නිසා බොහෝ කුඩා ව්‍යාපාර AI භාවිතයට අනුගත වීම පිළිබඳව ප්‍රශ්නාත්මක පසුබිමක කටයුතු කරයි.

දත්ත කළමනාකරණය සහ ආරක්ෂාවද AI භාවිතය සමඟ මතුවන තවත් ප්‍රධාන අභියෝගයකි. AI පද්ධති විශාල පරිමාණයේ දත්ත මත පදනම්ව ක්‍රියා කරන බැවින්, පාරිභෝගික දත්ත ආරක්ෂා කිරීම, පෞද්ගලිකත්ව නීති පිළිපැදීම සහ සයිබර් තර්ජනවලින් ව්‍යාපාරය ආරක්ෂා කිරීම වැනි දෑ අත්‍යවශ්‍ය වේ. WalkMe ආයතනය විසින් 2025 වසරේ සිදු කරන ලද සමීක්ෂණයකට අනුව, AI ක්‍රියාත්මක කිරීමේදී ප්‍රධානතම අභියෝගය ලෙස ව්‍යාපාරිකයන්ගෙන් 45% ක්ම පෙන්වා දී ඇත්තේ දත්තවල නිරවද්‍යතාවය පිළිබඳ ගැටළුවයි. එමෙන්ම, දත්ත ආරක්ෂාව සහ නිරවද්‍යතාවය පිළිබඳ ඇති ගැටලු හේතුවෙන් බොහෝ දෙනෙකු මානව මැදිහත්වීමකින් තොරව AI කෙරෙහි පමණක් විශ්වාසය තැබීමට පසුබට වේ. කුඩා ව්‍යාපාරවලට මේ සඳහා විශේෂ සයිබර් ආරක්ෂක කණ්ඩායම් හෝ උසස් පද්ධති නොමැති වීම ඔවුන්ගේ අවදානම තවත් වැඩි කරයි.

මෙයට අමතරව, AI නිසා රැකියාවේ ස්වභාවය වෙනස් වීමද කුඩා ව්‍යාපාර මුහුණ දෙන සමාජමය අභියෝගයකි. ස්වයංක්‍රීයකරණය හේතුවෙන් සමහර සාම්ප්‍රදායික කාර්යයන් අවම වීම හෝ සම්පූර්ණයෙන්ම අහෝසි වීම නිසා සේවකයන් තුළ අවිනිශ්චිතභාවයක් ඇති විය හැක. එහෙත් ධනාත්මක කරුණක් වන්නේ, එක්සත් ජනපද වාණිජ මණ්ඩලයේ (U.S. Chamber of Commerce) වාර්තාවකට අනුව, AI භාවිතා කරන කුඩා ව්‍යාපාරවලින් 82% ක්ම පසුගිය වසර තුළ තම ශ්‍රම බලකාය (workforce) වැඩිකරගෙන තිබීමයි. මින් පෙනී යන්නේ AI මගින් රැකියා අහිමි කරනවාට වඩා ව්‍යාපාරික වර්ධනයක් ඇති කරන බවයි.

එවැනි පසුබිමක, මෙම අභියෝග ජයගැනීම සඳහා කුඩා ව්‍යාපාර යථාර්ථවාදී හා ක්‍රමානුකූල ප්‍රවේශයක් අනුගමනය කළ යුතුය. පළමුව, AI තාක්ෂණයට අනුගත වීම එකවර විශාල පරිමාණයෙන් සිදු කරනවාට වඩා, කුඩා පියවර මගින් ආරම්භ කිරීම වඩාත් සුදුසු වේ. උදාහරණයක් ලෙස, පාරිභෝගික සේවාව සඳහා සරල කතාබස් රොබෝවරයෙකු (simple AI chatbot) හෝ සමාජ මාධ්‍ය අලෙවිකරණය සඳහා මූලික AI විශ්ලේෂණ මෙවලම් (basic AI analytics tools) භාවිතා කිරීම හොඳ ආරම්භයක් විය හැක.

දෙවනුව, ව්‍යවසායකයන් සහ සේවකයන් සඳහා AI පිළිබඳ දැනුවත්භාවය සහ ඩිජිටල් සාක්ෂරතාව වැඩි කිරීම අත්‍යවශ්‍ය වේ. මාර්ගගත පාඨමාලා, වැඩමුළු සහ කර්මාන්ත සම්මන්ත්‍රණ හරහා මූලික AI දැනුම ලබාගැනීමෙන් කුසලතා පරතරය ක්‍රමයෙන් අඩු කළ හැක. මෙය දිගුකාලීනව ව්‍යාපාරයේ තිරසරභාවය සඳහා කරන ආයෝජනයක් ලෙස සැලකිය යුතුය. තෙවනුව, රජය සහ ව්‍යවසායකත්ව පරිසර පද්ධති විසින් කුඩා ව්‍යාපාර සඳහා AI භාවිතයට අනුගත වීමට අවශ්‍ය පහසුකම් සැපයීම වැදගත් වේ. ව්‍යාපාරික ඉන්කියුබේටර්(business incubators), ව්‍යාපාර අක්සලරෙටර්ස්(business accelerators), රජයේ ප්‍රදාන සහ සහනාධාර සහිත පුහුණු වැඩසටහන් හරහා කුඩා ව්‍යාපාරවලට අවශ්‍ය සහය ලබාදිය හැක. මෙවැනි සහයෝගී පද්ධති නොමැතිව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර තනිව AI යුගයට ගෙන යාම අසීරු කාර්යයකි.

අවසාන වශයෙන්, AI භාවිතය සම්බන්ධයෙන් නීතිමය සහ සමාජමය කරුණු පිළිබඳව ව්‍යාපාරවල අවධානය වැඩි කළ යුතුය. වගකීම් සහිත AI භාවිතයක් දිරිමත් කිරීමෙන්, කුඩා ව්‍යාපාරවලට විශ්වාසනීයත්වය සහ පාරිභෝගික විශ්වාසය රඳවාගෙන ඉදිරියට ගමන් කළ හැක.

සාරාංශයක් ලෙස ගත් කල, කෘතිම බුද්ධියෙන් බලගැන්වෙන නූතන ව්‍යාපාර ලෝකය කුඩා ව්‍යාපාර සඳහා අභියෝග සහ අවස්ථා යන දෙකම එකවර නිර්මාණය කරයි. එබැවින් "කෘතිම බුද්ධිය සමඟ කුඩා ව්‍යාපාර හිමියන් සුරක්ෂිත ද?" යන පැනයට දිය හැකි සෘජුම පිළිතුර වන්නේ, එම සුරක්ෂිතතාවය තීරණය වන්නේ ඔවුන් තාක්ෂණයට අනුගත වන ආකාරය මත බවයි. AI යනු හුදෙක් අභියෝගයක් හෝ ව්‍යාපාර ගිලගන්නා අවදානමක් නොව, නිසි කළමනාකාරීත්වයෙන් යුතුව යොදාගතහොත් කුඩා ව්‍යාපාරිකයාගේ නිර්මාණශීලී හැකියාවන් සහ කාර්යක්ෂමතාව ඉහළ නංවන ප්‍රබල මෙවලමකි. අවදානම් නිසි ලෙස හඳුනාගෙන, ක්‍රමානුකූලව සහ බුද්ධිමත්ව ඒවා ජය ගැනීමට හැකි නම්, කෘතිම බුද්ධිය ඉදිරියේ කුඩා ව්‍යාපාර හිමියා හුදෙක් සුරක්ෂිත වනවා පමණක් නොව, නව තාක්ෂණික යුගයේ සාර්ථකත්වයේ පෙරගමන්කරුවෙකුද වනු ඇත.

✍️ සටහන

එම්. චරිත් ධනේශ් සල්ගාදු
ව්‍යවසායකත්ව අධ්‍යනාංශය
කළමනාකරණ හා වාණිජ විද්‍යා පීඨය
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

කොළඹ විශ්වවිද්‍යාලයීය ලියෝ සමාජය විසින් සංවිධානය කරනු ලැබූ "සොබාධාරා" ව්‍යාපෘතියේ තෙවන අදියර "මිහිතල සිහින" පසුගිය පෙබරව...
01/03/2026

කොළඹ විශ්වවිද්‍යාලයීය ලියෝ සමාජය විසින් සංවිධානය කරනු ලැබූ "සොබාධාරා" ව්‍යාපෘතියේ තෙවන අදියර "මිහිතල සිහින" පසුගිය පෙබරවාරි මස 20 වන දින හෝමාගම දියගම වනාන්තරය ආශ්‍රිතව පැවතුණි.

ලියෝ සාමාජිකයන් විසින් මෙම ස්ථානය තෝරා ගනු ලැබුවේ අති කාර්යබහුල ප්‍රදේශයක් වන කොළඹ නගරයට මෙවැනි තෙත්බිම් වනාන්තරයක් ඉතිරිව තිබීමේ වැදගත්කම ජනතාවට අවධාරණය කිරීමේ අරමුණ පෙරදැරිකරගෙනයි.

මෙම පරිසර පද්ධතිය සංරක්ෂණය කිරීමේ වැදගත්කම වනුයේ අති දුර්ලභ සත්ත්වයෙක් වන රත් උණහපුළුවා මෙම වනාන්තරය ආශ්‍රිතව වාසය කරන බැවිනි. ඒ සඳහා ඔවුන් බහුලව වාසය කරන කැන්ද පැළ සිටුවීම ද සිදුකරන ලදී.

මීට අමතරව දියගම වනාන්තරය යනු, දුර්ලභ වටිනා ශාක 103ක්, සමනල් විශේෂ 60ක්, පක්ෂීන් වර්ග 90ක් මෙන්ම උරගයන් වර්ග 20ක් දක්නට ලැබෙන ඉතා දුර්ලභ පරිසර පද්ධතියකි.

මෙම වැඩසටහන සඳහා තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් ගමගේ මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී අරුණ පනාගොඩ මහතා ඇතුළු රාජ්‍ය ආයතන රැසක සහභාගිත්වය සිදුවූ අතර මෙම කර්තව්‍යය සඳහා කොළඹ විශ්වවිද්‍යාලයීය Botanical Society සාමාජිකයන්ගේ දායකත්වය ද නොමඳව ලැබිණි.

මෙහිදී දිය නා, හොර, ඇටඹ, දොඹ, හුළුමෑල්ල, වල්සාම්බ්‍රාණි වැනි වටිනා ශාක ප්‍රභේද ඇතුළත්ව වටිනා ශාක වර්ග 100කට අධික ප්‍රමාණයක් සිටුවීම සිදුකරනු ලැබූ අතර වනාන්තරය ආශ්‍රිත වටපිටාව පිරිසිදු කිරීමේ වැඩසටහනක් ද ශ්‍රී ලංකා යුද හමුදාව හා Clean Sri Lanka සමඟ එක්වීමෙන් සිදුකිරීමට අපට හැකියාව ලැබුණි.

තවද වනාන්තරය ආශ්‍රිත ප්‍රදේශයේ දැනුවත් කිරීමේ පුවරු සවි කිරීමට ද මීට අනුබද්ධිතව සිදුකරනු ලැබිණි.

තවද කොලඹ විශ්වවිද්‍යාලයීය ලියෝ සමාජයේ ආරාධනයෙන් සපැමිණි හෝමාගම ජනාධිපති විද්‍යාලයීය සිසුන්ට නව අත්දැකීමක් ලබාදෙමින් වනාන්තර චාරිකාවක් රැගෙන යාමද සිදුකළ අතර එහිදී ඔවුන්ට ශාක විශේෂ, සත්ත්ව විශේෂ පිළිබඳව දැනුම හා තොරතුරු ලබාදීමට සිදු කෙරිනි. ඒ සඳහා කොළඹ විශ්වවිද්‍යාලයීය Botanical Society හි සාමාජිකයන්ගේ දායකත්වය ලැබුණි.

එලෙසින් "ජීවය දෙන මිහිතලයට ආදරයෙන්" යන තේමාව යටතේ ක්‍රියාත්මක වු සොබාධාරා ව්‍යාපෘතියේ තෙවන අදියර මෙලෙස අධික වටිනාකමක් ඇති දියගම පරිසර පද්ධතිය ආරක්ෂා කර ගැනීමේ අදිටනින් සාර්ථකව නිම කරන ලදී.

අපේ හුස්ම රැක දෙන මේ වටිනා පරිසර පද්ධතීන් මතු පරපුර වෙනුවෙන් සුරැකීමට පෙරමුණ ගන්නා ලෙස කොළඹ විශ්වවිද්‍යාලයීය ලියෝ සමාජයේ 'සොබාධාරා' ව්‍යාපෘතියේ අපි ඔබ සැමගෙන් ඉල්ලා සිටිමු.

Address

Kurunegala

Telephone

+94762430879

Website

Alerts

Be the first to know and let us send you an email when Radical Digital Magazine posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Radical Digital Magazine:

Shortcuts

Share

Category