Heeya - හීය

Heeya - හීය Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Heeya - හීය, Digital creator, Kuruwita.

සොබාදහමට ඉහළින් මේ ලොව කිසිවක් නැත..අප සොබාදහමට ආදරේ කරන්නේ යම් සේද සොබාදහමද අපට ආදරය කරනු ඇත..😍
07/01/2023

සොබාදහමට ඉහළින් මේ ලොව කිසිවක් නැත..

අප සොබාදහමට ආදරේ කරන්නේ යම් සේද සොබාදහමද අපට ආදරය කරනු ඇත..😍

කෝබෝලීල ශාක විශේෂයට අයත් කහ පෙතන් (Bauhinia tomentosa)පෙබරවාරි සිට අප්‍රේල් කාලයේ කොබෝලීල ශාකවල මල් හට ගනී. ඵලය පැලෙන සු...
10/09/2022

කෝබෝලීල ශාක විශේෂයට අයත් කහ පෙතන් (Bauhinia tomentosa)

පෙබරවාරි සිට අප්‍රේල් කාලයේ කොබෝලීල ශාකවල මල් හට ගනී. ඵලය පැලෙන සුළු කරලකි. කරලක් තුල බීජ 6-15 පිහිටා තිබිය හැකි ය. ගෙවතු සහ උද්‍යාන අලංකරණය සඳහා ද මාර්ග දෙපස සෙවන සඳහා ද වැවිය හැකි කොබෝලීල ශාක Fabaceae කුලයට අයත්ය..

2022 .07.13 පැළ නිරික්ෂණය  කුරුවිට පැරඩයිස් වැව අසළ
14/07/2022

2022 .07.13 පැළ නිරික්ෂණය
කුරුවිට පැරඩයිස් වැව අසළ

13/07/2022

කුරුවිට අපි සමුහය විසින් සංවිධානය කළ පැළ සිටවීමේ වැඩසටහනෙන් පසු එහි නිරික්ෂණ චාරිකාවක ..

22/05/2022

💚 With 🌳 🌳🌳🌳

මේක අපේ අලුත් වැඩක් එකමුතු වෙමු!!අපි මොනතරම් දේවල් කළත් මුදල් පසු පස හඹා ගියත් අපි සොබාදහම වෙනුවෙන්  හැමදාම ණයගැති.. අපි...
21/04/2022

මේක අපේ අලුත් වැඩක් එකමුතු වෙමු!!
අපි මොනතරම් දේවල් කළත් මුදල් පසු පස හඹා ගියත් අපි සොබාදහම වෙනුවෙන් හැමදාම ණයගැති..
අපි නිදහසේ ගන්න හුස්ම කවදාවත් මිල කරන්න බෑ..

ඒ නිසා ඒ සොබාදහම වෙනුවෙන් දායකත්වය ලබා දෙන එක ඔබගේ යුතුකම සහ වගකීම😊

බාල මහලු කුඩා ඕනෑම කෙනෙක්ට සම්බන්ධ විය හැකි පරිසරය වෙනුවෙන් සිදුකරන පළමු අඩහැරය වෙනුවෙන් අපි සෑවෝම එකතු වෙමු

ඔබගේ වටිනා අදහස් Comment කරන්න💪

( කිසිම දේශපාලන පක්ෂ මේම වැඩසටහනට සම්බන්ධ නොවේ )

අරගලයට ජය වේවා.. 💪🔥රට බේරා ගැනිමේ අරගලය කරන ගමන්ම...අපි සෝබාදහම වෙනුවෙන් කරන දේවල් ඒ විදියටම කරගෙන යමු..සුබ අලුත් අවුරුද...
14/04/2022

අරගලයට ජය වේවා.. 💪🔥
රට බේරා ගැනිමේ අරගලය කරන ගමන්ම...
අපි සෝබාදහම වෙනුවෙන් කරන දේවල් ඒ විදියටම කරගෙන යමු..

සුබ අලුත් අවුරුද්දක් වේවා!🥂🎂🥳🎁🎈🎉

11/04/2022

අලුත් අවුරුදු නිසා හැමෝම කාර්‍යබහුලයි නමුත් පරිස්සමින් ගමන් කරන්න.
ස්ථානය- කුරුවිට
ඒ දණ්ඩවල

09/04/2022

දේශපාලන පොරපිටිය තුළ ලාභෙට අලෙවිකරපු අපේ එකමුතුකම ආයේ අපිට ලැබෙනවා..🔥

මේ විඩීයෝ එක මට එව්වේ මගේ හිතවත් මුස්ලිම් යාලුවෙක් ඇත්ටටම ගොඩක් සතුටුයි මේ එකමුතුකමට.. අපි හැමෝම එකා වගේ එකතු වෙලා මේ දේශද්‍රෝහි හැම පාලකයෙක්ම යවන්න ඔනි.. එ වගේම නිසි දඩුවම් දෙන්න ඔනි..🔥 කොහෙ වුණත් ඇත්ත කතා කරන්න බය වෙන්න එපා අසාධාරණය වෙන වෙලාවේ අහක බලන් ඉන්නවාට වඩා මැරෙන එක හොදයි ආසාධාරණය දුටු තැන එකට එරෙහි වෙන්න පුළුවන් හොද පෞරුෂයක් හදාගමු අපි හැමෝම🔥💪

අද දීනයේදි  යන එන අතරතුර කුරුවිට අවට තුවලා වෙලා සිටිය පුංචි බව්වෝ කිහිප දෙනෙක් දැක්කා. එයලා දැක්ක ගමන් මම  සහ මගේ හිතවත්...
23/10/2021

අද දීනයේදි යන එන අතරතුර කුරුවිට අවට තුවලා වෙලා සිටිය පුංචි බව්වෝ කිහිප දෙනෙක් දැක්කා. එයලා දැක්ක ගමන් මම සහ මගේ හිතවත් සහෝදරයන් සමග වෛද්‍යවරයෙක්ගේ උපදෙස් අනුව බෙහෙත් දැම්මා.

රැකියාව සමග කාර්‍යබහුල නිසා සෑම දිනයකදිම මට බෙහෙත් දාන්න හැකියාවක් නෑ.

හැමදාම බෙහෙත් දාන්න පුළුවන් එහෙම කාරුණික හදවතක් තියෙන කෙනෙක් ඉන්නවා නම් කුරුවිට අවට කියන්න මං බෙහෙත් එක දෙන්නම්..
හැබැයි පරිස්සමින් බව්වන්ගේ අම්මා ටිකක් සැරයි..😕
මේ පුංචි බලු පැටව් ඉන්නේ කුරුවිට මහජන ක්‍රිඩාංගනය අසළ..

අද දිනයේදි පැළ සිටවීම..💪❤
20/10/2021

අද දිනයේදි පැළ සිටවීම..💪❤

අද දවසේ පොඩි දරුවන්ට ආදර්ශයක් වෙන විදියට දෙයක් කරන්න පුළුවන් වුණා කියලා මං හිතනවා.ඔබගේ දරුවන්ටත් පරිසරයේ ඇති වටිනාකම වැද...
19/10/2021

අද දවසේ පොඩි දරුවන්ට ආදර්ශයක් වෙන විදියට දෙයක් කරන්න පුළුවන් වුණා කියලා මං හිතනවා.
ඔබගේ දරුවන්ටත් පරිසරයේ ඇති වටිනාකම වැදගත්කම කියා දෙන්න..
එක මතුපරම්පරාව වෙනුවෙන් ඔබට කරන්න පුළුවන් සේවයක්..

මගේ පැළ යාලුවෝ ටිකක් හුස්ම බෙදිම වෙනුවෙන් බලංගොඩ ප්‍රදේශයට යැව්වා..මිහිතලයට හුස්ම බෙදිමට අවසරයි ඔබ සැමට❤😌කුඹුක් ,මගුල් ක...
27/09/2021

මගේ පැළ යාලුවෝ ටිකක් හුස්ම බෙදිම වෙනුවෙන් බලංගොඩ ප්‍රදේශයට යැව්වා..
මිහිතලයට හුස්ම බෙදිමට අවසරයි ඔබ සැමට❤😌

කුඹුක් ,මගුල් කරද ,කහපෙතන්,
කෝබෝනීල

සර්පයන් ගැන ගොඩක් අය (ටොම් පච 😁) මිත්‍යා මත තුළ ජිවත් වෙනවා සහ ඒවා විශ්වාස කරනවා..ඒ වෙනුවෙන් හිතලා හදිස්සියේ කරපු වීඩියෝ...
14/09/2021

සර්පයන් ගැන ගොඩක් අය
(ටොම් පච 😁) මිත්‍යා මත තුළ ජිවත් වෙනවා සහ ඒවා විශ්වාස කරනවා..
ඒ වෙනුවෙන් හිතලා හදිස්සියේ කරපු වීඩියෝ
එකක් ඉක්මනින්ම හීය අපේ චැනල් එකෙන් ඉදිරියේදී ලබා දෙනවා💪

තිත් පොළොගා ( Srilankan Russels Viper)
Daboia russelii
(උග්‍ර විෂ) ඉතාමත් භායානකයි නිසි පුහුණුවක් නොමැතිව සර්පයන් ඇල්ලීමෙන් වළකින්න

අදත් මට පුළුවන් වේලාවේ ගම ලස්සන කිරිමේ අරමුණ ඇතිව මා විසින් බද්ධ කළ පෙර පළතුරු අතු කිහිපයක් පැළ කළා..හැමදාම දෙන පණිවිඩය ...
12/08/2021

අදත් මට පුළුවන් වේලාවේ ගම ලස්සන කිරිමේ අරමුණ ඇතිව මා විසින් බද්ධ කළ පෙර පළතුරු අතු කිහිපයක් පැළ කළා..

හැමදාම දෙන පණිවිඩය පුළුවන් හැම වෙලාවකම සොබාදහම වෙනුවෙන් ඔබගේ වගකීම ඉටු කරන්න..😊

ඔබගේ අවශ්‍යතා වෙනුවෙන් ලී කොටු අවශ්‍ය වේලාවකදී .පුළුවන් සෑම අවස්ථාවකදීම ඇකේෂියා( Acacia)ලී ලබා ගන්න. මොකද ඇකේෂියා යනු ඉත...
07/08/2021

ඔබගේ අවශ්‍යතා වෙනුවෙන් ලී කොටු අවශ්‍ය වේලාවකදී .පුළුවන් සෑම අවස්ථාවකදීම ඇකේෂියා( Acacia)ලී ලබා ගන්න. මොකද ඇකේෂියා යනු ඉතා දරුණු පරිසර හානියක් වෙන ශාකයක්.. මේම ශාකයේ මල් පිපෙන විට මල් වල සුවදට මී මැස්සන් මෙම ශාකයට ආරෝපණය වේ. නමුත් මෙහි රොන් ගන්නා මී මැස්සන් මත්වේ. සමහර මී මැස්සන් මරණයට පත් වේ. ඒ වගේම මෙහි කොළ බිමට වැටුණාම දිරාපත් වීමට කාලයක් ගතවේ. එවිට පස මත වෙනත් ශාක වර්ධනය වීමට තර්ජනයක් ඇති වේ. පස තුළ ඇති සියලුම පොහොර මේ ශාකය නතු කරගනිමින් අනිත් ශාක වලට තර්ජනය කරමින් සරුවට වැඩේ. ඉතින් මේ ශාකයක් දුටු තැන කපා ඉවත් කරන්න. ඉතා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ආක්‍රමණික ශාකයකි.

වගාවට වතුර දාන්න යන ගමන් ගම ලස්සන කිරීමේ සහ ඔනිම කෙනෙක්ට පළතුරු කඩාගෙන කන්න හැකිවෙන්න යන අදහස් ඇතිව😁 කෝබෝනීල විශේයක් සහ ...
01/08/2021

වගාවට වතුර දාන්න යන ගමන් ගම ලස්සන කිරීමේ සහ ඔනිම කෙනෙක්ට පළතුරු කඩාගෙන කන්න හැකිවෙන්න යන අදහස් ඇතිව😁 කෝබෝනීල විශේයක් සහ පළතුරක් වන ඇඹිල්ල පැළ කිහිපයක් පාර අයිනේ හිටෙව්වා 😊

පුළුවන් හැමවේලාවකම සොබාදහම වෙනුවෙන් ඔබේ කාර්‍යභාරය ඉටු කරන්න..💪

අපි මේ හැමදේම සමාජ මාධ්‍ය තුළ ඔබ හැමෝම සමග මේවා බෙදා ගන්නේ අපි තමයි හොදටම කරන්නේ කියලා පෙන්වන්න නෙවෙයි 😁. ඔබත් කරන්න කිය...
30/07/2021

අපි මේ හැමදේම සමාජ මාධ්‍ය තුළ ඔබ හැමෝම සමග මේවා බෙදා ගන්නේ අපි තමයි හොදටම කරන්නේ කියලා පෙන්වන්න නෙවෙයි 😁. ඔබත් කරන්න කියන්න අදහස දෙන්න..😁

සවස් කාලයේදි අපේ වගාවට වතුර දාන්න යන වේලාවෙදි😁 මගුල් කරද පැලයක්(pongamia pinnata) සහ කෝබෝනීල මල් පැලයක් ( කහපෙතන්) (bauhinia tomentosa)අද දීනයේදි අපේ ගම් ප්‍රදේශයේ ස්ථානයකම හුස්ම බෙදීම වෙනුවෙන් මිහිකතට දායාද කළා.💪

අපේ රැකියා සහ ව්‍යාපාරික නිසා හැමෝම කර්‍යබහුලයි.මමත් එහෙමයි එහෙම කියලා අපි හැමෝම මොකුත් නොකර ඉන්න එක හිතට හරි මදි. මොකද සොබාදහම අපිට ගොඩක් දේවල් ලබා දෙනවා එ නිසා අපිට තියෙන වගකීමක් තමයි පරිසරය වෙනුවෙන් කළ හැකි උපරිම සහයෝගය අඩුම තරමේ සතියකට එක පැළයක් හරි හිටවන්න..😊

ඔබත් හැකි අයුරින් පුළුවන් හැම වෙලාවකම පැළයක් හිටවන්න ❤🌱🌱 තමන්ට පුළුවන් විදියට තමන්ගේ ගම ලස්සන කිරිමට සහ දියුණු කීරිමට දායක වන්න ඇගයීමක් අවශ්‍ය නැත ඔබගේ කාර්ය ඔබ ඉටු කරන්න සොබාදහම ඔබව ජිවිතකාලයතුලම ඔබව ඇගයීමට ලක් කරාවී💪

Address

Kuruwita

Telephone

+94712577556

Website

Alerts

Be the first to know and let us send you an email when Heeya - හීය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Heeya - හීය:

Share