New Citizen TV

New Citizen TV New Citizen TV YouTube Channel Official page

27/07/2025

අමෙරිකාව සමග බදු තවත් අඩුකර ගැනීමේ සාකච්ඡා අසාර්ථක වෙලා

27/07/2025

නව අගවිනිසුරු දිවුරුම් දෙයි

25/07/2025

2024 සාමාන්‍ය පෙළ කැපී පෙනෙන ප්‍රතිඵල ගත් තෙල්දෙණිය ගලමුදුන පාසලේ ඉන්න එකම ගුරුවරයා

ශ්‍රී දළදා මාළිගාවේ සිව් මහා දේවාලයන්හි කප් සිටුවීමේ මංගල්‍යය අදමහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ වාර්ෂික ඇසළ පෙරහර මං...
25/07/2025

ශ්‍රී දළදා මාළිගාවේ සිව් මහා දේවාලයන්හි කප් සිටුවීමේ මංගල්‍යය අද
මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යයේ සිව් මහා දේවාලයන්හි කප් සිටුවීමේ මංගල්‍යය අද (25) පෙරවරු 06.05ට යෙදී තිබුණි.

පෙර සිට පැවත එන සිරිතට අනුව අලුත්නුවර ශ්‍රී දැඩිමුණ්ඩ දේවාලයේ පිහිටි "පණස වෘක්ෂයේ" පේ කොට තබන ලද ශාඛාවක් ඊයේ (24) මහනුවරට පෙරහැරින් රැගෙන ඒම සිදු විය.

අනතුරුව නිලමේවරුන්ගේ සහභාගිත්වයෙන් පුරාණ චාරිත්‍ර හා ආගමික වතාවත්වලට අනුව මෙම කප් සිටුවීමේ මංගල්‍යය ආරම්භ විය.

මේ අතර ශ්‍රී දළදා මාලිගා ඇසළ පෙරහර මංගල්‍යෙයේ ප්‍රථම කුඹල් පෙරහැර එළැඹෙන 30 වැනිදා ආරම්භ වීමට නියමිතය.

එමෙන්ම අවසන් කුඹල් පෙරහැර අගෝස්තු 03 දින පැවැත්වීමට නියමිත අතර පළමු රන්දෝලි පෙරහැර අගෝස්තු 04 දිනද, අවසන් මහා පෙරහැර අගෝස්තු 08 දින වීථි සංචාරය කිරීමට නියමිතව ඇත.

කෙසේ වෙතත් අගෝස්තු 09 වැනිදා පවත්වනු ලබන දහවල් පෙරහැරින් පසුව මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය නිමාවට පත් වේ.

ජනාධිපති මාලදිවයිනේ සංචාරයකට සැරසෙයිජනාධිපති අනුර කුමාර දිසානායක එළැඹෙන ජූලි 28 වනදා මාලදිවයිනේ තෙදින නිල සංචාරයක නිරතවී...
25/07/2025

ජනාධිපති මාලදිවයිනේ සංචාරයකට සැරසෙයි
ජනාධිපති අනුර කුමාර දිසානායක එළැඹෙන ජූලි 28 වනදා මාලදිවයිනේ තෙදින නිල සංචාරයක නිරතවීමට නියමිතව ඇත.

මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මුයිසුගේ ආරාධනයකට අනුව ජනාධිපතිවරයා මෙම සංචාරයේ නිරතවන බව බව විදේශ අමාත්‍ය විජිත හේරත් නිවේදනයක් නිකුත්කරමින් පැවසීය.

මෙම සංචාරය අතරතුර ජනාධිපතිවරයා ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමටත්, අන්‍යෝන්‍ය සහයෝගිතාව වර්ධනය කිරීම සඳහා අවබෝධතා ගිවිසුම් කිහිපයක් හුවමාරු කර ගැනීමටත් නියමිතය.

එමෙන්ම මෙම සංචාරය අතරතුර ජනාධිපතිවරයා මාලදිවයිනේ ව්‍යාපාරික සංසදය ඇමතීම සහ ශ්‍රී ලාංකික විදේශගත ප්‍රජාව හමුවීමටද නියමිතය.

මෙම අවස්ථාවට විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් ඇතුළු රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක්ද සහභාගිවීමට නියමිතව ඇත.

එක්ස්ප්‍රස් පර්ල් නඩුවේ තීන්දුව දෙයි - වන්දිය අ. ඩො. බිලියන 1ක්එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගැනීමේ සිද්ධියෙන් ඇතිවූ පාරිස...
24/07/2025

එක්ස්ප්‍රස් පර්ල් නඩුවේ තීන්දුව දෙයි - වන්දිය අ. ඩො. බිලියන 1ක්
එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගැනීමේ සිද්ධියෙන් ඇතිවූ පාරිසරික මෙන්ම ආර්ථික හානිය වෙනුවෙන් අමෙරිකානු ඩොලර් බිලියන 1ක වන්දියක් මෙරටට ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අදාළ නෞකා සමාගමට නියම කර තිබේ.

එම වන්දි මුදල් භාණ්ඩාගාර ලේකම්වරයාට ගෙවිය යුතු බවට තීන්දුවේ සඳහන් ය.

ඊට අමතරව මෙම ඛේදවාචකය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් එවක විෂයභාර අමාත්‍ය නාලක ගොඩහේවා, සමුද්‍ර දූෂණ වැළැක්වීමේ අධිකාරිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර තිබෙන බවත් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇත.

අදාළ ඛේදවාචකය තුළින් සිදුවූ හානිය වෙනුවෙන් කාදිනල් අතිඋතුම් මැල්කම් රංජිත් හිමිපාණන් ඇතුළු පාර්ශ්ව කිහිපයක් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම්වල තීන්දුව ලබාදෙමින් අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ලබා දී තිබේ.

24/07/2025

පොහොට්ටුවේ සංවිධායකවරුන්ට ලිඛිත පත්වීම්

22/07/2025

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල ගැන නිදහස් පක්ෂයේ මතය

22/07/2025

දේශබන්දු වරදකරු කරයි

පිරිමි අභිබවා කාන්තා ජනගහණය ඉහළ යෑමෙන් අනාගතයේ අර්බුද රැසක්මෙරට පිරිමි ජනගහණය අඩුවීම ඉදිරියේ දී අර්බුද රැසක් නිර්මාණය කර...
22/07/2025

පිරිමි අභිබවා කාන්තා ජනගහණය ඉහළ යෑමෙන් අනාගතයේ අර්බුද රැසක්

මෙරට පිරිමි ජනගහණය අඩුවීම ඉදිරියේ දී අර්බුද රැසක් නිර්මාණය කරනු ඇති බව වයඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අමින්ද මෙත්සිල මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ 1995 වසරේ දී කාන්තාවන් 100 දෙනෙකුට පිරිමි පුද්ගලයින් 100.2 ලෙස වර්තා වී තිබු අතර එය මේ වන විට කාන්තාවන් සිය දෙනෙකුට පිරිමි පුද්ගලයින් 93.7 දක්වා අඩුවී ඇති බවය.

කාන්තාවන්ගේ ආයු අපේක්ෂාව වැඩිවීම, කාන්තා උපත් වැඩිවීම, තරුණ පිරිමි පුද්ගලයින් විදෙස් ගතවීම මෙම තත්ත්වයට හේතුවී ඇති බව ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අමින්ද මෙත්සිල මහතා පවසයි.

"මේක අපි දකිනවා විශ්වවිද්‍යාල තුළ ගත්තත් අධ්‍යාපන ආයතන තුළ ගත්තත් ප්‍රධාන ඩිග්‍රිරි එකක් හෝ දෙකක් හැර ඉංජිනේරු සහ තාක්ෂණය යන ඒවා හැර අනෙකුත් සියලුම කේෂ්ත්‍රවල කාන්තා ප්‍රතිශතය විශාල වශයෙන් වැඩිවීම තුළ කාන්තාවන් විශාල පිරිසක් ශ්‍රම බළකාවට එකතුවෙන ප්‍රවණතාවයක්. මේ අසමතුලිතතාවය එනම් මේ කාන්තාවන් සහ පිරිමින් සමතුලිත නොවුණහොත් එකෙන් වෙන්න පුළුවන් බලපෑම් ගණනාවක් තියෙනවා. ප්‍රධාන වශයෙන් ශ්‍රම බළකාවට සහ එහි ඵලදායිතාවයට මේක කොහොමද බලපාන්නේ කියලා බැලිය යුතුයි. පිරිමි අයටම සීමා වුණ රැකියා ගණනාවක් තියෙනවා. ඒ රැකියා කරන්න ප්‍රමාණයවත් පිරිමි ජන ගහණයක් ආවේ නැත්නම් අපි විශාල අර්බුදයකට යන්න පුළුවන්."

මේ සම්බන්ධයෙන් රජයේ කඩිනම් අවදානම් යොමුවිය යුතු බව වයඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අමින්ද මෙත්සිල මහතා සඳහන් කළේය.

"කාන්තාවන්ට ප්‍රමාණවත් පිරිමි පුද්ගලයින් නැතු වුණොත් ඔවුන් එක තැනකදී විවාහ ගිවිස ගද්දි, ඔවුන් අර්බුදයකට යනවා. හේතුව තමා ඉන්දියාව වගේ ලස්සන හා ධනවත් කාන්තාවන්ට හැකියාවක් සහිත පසුබිම් තියෙන කාන්තාවන්ට පිරිමියෙක් හොයා ගන්න එක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. හැබැයි ග්‍රාමීය මට්ටමෙන් දුගී කාන්තාවන්ට පිරිමි පුද්ගලයෙක් හොයන එක අසීරු වෙන්න පුළුවන්. මේක කොහොමද රටට බලපාන්නේ, මේකට දෙන්න පුළුවන් විසඳුම මොකද්ද කියන එකට රජය විසඳුමක් ඉක්මනින්ම සෙවිය යුතුයි. මෙය පරම්පරා ගණනාවක් ඉදිරියට බලපෑව ද අද සිටම විසඳුමක් සෙවීම සුදුසුයි."

21/07/2025

හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා අනුරාධපුර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන කාර්යාලයට

අපවත් වී වදාළ අතිපූජ්‍ය ආනමඩුවේ ශ්‍රී ධම්මදස්සි හිමියන්ගේ ආදාහන පූජෝත්සවය රාජ්‍ය අනුග්‍රහය සහිතවඅපවත් වී වදාළ සියම් මහා ...
21/07/2025

අපවත් වී වදාළ අතිපූජ්‍ය ආනමඩුවේ ශ්‍රී ධම්මදස්සි හිමියන්ගේ ආදාහන පූජෝත්සවය රාජ්‍ය අනුග්‍රහය සහිතව

අපවත් වී වදාළ සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය ආනමඩුවේ ශ්‍රී ධම්මදස්සි නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය එළැඹෙන 24 වන බ්‍රහස්පතින්දා රාජ්‍ය අනුග්‍රහය සහිතව සිදුකිරීමට නියමිතය.

ඒ එදින පස්වරුවේ මහනුවර අස්ගිරිය පොලිස් ක්‍රීඩාංගණයේදී ය.

අද (21) සවස 4ට ලියන්ගස්තැන්න විහාරයට අපවත් වී වදාළ අතිපූජ්‍ය ආනමඩුවේ ශ්‍රී ධම්මදස්සි නාහිමියන්ගේ දේහය වැඩම කරවීමට නියමිත අතර, හෙට (22) පස්වරු 3ට එම ස්ථානයෙන් වැඩම කරවීමට නියමිතව තිබේ.

හෙට සවස සිට 24 වන දින දක්වා විහාරයට අපවත් වී වදාළ අතිපූජ්‍ය ආනමඩුවේ ශ්‍රී ධම්මදස්සි නාහිමියන්ගේ දේහය අස්ගිරිය විහාරයේ විශ්‍රාම ශාලාවේ තැන්පත් කිරීමට නියමිතය.

අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලයේ හිටපු ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, වයඹ ඇත්කඳ රජමහා විහාරාධිපති, ආනමඩුවේ ශ්‍රී ධම්මදස්ස්‍යභිධාන මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපුජ්‍ය ආනමඩුවේ ධම්මදස්සි හිමියන් හෘදයාබාධයක් හේතුවෙන් ඊයේ (20) රාත්‍රියේ අපවත් වී තිබුණි.

Address

Mabole

Alerts

Be the first to know and let us send you an email when New Citizen TV posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to New Citizen TV:

Share