SL Bro

SL Bro All In One Place

ඔන්ලයින් හැමදේම දැන ගන්න අපිත් එක්ක එකතු වෙන්න

අපේ YouTube චැනල් එක Subscribe කරන්න අමතක කරන්න එපා

🤪🙏
26/03/2024

🤪🙏

කොන්වන්ට් එකේ කෙල්ලො තරම් අවංක අය වෙන කොහේවත් නෑ 😏💙
06/03/2024

කොන්වන්ට් එකේ කෙල්ලො තරම් අවංක අය වෙන කොහේවත් නෑ 😏💙

පහල තියෙන්නේ අඩු වියදමකින් හෝ නොමිලේ කරන්න පුළුවං IT Degrees. මීට අමතරව මට මග ඇරුනු ඒවා තියෙනවා නම් පහලෙන් comment කරන්න...
07/09/2023

පහල තියෙන්නේ අඩු වියදමකින් හෝ නොමිලේ කරන්න පුළුවං IT Degrees. මීට අමතරව මට මග ඇරුනු ඒවා තියෙනවා නම් පහලෙන් comment කරන්න මම post එක update කරන්නම්.

1. Bachelor of Information Technology (UCSC)

මේ programme එක කරන්නේ කොලඹ විශ්වවිද්‍යාලයෙන්. ඔයාට A/L 3 passes නැති උනත් foundation course (FIT) එකක් කරලා කරන්න පුළුවං external degree එකක් මේක. හැබැයි ගොඩක් වෙලාවට වෙනම private class එක්කට යන්න වෙනවා ඔයාට ඉගෙන ගන්න. යන වියදම ගැන බලද්දී ඒ ගැනත් සැලකිලිමත් වෙන්න. ගොඩක් වෙලාවට වැඩිම වියදම යන්නේ ඒකට.

- Intake deadline: 13th September 2023

- University Fee: 92,850

- Course duration: 3 years

- Entry requirements:

3 passes in A/L
or
FIT (Foundation course)

For more details:
- https://www.bit.lk
- https://fit.bit.lk/

A few popular private classes:
- https://esoft.lk/courses/bachelor-of-information-technology-bit-externa-degree-university-of-colombo-ucsc-full-time/
- https://horizoncampus.edu.lk/horizon-progrmmes/bit-university-of-moratuwa/
- https://openarc.edu.lk/courses/bachelor-of-information-technology-university-of-colombo/
_______

2. BIT (UOM)

මේ programme එක කරන්නේ මොරටුව විශ්වවිද්‍යාලයෙන්. BIT (UCSC) එක වගේම ගොඩක් වෙලාවට වෙනම private class එක්කට යන්න වෙනවා ඔයාට ඉගෙන ගන්න. යන වියදම ගැන බලද්දී ඒ ගැනත් සැලකිලිමත් වෙන්න.

- Intake deadline: 22nd September 2023

- University Fee: 200,000

- Course duration: 3 years

- Entry requirements: මේකට විදි දෙකකින් ඇතුල් වෙන්න පුළුවං, Regular Entry සහ Lateral Entry කියන විදි දෙකෙන්ම.

Regular: 3 passes in A/L and credit pass for Mathematics in O/L
or
Any alternative Senate-approved course

Lateral: SLIATE HNDIT and six months of training.

For more details:
- https://codl.lk/
- https://codl.lk/subpage/regular_entry
- https://codl.lk/subpage/lateral_entry
_______

3. Open University

මේ programme එක කරන්නේ විවෘත විශ්වවිද්‍යාලයෙන්. මේක විශ්ව විද්‍යාලය තුලින්ම කරන්න පුළුවං ගොඩක් හොද degree programme එකක්. ලංකාවේ ඕනම තැනක තියෙන open univeristy එකකින් කරන්න පුළුවං distance learning facility එක මගින්.

හැබැයි මං හිතනවා ලමයි ගොඩක් ඉන්න නාවල වගේ තියෙන uiveristy එකෙන් කරන්න පුළුවන්නම් හොද exposure එකක් ගන්න පුළුවං කියලා (personal opinion).

මේ programme එකේ entry requirment එක පොඩ්ඩක් වෙනස් වෙනෙවා කරන specilization එකත් එක්ක. පහල තියෙන link එකට ගිහින් වැඩි විස්තර බලන්න. (Specializations: Computer Science, Information Technology, Information Systems)

- Intake deadline: 22nd September 2023

- University Fee: ~ 518,000 (Per credit fee: 3990, to graduate a student must pass 130 credits)

- Course duration: 4 years

- Entry requirements:

3 passes in A/L
or
Advanced Certificate Program offered by the OUSL

For more details:
- https://ou.ac.lk/bsehons
_______

4. Informatics Institute of Technology (IIT) scholarship

මේක scholarship එකක් නිසා ඇතුල් වීම තරගකාරීයි. මම දන්න විදියට January (2024) intake එකේ applications අරගෙන ඉවරයි හැබැයි. පහල තියෙන එකට ගිහින් වැඩි විස්තර බලන්න.

- Intake deadline: Unfortunately January 2024 applications are already closed.

- University Fee: 100% scholarship

- Course duration: 5 years

- Entry requirements:
3 passes in A/L + selection programme

For more details:
- https://www.iit.ac.lk/scholarships/infoschol/
_______

5. SLIIT/IFS scholarship

මේක පොඩ්ඩක් වෙනස් විදියේ programme එකක්. IFS කියන software company එකයි SLIIT එකයි එකතු වෙලා කරන programme එකක්. මේකදී වෙන්නේ IFS එකේ part-time වැඩ කරන ගමන්, ඔයාට degree එක කරන්න පූළුවං. Experience ගන්න ගමන් කරන්න පුළුවං හොද programme එකක්.

මේකට තෝරාගන්නේ SLIIT Aptitude test එකෙන් වැඩිම marks ගන්න අය. 2nd year and 3rd year වෙද්දි අපාහු apply කරන්න ඕන, එතකොට GPA එක consider කරලා interview එකෙන් වෙනම select කරනවා. මේක perfomance based scholorship එකක්.

මීට අමතරව SLIIT එකේ තවත් scholorships කිපයක් තියෙනවා outstanding performances (Accadamic or Sports) වලට දෙන. පහල link එකෙන් වැඩි විස්තර බලන්න.

For more details:
- https://www.sliit.lk/scholarships/
_______

6. BCS (British Computer Society)

මේක degree එකට සමාන විදියට පිලිගන්න (equivalent) professional qualification එකක්. BIT එක වගේම මේකට class ගිහින් sylabuss එක කරගන්න වෙනවා, මේක international එකක් හින්දා ඉගෙන ගන්න online resources ගොඩක් තියෙන හින්දා ඔයාට ඕන්නම් self studies කරන්න පුළුවං.

මේක පොඩ්ඩක් අමාරුයි, හොද decipline එකක් තියෙන්න ඕන BCS Professional Graduate Diploma in IT වෙනකම්ම කරගෙන යන්න.

- Intake deadline: N/A

- Course duration: මේක ගොඩක් ඔයාගේ capacity එකයි effort එකයි අනුව වෙනස් වෙනවා. සාමාන්‍යන් අවුරුදු 2ත් 3ත් අතර කාලයක් යනවා කියලා කියන්න පුළුවං.

- Examination Fee: ~ $ 365

- Entry requirements for exams: BCS member

- Special note: BCS එකෙන් මේ HEQ එක discontinue කරන යනවා 2026 දී. ඊට කලින් exams කරන්න වෙනවා, 2026 න් පස්සේ කොයි වගේ programme එකක් එයාලා කරන්න යනවද කියලා දන්නේ නෑ. මේ section එකේ අන්තිම link එකේ ඒක ගැන තියෙනවා.

For more information:
- https://www.bcs.org/qualifications-and-certifications/higher-education-qualifications-heq/bcs-certificate-in-it/
- https://www.bcs.org/qualifications-and-certifications/higher-education-qualifications-heq/bcs-diploma-in-it/
- https://www.bcs.org/qualifications-and-certifications/higher-education-qualifications-heq/bcs-professional-graduate-diploma-in-it/
- https://www.bcs.org/qualifications-and-certifications/higher-education-qualifications-heq/important-announcement-higher-education-qualifications-heq/
_______

6. Bachelor of Technology in Software Technology (University of Vocational Technology)

මේ programme එකට තාම මේ අවුරුද්දේ applications call කරලා නෑ. මේකට අදාල ගිය අවුරුද්දේ විස්තර පහල ilnks වලින් බලන්න. A/L IT කරපු අයට මේකේ entry requirments වල විශේෂ වාසියක් තියෙනවා.

Full-time කරනවා නම් degree එක නොමිලේ කරන්න පුළුවං. Admission fees, Library fees වගේ දේවල් ටිකට රු 26,000 ට ආසන්න මුදලක් වැය වෙනෙවා අමතරව.

Part-time කරන්නවා නම් 130,000 වගේ මුදලක් යනවා. ඔයා වෙන job එකක් කරන ගමන් කරන්න පුළුවං.

මේ programme එකට අමතරව B.Tech in software, Network & Multimedia කියලා degree කිහිපයක් තියෙනවා වැඩි ව්ස්තර පහල කියෙන ilnk එකෙන් බලන්න.

- Intake deadline: Haven't called yet

- Course duration: 3 years.

- University Fee: ~26,000 (Full-time weekdays) | 130,000 (Part-time weekend)

- Entry requirements for exams:

3 passes in A/L in Engineering Technology (with ICT as a subject) or Physical Science stream
or
Technological Specialization for NVQ 5/6 qualifications

For more information:
- http://univotec.ac.lk/index.php/programmes/
- http://univotec.ac.lk/index.php/bachelor-of-technology-in-software-technology/
- https://tamilguru.lk/univotec-admission-2022/
_______

8. Government student loan

මේ ඔක්කෝටම අමතර private university එකක degree එක කරනවනම් goverment student loan facility එක try කරලා බලන්න පුළුවං.

Eligibility Criteria: 3 passes in A/L

https://www.mohe.gov.lk/index.php?option=com_content&view=article&id=348%3Ainterest-free-student-loan-scheme&catid=48&Itemid=331&lang=en

_______

මීට අමතරව බණක් විදියට කියන්න තියෙන්නේ, කරන්න දෙයක් නැති කමට IT degree එකක් කරන්න එපා. Passionate නැතුව කරන්න ගියාම එකක් එපා වෙනවා, අනිත් එක ඉස්සරහට යන්න අමාරුයි.

Happy coding!

ලෝකයේ බහුතරයක් දෙනා මාරම විදිහට කතා බහකට ලක්වෙන මාතෘකාවක් තමයි කෘතිම බුද්ධිය කියලා කියන්නේ...🧭📡ගොඩක් අය මේ ගැන දැන ගත්තේ...
31/08/2023

ලෝකයේ බහුතරයක් දෙනා මාරම විදිහට කතා බහකට ලක්වෙන මාතෘකාවක් තමයි කෘතිම බුද්ධිය කියලා කියන්නේ...🧭📡

ගොඩක් අය මේ ගැන දැන ගත්තේ Open Ai ලගෙ ChatGPT Chatbot එක නිසා...

හැබැයි ඇත්තටම Artificial Intelligence ගැන පර්යේෂකවරු පරීක්ෂණ පටන් ගත්තේ මීට අවුරුදු ගානකට කලින්.

1950 දි ඇලන් ටියුරින් කියන විද්‍යාඥයා මිනිස් බුද්ධිය, ක්‍රෘතිම බුද්ධියට අනුකරණය කරන්න පුළුවන් ද කියලා නිගමනයකට එන්න ටියුරින් පරීක්ෂාව නමින් පරීක්ෂණයක් කරා...

මේ පරීක්ෂණය කරලා තියෙන්නේ පුද්ගලයින් දෙන්නෙකුයි එක Computer එකකුයි අරගෙන..

මන් ඒ ගැන විස්තර කරන්න යන්නේ නෑ, ඔයාලට පහල Link එකෙන් ඒ ගැන වැඩි විස්තර බලන්න පුළුවන්.. 👇

https://www.techtarget.com/searchenterpriseai/definition/Turing-test

✅ මං දැන් කියන්නේ මේ කෘතිම බුද්ධිය පාදක කරගෙන වර්තමානයේ අපිට භාවිතා කරන්න පුළුවන් විදියට හදපු තාක්ෂණික Tools එහෙමත් නැතිනම් මෙවලම් කිහිපයක් ගැන...

හරි අපි දැන් බලමු අපිට use කරන්න පුළුවන් AI Tools මොනාද කියලා.

◼️ ChatBots

1. ChatGPT
https://openai.com/chatgpt
හැමෝම මේක ගැන දන්නවනේ. මේ වෙනකොට GPT – 4 (Generative Pre-trained Transformers) Engine එකෙන් බලගැන්විලා තියෙනවා.

2. Google Bard
https://bard.google.com/?hl=en
තවමත් පරීක්ෂණ මට්ටමේ පවතී. ඒත් ගොඩක් වැඩ කරගන්න පුළුවන්.

3. Microsoft Bing
https://www.bing.com/search?form=MA13FJ&pl=launch&q=Bing+AI&showconv=1
Characters 4000 ක් සහිත prompts input කළ හැක.

⬛ Video editing

1.Descript
https://www.descript.com
Transcription, Podcasting , Screen Recording , Social Clips & Templates , Overdub , Studio Sound , Filler Word Removal , Subtitles & Captions , Publishing සඳහා භාවිත කළ හැක.‍

2. Pictory
https://pictory.ai
සම්පූර්ණ video marketing toolkit එකක් . Paid එකක් හැබැයි.

3. Runway
https://runwayml.com
User input කරන prompt එකට අනුව වීඩියෝ එකක් generate කරගන්න පුළුවන්...

◼️ Designing

1. DALL – E.2
https://openai.com/dall-e-2
AI image generate කරගන්න පුළුවන් OpenAI ලගේ සුපිරි tool එකක්. Subscription ✌️

2. Microsoft designer
https://designer.microsoft.com/
AI images generate කරගන්න පුළුවන්

3. Midjourney
https://discord.com/invite/midjourney
Discord server එකක් මත run වේ. Subscription අඩංගු වේ.

◼️ Coding

1. OpenAI Codex
https://platform.openai.com/docs/guides/code
Codes complete කරගන්න , නොදන්න Codes generate කරගන්න පට්ට...


◼️ TensorFlow

TensorFlow කියන්නේ machine learning modules built and train කරන්න පුළුවන් ජනප්‍රිය open source software එකක්. එය Google Brain කණ්ඩායම විසින් වැඩි දියුණු කරන ලද අතර 2015 දී නිකුත් කරන ලදී. https://www.tensorflow.org/install

◼️ Scikit-learn

Scikit-Learn යනු machine learning complexity එක සරල කරන AI tool එකකි. Data scientists ලට ගොඩක් වැදගත් ටූල් එකකි.
https://scikit-learn.org/stable/

◼️ Adobe Firefly

Adobe Firefly කියන්නේ tech – market එකට ආපු නවතම AI tool එකකි. AI image generate කරගන්න පුළුවන්. තව වැඩ ගොඩක් පුළුවන්. මම කලින් මේක ගැන ලිව්ව පෝසට් එකක් මම යටින් දාන්නම්. https://www.facebook.com/pasindu.malinda.official/videos/596718212365007/?app=fbl
https://firefly.adobe.com/

◼️ DomainWheel

DomainWheel කියන්නේ website domains search කරන්න තියෙන AI based web site එකක්. It uses machine learning ඇල්ගොරිතම භාවිතයෙන් keywords සහ අපේ කැමැත්ත අනුව available domains generate කරගන්න පුළුවන්.
https://domainwheel.com/

◼️ Quillbot

Quillbot ගැන නම් හැමෝම වගේ දන්නවනේ. AI powered tool එකක් වෙන මේ tool එකෙන් rewrite කරගන්න , paraphrase කරගන්න පුළුවන්.
https://quillbot.com/

◼️ GitHub Copilot

GitHub Copilot කියන්නේ AI powered coding engine එකක් කියලා කියන්න පුළුවන්. OpenAI Codex භාවිතා කර codes generate කරයි.
https://github.com/features/copilot

◼️ Boost.ai

Boost.ai යනු ව්‍යාපාරවලට තම customer services ස්වයංක්‍රීය කිරීමට උදවු කළ හැකි AI බලයෙන් ක්‍රියාත්මක වන chatbot එකක්. Customer ගේ requirement එක නිවැරදිව හඳුනාගෙන එයට අදාළ නිවැරදි පිළිතුරු එසැණින් ලබා දෙයි.
https://www.boost.ai/

◼️ Hivemind

coding දැනුමක් නොමැතිව machine learning models හදන්න පුළුවන් drag-and-drop කරලා මේ tool එකෙන්.
https://hivemindai.com/

◼️ Kaiber AI

ඔයාගේ website එකට හරි blog එකට හරි high-quality content හදාගන්න ඕන්නං මේක තමයි සුපිරිම ටූල් එක.
https://kaiber.ai/

◼️ Lumen5

Lumen5 යනු AI බලයෙන් ක්‍රියාත්මක වන වීඩියෝ හදන්න පුළුවන් platform එකක්. ඔබ ලබාදෙන content එකට අනුව වීඩියෝ එක නිර්මාණය කරයි.
https://lumen5.com/

◼️ Surfer SEO

Surfer SEO යනු සෙවුම් යන්ත්‍ර සඳහා ඔබේ වෙබ් අඩවිය ප්‍රශස්ත කිරීමට ඔබට උපකාර කළ හැකි AI බලයෙන් ක්‍රියාත්මක වන මෙවලමකි.
https://surferseo.com/

◼️ Uizard
coding කරන්නැතුව වෙබ් සයිට් හදන්න කැමතිනම් ඔයත් මේ ටූල් එක චෙක් කරලා බලන්න
https://uizard.io/

ඉතින් ඔයාලට පුළුවන් මේ tools ටික ට්‍රයි කරල බලන්ඩ මොකද ඔයාලගේ එදිනෙදා කරන complex වැඩ ඔයාලට පුළුවන් පුළුවන් ඉක්මනින් කරගන්න මගේම වැඩ පහසු කරගන්න... ✌️😍

30/08/2023
😂
29/08/2023

😂

Address

Kurunegala

Alerts

Be the first to know and let us send you an email when SL Bro posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category