Radical Digital Magazine

Radical Digital Magazine Media📑

🪬 DM For Articles | Advertising | Promotions - 070 3470212 (Whatsapp)
(6)

⚫ කෘතිම බුද්ධිය සමඟ කුඩා ව්‍යාපාර හිමියන් සුරක්ෂිත ද?අද වන විට ලෝක ව්‍යාපාර පරිසරය වේගයෙන් වෙනස් වෙමින් පවතින අතර, එම පර...
11/03/2026

⚫ කෘතිම බුද්ධිය සමඟ කුඩා ව්‍යාපාර හිමියන් සුරක්ෂිත ද?

අද වන විට ලෝක ව්‍යාපාර පරිසරය වේගයෙන් වෙනස් වෙමින් පවතින අතර, එම පරිවර්තනයේ මූලිකම බලවේගය ලෙස කෘතිම බුද්ධිය (Artificial Intelligence - AI) ඉදිරියට පැමිණ ඇත. එහෙත් මේ නවීන තාක්ෂණික රැල්ලත් සමඟම දැවැන්ත පැනයක් සමාජය හමුවේ මතු වේ. එනම්, "කෘතිම බුද්ධිය සමඟ කුඩා ව්‍යාපාර හිමියන් සැබවින්ම සුරක්ෂිත ද?" යන්නයි. විශාල බහුජාතික සමාගම් AI තාක්ෂණය ඔස්සේ වේගයෙන් ඉදිරියට යමින් පවතී. නමුත් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර (SMEs) තමන්ගේ පැවැත්ම, නිර්මාණශීලීත්වය සහ තරඟකාරීත්වය පිළිබඳව යම් අවිනිශ්චිත භාවයකට පත්ව ඇත. මෙය සමකාලීන ව්‍යවසායකත්වයේ ප්‍රායෝගික ගැටලු අතර කැපී පෙනෙන ලක්ෂණයක් වී ඇත. කෘතිම බුද්ධිය යනු කුඩා ව්‍යාපාරිකයාගේ ගමනට අත්වැලක්ද, නැතහොත් ඔහුගේ සුරක්ෂිතතාවයට තර්ජනයක්ද යන්න අපි දැන් විමසා බලමු.

කෘතිම බුද්ධිය ව්‍යාපාර ලෝකය තුල කාර්යක්ෂමතාව, වේගය සහ නිවැරදිතාව එකවර ඉහළ නැංවීමට සමත් වී ඇත. පාරිභෝගික සේවා ස්වයංක්‍රීයකරණය, දත්ත මත පදනම්ව අලෙවිකරණ තීරණ ගැනීම, තොග කළමනාකරණය සහ ඉල්ලුම පුරෝකථනය කිරීම වැනි ක්ෂේත්‍ර රැසක් AI මගින් වෙනස් වී ඇත. උදාහරණයක් ලෙස, පාරිභෝගික සේවා සඳහා කෘතිම බුද්ධිය භාවිතා කරන කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලින් 95% කගේම තම ප්‍රතිචාර දැක්වීමේ ගුණාත්මකභාවය වැඩි වී ඇති බවත්, 92% කට වඩා වැඩි වේගවත් සේවාවක් ලබා දීමට හැකි වී ඇති බවත් 2026 වසරේ Intuit සහ ICIC යන ආයතන විසින් සිදු කළ සමීක්ෂණ වාර්තාවක් මගින් පෙන්වා දී ඇත. එහෙත්, මෙම තාක්ෂණික සංවර්ධනය කුඩා ව්‍යාපාර සඳහා සම්පූර්ණයෙන්ම සුදුසු සහ පහසු මාර්ගයක් ලෙස නොපෙනෙන්නේ ඒ සමඟම නව අභියෝග රැසක් මතු වන බැවිනි. AI භාවිතය අද ව්‍යාපාර තරඟකාරීත්වයට අත්‍යවශ්‍ය කරුණක් බවට පත්ව තිබීමත් සමඟ, එය භාවිතා නොකරන ව්‍යාපාර පසුබසින අවදානමට ලක්වීම මෙහි ඇති ප්‍රධානතම ගැටලුවයි. එක්සත් ජනපද වාණිජ මණ්ඩලයේ (U.S. Chamber of Commerce) වාර්තාවකට අනුව, කුඩා ව්‍යාපාරවලින් 58% ක් මේ වන විටත් ජනන කෘතිම බුද්ධිය (generative AI) භාවිතයට යොමුවී ඇති අතර, එය 2024 දී පැවතියේ 40% ක් ලෙසිනි.

කුඩා ව්‍යාපාර බොහෝ විට සීමිත මූල්‍ය සම්පත්, සීමිත මානව සම්පත් සහ සීමිත තාක්ෂණික දැනුමේ යන කරුණු සමඟ කටයුතු කරන බැවින්, AI වැනි නව තාක්ෂණයක් හඳුන්වාදීම ඔවුන්ට බරපතළ තීරණයක් වේ. ව්‍යවසායකත්වය හා කෘතිම බුද්ධිය අතර සම්බන්ධය ඉතා සෘජු එකකි. නව ව්‍යාපාර ආරම්භ කරන ව්‍යවසායකයන්ට AI භාවිතයෙන් අඩු වියදමින් වැඩි ප්‍රතිදානයක් ලබාගැනීමට හැකිය. නමුත් එය නිසි ලෙස කළමනාකරණය නොකළහොත් අවදානමක් බවටද පත්විය හැක. විශේෂයෙන්ම නවක ව්‍යාපාර (startups) සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා AI ක්‍රියාත්මක කිරීමේදී මුහුණ දෙන ප්‍රධාන අභියෝගයක් වන්නේ අවශ්‍ය තාක්ෂණික දක්ෂතා නොමැති වීමයි. පර්යේෂණ දත්ත වලට අනුව, කුඩා ව්‍යාපාරවලින් හතරෙන් එකකට වඩා වැඩි ප්‍රමාණයක් AI තාක්ෂණය ආරම්භ කිරීමට අවශ්‍ය කුසලතා හෝ දැනුම තමන්ට නොමැති බව වාර්තා කර ඇත. බොහෝ ව්‍යාපාරවල සේවකයන්ට AI පද්ධති (systems) භාවිතා කිරීමේ මූලික දැනුම පවා නොමැති වීම නිසා, තාක්ෂණය තිබුණද එයින් සම්පූර්ණ ප්‍රයෝජනයක් ගැනීමට නොහැකි වීම දැකගත හැක.

තවත් වැදගත් අභියෝගයක් වන්නේ මූල්‍ය බාධාවන්ය. AI මෙවලම් (tools), මෘදුකාංග දායකත්වයන් (software subscriptions), පද්ධති ඒකාබද්ධ කිරීම් (system integration) සහ සේවක පුහුණුව (employee training) සඳහා අවශ්‍ය ආයෝජන කුඩා ව්‍යාපාරවලට දැරීමට අපහසු විය හැක. විශාල සමාගම්වලට වඩා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා අවදානමට ඔරොත්තු දීමේ හැකියාව අඩු බැවින්, AI සඳහා කරන ආයෝජනයක් අසාර්ථක වුවහොත් එය සමස්ත ව්‍යාපාරයම අවදානමට පත් කළ හැක. එම නිසා බොහෝ කුඩා ව්‍යාපාර AI භාවිතයට අනුගත වීම පිළිබඳව ප්‍රශ්නාත්මක පසුබිමක කටයුතු කරයි.

දත්ත කළමනාකරණය සහ ආරක්ෂාවද AI භාවිතය සමඟ මතුවන තවත් ප්‍රධාන අභියෝගයකි. AI පද්ධති විශාල පරිමාණයේ දත්ත මත පදනම්ව ක්‍රියා කරන බැවින්, පාරිභෝගික දත්ත ආරක්ෂා කිරීම, පෞද්ගලිකත්ව නීති පිළිපැදීම සහ සයිබර් තර්ජනවලින් ව්‍යාපාරය ආරක්ෂා කිරීම වැනි දෑ අත්‍යවශ්‍ය වේ. WalkMe ආයතනය විසින් 2025 වසරේ සිදු කරන ලද සමීක්ෂණයකට අනුව, AI ක්‍රියාත්මක කිරීමේදී ප්‍රධානතම අභියෝගය ලෙස ව්‍යාපාරිකයන්ගෙන් 45% ක්ම පෙන්වා දී ඇත්තේ දත්තවල නිරවද්‍යතාවය පිළිබඳ ගැටළුවයි. එමෙන්ම, දත්ත ආරක්ෂාව සහ නිරවද්‍යතාවය පිළිබඳ ඇති ගැටලු හේතුවෙන් බොහෝ දෙනෙකු මානව මැදිහත්වීමකින් තොරව AI කෙරෙහි පමණක් විශ්වාසය තැබීමට පසුබට වේ. කුඩා ව්‍යාපාරවලට මේ සඳහා විශේෂ සයිබර් ආරක්ෂක කණ්ඩායම් හෝ උසස් පද්ධති නොමැති වීම ඔවුන්ගේ අවදානම තවත් වැඩි කරයි.

මෙයට අමතරව, AI නිසා රැකියාවේ ස්වභාවය වෙනස් වීමද කුඩා ව්‍යාපාර මුහුණ දෙන සමාජමය අභියෝගයකි. ස්වයංක්‍රීයකරණය හේතුවෙන් සමහර සාම්ප්‍රදායික කාර්යයන් අවම වීම හෝ සම්පූර්ණයෙන්ම අහෝසි වීම නිසා සේවකයන් තුළ අවිනිශ්චිතභාවයක් ඇති විය හැක. එහෙත් ධනාත්මක කරුණක් වන්නේ, එක්සත් ජනපද වාණිජ මණ්ඩලයේ (U.S. Chamber of Commerce) වාර්තාවකට අනුව, AI භාවිතා කරන කුඩා ව්‍යාපාරවලින් 82% ක්ම පසුගිය වසර තුළ තම ශ්‍රම බලකාය (workforce) වැඩිකරගෙන තිබීමයි. මින් පෙනී යන්නේ AI මගින් රැකියා අහිමි කරනවාට වඩා ව්‍යාපාරික වර්ධනයක් ඇති කරන බවයි.

එවැනි පසුබිමක, මෙම අභියෝග ජයගැනීම සඳහා කුඩා ව්‍යාපාර යථාර්ථවාදී හා ක්‍රමානුකූල ප්‍රවේශයක් අනුගමනය කළ යුතුය. පළමුව, AI තාක්ෂණයට අනුගත වීම එකවර විශාල පරිමාණයෙන් සිදු කරනවාට වඩා, කුඩා පියවර මගින් ආරම්භ කිරීම වඩාත් සුදුසු වේ. උදාහරණයක් ලෙස, පාරිභෝගික සේවාව සඳහා සරල කතාබස් රොබෝවරයෙකු (simple AI chatbot) හෝ සමාජ මාධ්‍ය අලෙවිකරණය සඳහා මූලික AI විශ්ලේෂණ මෙවලම් (basic AI analytics tools) භාවිතා කිරීම හොඳ ආරම්භයක් විය හැක.

දෙවනුව, ව්‍යවසායකයන් සහ සේවකයන් සඳහා AI පිළිබඳ දැනුවත්භාවය සහ ඩිජිටල් සාක්ෂරතාව වැඩි කිරීම අත්‍යවශ්‍ය වේ. මාර්ගගත පාඨමාලා, වැඩමුළු සහ කර්මාන්ත සම්මන්ත්‍රණ හරහා මූලික AI දැනුම ලබාගැනීමෙන් කුසලතා පරතරය ක්‍රමයෙන් අඩු කළ හැක. මෙය දිගුකාලීනව ව්‍යාපාරයේ තිරසරභාවය සඳහා කරන ආයෝජනයක් ලෙස සැලකිය යුතුය. තෙවනුව, රජය සහ ව්‍යවසායකත්ව පරිසර පද්ධති විසින් කුඩා ව්‍යාපාර සඳහා AI භාවිතයට අනුගත වීමට අවශ්‍ය පහසුකම් සැපයීම වැදගත් වේ. ව්‍යාපාරික ඉන්කියුබේටර්(business incubators), ව්‍යාපාර අක්සලරෙටර්ස්(business accelerators), රජයේ ප්‍රදාන සහ සහනාධාර සහිත පුහුණු වැඩසටහන් හරහා කුඩා ව්‍යාපාරවලට අවශ්‍ය සහය ලබාදිය හැක. මෙවැනි සහයෝගී පද්ධති නොමැතිව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර තනිව AI යුගයට ගෙන යාම අසීරු කාර්යයකි.

අවසාන වශයෙන්, AI භාවිතය සම්බන්ධයෙන් නීතිමය සහ සමාජමය කරුණු පිළිබඳව ව්‍යාපාරවල අවධානය වැඩි කළ යුතුය. වගකීම් සහිත AI භාවිතයක් දිරිමත් කිරීමෙන්, කුඩා ව්‍යාපාරවලට විශ්වාසනීයත්වය සහ පාරිභෝගික විශ්වාසය රඳවාගෙන ඉදිරියට ගමන් කළ හැක.

සාරාංශයක් ලෙස ගත් කල, කෘතිම බුද්ධියෙන් බලගැන්වෙන නූතන ව්‍යාපාර ලෝකය කුඩා ව්‍යාපාර සඳහා අභියෝග සහ අවස්ථා යන දෙකම එකවර නිර්මාණය කරයි. එබැවින් "කෘතිම බුද්ධිය සමඟ කුඩා ව්‍යාපාර හිමියන් සුරක්ෂිත ද?" යන පැනයට දිය හැකි සෘජුම පිළිතුර වන්නේ, එම සුරක්ෂිතතාවය තීරණය වන්නේ ඔවුන් තාක්ෂණයට අනුගත වන ආකාරය මත බවයි. AI යනු හුදෙක් අභියෝගයක් හෝ ව්‍යාපාර ගිලගන්නා අවදානමක් නොව, නිසි කළමනාකාරීත්වයෙන් යුතුව යොදාගතහොත් කුඩා ව්‍යාපාරිකයාගේ නිර්මාණශීලී හැකියාවන් සහ කාර්යක්ෂමතාව ඉහළ නංවන ප්‍රබල මෙවලමකි. අවදානම් නිසි ලෙස හඳුනාගෙන, ක්‍රමානුකූලව සහ බුද්ධිමත්ව ඒවා ජය ගැනීමට හැකි නම්, කෘතිම බුද්ධිය ඉදිරියේ කුඩා ව්‍යාපාර හිමියා හුදෙක් සුරක්ෂිත වනවා පමණක් නොව, නව තාක්ෂණික යුගයේ සාර්ථකත්වයේ පෙරගමන්කරුවෙකුද වනු ඇත.

✍️ සටහන

එම්. චරිත් ධනේශ් සල්ගාදු
ව්‍යවසායකත්ව අධ්‍යනාංශය
කළමනාකරණ හා වාණිජ විද්‍යා පීඨය
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

කොළඹ විශ්වවිද්‍යාලයීය ලියෝ සමාජය විසින් සංවිධානය කරනු ලැබූ "සොබාධාරා" ව්‍යාපෘතියේ තෙවන අදියර "මිහිතල සිහින" පසුගිය පෙබරව...
01/03/2026

කොළඹ විශ්වවිද්‍යාලයීය ලියෝ සමාජය විසින් සංවිධානය කරනු ලැබූ "සොබාධාරා" ව්‍යාපෘතියේ තෙවන අදියර "මිහිතල සිහින" පසුගිය පෙබරවාරි මස 20 වන දින හෝමාගම දියගම වනාන්තරය ආශ්‍රිතව පැවතුණි.

ලියෝ සාමාජිකයන් විසින් මෙම ස්ථානය තෝරා ගනු ලැබුවේ අති කාර්යබහුල ප්‍රදේශයක් වන කොළඹ නගරයට මෙවැනි තෙත්බිම් වනාන්තරයක් ඉතිරිව තිබීමේ වැදගත්කම ජනතාවට අවධාරණය කිරීමේ අරමුණ පෙරදැරිකරගෙනයි.

මෙම පරිසර පද්ධතිය සංරක්ෂණය කිරීමේ වැදගත්කම වනුයේ අති දුර්ලභ සත්ත්වයෙක් වන රත් උණහපුළුවා මෙම වනාන්තරය ආශ්‍රිතව වාසය කරන බැවිනි. ඒ සඳහා ඔවුන් බහුලව වාසය කරන කැන්ද පැළ සිටුවීම ද සිදුකරන ලදී.

මීට අමතරව දියගම වනාන්තරය යනු, දුර්ලභ වටිනා ශාක 103ක්, සමනල් විශේෂ 60ක්, පක්ෂීන් වර්ග 90ක් මෙන්ම උරගයන් වර්ග 20ක් දක්නට ලැබෙන ඉතා දුර්ලභ පරිසර පද්ධතියකි.

මෙම වැඩසටහන සඳහා තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් ගමගේ මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී අරුණ පනාගොඩ මහතා ඇතුළු රාජ්‍ය ආයතන රැසක සහභාගිත්වය සිදුවූ අතර මෙම කර්තව්‍යය සඳහා කොළඹ විශ්වවිද්‍යාලයීය Botanical Society සාමාජිකයන්ගේ දායකත්වය ද නොමඳව ලැබිණි.

මෙහිදී දිය නා, හොර, ඇටඹ, දොඹ, හුළුමෑල්ල, වල්සාම්බ්‍රාණි වැනි වටිනා ශාක ප්‍රභේද ඇතුළත්ව වටිනා ශාක වර්ග 100කට අධික ප්‍රමාණයක් සිටුවීම සිදුකරනු ලැබූ අතර වනාන්තරය ආශ්‍රිත වටපිටාව පිරිසිදු කිරීමේ වැඩසටහනක් ද ශ්‍රී ලංකා යුද හමුදාව හා Clean Sri Lanka සමඟ එක්වීමෙන් සිදුකිරීමට අපට හැකියාව ලැබුණි.

තවද වනාන්තරය ආශ්‍රිත ප්‍රදේශයේ දැනුවත් කිරීමේ පුවරු සවි කිරීමට ද මීට අනුබද්ධිතව සිදුකරනු ලැබිණි.

තවද කොලඹ විශ්වවිද්‍යාලයීය ලියෝ සමාජයේ ආරාධනයෙන් සපැමිණි හෝමාගම ජනාධිපති විද්‍යාලයීය සිසුන්ට නව අත්දැකීමක් ලබාදෙමින් වනාන්තර චාරිකාවක් රැගෙන යාමද සිදුකළ අතර එහිදී ඔවුන්ට ශාක විශේෂ, සත්ත්ව විශේෂ පිළිබඳව දැනුම හා තොරතුරු ලබාදීමට සිදු කෙරිනි. ඒ සඳහා කොළඹ විශ්වවිද්‍යාලයීය Botanical Society හි සාමාජිකයන්ගේ දායකත්වය ලැබුණි.

එලෙසින් "ජීවය දෙන මිහිතලයට ආදරයෙන්" යන තේමාව යටතේ ක්‍රියාත්මක වු සොබාධාරා ව්‍යාපෘතියේ තෙවන අදියර මෙලෙස අධික වටිනාකමක් ඇති දියගම පරිසර පද්ධතිය ආරක්ෂා කර ගැනීමේ අදිටනින් සාර්ථකව නිම කරන ලදී.

අපේ හුස්ම රැක දෙන මේ වටිනා පරිසර පද්ධතීන් මතු පරපුර වෙනුවෙන් සුරැකීමට පෙරමුණ ගන්නා ලෙස කොළඹ විශ්වවිද්‍යාලයීය ලියෝ සමාජයේ 'සොබාධාරා' ව්‍යාපෘතියේ අපි ඔබ සැමගෙන් ඉල්ලා සිටිමු.

"කොළඹ ලියෝ Bright Drop ව්‍යාපෘතිය සාර්ථකව නිමවෙයි."කොළඹ විශ්ව විද්‍යාලයීය ලියෝ සමාජය විසින් තිරසාර අනාගතයක් උදෙසා අඛණ්ඩව...
18/02/2026

"කොළඹ ලියෝ Bright Drop ව්‍යාපෘතිය සාර්ථකව නිමවෙයි."

කොළඹ විශ්ව විද්‍යාලයීය ලියෝ සමාජය විසින් තිරසාර අනාගතයක් උදෙසා අඛණ්ඩව ක්‍රියාත්මක කරනු ලබන Bright Drop ව්‍යාපෘතියේ දෙවන අදියර පසුගිය 23 වැනි දා අම්/මඩවලලන්ද මහා විද්‍යාලය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වුණා.

"දැනුමත් භාවය ඉහල නැංවීම තුළින් බලශක්තිය සුරකිමු." යන තේමාව පදනම් කර ගනිමින් ක්‍රියාත්මක වූ මෙම අදියරේදී පාසල් සිසුන්ගේ බලශක්තිය පිළිබඳ දැනුම්වත්භාවය ඉහළ නැංවීම ඔවුන්ගේ ප්‍රධානතම අරමුණ බවට පත්ව තිබුණා.

සිසුන්ගේ නව නිර්මාණාත්මක හැකියාවන් භාවිතා කරමින් බලශක්තිය භාවිතයෙන් කරන ලද නව නිපැයුම් ඇගයීමක් හා ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනක් ඇතුළුව ක්‍රියාකාරකම් රැසක් මෙන්ම ජයග්‍රාහකයන් උදෙසා මුදල් ත්‍යාග ලබාදීමක්ද විද්‍යාර්ථයින් විසින් පාසල් සිසුන් මූලික කරගනිමින් මෙහිදී සිදු කරනු ලැබුවා.

විද්‍යාලයේ විදුහල්පති ප්‍රභාත් සිරිනන්ද මහතා පවසා සිටියේ මෙම අවස්ථාව ග්‍රාමීය පාසල්වල සිසුන් සඳහා කලාතුරකින් ලැබෙන ඉතාමත් අනගි අවස්ථාවක් බවයි. තවදුරටත් අදහස් දැක්වූ එතුමා පවසා සිටියේ මේ තුළින් සිසුන්ට ඔවුන්ගේ හැකියාවන් හඳුනා ගැනීමට හා ඒවා වැඩිදියුණු කර ගැනීමටත්, සිසුන් දිරිමත් කිරීමටත් ලද උත්ප්‍රේරණය අති මහත් බවත්, ඒ වෙනුවෙන් ලියෝ සමාජයේ සමාජිකයන්ට එතුමාගේ ස්තුතිය පුද කරන බවත්ය.

*අසරණ වූ සුනඛ ලෝකයට සෙනෙහසේ දෑතක්: ලියෝ “අහිංසා” ව්‍යාපෘතිය සාර්ථකව නිම වෙයි.* ශ්‍රී ලංකාවේ වර්තමාන වීදි සුනඛ ගහනය නවතම ...
23/01/2026

*අසරණ වූ සුනඛ ලෝකයට සෙනෙහසේ දෑතක්: ලියෝ “අහිංසා” ව්‍යාපෘතිය සාර්ථකව නිම වෙයි.*

ශ්‍රී ලංකාවේ වර්තමාන වීදි සුනඛ ගහනය නවතම දත්ත වාර්තා අනුව ලක්ෂ 20ත් 30ත් අතර ප්‍රමාණයකට ළඟා වී ඇති බව සඳහන් වේ. එමඟින් එක් පුද්ගලයෙකුට සාපේක්ෂව සුනඛයන් අට දෙනෙකු පමණ වන අනුපාතයක් පවතින අතර, මේ තත්ත්වය හේතුවෙන් වීදි සුනඛ ගහනය සමාජය තුළ පාලනය කළ නොහැකි මට්ටමේ ගැටලුවක් බවට පත්ව ඇති බව පැහැදිළි ය.

මෙම තත්ත්වයත් සමඟ ජලභීතිකාව වැනි මාරාන්තික රෝග පැතිර යාමේ අවදානම ද ඉහළ යමින් පවතින අතර, ඒ සඳහා දීර්ඝකාලීන සහ මානවීය විසඳුම් යොදා ගැනීම අත්‍යවශ්‍ය වී ඇත. එවන් පසුබිමක් තුළ, “ජීවය දෙන මිහිතලයට ආදරයෙන්” යන තේමාව යටතේ කොළඹ විශ්වවිද්‍යාලයීය ලියෝ සමාජය විසින් ක්‍රියාත්මක කරනු ලබන සොබාධාරා ව්‍යාපෘතියේ දෙවන අදියර වන “අහිංසා” ව්‍යාපෘතිය පසුගිය ඉරිදා (ජනවාරි 18) දින කුරුණෑගල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් සාර්ථකව පැවැත්විණි.

මෙම ව්‍යාපෘතියේ පළමු පියවර ලෙස, කුරුණෑගල සුන්දරාපොළ කසළ ප්‍රතිචක්‍රිකරණ මධ්‍යස්ථානය අවට ජීවත්වන වීදි සුනඛයන් 50කට අධික සංඛ්‍යාවක් සඳහා ජලභීතිකා එන්නත් ලබාදීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී. එය පශු වෛද්‍ය එල්.පී. මාලිංග මහතා සහ කුරුණෑගල පශු වෛද්‍ය කාර්යාලයේ නිලධාරී එම්.ඩී.එස්. ආනන්ද මහතාගේ සහභාගීත්වයෙන් ඉතා සාර්ථක ලෙස ක්‍රියාත්මක විය. මෙම එන්නත් කිරීම හරහා වීදි සුනඛයන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව පමණක් නොව, ප්‍රදේශයේ ජනතාවගේද සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීම අරමුණු කරගන්නා ලදී.

ඊට අමතරව, ගිහාන් දිනුෂ්ක මහතාගේ ප්‍රධානත්වය සහ අධීක්ෂණය යටතේ පවත්වාගෙන යන කුරුණෑගල බව් බව් සුනඛ අභයභූමිය වෙතද ලියෝ සමාජයේ සිසු සිසුවියන් සංචාරය කළහ. එහිදී ආබාධිත සහ අසරණ තත්ත්වයන්ට මුහුණ දී සිටින 75කට අධික සුනඛයන් සමඟ කාලය ගත කරමින්, ඔවුන්ගේ සුභසාධනය වෙනුවෙන් අවශ්‍ය ආහාර, ඖෂධ සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කිරීම සිදු කෙරිණි. මෙම ක්‍රියාකාරකම් මඟින් සිසුන් තුළ සත්ත්ව සෙනෙහස, වගකීම සහ මානවීය හැඟීම් වර්ධනය වීමද විශේෂත්වයකි.

තවද, ගිහාන් දිනුෂ්ක මහතාගේ ආරාධනයෙන් සහ පශු වෛද්‍ය තරිඳු විජේකෝන් මහතාගේ සහභාගීත්වයෙන්, ලියෝ සමාජයේ සිසුන් සඳහා සුනඛයන්ට බහුලව පවතින ආබාධ, රෝග ලක්ෂණ, ප්‍රතිකාර ක්‍රම සහ සත්ත්ව සුභසාධනය පිළිබඳ දැනුම්වත් කිරීමේ විශේෂ දේශනයක් ද පැවැත්විණි. එම දේශනය මඟින් සත්ත්ව රැකවරණය පිළිබඳ ප්‍රායෝගික දැනුම සිසුන්ට ලබාදීමට හැකි වීම මෙම ව්‍යාපෘතියේ තවත් වැදගත් සාර්ථක පියවරක් ලෙස සැලකේ.

මෙවන් මානවීය සහ සමාජ වගකීමෙන් යුත් ව්‍යාපෘති මඟින් වීදි සුනඛ ගැටලුවට තාවකාලික විසඳුම් පමණක් නොව, සමාජයේ සත්ත්වයන්ට ඇති කරුණාව සහ වගකීම වර්ධනය කරමින් දීර්ඝකාලීන විසඳුම් සඳහා මං පෙරළීමක් සිදු වන බව පැහැදිළි ය. “අහිංසා” ව්‍යාපෘතිය ඒ සඳහා උදාහරණයක් ලෙස සාර්ථකව නිමාවට පත්ව ඇති බව නොඅනුමාන ය.

27/12/2025

හෙළයේ ගීත කෝකිලාවිය, ලතා වල්පොල මහත්මියට නිවන් සුව ලැබේවා...!💮🙏

කාලයේ තාලයට වෙනස් වන ලෝකයාගෙ හරවත්ම වත ගොත රැසක් සමගින් මෙවර රැඩිකල් 63 වන සඟරාමය වාර්තාව.📍2025.12.26♾️මෙවර සඟරාවෙන්| ❛❛...
26/12/2025

කාලයේ තාලයට වෙනස් වන ලෝකයාගෙ හරවත්ම වත ගොත රැසක් සමගින් මෙවර රැඩිකල් 63 වන සඟරාමය වාර්තාව.
📍2025.12.26

♾️මෙවර සඟරාවෙන්

| ❛❛ මගේම ගීත මේ වෙද්දි 6ක් පමණ ගායනා කරල තියෙනවා.ඒ අතරින් රෑනේ ගීතයත්, සරිගම නැළවෙනවා ගීතයටත් ප්‍රතිචාර ලැබෙමින් තියෙනවා.රෑනේ ගීතය ලිවුවේ අයෝමා සදමාලි සුරවීර ගුරුතුමිය ,තනු නිර්මාණය මල්ක මල්ලව මාමා.ඒ වගේම සරිගම නැළවෙනවා සින්දුව මගේ එක උපන්දිනයකට තෑග්ගක් විදිහට නිර්මාණය වූ ගීතයක්.ඒක පද සහ තනු නිර්මාණය විහග ශ්‍රී පබසර අයියාගේ.ඒ වගේම මම පාසලේ හදාරන්නෙ නැටුම් විෂය.මගේ ආශාවක් තියෙනවා නැටුම් ගුරුතුමියක් වෙන්න.ඊට අමතරව භරත නාට්‍යම් ඉගෙන ගන්නවා සුපුන් සර් ලග.ඒ පැත්තෙනුත් ඉදිරියට යන්න කැමතියි. ඒ වගේමයි නිරූපණයෙනුත් ඉස්සරහට යන්න ආසාවක් තියෙනවා.මේ දිනවල නිරූපණයටත් සම්බන්ධ වෙලා තියෙනවා ඒවත් මට ආදරේ කරන අයට බලාගන්න පුලුවන් වේවි ඉදිරියේදී.❜❜
_________________
- සඳුෂි සවින්ද්‍යා
✍️ | Radical Interviewer - Kavii Rasnayaka
| ❛❛මගේ විශේෂ දක්ශතා හැකියා අවබෝධ කරගන්න මට උදව් කලේ වයඹ රාජකීය විද්‍යාලයේ ගුරුමඩුල්ල තමයි.
කුඩා කාලයේදිම මම මගේ ක්‍රීඩා දක්ශතා හදුනාගෙන , අධ්‍යාපන දක්ෂතා හදුනාගෙන බමුණාකොටුව ඉසිපතන ජාතික පාසල මට මගේ දක්ෂතා වලට හොද ආරම්භයක් අරගෙන දුන්නා.නිකවැරටිය කලාපය තුළ දක්ශතම මලල ක්‍රීඩකයා ලෙස මම දෙවරක් සම්මාන ලබාගෙන තිබුනා.❜❜
_________________
- Chethiya Bandara Koswaththa
✍️ | Radical Interviewer
| ❛❛ඇත්ත වශයෙන්ම මගේ ගමනට සවියක් වුණේ සිරස Voice Sri Lanka වේදිකාව. මගේ ගීත වලට මිනිසුන් ආදරය කරන්නට හේතුවුණේ Voice Sri Lanka වේදිකාව. අදටත් මිනිසුන් ආදරය කරන ගායන ශිල්පියෙක් වෙන්නට මට ඒ තුළින් විශාල අවස්ථාවක් ලැබුණා.ඉතින් ,මම ආදරයෙන් එය මතක් කරනවා වගේම ස්තූතිවන්ත වෙනවා.❜❜
_________________
- තිලිණ සුදේශ්
✍️ | Radical interviewer - Dilki Nimeshika
සහ තවත් විශේෂාංග සමඟින්...

♾️ ඔබත් ලිවීමට හපන්කම් පාන්නෙක්ද? ඔබ ලියූ ආටිකල් රැඩිකල් හරහා පලකර ගැනීම සඳහා අපගේ වට්ස්ඇප් අංකය වෙත හෝ ඊමේල් හරහා යොමු කරන්න.

• ඔබට අවශ්‍ය ඩිජිටල් ප්‍රචාරණ කටයුතු දැන් රැඩිකල් වෙතින් සිදු කරගත හැක.
Advertising | Interview Article | Business Promotion | Graphic Design
🎙️Contact us
• Whatsapp - 070 3470 212
•Email - [email protected]


25/12/2025

May this Christmas bring you endless moments of love and laughter🎄🎅❤️

ප්‍රවීණ කලාවේදී සතිශ්චන්ද්‍ර එදිරිසිංහ මහතාණෙනි ඔබට නිවන් සුව...!🙏
23/12/2025

ප්‍රවීණ කලාවේදී සතිශ්චන්ද්‍ර එදිරිසිංහ මහතාණෙනි ඔබට නිවන් සුව...!🙏

21/12/2025

🎨🎬 We’re Hiring!

Vibe Media is looking for a Creative Graphic Designer & Video Editor to join our growing team. (Part time)
If you’re passionate about visuals, storytelling, and digital creativity, this is your chance!

📩 Send your CV + Portfolio to apply.
[email protected]

කාලයේ තාලයට වෙනස් වන ලෝකයාගෙ හරවත්ම වත ගොත රැසක් සමගින් මෙවර රැඩිකල් 63 වන සඟරාමය වාර්තාව.📍2025.12.15♾️මෙවර සඟරාවෙන්| ❛❛...
15/12/2025

කාලයේ තාලයට වෙනස් වන ලෝකයාගෙ හරවත්ම වත ගොත රැසක් සමගින් මෙවර රැඩිකල් 63 වන සඟරාමය වාර්තාව.
📍2025.12.15

♾️මෙවර සඟරාවෙන්

| ❛❛ ඇඳේ ගතකරන කාලය සුවයක්ද, ඩිජිටල් විඩාව වැඩි කරන උගුලක්ද?❜❜
_________________

✍️ | Radical writer - Saumya Samarasekara
| ❛❛ මිත්‍රත්වය හෙවත් මනුෂ්‍ය හදවතේ සත්‍ය සම්බන්දය❜❜
_________________

✍️ | Radical Writer - Thashmi Vithana
| ❛❛ලංකාවේ වෙස්මුහුණු කලාව❜❜
_________________

✍️ | Radical Writer - Savindi Vidanage
| ❛❛Lipstick භාවිතයේ සැඟවුණු අවදානම❜❜
_________________

✍️ | Radical Writer - Himasha Nethmini
සහ තවත් විශේෂාංග සමඟින්...

♾️ ඔබත් ලිවීමට හපන්කම් පාන්නෙක්ද? ඔබ ලියූ ආටිකල් රැඩිකල් හරහා පලකර ගැනීම සඳහා අපගේ වට්ස්ඇප් අංකය වෙත හෝ ඊමේල් හරහා යොමු කරන්න.

• ඔබට අවශ්‍ය ඩිජිටල් ප්‍රචාරණ කටයුතු දැන් රැඩිකල් වෙතින් සිදු කරගත හැක.
Advertising | Interview Article | Business Promotion | Graphic Design
🎙️Contact us
• Whatsapp - 070 3470 212
•Email - [email protected]


කාලයේ තාලයට වෙනස් වන ලෝකයාගෙ හරවත්ම වත ගොත රැසක් සමගින් මෙවර රැඩිකල් 62 වන සඟරාමය වාර්තාව.📍2025.11.15♾️මෙවර සඟරාවෙන්| ❛❛...
15/11/2025

කාලයේ තාලයට වෙනස් වන ලෝකයාගෙ හරවත්ම වත ගොත රැසක් සමගින් මෙවර රැඩිකල් 62 වන සඟරාමය වාර්තාව.
📍2025.11.15

♾️මෙවර සඟරාවෙන්

| ❛❛ රාවණා ටෙලිනාට්‍යයෙන් මාව අඳුනගත්තට පසුවයි නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යයට ආරාධනා ලැබෙන්නේ. නාඩගම්කාරයෝ නාට්‍යයේ හැම දවසකම තිබුනේ අමතක නොවන සිදුවීම්ම තමයි. දැන් ටෙලි නාට්‍ය විකාශනය වෙලත් අවුරුදු තුනකට වැඩි. තාමත් මොන නිර්මාණය කරත් නාඩගම්කාරයෝ ජානු චරිතයෙන් තමා ගොඩක් අය මාව අහන්නේ.❜❜
_________________
- මදුශානි පෙරේරා
✍️ | Radical Interviewer - Ishara Wijerathna
| ❛❛🧬 DNA වල ලියැවුණු ආදරය..
සමලිංගිකත්වය පිටුපස ඇති විද්‍යාව, නීතිය සහ නව සමාජ හැඩගැස්ම...❜❜
_________________

✍️ | Radical Writer - Saumya Samarasekara
| ❛❛ඊ-සිගරට්ටුවේ නොදත් පැත්ත❜❜
_________________

✍️ | Radical Writer - Himasha Nethmini
සහ තවත් විශේෂාංග සමඟින්...

♾️ ඔබත් ලිවීමට හපන්කම් පාන්නෙක්ද? ඔබ ලියූ ආටිකල් රැඩිකල් හරහා පලකර ගැනීම සඳහා අපගේ වට්ස්ඇප් අංකය වෙත හෝ ඊමේල් හරහා යොමු කරන්න.

• ඔබට අවශ්‍ය ඩිජිටල් ප්‍රචාරණ කටයුතු දැන් රැඩිකල් වෙතින් සිදු කරගත හැක.
Advertising | Interview Article | Business Promotion | Graphic Design
🎙️Contact us
• Whatsapp - 070 3470 212
•Email - [email protected]


කාලයේ තාලයට වෙනස් වන ලෝකයාගෙ හරවත්ම වත ගොත රැසක් සමගින් මෙවර රැඩිකල් 61 වන සඟරාමය වාර්තාව.📍2025.11.01♾️මෙවර සඟරාවෙන්| ❛❛...
01/11/2025

කාලයේ තාලයට වෙනස් වන ලෝකයාගෙ හරවත්ම වත ගොත රැසක් සමගින් මෙවර රැඩිකල් 61 වන සඟරාමය වාර්තාව.
📍2025.11.01

♾️මෙවර සඟරාවෙන්

| ❛❛ සංගීත ක්ශේත්‍රය කියන්නෙ හරිම නිදහස් ඒ වගේම හරිම පුළුල් ක්ශේත්‍රයක්. කරන දේ හරියට කළොත් හැමෝම හොඳ කියනවා. සංගීතය කියන්නෙ මිනිස්සුන්ගෙ ජීවිත වෙනස් කරන ක්ශේත්‍රයක්. මේක අඩුපාඩු හදාගෙන අත්දැකීම් ප්‍රගුණ කරගෙන යායුතු ගමනක්.❜❜
_________________
- හංසිකා සේනාරත්න
✍️ | Radical Interviewer - Vinodie Vijerathna
| ❛❛මම විශ්වාස කරනවා ඇත්තටම නවක නළු නිළියන් ගොඩක් දක්ෂයි. ඉතින් හිමිට ගමනක් යන්න ඕන මේ ක්ෂේත්‍රයේ. හිමින් ගමනක්, එතකොට මොලෙන් වැඩක් කරන්න ඕන, ඒ වගේම ටැලන්ට් එක තමයි එකට තියෙන්නෙ. ඇත්තටම අත්‍යවශ්‍ය ටැලන්ට් එක.❜❜
_________________
- හංසාංගනා දිසානායක
✍️ | Radical Interviewer - Maduwanthi D Silva
| ❛❛මගේ Degree එක පැත්තෙත් ඉස්සරහට යන්න කැමති.ඒ කියන්නෙ speech therapy කියන පැත්තෙන් ඉස්සරහට යන්න කැමති.ඒත් එක්කම මගේ sing කරන එක hobby එකක් විදිහට පොඩි කාලෙ ඉදන්ම තිබිච්ව එක.ඒක ඉස්සරහට continue කරන්න බලාපොරොත්තු වෙනවා.❜❜
_________________
- හරිනි දිසානායක
✍️ | Radical Writer - Tharushi Githma Rathnayaka
සහ තවත් විශේෂාංග සමඟින්...

♾️ ඔබත් ලිවීමට හපන්කම් පාන්නෙක්ද? ඔබ ලියූ ආටිකල් රැඩිකල් හරහා පලකර ගැනීම සඳහා අපගේ වට්ස්ඇප් අංකය වෙත හෝ ඊමේල් හරහා යොමු කරන්න.

• ඔබට අවශ්‍ය ඩිජිටල් ප්‍රචාරණ කටයුතු දැන් රැඩිකල් වෙතින් සිදු කරගත හැක.
Advertising | Interview Article | Business Promotion | Graphic Design
🎙️Contact us
• Whatsapp - 070 3470 212
•Email - [email protected]


Address

Kurunegala

Telephone

+94762430879

Website

Alerts

Be the first to know and let us send you an email when Radical Digital Magazine posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Radical Digital Magazine:

Share

Category