Nimal chandrasiri

Nimal chandrasiri මව්බිම වෙුනවෙන් පෙරට

🚬සිගරට් එකක් රු.160🐓බිත්තර 05 ක් ම රු.150වැඩිය හිතන්න එපා. නිකමට වගේ දැම්මේ. 🌡️
04/10/2025

🚬සිගරට් එකක් රු.160
🐓බිත්තර 05 ක් ම රු.150

වැඩිය හිතන්න එපා. නිකමට වගේ දැම්මේ. 🌡️

යුරෝපයේ වර්ණ විප්ලව, අරාබි වසන්තයේ සිට ආසියානු වසන්තය දක්වා: පාලන තන්ත්‍රයන් විසුරුවාලීමට යෞවනයන් හසුරුවන පුනරාවර්තන නාට...
15/09/2025

යුරෝපයේ වර්ණ විප්ලව, අරාබි වසන්තයේ සිට ආසියානු වසන්තය දක්වා: පාලන තන්ත්‍රයන් විසුරුවාලීමට යෞවනයන් හසුරුවන පුනරාවර්තන නාට්‍ය පෙළ..

යුරෝපය (වර්ණ විප්ලව), අරාබි ලෝකය (අරාබි වසන්තය) සහ ආසියාවේ සමහර කොටස් ("ආසියානු වසන්තය") පුරා, ස්වයංසිද්ධ තරුණ නැගිටීම් ලෙස පෙනී සිටි ව්‍යාපාර බොහෝ විට බාහිර මැදිහත්වීම් සහ දේශීය අවස්ථාවාදයේ මුද්‍රාවන් තබා තිබේ. අව්‍යාජ දුක්ගැනවිලි පැවතුනද, ඒවා විස්තාරණය කර නැවත හරවා යවන ලද්දේ බාහිර බලවතුන්ට සහ ආත්මාර්ථකාමී දේශීය ප්‍රභූන්ට ප්‍රතිලාභ ලබා දෙන දේශපාලන ප්‍රතිඵල ඇති කිරීම සඳහා වන අතර සාමාන්‍ය බදු ගෙවන පුරවැසියන් පිරිවැය දරා සිටියහ.

ඉහත කී පිරිස් අවුලුවන කැලඹීම් බොහෝ විට තමන් මතට නැවත පැමිණෙන බව තරුණයින් තේරුම් ගන්නේ අල්ප වශයෙනි. ප්‍රතිවිපාක ඇති වන විට, තරුණයින් බොහෝ විට ප්‍රමාද වැඩිය. ඒ වන විට ඔවුන් තම ජාතිය විනාශ කිරීමට උදව් කර ඇත. ජාතියේ ඉතිහාසය මකා දමා ණය බරින් ජාතිය බර කර විදේශීය ක්‍රියාකාරීන්ට ප්‍රතිපත්ති නියම කිරීමට ඉඩ දී ඇත. එමෙන්ම තමන්ගේම අනාගතය සකසා ගැනීමට තිබෙන සියලු පාලනයන් අහෝසි වී ඇත. "ඉතිහාසය ඉගෙනීමෙන් ඇති ප්‍රයෝජනය කුමක්දැයි" අසන්නට පුරුදු වූ එම තරුණයින්ම, දැන් එහි තමන්ට හිමි ස්ථානය 'අනතුරු සාදන්නන්' ලෙස ඉදිරිපත් වී මකා දමා ඇති බව දකිති.

මෙම ක්‍රියා දාමය මගින් වින්දිතයන් බවට පත්වූ රටවල්:

1) යුරෝපය / යුරේසියාව: සර්බියාව (ඔට්පෝර්- 1998 දී බෙල්ග්‍රේඩ් හි විශ්ව විද්‍යාල සිසුන් විසින් ආරම්භ කරන ලද සර්බියානු භාෂාවෙන් "ප්‍රතිරෝධය!" යන අර්ථය සපයයි.), ජෝර්ජියාව (රෝස), යුක්රේනය (තැඹිලි/මයිඩාව), කිර්ගිස්තානය, මෝල්ඩෝවා, බෙලරුස් (උත්සාහ ගනු ලැබුවේය).

2) මැද පෙරදිග / උතුරු අප්‍රිකාව: ටියුනීසියාව, ඊජිප්තුව, ලිබියාව, සිරියාව, යේමනය, බහරේනය.

3) ආසියාව:හොංකොං, තායිලන්තය, ශ්‍රී ලංකාව (2022), නේපාලය (2024–25), බංග්ලාදේශය, ඉන්දුනීසියාව.

සැකිල්ල (එය සිදු කරන ආකාරය)

“තරුණයන් හසුරුවන ලද පාලන තන්ත්‍රය-වෙනස් කිරීමේ සැකිල්ල” හෙවත් ක්‍රියාකාරී ක්‍රීඩා සැලැස්ම:

1) දුක්විල්ලක් තෝරන්න හෝ නිර්මාණය කිරීම

සැබෑ හෝ කුඩා ගැටලුවක් තෝරා ගන්න (දූෂණය, නව නීති, සමාජ මාධ්‍ය තහනම, ඉන්ධන හිඟය) සහ එය තරුණයින්/මහජනතාව වෙත පටවන ලද උරුමයක් නිරූපණය කිරීම. ඒ වෙනුවෙන් ගම්‍යතාවයක් ගොඩනැගීම.

2) ඩිජිටල් අවකාශයේ ඒවා වැපිරීම සහ චිත්තවේගීය සන්නාමකරණය

මිමීස්, කෙටි වීඩියෝ, සංගීතය, කුලියට ගත් බලපෑම් කරන්නන් සහ හැෂ් ටැග් පොදු ජනයාගේ කෝපය ජනනය කිරීමට යොදා ගැනීම. සමාජ මාධ්‍ය ඇල්ගොරිතම මඟින් සමාජ මාධ්‍ය්වල සැරිසරන්නන්ගේ කෝපය වැඩි කරනු ලබන අතර සමාජ මාධ්‍ය පරිහරණය කරන්නන්ට විසම්මුතිය විශ්වීය ලෙස පෙනෙන්නට පටන් ගනී.

3) තරුණයින් භෞතිකව බලමුලු ගැන්වීම

ශිෂ්‍ය සංගම්, විශ්ව විද්‍යාල ජාල, සංස්කෘතික තරු සහ උත්සව සංවිධායකයින් ජනතාව වීදි බැසීමට යොදා ගැනීම. අවධානය සොයන පොප් තරු, ක්‍රීඩක ක්‍රීඩිකාවන්, කීර්තිමත් පුද්ගලයින් සහ කලාකරුවන් මගින් කැරැල්ල අලංකාරවත් කිරීම. විරෝධතාවය වීර ක්‍රියාවක් හා විලාසිතාවක් ලෙස විද්‍යාමාන වේ.

4) “වීරයෙකු” හෝ වීරත්වය පෙන්වන මුහුණක් ඇතුළු කිරීම

පිටස්තරයෙකු (කලාකරුවෙකු, රැප් ගායකයෙකු, දේශීය කීර්තිමත් පුද්ගලයෙකු හෝ “වීරයා” ලෙස ජනප්‍රියත්වයට පත් වූ දන්නා පෞරුෂයක් යොදා ගැනීම. ශ්‍රී ලංකාවේදි මේ සඳහා 2015 දී මෛත්‍රීපාල තෝරා ගැනුනි. “පිරිසිදු” දේශපාලන විකල්පයක් ලෙස උත්කර්ෂයට පත් කරනු ලැබේ. 2025 නේපාල විනාශයට “රැප් ගායකයෙකු” ඉස් මතු විය.

5) දේශපාලන පළිගැනීම් සොයන දේශීය අවස්ථාවාදීන් සම්බන්ධ කර ගැනීම

අතෘප්තිමත් ප්‍රභූන්, ව්‍යාපාර වල අයිතිකරුවන් , මාධ්‍ය හිමිකරුවන් සහ ලොබිකරුවන් කොන්ත්‍රාත්තු ලබා ගැනීමට, තම ව්‍යාපාර නංවා ගැනීමට හෝ දේශපාලන බලය ලබා ගැනීමට අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට උත්සහා ගනිති.

6) බාහිර සහයෝගය සහ බලපෑම:

රාජ්‍ය නොවන සංවිධාන, පරිත්‍යාගශීලීන්, මාධ්‍ය සහ රාජ්‍ය තාන්ත්‍රිකයින් පණිවිඩය පතුරුවා හැරීමට, මුදල් සහ පුහුණුව ලබා දීමට සහ ව්‍යාපාරය දේශපාලනිකව ආරක්ෂා කිරීමට උදව් කරති. බොහෝ තරුණ නායකයින් ශිෂ්‍යත්ව, හුවමාරු වැඩසටහන් හෝ ක්‍රියාකාරී කඳවුරු හරහා විදේශයන්හි පුහුණුව ලැබූවන් වන අතර බොහෝ විට ලැප්ටොප්, දුරකථන සහ වෙනත් සහායන් ලබා දෙනු ලබයි.

7) අධිකාරිත්වය විනාශ කිරීමට පියවර ගැනීම:

දිගින් දිගටම සිදුවන විරෝධතා, නායකයින්ට හෝ ආයතනවලට එල්ල කරන ප්‍රහාර සහ ගෝලීය පීඩනය රජයේ නීත්‍යානුකූලභාවය දුර්වල කරනු ලබයි. ඉලක්ක බොහෝ විට කලින් තෝරා ගනු ලැබ තිබේ.

8) පෙර සැලසුම් කළ නායකයින් පත් කිරීම:

නායකයින් ඉවත් කරනු ලැබීමට හෝ ඉල්ලා අස්වීමට බල කරනු ලැබේ. ඊට සමගාමීව දේශීය හා විදේශීය කණ්ඩායම් දෙකෙහිම අනුග්‍රහය ලබන නව රජයක් හෝ නායකයෙකු ස්ථාපිත කරනු ලැබේ (බංග්ලාදේශයේ නායකත්වය සඳහා යූනුස් ගේ ආගමනය වැනි).

තරුණ මනස සමඟ සෙල්ලම් කිරීම හෙවත් මනෝවිද්‍යාත්මක ලීවර

1 ) අනන්‍යතාවය සහ අයිති වීම

අ ) තරුණයින් අර්ථය, අරමුණ සහ බලය සොයයි.

ආ )විරෝධතා සංස්කෘතිය ක්ෂණික අනන්‍යතාවයක් ලබා දෙයි: “මම වැදගත්, මම විශාල දෙයක කොටසක්, මම බලවත්.” මුදා හරින ලද ප්‍රචණ්ඩත්වය සඳහා දිගුකාලීන වගකීමක් හෝ වගවීමක් නොමැතිව තරුණයින්ට අර්ථයක් සහ බලය පිළිබඳ ක්ෂණික හැඟීමක් ලබා දෙයි.

2 ) යුක්තියේ සංකේත ලෙස හෝ නිවැරදි දේ කරන පුද්ගලයින්

අ ) තරුණයන් යුක්තියේ රණශූරයන් ලෙස රාමු කර ඇත . එනම් “නපුරට එදිරිව යහපත ” ඔවුන්ව වරනංවා ඇත.

ආ )මෙම සදාචාරාත්මක උසස් තත්ත්වයල් ලෙස සලකන ස්වාභාවය, ඇතැම් විට ප්‍රචණ්ඩත්වය සහ විනාශය ඇතුළු අන්තවාදී ක්‍රියාවන් සාධාරණීකරණය කිරීමට මුලින්ම ගනී. සමහර විට මිනීමැරුම් පවා (ශ්‍රී ලංකාවේ මන්ත්‍රීවරයෙකු ඝාතනය කිරීම සහ ඔහුගේ ආරක්ෂාව) ඔවුන් ලවා කර ගනීම, නේපාල මුදල් අමාත්‍යවරයා වීදි හරහා නිරුවතින් ඇදගෙන යාම, තරුණයින් සන්නද්ධ හමුදා නිලධාරීන්ගේ මුහුණුවලට කෑ ගැසීම හෙවත් "ධර්මිෂ්ඨ කෝපය" යන නිදහසට කරුණ යටතේ කරවා ගනු ලබයි. ඔවුන්ගේ රූප රාමු බාහිර පුද්ගලයින් වෙත 'යුක්තියට සහාය දැක්වීමේ මුවාවෙන් අරමුදල් සපයා ගැනීමට සහ මාධ්‍ය පක්ෂග්‍රාහීත්වය සාධාරණීකරණය කිරීමට ඉඩ සලසයි.

3) සමාජ මාධ්‍ය ජාලා සාක්ෂි

අ ) වෛරස් වීඩියෝ, ප්‍රවණතා හැෂ් ටැග් සහ කීර්තිමත් පුද්ගලයින්ගේ අනුමත කිරීම් මගින් "බැන්ඩ්වැගන් ආචරණය" කුළුගන්වයි. ( බැන්ඩ්වැගන් ආචරණය යනු මනෝවිද්‍යාත්මක සංසිද්ධියක් වන අතර එහිදී මිනිසුන් යම් යම් හැසිරීම්, විලාසයන් හෝ ආකල්ප අනුගමනය කරන්නේ අන් අය එසේ කරන නිසා පමණි. වඩාත් නිශ්චිතව කිවහොත්, එය මහජනතාව අතර ඒකරාශී වන විශේෂිත ක්‍රියා සහ විශ්වාසයන් හේතුවෙන් මහජන මතය හෝ හැසිරීම් වෙනස් විය හැකි සංජානන නැඹුරුවකි.)

ආ) ජාත්‍යන්තර මාධ්‍ය විරෝධතා කරන නායකයින් උත්කර්ෂයට නංවයි, ඔවුන්ට සුපිරි තරු තත්ත්වය ලබා දී ඔවුන්ගේ බලපෑම වැඩි කරයි. බහුතර සහයෝගය පිළිබඳ මායාව විරුද්ධවාදීන් තුළ හුදකලා හෝ වරදකාරී හැඟීමක් ඇති කරයි.

ඇ) UNHRC ප්‍රධානී වොල්ක් ටර්ක්ගේ ප්‍රකාශය ආරක්ෂක හමුදාවන්ගෙන් ඉල්ලා සිටින්නේ “උපරිම සංයමයක්” ක්‍රියාත්මක කරන ලෙසයි. ඒ අනුව ඔහු ආරක්ෂක හමුදාවන්ගෙන් ඉල්ලා සිටින්නේ රාජ්‍ය ගොඩනැගිලි ගිනිබත් වන ආකාරය සහ තේරී පත් වූ නායකයින් පණපිටින් පුළුස්සා දමන ආකාරය නරඹන්නන් ලෙස බලා සිටින ලෙසද?

4) කෝපය + දෘෂ්ටි විද්‍යාව

අ ) චිත්තවේගීය රූප (පෝලිම්, දූෂණය, දරිද්‍රතාවය, මර්දනය - ඊර්ෂ්‍යාව සහ වෛරය ගොඩනඟා ගැනීම සඳහා නායකයින් සහ ඔවුන්ගේ පවුල් සුඛෝපභෝගී ජීවන රටාවන් භුක්ති විඳින බව පෙන්වීමෙන් නේපාලයේ හැඟීම් අවදි විය) විරෝධතාව තවදුරටත් පවත්වා ගැනීම සඳහා දිනපතා ඒවා විස්තාරණය කරනු ලැබේ.

ආ) තර්කානුකූල සංවාදයට වඩා කෝපය හිතාමතාම වේගයෙන් අවුස්සනු ලබයි. තරුණයින් පෝෂණය වන්නේ හැඟීම්වලින් මිස විශ්ලේෂණයෙන් නොවේ.

5) උත්සන්න වීමේ අවස්ථිති බව හෙවත් ආපසු හැරවිය නොහැකි වීම

අ) ජනතාව වීදි වලින් පුරවනවාත් සමඟම අවශ්‍ය ගම්‍යතාවය අත්පත් කර ගනී.

ආ) විරෝධතා රැඩිකල් වන විට පවා, මග හැරීමේ බිය හෙවත් Fඒර් ඔෆ් Mඉස්සින්ග් Oඋට්-FOMO (මග හැරීමේ බිය හෙවත් FOMO යන්නෙන් අදහස් කරන්නේ අන් අය ඔබට වඩා විනෝද වන බවත්, වඩා හොඳ ජීවිත ගත කරන බවත්, හෝ ඔබට වඩා හොඳ දේවල් අත්විඳින බවත් හැඟීම හෝ සංජානනයයි.) මෙවැනි රැලි වලට පුද්ගල සහභාගීත්වය වර්ධනය කරයි.

ඇ ) මාධ්‍ය විසින් නොනවතින වාර්තාකරණය පෙන්වීමෙන් තත්වය තවත් නරක අතට හැරෙන අතර, එමඟින් "ක්‍රම වෙනසට" සම්බන්ධ වීමට සහ සහාය දීමට වැඩි පිරිසක් ආකර්ෂණය වේ.

ඈ ) කිසිවෙකු නිවසේ රැඳී සිටි තැනැත්තෙකු ලෙස දැකීමට කැමති නැත. එලෙසම බොහෝ දෙනෙකුට හැඟෙන්නේ ඔවුන් සහභාගී නොවූයේ නම් ඔවුන් ඉලක්ක කර ගත හැකි බවයි. උත්ප්‍රාසාත්මක ලෙස, පද්ධති වෙනස යනු ජාතික නිදහසේ සිට ජාත්‍යන්තර රාජ්‍යයට මාරුවීමකි.

කෝලාහලයෙන් පසු සිදුවන්නේ කුමක්ද?

1) ආර්ථිකය බිඳවැටීම සහ වන්දි ගෙවීමට සිදුවන්නේ කාටද?

අ) වෙළඳපොළ සහ ආයෝජකයින් පලා යන අතර සංචාරකයින් අතුරුදහන් වී විදේශ සංචිත සිඳී ගොස් ණය ලබා ගැනීමේ මාර්ග කැටි වේ.

ආ ) සාමාන්‍ය පුරවැසියන් වන්දි ගෙවයි: රැකියා අහිමිවීම්, උද්ධමනය, හිඟයන්, කප්පාදු කරන ලද රාජ්‍ය සේවා මෙන්ම රාජ්‍ය වාර්තා පිළිස්සී හෝ අතුරුදහන් වීම සිදුවේ.

ඇ ) රාජ්‍ය නිලධාරීන් වැඩ කිරීමට බිය වෙති

ඈ) වෙනසක් සඳහා පෙළඹවූ ප්‍රභූන් බොහෝ විට පෞද්ගලීකරණය කරන ලද වත්කම් පාලනය සියතට ගන්නා අතර, මහජනතාව ඇපයට තැබීම් සහ ඓMF කොන්දේසි හරහා මිල ගෙවයි. ප්‍රභූන් සාමාන්‍යයෙන් ආර්ථික ප්‍රතිව්‍යුහගත කිරීමේදී පොදු දේපළ ලාභදායී ලෙස මිලදී ගනී.

ඉ ) පශ්චාත් විරෝධතා = දැන් බලය තියෙන්නේ කාටද, පාලනය වෙන්නේ කාවද? – ශ්‍රී ලංකාව අද ඓMF සහ ජාත්‍යන්තර ණය හිමියන් විසින් කොටු කර ඇති අතර එහි මහ බැංකුව දැන් ස්වාධීන වන අතර රාජ්‍යයට එය පාලනය කළ නොහැක.

2) ආයතනික විනාශය සහ ස්වෛරීභාවය අහිමි වීම

අ) රාජ්‍ය ආයතන (මූල්‍ය, ආරක්ෂාව, අධිකරණය) විනාශ වූ විට හෝ දුර්වල වූ විට, බාහිර ක්‍රියාකාරීන් කොන්දේසි (ණය, උපදේශකයින්, “තාක්ෂණික” පාලනය) පනවයි. ප්‍රචණ්ඩකාරී තරුණයින්ට ඒවා ස්පර්ශ කළ නොහැක.

ආ ) ජාතියේ ස්වෛරීභාවය ජාත්‍යන්තර මුල්‍ය ආයතන මත යැපීම (මූල්‍ය, මිලිටරි, රාජ්‍ය තාන්ත්‍රික) මගින් ප්‍රතිස්ථාපනය වේ. ඉන්පසුව තරුණයින්ට කිසි විටෙකත් ඔවුන්ට එරෙහි කලකිරීම් ඉවත් කළ නොහැක.

3) සංස්කෘතික උරුමයන් සහ සංකේතාත්මක වටිනාකම් විනාශ කිරීම

අ ) භෞතික මතකය සහ සිවිල් අනන්‍යතාවය මකා දමනු පිණිස ස්මාරක, කෞතුකාගාර, පුස්තකාල, උසාවි ගොඩනැගිලි වලට පහර දීම හෝ "පිරිසිදු කිරීම" සිදු කරයි. ජාතියේ ඉතිහාසය ස්වදේශිකයාගේම් දෑවලින් මකා දමනු ලබන අතර විදේශිකයාගේ සපත්තු අවශ්‍ය නොවේ.

ආ ) සංකේතාත්මක ගොඩනැගිලි ඉලක්ක කර ඇත්තේ සංකේතාත්මක කම්පනය සඳහා පමණක් නොව නීතියේ, ඉතිහාසයේ සහ ජාතික අභිමානයේ අඛණ්ඩතාව විනාශ කිරීමට ය.

ඇ )යටත් විජිත ආක්‍රමණිකයන් කළ දේම ස්වදේශික තරුණයින් අනුපිටපත් කර ඇත.

4 ) නව පාලන ස්ථරයක් ලෙස ඩිජිටල්කරණය යොදා ගැනීම

අ )අර්බුද, සාමාන්‍යයෙන් විදේශයන්හි නිර්මාණය කරනු ලබන ඩිජිටල් හැඳුනුම්පත්, දත්ත සමුදායන් සහ නිරීක්ෂණ පද්ධති වේගවත් කරනු ලබයි.තරුණයින්ට මේවා වෙනස් කිරීමට පවා කිසිදු අයිතියක් නැත.

ආ ) මෙම පද්ධති ජාතික පාලනයට විදේශීය ලීවරයක් ඇතුළත් කරයි.

ඇ ) ඩිජිටල්කරණය කළ පසු, වාර්තා නිරීක්ෂණය කිරීමට, වෙනස් කිරීමට හෝ මකා දැමීමට හැකිය.

ඈ) විරෝධතාකරුවන් වඩාත් නිරාවරණය වේ: ඔවුන්ගේ දත්ත සලකුණු කිරීමට, සීමා කිරීමට හෝ පර්ගණක යතුරු පුවරුවේ එක් යතුරක් භාවිතයෙන් මකා දැමිය හැකිය.

5) විරෝධතාකරුවන්ගේ හෝඩුවාවන් ඉවත් කිරීම සහ ඔවුන්ගේ තොරතුරු ඔවුන්ට එරෙහිව භාවිතා කිරීම.

අ ) ඔබ සතුරෙකු ලෙස (නීත්‍යානුකූලව හෝ පරිපාලනමය වශයෙන්) “ලැයිස්තුගත” වුවහොත්, ඔබේ ඩිජිටල් පියසටහන පටු කිරීම හෝ ඉවත් කිරීම කළ හැකිය: ඒ අනුව බැංකු ප්‍රවේශය සීමා කර වෙනත් සමාජ වාර්තා මකා දමා , ගමන් අවහිර කිරීම පමණක් නොව ඖෂධ ලබා ගැනීම පවා සීමා කළ හැක. මේ අවස්ථාව වන විට තරුණයන්ට කළ හැක්කක් නොමැත.

ආ ) ඩිජිටල් පාලනය අතීත විරෝධතා සොයා ගත හැකි සහ දඬුවම් ලැබිය හැකි ආකාරයෙන් කටයුතු කරයි; එය දුරස්ථ පාලනය (සමාජ ජාලා වේදිකා තහනම් කිරීම්, මූල්‍ය අසාදු ලේඛන, ඇල්ගොරිතම නිහඬ කිරීම) ද සක්‍රීය කරයි.

ඇ) සමාජ මාධ්‍ය තහනමක් සඳහා තරුණයන්ට වීදි බැස යා හැකිය. එහෙත් ඩිජිටල් අවකාශයේ සියල්ල විදේශයන්ගෙන් පාලනය කර සමාජ මාධ්‍ය ඉවත් කළහොත් - මෙම තරුණයින් ඔවුන්ගේ කෝපය ඉවත් කරන්නේ කෙසේද?

විශාල ඉලක්කය: ගොඩනැගිලි විනාශ වන්නේ, ඉතිහාසය මකා දමන්නේ සහ සියල්ල අන්තර්ජාලයට ගෙන යන්නේ ඇයි?

අ ) සංකේත විනාශ කිරීම ජාතියක අතීත මතකයට ඇති සම්බන්ධතා බිඳ දමන අතර සිවිල් සහජීවනය දුර්වල කරයි - මිනිසුන්ට අතීත මතකයන් අහිමි වූ විට සමාජයකට නැවත ආදර්ශයන් සොයා ගැනීම පහසුය.

ආ ) රැඩිකල්කරණය වූ තරුණයින්ගේ හෝ ඩිජිටල් පාලනය අත් පත් කරගත් අයට පාලන්ය කිරීමට අපහසු ව්‍යාපාරවල ඉතිහාසයන් මකා දැමීම අනාගත බලමුලු ගැන්වීම වළක්වන අතර නව ප්‍රභූන්ට නීත්‍යානුකූලභාවය නැවත ලිවීමට ඉඩ සලසයි.

ඈ ) ඩිජිටල්කරණය බාහිර තාක්ෂණික සමාගම් සහ උපදේශන ජාල මගින් පාලනය වන හෝ බලපෑමට ලක්වන තාක්ෂණික පද්ධතිවල රාජ්‍ය බලය ඒකාබද්ධ කරනු ලබයි. එය විසම්මුතිය දුරස්ථව නිරීක්ෂණය කිරීමට, ආංශිකව චිත්‍රණය කිරීමට සහ උදාසීන කිරීමට පහසු ලීවරයක් වන්නේය.

ඉහත සියල්ල එක්ව ගත්කළ මෙම ක්‍රියාවන් යම් රාජ්‍යක සමාජයක් භෞමික, ප්‍රජා පාදක දේශපාලන හැසිරීමක සිට දත්ත, ඇල්ගොරිතම සහ විදේශයන්හි පාලනය වන තෙවන පාර්ශවීය සමාජ ජාලා වේදිකා මගින් පාලනය වන පරිසරයකට ගෙන යන අතර කැරලිකරුවන් කඩදාසි මත සහ අන්තර්ජාලය හරහා නොපෙනෙන ලෙස සකස් කළ හැකිය.

දේශපාලනිකව සහ සමාජීය වශයෙන් මෙයින් අදහස් කරන්නේ කුමක්ද?

කෙටි කාලීන: පාලන තන්ත්‍ර වෙනසක් හෝ බාහිර ක්‍රියාකාරීන්ට සහ දේශීය ජයග්‍රාහකයින්ට ශක්තිමත් සහන.

මධ්‍ය කාලීන: ආර්ථික අපහසුතාව, සමාජ ඛණ්ඩනය, මොළ ශෝධනය, සංස්කෘතික ඛාදනය. මාධ්‍ය දර්ශන උපයෝගී කරගෙන මෙම තරුණයින්ගෙන් කිසිවෙකුට තම කාර්යය සම්පූර්ණ කිරීමෙන් පසු විදේශයන්හි ජීවත් වීමට හෝ රැකියා කිරීමට විදේශ ගමන් බලපත්‍ර ලබා නොදෙන බව සහතික කිරීමට ඉඩ ඇත.

දිගු කාලීන: ඩිජිටල් මත යැපීම සහ සීමා කරන ලද සිවිල් නිදහස හේතුවෙන් විරෝධතා දැක්වීමට, විරුද්ධ වීමට හෝ ඉතිහාසයේ තිබූ තත්වය නැවත අත්පත් කර ගැනීමට ඇති හැකියාව සීමා කර ඇත.

බූමරංග ආචරණය

මහාද්වීප පුරා, එකම ක්‍රීඩා සැලැස්ම භාවිතා කර ඇත: දුක්ගැනවිලි නිෂ්පාදනය කිරීම හෝ විස්තාරණය කිරීම, තරුණයින් බලමුලු ගැන්වීම, සිවිල් ජනයාගේ කෝපය පැහැර ගැනීම සහ ස්වෛරීභාවය දුර්වල කිරීම මගින් ජාතික වත්කම් අත්පත් කර ගෙන සූරාකෑම.

නමුත් ලෝකය ආර්ථික අස්ථාවරත්වය, සංස්කෘතික ඛාදනය සහ ඩිජිටල් යැපීම නැමැති අගාධයේ ගිලී යන විට, එක් ප්‍රශ්නයක් ඉතිරිව පවතී එනම් මෙම උපාමාරුවල ගෘහ නිර්මාණ ශිල්පීන් අවසානයේ සොයන්නේ කුමක්ද මෙන්ම ගෝලීය ස්ථාවරත්වය දැනටමත් බිඳ වැටෙමින් පවතින විට තවත් අවුල් සහගත තත්වයන් නිර්මාණය කරන්නේ ඇයි? යන ප්‍රශ්නයයි.

ප්‍රතිවිපාක ඇති වන විට, කලහකාරිත්වයට දායක වූ තරුණයින් බොහෝ විට ප්‍රමාද වැඩියි කියා තේරුම් ගනු ඇත. ඔවුන් තම ජාතිය විනාශ කිරීමට උදව් කර ඇති බවත්, එහි ඉතිහාසය මකා දමා ඇති බවත්, ණය බරින් මිරිකී ඇති බවත්, විදේශීය ක්‍රියාකාරීන්ට ප්‍රතිපත්ති නියම කිරීමට ඉඩ දී ඇති බවත්, ඔවුන්ගේ අනාගතය පිළිබඳ සියලු පාලනය නැති කර ඇති බවත් ඔවුන්ට වැටහෙනු ඇත.

උත්ප්‍රාසාත්මක ලෙස, ඊනියා "පද්ධති වෙනස" ජාතික නිදහස සහිත රාජ්‍ය ජාත්‍යන්තර රාජ්‍යයක් බවට පරිවර්තනය කරයි.තරුණයින් විසින්ම තම ජාතියේ යතුරු ඔවුන් වෙත ලබා දී ඇත.

කණගාටුවට කරුණක් නම්, මෙම විරෝධතාවල නායකයින් සහ ප්‍රධාන ලෙස සහභාගිවන්නන් සිටින්නේ කොහේද?

මහාද්වීප පුරා පිහිටි විවිධ රටවලදී ඔවුන් කලාතුරකින් දකින්නට හෝ ඔවුන් සම්බන්ධයෙන් ඇසන්නට ලැබෙනු ඇති අතර කිසි විටෙකත් වගකීම පැටවෙන්නේ නැත. ඉතා කලාතුරකින් මේවායෙහි අනිසි ප්‍රතිඵලවලට මුහුණ දෙයි.

තරුණයින් තමන්ගෙන්ම මෙසේ අසාගත යුතු නොවේද: “අපි සැබවින්ම අත්කර ගෙන ඇත්තේ කුමක්ද? අපි මුදා හැර ඇත්තේ කුමක්ද?”

ඔවුන්ට ආඩම්බර වෙනවා වෙනුවට, පැරණි නායකයින්ට දොස් පැවරූ වැරදිවලටත් වඩා දරුණු ප්‍රතිඵලවලට ඔවුන්ට මුහුණ දීමට සිදුවෙනු ඇත.

එදිනෙදා ජනතාව දුක් විඳින අතරතුර නායකයින් නිහඬව සිටිති, සැබෑ සත්‍යය පෙන්වයි: තරුණයින් යොදාගෙන පසුව ප්‍රතිවිපාකවලට තනිවම මුහුණ දීම පමණක් ඔවුන්ට ඉතිරි විය.

ෂෙනාලි ඩී වඩුගේ මහත්මිය විසින් රචිත From Europe’s Colored Revolutions – Arab Spring to Asian Spring: The Repeat Playbook of Youth Manipulated Regime Change ලිපියේ සිංහල පරිවර්තනය.

පරිවර්තනය - ජීවන්ත ජයතිස්ස

IQ, EQ, SQ, AQ: "බුද්ධි" වර්ග හතරෙන් එකකට වඩා පුද්ගලයෙකුට අවශ්‍ය වන්නේ ඇයි?තම රැකියාවේදී දක්ෂයෙකු වන නමුත් සාමාන්‍ය සබඳත...
19/08/2025

IQ, EQ, SQ, AQ: "බුද්ධි" වර්ග හතරෙන් එකකට වඩා පුද්ගලයෙකුට අවශ්‍ය වන්නේ ඇයි?

තම රැකියාවේදී දක්ෂයෙකු වන නමුත් සාමාන්‍ය සබඳතාවයන් පවත්වා ගැනීමට අරගල කරන පුද්ගලයෙකු ඔබට කවදා හෝ හමු වී තිබේද? නැතහොත් තමා වටා සිටින අයවළුන් පහසුවෙන් තේරුම් ගැනීමට හැකි නමුදු ගණිත ගැටලුවක් විසඳීමේ බෙහෙවින් වෙහෙසට පත් වන කෙනෙකු ඔබ දන්නවා විය හැකිය. එයට හේතුව බුද්ධිය යනු විවිධ ප්‍රභේදයන්ගෙන් අපට හමුවන ප්‍රපංචයක් වන බැවිනි.

අපි "බුද්ධිය" යනු IQ හෙවත් බුද්ධි ලබ්ධිය ලෙස සිතීමට නැඹුරු වී සිටිමු. එනම් ගැටළු විසඳීමට, තොරතුරු සැකසීමට සහ කරුණු කටපාඩම් කිරීමට ඇති හැකියාවට බුද්ධිය යැයි කීමට පෙළඹී සිටිමු. නමුත් මනෝවිද්‍යාඥයින් "බුද්ධිය" නැමැති ප්‍රපංචය වඩාත් පුළුල් කර ඇති අතර, පුද්ගලයෙකු තුළ වැඩ, සබඳතා සහ සම්ස්ත ජීවිතයම සැරිසැරීමට ඇති හැකියාව හැඩගස්වන ප්‍රධාන බුද්ධි වර්ග හතරක් හඳුනා ගෙන ඇත. ඒව නම්,

IQ (Intelligence Quotient) හෙවත් බුද්ධි ලබ්ධිය(සමහරු මෙය බුද්ධි ප්‍රමාණය ලෙසද හඳුන්වති ): තර්කනය, මතකය සහ අපෝහනය පිළිබඳ සම්භාව්‍ය "පොතේ ගුරු" මිනුම.

EQ (Emotional Quotient ) හෙවත් චිත්තවේගී ලබ්ධිය (සමහරු මෙය චිත්තවේගීය ප්‍රමාණය ලෙසද හඳුන්වති ): තමාගේ සහ අනෙක් අයගේ හැඟීම් තේරුම් ගැනීමට සහ කළමනාකරණය කිරීමට පුද්ගලයෙකුට ඇති හැකියාව.

SQ (Social Quotient ) හෙවත් සමාජ ලබ්ධිය (සමහරු මෙය සමාජ ප්‍රමාණය ලෙසද හඳුන්වති ): සබඳතා ගොඩනඟා ගැනීමේ, ජාල නිර්මාණයේ සහ අන් අය සමඟ හොඳින් වැඩ කිරීමට පුද්ගලයෙකු සතු කුසලතාව.

AQ (Adversity Quotient ) හෙවත් අහේතුක හෝ විපත්ති ලබ්ධිය (සමහරු මෙය විපත්ති ප්‍රමාණය ලෙසද හඳුන්වති) : පුද්ගලයෙකුගේ අර්බූදයන්ට ඔරොත්තු දීමේ හැකියාව ගැටළු සහ අභියෝග ජයගැනීමේ හැකියාව.

මෙම කරුණු නිවැරදිව තේරුම් ගැනීම පුද්ගලයෙකු සතු ශක්තීන් උපයෝගී කර ගැනීමට සහ එම පුද්ගලයාට වර්ධනය වීමට අවශ්‍ය ස්ථාන සංවර්ධනය කරගැනීමට උපකාරී වේ. මෙම කරුණු අවබෝධ කර ගැනීමෙන් අඩු ලුහුඬු කම් බිඳ දමා ප්‍රායෝගික වීමට පුද්ගලයෙකුට අවස්ථාව සැලසේ.

IQ බුද්ධි ලබ්ධිය: මොළයෙහි සිතීමේ හැකියාව

IQ යනු ඔබ පාසලෙන් උකහා ගන්න ගැටළු විසඳීමට ඔබට උපකාරී වන දැනුම සහ පුහුණුවයි. අවන්හල් බිල්පත ලැබුණු විට ඔබට පහසුවෙන් මූලික ගණිතය යොදාගත හැකි බව සහතික කරයි. එය තර්කනය, විශ්ලේෂණය සහ අමු දත්ත සැකසුම් හැකියාවයි. නමුත් IQ පමණක් ජීවිතයේ සාර්ථකත්වය සහතික නොකරයි.

ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම නව නිපැයුම්කරුවෙකු වන නිකොලා ටෙස්ලාගේ IQ අගය 160 ක් පමණ අගයක තිබී ඇති බව ඇස්තමේන්තු කර තිබුණි. එහෙත්, ඔහු සතුව දක්ෂතාවය තිබියදීත්, ඔහු ව්‍යාපාර කිරීමේදී සහ මානව සබඳතා ගොඩ නැගීම සමඟ අරගල කළ අතර අවසානයේ අන්ත දුගියෙකු ලෙස මිය ගියේය. ඔහුගේ ජීවිත කතාව IQ පමණක් ප්‍රමාණවත් නොවන්නේ මන්ද යන්න පිළිබඳ සිද්ධි අධ්‍යයනයකි. ඒ අනුව EQ සහ SQ නොමැතිකම බුද්ධිමත් මනස පවා පීලි පැනිය හැකි බව නිගමනය කළ හැක.

මෙය පුද්ගල ජීවිතයට යොදා ගන්නේ කෙසේද?:

1)ඔබේ බුද්ධි මට්ටම භාවිතා කරන්න!- ගැටළු විසඳීම, සැලසුම් කිරීම සහ අලුත් දේ ඉගෙනීම කෙරෙහි යොමුවීම කළ හැකිය.

2) එහි සීමාවන් හඳුනා ගන්න! ඓQ ඔබව ස්වයංක්‍රීයව හොඳ නායකයෙකු හෝ සන්නිවේදකයෙකු බවට පත් නොකරයි.

3) IQ ඔබ සතුව ඇති ශක්තිය නම්, චිත්තවේගීය දැනුවත්භාවය සමඟ තර්කනය යෙදීමට ඔබටම අභියෝග කරන්න.

EQ චිත්තවේගී ලබ්ධිය: භාවාත්මක මාලිමාව

“මිනිස්සු නරක රැකියා අත්හරින්නේ නැහැ, නරක කළමනාකරුවන් අතහැර යනවා” කියා කවදා හෝ අසා තිබේද? එය බොහෝ විට චිත්තවේගී ලබ්ධිය හෙවත් EQ සම්බන්ධ ගැටලුවකි. ඉහළ චිත්තවේගී ලබ්ධිය සහිත නායකයින් විශ්වාසය ගොඩනඟා ගැනීම, ගැටුම් හොඳින් හසුරුවා ගැනීම සහ මිනිසුන් සමෘද්ධිමත් වන පරිසරයන් නිර්මාණය කිරීම කරනු ලබයි. එය යහපත් වීම සම්බන්ධ ප්‍රවේශයක් නොවේ - එය දැනුවත් වීම පිළිබඳ ප්‍රවේශයකි.

ඒබ්‍රහම් ලින්කන් ප්‍රසිද්ධ වූයේ ඔහුගේ හැඟීම් කළමනාකරණය කිරීමේ හැකියාව සඳහා ය. ඔහුගේ හැඟීම් පමණක් නොව ඔහු වටා සිටින ජනතාවගේ හැඟීම් කළමනාකරණය කිරීමේ හැකියාවද ඔහු සතු විය. සිවිල් යුද්ධය අතරතුර ඔහුගේ නායකත්වය උපායඥානය මත පමණක් රඳවා ගැනුනේ නැත. එවැනි අර්බුදයකදී ඔහුගේ කණ්ඩායම එකට තබා ගත්තේ ඔහුගේ චිත්තවේගීය බුද්ධිය මතයි.

මෙය පුද්ගල ජීවිතයට යොදා ගන්නේ කෙසේද?:

1) ආතති සහගත අවස්ථාවක ප්‍රතිචාර දැක්වීමට පෙර තමාගෙන්ම මෙසේ අසන්න: මම ප්‍රතික්‍රියා කරනවාද නැතහොත් ප්‍රතිචාර දක්වනවාද?

2) ශරීර භාෂාව සහ ශබ්ද ලීලාව කෙරෙහි අවධානය යොමු කරන්න! මිනිසුන්ගේ සැබෑ හැඟීම් බොහෝ විට ඔවුන්ගේ වචන වලට පෙර විද්‍යාමානවේ.

3)ක්‍රියාශීලී සවන්දීමට පුහුණු වන්න! විසඳුම් ලබා දීමට ඉක්මන් වීමට පෙර අවබෝධය තහවුරු කිරීම සඳහා යමෙකු පවසන දේ නැවත අවධාරණය කරන්න.

SQ හෙවත් සමාජ ලබ්ධිය: පුද්ගල සම්බන්ධතාවය

සමහර පුද්ගලයන් පුද්ගල සබඳතා ගොඩනඟා ගන්නේ කෙසේදැයි දනිති. ඔවුන් සමාජ තත්වයන් හොඳින් හසුරුවන අතර, අන් අයට එම පුද්ගලයා කෙරෙහි වටිනාකමක් දැනෙනු ඇත. SQ හෙවත් සමාජ ලබ්ධිය කෙනෙකුට හොඳ කණ්ඩායම් සගයෙකු, ජාලකරුවෙකු හෝ නායකයෙකු වීමට උපකාරී වේ.

වොරන් බෆට් මූල්‍ය දක්ෂයෙකි. නමුත් ඔහුගේ සාර්ථකත්වය IQ හෙවත් ඔහු සතු බුද්ධි ලබ්ධිය පමණක් නොවේ. ඔහු කෙරෙහි අන්‍යයන් ගොඩ නගාගන්න විශ්වාසය සහ දිගුකාලීන සබඳතා ගොඩනඟා ගැනීමට ඔහුට ඇති හැකියාවයි. ඔහුගේ ව්‍යාපාර ගනුදෙනු දශක ගණනාවක් තිස්සේ ඔහු උපයාගත් විශ්වසනීයත්වය මත ගොඩනගා ඇත.

මෙය පුද්ගල ජීවිතයට යොදා ගන්නේ කෙසේද?:

1) සංවාද වලදී වැඩිපුර ප්‍රශ්න අසන්න! මිනිසුන් තමන්ට සවන් දෙන බව හැඟෙනවාට කැමැත්තක් දක්වයි.

2)සමාජ කුසලතා පහසුවෙන් ඇති කරගත නොහැකි නම්,සුළුවෙන් පටන් ගන්න! උදාහරණයක් ලෙස ‘ඔයාගේ සති අන්තය කොහොමද?’ කියා අසනවා මෙන්.

3)මතක තබා ගන්න: මිනිසුන් තනතුරු අනුගමනය නොකරන නමුත් සබඳතා අනුගමනය කරයි. පළමුව විශ්වාසය ගොඩනඟා ගන්න.

AQ හෙවත් අහේතුක හෝ විපත්ති ලබ්ධිය: ඔරොත්තු දීමේ සාධකය

AQ හෙවත් අහේතුක හෝ විපත්ති ලබ්ධිය යනු ආතතිය, අසාර්ථකත්වය සහ පසුබෑම් අත් නොහැර ඉදිරියට යාමට අවශ්‍ය බුද්ධියයි..

තෝමස් එඩිසන් විදුලි බුබුල සොයා ගැනීමට පෙර 1,000 වතාවකට වඩා අසාර්ථක විය. ඔහුගේ අසාර්ථකත්වයන් ගැන විමසූ විට, ඔහු පැවසුවේ, “මම අසාර්ථක වී නැහැ. මම දැන් ප්‍රයෝජනවත් නොවන ක්‍රම 10,000 ක් සොයාගෙන තිබෙනවා.” අහේතුක හෝ විපත්ති ලබ්ධිය සරලව පැහැදිළි කර හැකි ආකාරය එයයි.

මෙය පුද්ගල ජීවිතයට යොදා ගන්නේ කෙසේද?:

1) අසාර්ථකත්වය සමාලෝචනය කරන්න! අසාර්ථකත්වය පරාජයක් ලෙස නොව දත්තයක් ලෙස සලකන්න.

2)යමක් වැරදුන විට: "මම මෙයින් ඉගෙන ගත්තේ කුමක්ද?" කියා තමන්ගෙන්ම ඇසීමට පුරුදු වන්න.

3)අභියෝග අපේක්ෂා කිරීමට ඔබේ මනස පුහුණු කරන්න! එසේඑම ඒවා තාවකාලික දෑ ලෙස දකින්න.

ඒ සියල්ල එකට කැටි කිරීම ඔබ සතු ශක්තිමත්ම බුද්ධි වර්ගය කුමක්ද? ඔබ වර්ධනය විය යුත්තේ කුමන අංශයද?

1)ඔබගේ IQ ඉහළ මට්ටමක තිබේ නම්: ඔබේ අදහස් පැහැදිලිව සන්නිවේදනය කරන ආකාරය සහ මිනිසුන් චිත්තවේගීයව සම්බන්ධ කර ගන්නා ආකාරය ඉගෙන ගැනීම කෙරෙහි අවධානය යොමු කරන්න.

2) ඔබ සතුව EQ ඉහළ මට්ටමක තිබේ නම්: අන් අයට මඟ පෙන්වීමට සහ නායකත්ව භූමිකාව රඟපෑමට එය භාවිතා කරන්න, නමුත් සාමය පවත්වා ගැනීම සඳහා දැඩි තීරණ ගැනීමෙන් වැළකී සිටිමේ ක්‍රමවේදයෙන් බැහැර වන්න.

3) ඔබගේ SQ ඉහළ මට්ටමක තිබේ නම්: ඔබේ සම්බන්ධතා භාවිතා කරන්න, නමුත් ඔබේ නායකත්වය පදනම් වී ඇත්තේ ආකර්ශනීය බව මත පමණක් නොව කුසලතා මත බව සහතික කරගන්න.

4) ඔබගේ AQ ඉහළ මට්ටමක තිබේ නම්: ඔරොත්තු දීමේ හැකියාව භාවිතයට ගන්න, නමුත් දැඩි බව හුදකලාවකට හැරවීමට ඉඩ නොදෙන්න. ශක්තිමත්ම අයට පවා සහාය අවශ්‍ය වේ..

සැබෑ නායකත්වය සහ පුද්ගලික වර්ධනය සඳහා ඉහත සඳහන් කළ බුද්ධි වර්ග හතරම අවශ්‍ය වේ. ඔබ ඒ සියල්ල තුළම පරිපූර්ණ වීමට අවශ්‍ය නැත. එහෙත් ඔබේ දුර්වල ස්ථාන ශක්තිමත් කිරීම පිළිබඳව ඔබ දැනුවත් සහ චේතනාන්විත කටයුතු කළ යුතුය.

ඉහත සඳහ් කළ කිසිවක් අදාළ නොවේ නම්, මෙය පමණක් මතක තබා ගන්න: EQ, SQ සහ AQ ප්‍රගුණ කරන පුද්ගලයින් සාමාන්‍යයෙන් අවසානයේදී IQ පමණක් ඇති අයට වඩා ඉදිරියෙන් සිටී.

ඒ අනුව ඉහත සඳහන් බුද්ධි වර්ග හතර අතරින් කුමන බුද්ධිය වර්ධනය කර ගැනීමට ඔබ අද උත්සහා කරන්නේද?

නායකත්ව පුහුණුකරුවෙකු මෙන්ම ව්‍යාපාර උපායමාර්ගිකයෙකු වන ලූක් සොරෙන්සන් මහතාගේ ලිපියක් ඇසුරෙන් සකස් කෙරුණි.. පරිවර්තනය ජීවන්ත ජයතිස්ස

මනුෂ්‍යත්වයට එරෙහිව ඇමරිකාව එල්ල කළ බිහිසුණුම ප්‍රහාරයට වසර 80 යි..145 අගෝස්තු 6 වන දින, අලුයම 2:45 ට, ජපානයට සැතපුම් 1,...
08/08/2025

මනුෂ්‍යත්වයට එරෙහිව ඇමරිකාව එල්ල කළ බිහිසුණුම ප්‍රහාරයට වසර 80 යි..

145 අගෝස්තු 6 වන දින, අලුයම 2:45 ට, ජපානයට සැතපුම් 1,500 ක් දුරින්, ඉන්දු-පැසිෆික් කලාපයේ මරියානාස්හි ටිනියන් දූපතේ පිහිටි, දෙවන ලෝක යුද්ධ සමයේද, ඇමරිකානු භූමියේ ලොව විශාලතම ගුවන් තොටුපළ වූ නෝර්ත්ෆීල්ඩ් සිට ඇමරිකානු B-29 බෝම්බ හෙළන ගුවන් යානා තුනක් ජපානය බලා පිටත් විය. ‘එනෝලා ගේ’ නම් ප්‍රධාන ගුවන් යානය, ‘ලිට්ල් බෝයි’ නමින් වූ යුරේනියම් බෝම්බය රැගෙන ගොස්, පෙ.ව. 8:15 ට හෙළන ලදුව පුපුරා ගිය අතර, එහි ධාරිතාව TNT කිලෝටොන් 16 ක් වූ බව ගණන් බලා ඇත. ඒ වේලාවේ ‘හිරෝෂිමා’ හි ආසන්න වශයෙන් සිවිල් වැසියන් 300,000 ක්, සොල්දාදුවන් 43,000 ක්, කොරියානු වහල් කම්කරුවන් 45,000 ක් සහ ජපන් හා ඇමරිකානුවන් දහස් ගණනක් ජපන් අධිරාජ්‍යයේ හා යුද්ධයේ ගොදුරු බවට පත් ගැහැනුන්ද දරුවන්ද, තම දවස ආරම්භ කරමින් සිටියහ. බෝම්බ ඉලක්කය වූයේ නගර මධ්‍යයට ආසන්නව පිහිටි T හැඩැති ‘අයෝයි’ පාලමයි. බෝම්බය සෑම දිශාවකටම සැතපුම් දෙකක් පමණ විහිදෙන ප්‍රදේශයක් සම්පූර්ණයෙන්ම විනාශ කළේය.

හිරෝෂිමා නගරය අතුරුදහන් වන ආකාරය නැරඹීමෙන් ‘එනෝලා ගේ’ යානා කාර්යමණ්ඩල සාමාජිකයින් භීතියට පත්විය. තම මවගේ නමින් ගුවන් යානය නම් කළ නියමුවා වන ‘පෝල් ටිබෙට්ස්’ එම දර්ශනය මෙලෙස විස්තර කළේය. “යෝධ දම් පැහැති හතු ඒ වනවිටත් අඩි 45,000 ක් උසට නැගෙගෙන් තිබුණි. එය අපේ මුහුදු මට්ටමේ සිට සැතපුම් 3 ක් ඉහළින් දරුණු ලෙස ජීවමාන දෙයක් මෙන් ඉහළට උතුරමින් තිබුණි. පහළ බිමෙහි දර්ශනය ඊටත් වඩා බියජනක විය. උණුසුම් තාර බුබුළු දමන පෙනුමක් ඇති කැළඹිලි සහිත දුම් ස්කන්ධයක් මධ්‍යයේ සෑම තැනකම ගිනිදැල් නැගෙගෙන් තිබුණි”. තවත් අවස්ථාවක, ඔහු මෙනෙහි කළේ, “ඩැන්ටේ අපිත් එක්ක ගුවන් යානයේ හිටියා නම් ඔහු බයවෙයි. මිනිත්තු කිහිපයකට පෙර හිරු එළියේ අපි ඉතා පැහැදිලිව දුටු නගරය දැන් කැත පැල්ලම් සහිත එකකි. දුමෙන් හා ගින්නෙන් පිරුණු මේ භයානක බ්ලැන්කට්ටුව යට නගරය සම්පූර්ණයෙන්ම අතුරුදහන් වී තිබුණා”. යානා තුවක්කුකරු බොබ් කැරන් එය හැඳින්වූයේ “අපායට එබී බැලීමක්” ලෙසයි. සහායක නියමු රොබට් ලුවිස් ඔහුගේ ගුවන් ලොග් සටහනේ මෙලෙස, “මගේ දෙවියනේ… අපි මේ මොකද කළේ?” යනුවෙන් ලිවීය.

ඇමෙරිකානු දෙවන ලුතිනන්වරයෙකු වන තරුණ ‘පෝල් ෆුසෙල්’, හිරෝෂිමාවට පරමාණු බෝම්බ හෙළීමේ පුවත අසනු ලබන විට, ඔහුව යුරෝපයේ සිට පැසිෆික් යුධ කලාපයට මාරු කිරීමට ආසන්නව සිටියේය. “පරමාණු බෝම්බයට-දෙවියන්ට ස්තූතියි” ඔහු ලිවීය, “අපි සතුටින් සහ ප්‍රීතියෙන් කෑගැසුවෙමු. අපි ජීවත් වෙන්න යනවා. අපි වැඩිහිටිභාවයට පත් වෙන්න යනවා” යැයි පසුව ඔහු සිහිපත් කළේය.

ඇමරිකානු පරම්පරා ගණනාවකට උගන්වා ඇත්තේ, ඇමරිකා එක්සත් ජනපදය දෙවන ලෝක යුද්ධය අවසානයේ ජපානයට පරමාණු බෝම්බ හෙළුවේ ඇමරිකාව ආක්‍රමණය කළහොත් මියයාමට සූදානම්ව සිටි ෆුසෙල් වැනි ලක්ෂ සංඛ්‍යාත තරුණයින්ගේ ජීවිත බේරාගැනීම සඳහා බවයි. නමුත් කතාව ඇත්තෙන්ම සංකීර්ණය.

පරමාණු බෝම්බ ප්‍රහාරයෙන් පසු ජපාන හිරෝෂිමා නගරයට ඉහළින් හතු වලාකුළක් නැගී ගියේය. බිම සිට දර්ශනය බෙහෙවින් වෙනස් වූ අතර ඊටත් වඩා භයානක විය. උෂ්ණත්වය ෆැරන්හයිට් 5,400°F දක්වා ළඟා වූ ගිනි බෝලය මිනිසුන්ව තත්පරයකින් දුම් දමන කළු අඟුරු මිටි බවට පත් කරමින් ඔවුන්ගේ අභ්‍යන්තර අවයව දියකර හැරියේය.

තුවාල ලැබූ සහ පිළිස්සුණු දිවි ගලවා ගත් අය ඉමහත් ලෙස දුක් විාහ. ප්‍රහාරයට ලක්වූ ‘හිබකුෂා’ පැවසූ පරිදි “වීදි පිරී තිබුණේ බිහිසුණු ලෙස පිළිස්සුණු, බොහෝ විට නිරුවත් මිනිසුන්ගේ නිමක් නැති අවතාර වැනි පෙරහැරකින්. ඔවුන්ගේ සම ඇටකටුවලින් එල්ලී තිබුණි. මංමුලා වූ ලෙස, ඔවුන්ගේ තුවාල ලැබූ සිරුරු සඳහා උපකාර සොයමින්, පවුලේ සාමාජිකයන් සොයමින්, සහ ආක්‍රමණය කරන ලද ගින්නෙන් බේරීමට උත්සාහ කරමින්, ඔවුන් අඟුරු ගැටිති වලට දැවී ගිය මළසිරුරු මත පැටලෙමින් සිටියහ.

මෙම කුරිරු අපරාධ සිදුකළ හිරෝෂිමා සහ නාගසාකි මත හෙළන ලද ඇමරිකානු පරමාණු බෝම්බ, ආසන්න වශයෙන් ඩොලර් බිලියන 2.2 ක් වැයවූ ‘මැන්හැටන් ව්‍යාපෘතියේ’ නිෂ්පාදනයකි. මෙම මිල එක්සත් ජනපදය පුරා විවිධ ස්ථානවල පර්යේෂණ, සංවර්ධනය සහ ඉදිකිරීම් ඇතුළුව පරමාණු බෝම්බ සංවර්ධනය කිරීමේ මුළු පිරිවැය නියෝජනය කළ බව ඇමරිකාවේ, නිව් ඕලින්ස් හී දෙවන ලෝක යුධ (WWII) ජාතික කෞතුකාගාරය පවසයි. මෙම දැවැන්ත කාර්යය සඳහා ව්‍යාපෘති ස්ථාන 30 කට වැඩි ගණනක සේවකයින් 100,000 කට අධික සංඛ්‍යාවක් සම්බන්ධ විය.

න්‍යෂ්ටික අවි බිල්ලන් මැවීම සහ සත්‍යය අපරාධකරු

නමුත්, ඇමරිකාව ඇතුළු බටහිර ආණ්ඩු සහ ඔවුන්ගේ මාධ්‍ය ආයතන, උතුරු කොරියාව සතුව න්‍යෂ්ටික අවි තිබීම හේතුවෙන් මුළු ලෝවම බිය විය යුතු බව පැවසීම හෝ ඉරානයට ඉක්මනින්ම න්‍යෂ්ටික අවි නිපදවිය හැකි බව අනතුරු ඇඟවීමෙන් ලොව ජන මනස කළඹවන ආකාරය අපට නිතර දැකිය හැකිවේ. යථාර්ථය නම් මානව ඉතිහාසයේ සිවිල් ජනගහණයකට එරෙහිව න්‍යෂ්ටික අවි භාවිතා කළ එකම එක රටක් ඇති බවයි. එය එක් වරක් නොව දෙවරකි. ඒ 1945 අගෝස්තු 6 සහ 9 යන දිනවල, ඇමරිකා එක්සත් ජනපද හමුදාව හිරෝෂිමා සහ නාගසාකි යන ජපන් නගරවලට පරමාණු (න්‍යෂ්ටික) බෝම්බ හෙළීමයි. මෙම න්‍යෂ්ටික ප්‍රහාරයට අද වනවිට වසර 80 ක කාලයක් ගතවී ඇතත්, ඇමරිකානු බලධාරීන් සහ ඔවුන්ගේ අධ්‍යාපන පද්ධතියේ ගුරුවරුන් කියා සිටින්නේ, දෙවන ලෝක යුද්ධය අවසන් කිරීම සඳහා තම හමුදාව ජපානයට න්‍යෂ්ටික බෝම්බ හෙළීම සිදුකළ බවයි. ඇමරිකාව දෙවන ලෝක යුද්ධයේ ඉතිහාසය කියවාගන්නේ එලෙසිනි.

මෙම ඉතිහාස කියවීම නිවැරදි කරගැනීම වැදගත්වේ. 2023 ජූලි මාසයේදී හොලිවුඩය නිකුත් කළ, 2024 වසරේ හොඳම චිත්‍රපටය ලෙස ඔස්කාර් සම්මාන ලාභී, බ්ලොක්බස්ටර් චිත්‍රපටයක් වන ‘ක්‍රිස්ටෝපර් නෝලන්’ අධ්‍යක්ෂණය කරන ලද ‘ඔපන්හයිමර්’ නම් අතිසාර්ථක චිත්‍රපටය පිළිබඳව යම් විවේචන එල්ලවිය. එය පරමාණු බෝම්බය නිර්මාණය කිරීමට උදව් කළ ‘මැන්හැටන් ව්‍යාපෘතියේ’ ‘ලොස් ඇලමොස්’ කර්මාන්ත ශාලාවේ භෞතික විද්‍යාඥයා ‘මානුෂීයකරණය’ කරන අතරම, පරමාණු බෝම්බය නිර්මාණය කිරීමේදී ඔහු කළ භූමිකාව ගැන පසුතැවිලි වූ සහ න්‍යෂ්ටික ව්‍යාප්තියට එරෙහිව උද්ඝෝෂණය කළ ‘රොබට් ඔපන්හයිමර්’, පසුව ඇමරිකානු රජයේ ‘මැකාතිවාදයේ’ ගොදුරක් බවට පත්වූ බව පෙන්වයි. නමුත්, චිත්‍රපටය විවේචනයට ලක්ව ඇත්තේ එය මෙම පරමාණු බෝම්බ ප්‍රහාරවලදී ජපන් සිවිල් වැසියන් ලක්ෂ ගණනින් ඝාතනය කිරීමේ ම්ලේච්ඡත්වයට සුදු හුණු ගෑමක් බව පවසන බැවිනි. චිත්‍රපටය හිරෝෂිමා-නාගසාකි න්‍යෂ්ටික ප්‍රහාරය නොපෙන්වයි. ඉන් වසර 78 කට පමණ පසු 2023 දී නිපදවන ලද මෙම චිත්‍රපටය වඩා හොඳින් තේරුම්ගත හැකිය. අප චිත්‍රපටය ගැන කතාකරනවට වඩා ඓතිහාසික වාර්තා තේරුම්ගැනීමට සැබෑ ඓතිහාසික ලේඛන දෙස බැලීම වැදගත් යැයි මම සිතමි.

‘ඩේවිඩ් ඩ්වයිට් අයිසන්හවර්’ ඇමරිකා එක්සත් ජනපදයේ (1953 සිට 1961 දක්වා) 34 වන ජනාධිපතිවරයා වූ අතර, දෙවන ලෝක යුද්ධ සමයේදී, ඔහු යුරෝපයේ මිත්‍ර පාක්ෂික බලකායක තරු පහේ නිලයලත් හමුදා ජෙනරාල් වූයේය. ජනාධිපති අයිසන්හවර් තැබූ තම මතක සටහන්හි “1945 දී ජර්මනියේ මගේ මූලස්ථානයට පැමිණි ‘යුද ලේකම් ස්ටිම්සන්’, අපගේ රජය ජපානයට පරමාණු බෝම්බයක් හෙළීමට සූදානම් වන බව මට දැනුම් දුන්නේය. (ඇමරිකා එක්සත් ජනපද ‘යුද ලේකම්’ව ස්ටිම්සන් සිටි කාලයේ, එහි නම ‘යුද දෙපාර්තමේන්තුව’ විය. පසුව පෙන්ටගනය, ‘ආරක්ෂක දෙපාර්තමේන්තුව’ ලෙස හා ‘ආරක්ෂක ලේකම්වරයා’ ලෙසින් වෙනස්කර හඳුන්වනු ලැබීය.) එවැනි ක්‍රියාවක ඥානවන්තභාවය ප්‍රශ්න කිරීමට සාධාරණ හේතු ගණනාවක් ඇති බව හැඟුණු අයගෙන් කෙනෙක් මම වෙමි. අදාළ කරුණු ඔහු විසින් කියවන අතරතුර, මට මානසික අවපීඩන තත්ත්වයක් ඇතිබව දැනුණි. ඒ නිසා මම ඔහුට මගේ බරපතල සැකයන් ප්‍රකාශ කළෙමි. පළමුව, මගේ විශ්වාසයේ පදනම මත සිටිමින්, ජපානය දැනටමත් පරාජය වී ඇති බැවින් බෝම්බය හෙළීම සම්පූර්ණයෙන්ම අනවශ්‍ය බවත් සහ දෙවනුව, ඇමරිකානු ජීවිත බේරා ගැනීම සඳහා පියවරක් ලෙස තවදුරටත් අනිවාර්ය නොවන ආයුධයක් භාවිතා කිරීමෙන් අපේ රට ලෝක මතය කම්පනයට පත් කිරීමෙන් වැළකී සිටිය යුතු යැයි මම සිතුවෙමි”යි සඳහන් කළේය.

දෙවන ලෝක යුද්ධයට පිවිසීමේදී ප්‍රමාද වුවද, යුරෝපයේ ෆැසිස්ට්වාදීන් පරාජය කිරීමේදී ඇමරිකාවද සහාය ලබාදුන් අතර ජපානයේ මිලිටරිවාදීන් පරාජය කිරීමේදීද තීරණාත්මක කාර්යභාරයක් ඉටුකළේය. නමුත් යුද්ධය අවසානයේ හිරෝෂිමා සහ නාගසාකිහි පරමාණු බෝම්බ පුපුරුවා හැරීමෙන් ඇමරිකාව ඔප්පු කළේ, යුද්ධය හේතුවෙන් අතරමං වූ ලෝකයක් ඉල්ලා සිටි ආකාරයේ නායකත්වයක් සැපයීමට තමන් සූදානම් නැති බවය.

ඇමෙරිකානු ජනාධිපති රූස්වෙල්ට් යුරෝපයට ප්‍රථම උපාය මාර්ගය අවධාරණය කර තිබුණි. ඔහු “පැසිෆික් කලාපයේ සම්පූර්ණ යුධ උත්සාහයකට” විරුද්ධ විය. ජපානය පරාජය කිරීමෙන් ජර්මනිය පරාජය කළ නොහැකි බව ඔහු තර්ක කළේය. නමුත් ජර්මනිය පරාජය කිරීම යනු “බොහෝවිට වෙඩි තැබීමකින් හෝ ජීවිතයක්වත් අහිමි නොකර” ජපානය පරාජය කිරීම යයි කීවේය.

ඇමරිකාවේ ‘පර්ල් වරායේ’ සිදුකළ හදිසි ප්‍රහාරයෙන් පසුව, ජපන් ජාතිකයින් යුද්ධයේ මුල් අවධියේදී දැඩි ප්‍රහාර දියත් කළහ. ඇමරිකානු ජයග්‍රහණ අත්කර ගන්නේ දැවැන්ත වියදමකින් බව දකිමින්, ජපන් ජාතිකයින් දැඩි ලෙස සටන් කළහ. ඇමරිකානු කාර්මික නිෂ්පාදනය ඔවුන්ගේ හමුදාවන්ට විශාල වාසි ලබා දුන්නේය. 1943 වනවිට, ඇමරිකානු කර්මාන්ත ශාලා වසරකට ගුවන්යානා 100,000 ක් පමණ නිෂ්පාදනය කරමින් සිටි අතර, මුළු යුද්ධයේදීම ජපාන නිෂ්පාදනය 70,000 ක් තරම් අඩු ප්‍රමාණයක් විය. 1944 ගිම්හානය වන විට, ඇමරිකාව පැසිෆික් සාගරයේ ගුවන් යානා ප්‍රවාහන නෞකා සියයක් පමණ යොදවා තිබූ අතර, එය මුළු යුද්ධය සඳහාම ජපානය යෙදවූ විසිපහට වඩා බොහෝ සෙයින් වැඩිවිය.

යුද ප්‍රයත්නයේදී විද්‍යාවද කැපී පෙනුණි. රේඩාර් සංවර්ධනය වැනි සොයාගැනීම් මිත්‍ර පාක්ෂික ජයග්‍රහණයට දායක විය. නමුත් ඉතිහාසයේ ගමන් මග වෙනස් කරනුයේ පරමාණු බෝම්බයේ සංවර්ධනයයි.

න්‍යෂ්ටික ආයුධ දක්වා වූ විද්‍යාඥයින්ගේ මනෝරාජික මග

ප්‍රබන්ධ ලේඛකයින් සහ විද්‍යාඥයින් දිගු කලක් තිස්සේ විද්‍යාවෙහි හැකියාවන් ගැන කල්පනා කර තිබුණි. 1896 සිට, සාමකාමී සහ හමුදාමය අරමුණු සඳහා පරමාණුක ශක්තිය යොදාගැනීම, නොබෙල් ත්‍යාගලාභී විශිට විද්‍යාඥයින් වන හෙන්රි බෙකරල්, මාරි සහ පියරේ කියුරි, ෆ්‍රෙඩ්රික් සොඩි සහ අර්නස්ට් රදර්ෆර්ඩ් වැන්නන් විසින් කරන ලද විද්‍යාත්මක සොයාගැනීම් මාලාවක් විකිරණශීලීතාව පිළිබඳ කුතුහලය ඇවිස්සූසූහ1900 ගණන්වල මුල් භාගයේදී, මූලද්‍රව්‍යවල සිරවී ඇති දැවැන්ත ශක්තිය සහ විශ්වය පුපුරවා හැරීමේ හැකියාව පිළිබඳව රදර්ෆර්ඩ්, සොඩි සහ තවත් අය විසින් ඉදිරිපත් කරන ලද අදහස් අනාගත බියක් ඇති කළේය. නමුත් ඔවුන් සහ තවත් අය එවැනි ශක්තිය යෙදවිය හැකි ධනාත්මක භාවිතයන් සහ මතුවිය හැකි මනෝරාජික සමාජයන් ගැනද මනඃකල්පිත ඉදිරිපත් කළහ. ‘නව ආදම්ගේ උයනක්’ නිර්මාණය කිරීම සඳහා පරමාණුක බලයේ පැමිණීම බලාපොරොත්තුවෙන් සිටියදී, ජනතාව රේඩියම් සහ අනෙකුත් විකිරණශීලී අමුද්‍රව්‍යවල සුවකිරීමේ බලයන් කෙරෙහි ආකර්ෂණය විය. වෙළඳ ප්‍රවර්ධකයින් කියා සිටියේ, ඔවුන්ගේ නිෂ්පාදන තට්ටය ඒමේ සිට රූමැටික් දක්වාත්, අතීසාරය දක්වාත්, අධිරුධිර පීඩනය දක්වා සියලු වර්ගවල රෝග සුව කළහැකි බවයි. එක් ලැයිස්තුවක ආශ්වාස කිරීමට හෝ එන්නත් කිරීමට හෝ පෙති, ස්නාන ලවණ, සමට ආලේප කිරීමට ලයිනිමන්ට්, ඉටිපන්දම් හෝ චොකලට් රසකාරකවලට ගත හැකි විකිරණශීලී අමුද්‍රව්‍ය සහිත පේටන්ට් බලපත්‍රලාභී ඖෂධ අසූවක් අඩංගුවිය. නිව් ජර්සි, නැගෙනහිර ඔරේන්ජ්හි පිහිටි බේලි රේඩියම් රසායනාගාරවල නිෂ්පාදනය කරන ලද නිෂ්පාදන, ස්වසන ආබාධවල සිට ලිංගික දුර්වලතාවය දක්වා සියල්ල සුව කරන බව ප්‍රකාශ කළේය. එම නිෂ්පාදන අතර බෙල්ල වටා තයිරොයිඩ් ග්‍රන්ථිය ප්‍රතිජනනය කිරීම, අධිවෘක්ක ග්‍රන්ථි උත්තේජනය කිරීම, ශරීරය වටා සහ ඩිම්බ කෝෂ සඳහා විශේෂ ජෝක් පටියක වෘෂණ කෝෂය යට පැළඳිය හැකි රේඩියෝ අන්තරාසර්ග (Radio Endocrine) කාරකද විය.

විශේෂයෙන් විකිරණශීලී ඖෂධ ආසූත කළ දියර (Radithor) වලට, දුක්ඛිතම ගොදුරක් වූයේ පිට්ස්බර්ග් හී ධනවත් නිෂ්පාදකයෙකු සහ ප්ලේබෝයි ‘ඊබන් බයර්ස්’ ය. බයර්ස්ගේ වෛද්‍යවරයා ඔහුගේ තුවාලවූ අත සඳහා රේඩිතෝර් යොදාගැනීමට නිර්දේශ කළ අතර බයර්ස් කුප්පි කිහිපයක් පානය කිරීමටද පටන්ගත්තේය. 1927 දෙසැම්බර් මාසයේ දිනක, එය ඔහුගේ අත සඳහා ක්‍රියාකළා පමණක් නොව, ඔහුට නව ජීවශක්තියක් සහ ලිංගික ශක්තියක් ලබා දුන් බව බයර්ස් ප්‍රකාශ කළේය. එය වාජීකරණයක් බව විශ්වාස කරමින්, බයර්ස් තම පෙම්වතියන්ටද එම ද්‍රව්‍යය ලබාදුන්නේය. 1931 වනවිට, ඔහුම කුප්පි 1,000 ත් 1,500 ත් අතර ප්‍රමාණයක් පානය කල අතර අසනීපවීමට පටන්ගත්තේය. ඔහුගේ බර අඩු වී, දරුණු හිසරදයක් අත්විඳ, දත් වැටෙනු දුටුවේය. ඔහුගේ ශරීරය සෙමෙන් දිරාපත්වන බව විශේෂඥයින් තීරණය කළහ. ඔහුගේ ඉහළ හකු සහ ඔහුගේ පහළ හකු බොහොමයක් ඉවත් කරන ලද අතර, ඔහුගේ හිස් කබලේ සිදුරු දිස්විය. එතැන් සිට විකිරණශීලී විෂ වීමකට ගොදුරු වූ පසු ඔහුගේ අවසානය ඉක්මනින් පැමිණියේය. එය එක් කතාවකි.

එච්.ජී. වෙල්ස් 1914 දී සිය පළමු පරමාණුක යුද්ධ නවකතාව වන ‘The World Set Free’ නිමකළේය. ඔහු එක් පැත්තකින් ජර්මනිය හා ඔස්ට්‍රියාව සහ අනෙක් පැත්තෙන් එංගලන්තය, ප්‍රංශය සහ ඇමරිකාව අතර පරමාණුක යුද්ධයක් ගැන අනාවැකි පළ කළේය. එයට අනුව නගර දෙසියයකට අධික ප්‍රමාණයක් “පරමාණු බෝම්බවල නොනිවෙන තද රතු පැහැති ගිනිදැල්” මගින් විනාශ වේ. පසුව “දෙවියනේ, ඔබ සැමට ශාප වේවා, මම ඔබට එය කීවෙමි”යි ඔහු එහි සාරාංශ කළේය.

1938 දෙසැම්බර් මාසයේදී, ජර්මානු භෞතික විද්‍යාඥයන් දෙදෙනෙක් යුරේනියම් පරමාණුව බෙදීමෙන් විද්‍යා ලෝකය මවිතයට පත්කළ අතර, පරමාණු බෝම්බ සංවර්ධනය න්‍යායික හැකියාවක් බවට පත් කළහ. මෙම වර්ධනයෙන් වඩාත්ම තැති ගත්තේ යුරෝපයෙන් පැන ආ වාර්තාගත ඇමරිකානු නාසි විද්‍යාඥයන් වන අතර, හිට්ලර් එවැනි ආයුධයක් අතට ගතහොත් ඇතිවන ප්‍රතිවිපාක ගැන බියවූහ. එය වැළැක්වීමක් ලෙස ඇමරිකා එක්සත් ජනපදය තමන්ගේම පරමාණු බෝම්බයක් ගොඩනගා ගතයුතු බව යෝජනා විය. සංක්‍රමණික විද්‍යාඥයන් ඇමරිකානු බලධාරීන්ගේ උනන්දුව අවදිකිරීමට උත්සාහ කළ නමුත් එය අසමත් විය.

අයින්ස්ටයින්ගේ ජීවිතයේ විශාල වැරැද්ද

1939 ජූලි මාසයේදී, හංගේරියානු-ඇමරිකානු භෞතික විද්‍යාඥයින් වූ ලියෝ සිලාර්ඩ් සහ ඉයුජින් විග්නර් විසින් පරමාණු බෝම්බ පරීක්ෂණ සඳහා අනුමැතිය ලබාගැනීමට, ගෝලීය වශයෙන් ඇගයීමට ලක්ව තිබූ විද්‍යාඥ ‘ඇල්බට් අයින්ස්ටයින්’ගේ උපකාරය ඉල්ලා සිටියහ. අයින්ස්ටයින්, ජනාධිපති රූස්වෙල්ට් වෙත මේ පිළිබඳව ලිවීමට එකඟ විය. අගෝස්තු මාසයේදී ලියන ලද පළමු ලිපිය, ජර්මානු පරමාණු බෝම්බයක විභවය පිළිබඳව අනතුරු ඇඟවූ අතර ඇමරිකා එක්සත් ජනපද පරමාණුක පර්යේෂණ වැඩසටහනකට අවසර දෙන ලෙස ඉල්ලා සිටි ‘මෑන්හැටන් ව්‍යාපෘතියේ’ ආරම්භයට හේතු විය. පසුව අයින්ස්ටයින් එම ක්‍රියාව ගැන කණගාටු වූ අතර,“මම මගේ ජීවිතයේ එක් විශාල වැරැද්දක් කළා. පරමාණු බෝම්බ සෑදීමට නිර්දේශ කරමින් ජනාධිපති රූස්වෙල්ට් වෙත යැවූ ලිපියක් අත්සන් කළා” යැයි පැවසීය. ඇත්තෙන්ම, 1945 මාර්තු මාසයේදී ලියන ලද දෙවැන්නෙන්, න්‍යෂ්ටික ශක්තියේ ඇඟවුම් සාකච්ඡා කිරීම සඳහා විද්‍යාඥයින් හමුවීමට රූස්වෙල්ට්ගෙන් ඉල්ලා සිටියද, එය ඔහුගේ මරණයට පෙර ජනාධිපතිවරයා වෙත ළඟා නොවීය.

නව වාර්තාව අතැතිව, රටේ ඉහළම විද්‍යා පරිපාලක වන ‘වැනේවර් බුෂ්’, ජනාධිපති රූස්වෙල්ට් සහ උප ජනාධිපති හෙන්රි වොලස් හමුවීමට ගියේය. නව තොරතුරු මත පදනම්ව රූස්වෙල්ට්, බුෂ් ඉල්ලා සිටි සම්පත් ලබාදුන්නේය. බුෂ්, නොබෙල් ත්‍යාගලාභී විද්‍යාඥ ‘ආතර් කොම්ප්ටන්’ව බෝම්බ නිර්මාණය භාරව පත්කළේය. කොම්ප්ටන්, චිකාගෝ විශ්ව විද්‍යාලයේ ලෝහ විද්‍යාගාරය පිහිටුවීය. ඉලක්කය වූයේ “පරමාණුක ගොඩක ස්වයං-තිරසාර දාම ප්‍රතික්‍රියාවක්”(A self-sustaining chain reaction in an atomic pile) නිපදවීමයි. වැදගත් ප්‍රශ්න ගණනාවක් සමඟ පොරබදමින් සිටි කොම්ප්ටන්, දක්ෂ හා ආකර්ෂණීය න්‍යායාත්මක භෞතික විද්‍යාඥ ‘ජේ. රොබට් ඔපන්හයිමර්’ හමුවී ඉල්ලා සිටියේ, අසාමාන්‍ය න්‍යායාචාර්යවරුන් කණ්ඩායමක් එක්රැස් කරන ලෙසයි. ඔපන්හයිමර්ගේ “දීප්තිමත්” අය අතර, ඔහු හැඳින්වූ පරිදි, එඩ්වඩ් ටෙලර් සහ හාන්ස් බෙතේ ද සහභාගි කරගත්හ.

විද්‍යාඥයින් දුටු මානව සංහතියේ අනතුර

විද්‍යාඥයින්ට, ඔවුන් අතැති පරමාණු බෝම්බයක් තැනීමේ ගැටලුව කෙරෙහි අවධානය යොමු කිරීමට අපහසු විය. මේ අනුව, ව්‍යාපෘතියේ ආරම්භයේ සිටම, මාර්ගය අවසානයේ ඇත්තේ මිනිස් විනාශකාරී හැකියාවන් බෙහෙවින් ප්‍රගුණ කරන පරමාණු බෝම්බයක් පමණක් නොව, ග්‍රහලෝකයේ සියලු ජීවීන්ට තර්ජනයක් විය හැකි හයිඩ්‍රජන් බෝම්බයක් බව ප්‍රමුඛ විද්‍යාඥයින් දැන සිටියහ.

එම ගිම්හානයේදී ඔවුන්ට කොතරම් ගැඹුරු ලෙස නොසන්සුන්කාරී බියක් ඇති වූවාද කිවහොත් එය, ‘ව්‍යාපෘතිය’ නතර කිරීමට ඔවුන්ට බල කළේය. ඔවුන්ගේ සාකච්ඡා අතරතුර, භෞතික විද්‍යාඥයින් හදිසියේම තේරුම්ගත්තේ පරමාණුක පිපිරීමකින් සාගරවල හයිඩ්‍රජන් හෝ වායුගෝලයේ නයිට්‍රජන් දල්වා ග්‍රහලෝකය ගිනි තැබිය හැකි බවයි. ඔපන්හයිමර් පිළිබඳව, භෞතික විද්‍යාඥ ‘අර්නස්ට් ලෝරන්ස්’ තම අධ්‍යයනයේදී, ‘නියුල් ෆා ඩේවිස්’ කාමරය පුරා පැතිර ගිය තම තිත්ත බිය මෙසේ විස්තර කරයි. “ඔපන්හයිමර් කළු ලෑල්ල දෙස පුදුමයෙන් බලා සිටියේය, කාමරයේ අනෙක් මුහුණු අනුක්‍රමිකව එම පෙනුමම ලබා ගත්තේය. . . . රසායන විද්‍යාඥ ‘මොඩී ඩැනියෙල් ටේලර්’, කොටස් නොවන බෝම්බයක තාප නිෂ්පාදනය නිවැරදිව ගණනය කර තිබුණි. ඔපන්හයිමර් එය දුටුවේය. එය මුළු ග්‍රහලෝකයේම වායුගෝලය ගිනිබත් කරන බව පෙන්වූ බැවින්, සාකච්ඡාවේ කිසිවෙකුට ඔහු වැරදි බව ඔප්පු කළ නොහැකි විය. ඔපන්හයිමර්, කොම්ප්ටන් සමඟ සාකච්ඡා කිරීමට දිව ගියේය. තම මතක සටහන් වන ‘The Atomic Quest’හී ආතර් කොම්ප්ටන් පැහැදිලි කරන්නේ “අපගේ පරමාණු බෝම්බවලට වාතය හෝ මුහුද පුපුරවා හැරිය නොහැකි බවට ස්ථිර සහ විශ්වාසදායක නිගමනයකට පැමිණියහොත් මිස, මෙම බෝම්බ කිසි විටෙකත් සෑදිය යුතු නැත” යනුවෙන්, ඔපන්හයිමර් එකඟ වූ බවයි. “මනුෂ්‍ය වර්ගයා මත අවසාන තීරය ඇඳීමේ අවස්ථාවක් ලබා ගැනීමට වඩා නාසීන්ගේ වහල්භාවය පිළිගැනීම බෙහෙවින් හොඳය” යනුවෙන් කොම්ප්ටන් එහි විශේෂයෙන් සඳහන් කරයි.

1945 පෙබරවාරි මාසයේදී හිරෝහිතෝ අධිරාජ්‍යයා සංදේශයකින් මෙසේ පැවසීය: “ජපානයේ පරාජය නොවැළැක්විය හැකි බව පැවසීම ගැන මම කණගාටු වෙමි”. එහි අනතුරු ඇඟවූයේ, “අප කනස්සල්ලට පත්විය යුත්තේ පරාජය සමඟ ඇති විය හැකි කොමියුනිස්ට් විප්ලවයක් ගැනය”. ඒ අතර අගෝස්තු මාසයේ සිට, සයිපාන්හි ඇමරිකානු එක්සත් ජනපද ජයග්‍රහණයෙන් පසුව, ජපානය යුද්ධය අවසන් කරන්නේ කෙසේද යන්න පිළිබඳ අධ්‍යයනයන් නිහඬව ආරම්භකර තිබුණි. ජපන් බලාපොරොත්තු සුන්වීම දිනෙන් දින වර්ධනය වෙමින් පැවතිණ.

අධිරාජ්‍යයා එල්ලා මැරීම, ක්‍රිස්තුස් වහන්සේ කුරුසියේ ඇණ ගැසීමට සමානද?

ජනාධිපති රූස්වෙල්ට් ජර්මනිය, ඉතාලිය සහ ජපානය “කොන්දේසි විරහිතව යටත් වීම” සඳහා ඉල්ලා සිටියේය. එය පැහැදිලිවම ජනාධිපති රූස්වෙල්ට් සහ අගමැති චර්චිල් විසින් කලින් සාකච්ඡාකර එකඟ වී තිබුණි. ජපානයට එම ඉල්ලීමට අනුගතවීමේ ප්‍රතිවිපාක අතිමහත් වනු ඇත.

“කොන්දේසි විරහිත යටත් වීම” යන්නෙන් අදහස් කරන්නේ කොකුටායි (අධිරාජ්‍ය ක්‍රමය) විනාශ කිරීම සහ ජපන් අධිරාජ්‍යයා යුද අපරාධකරුවෙකු ලෙස නඩු විභාගකර මරා දැමීමේ සම්භාවිතාව බව ජපන් ජාතිකයින් උපකල්පනය කරන්නට ඇත. බොහෝ ජපන් ජාතිකයින්ට, එවැනි ප්‍රතිඵලයක් “සිතීමට” නොහැකි තරම් භයානක විය. ක්‍රි.පූ. 660 දී ‘ජිම්මු’ අධිරාජ්‍යයාගේ සිට ඔවුන් තම අධිරාජ්‍යයාට දෙවියෙකු ලෙස නමස්කාර කරමින් සිටියහ. ඇමරිකානු හමුදා ජෙනරාල් ‘මැක්ආතර්’ගේ ‘නිරිතදිග පැසිෆික් විධානය’ විසින් කරන ලද අධ්‍යයනයකින් පැහැදිලි වූයේ, “අධිරාජ්‍යයා සිංහාසනාරූඪ කිරීම හෝ එල්ලා මැරීම, සියලු ජපන් ජාතිකයින්ගෙන් දැවැන්ත හා ප්‍රචණ්ඩකාරී ප්‍රතිචාරයක් ඇති කරනු ඇත. ඔවුන්ට අධිරාජ්‍යයා එල්ලා මැරීම, අපට ක්‍රිස්තුස් වහන්සේගේ කුරුසියේ ඇණ ගැසීමට සමාන වනු ඇත”. “එය වටහාගත් බොහෝ දෙනෙක්, යටත්වීමේ කොන්දේසි මෘදු කරන ලෙස ජනාධිපති ටෲමන්ගෙන් පසුව ඉල්ලා සිටියහ”යනුවෙනි. (ජනාධිපති ෆ්‍ෑන්ක්ලින් ඩී. රූස්වෙල්ට්ගේ අභාවයෙන් පසු, 1945 අප්‍රේල් 12 වන දින හැරී එස්. ටෲමන් ජනාධිපති ධුරයට පත්විය. ඔහු 1945 සිට 1953 දක්වා සේවය කළ ඇමරිකා එක්සත් ජනපදයේ 33 වන ජනාධිපතිවරයා විය.)

එක්සත් ජනපදයට මෙගාටොන් 10 ත් 100 ත් අතර ආයුධ තිූ බව පෙනිණ. (“මෙගාටොන්” යනු TNT ටොන් මිලියනයක බලයට සමාන ශක්ති ඒකකයකි. එය සාමාන්‍යයෙන් න්‍යෂ්ටික අවිවල පුපුරනසුලු බලය මැනීමට භාවිතා කරයි. උදාහරණයක් ලෙස, හිරෝෂිමා සහ නාගසාකි මත හෙළන ලද බෝම්බ පිළිවෙලින් TNT මෙගාටොන් 0.015 සහ 0.021 ට සමාන ශක්තියක් නිකුත් කළේය.) එය හිරෝෂිමාවට හෙළනු ලැබූ බෝම්බය මෙන් හත්දහස් ගුණයකින් පමණ බලවත් විය හැකිය.

දැන් අප සියල්ලෝම බැල්ලියන්ගේ පුත්‍රයෝය

මැයි මස අගදී, විද්‍යාඥයින් බෝම්බය භාවිතා කිරීමට එරෙහිව අනතුරු ඇඟවීම සඳහා ජනාධිපති ටෲමන් හමුවීමට උත්සාහ කළහ. බලධාරීන්ගේ ප්‍රතිචාරය ඔවුන් බියට පත් කළේය. “යුද්ධය ජයග්‍රහණය කිරීම සඳහා ජපානයේ නගරවලට එරෙහිව බෝම්බය භාවිතා කිරීම අවශ්‍ය බව තර්ක කළේ නැත. ඒ වන විට, ජපානය අනිවාර්යයෙන්ම පරාජයට පත්වන බව ඔවුන් දැනසිටියෝය. . . . ඒ වන විට යුරෝපයේ රුසියානු බලපෑම පැතිරීම ගැන ඔවුන් බොහෝ සේ කනස්සල්ලට පත්ව සිටියෝය”. එය අවධාරණය කරමින් “බෝම්බය ප්‍රදර්ශනය කිරීම රුසියාව යුරෝපයේදී වඩාත් කළමනාකරණය කළහැකි බව පිළිගත්තේ ඔහුගේ මනසෙහි සෝවියට් සංගමය සැමවිටම සතුරා වූ බැවිනි”. “මෙම ව්‍යාපෘතිය භාරගත් දින සිට සති දෙකක පමණ කාලයක සිට රුසියාව අපගේ සතුරා බවට ප්‍රමුඛ විද්‍යාඥයන් පැත්තෙන් කිසිදු අවිශ්වාසයක් නොතිබූ අතර, ව්‍යාපෘතිය එම පදනම මත සිදුකරන ලදී”. 1944 මාර්තු මාසයේ රාත්‍රී භෝජන සංග්‍රහයකදී “ඇත්ත වශයෙන්ම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ රුසියානුවන් යටත්කර ගැනීම බව ඔබට වැටහෙනවා”. යනුවෙන්ද, පරමාණු බෝම්බය “යුද්ධය අවසානයේ අපගේම නියමයන් නියම කිරීමට අපට හොඳ ස්ථානයක් ලබාදිය හැකිය” යන අප්‍රේල් 13 වන දින ජනාධිපති ටෲමන් කළ ප්‍රකාශය ව්‍යාපෘතියට තීරණාත්මක ආලෝකයක් විහිදුවීය. ජූලි 16 වන දින, ජනාධිපති ටෲමන් බර්ලිනයේ සංචාරය කරමින් ඊළඟ දින සෝවියට් නායක ස්ටාලින් සමඟ රැස්වීමට සූදානම් වෙමින් සිටියදී, විද්‍යාඥයින් නිව් මෙක්සිකෝවේ ඇලමෝගෝර්ඩෝ නගරයෙන් පිටත කාන්තාර ප්‍රදේශයේදී පළමු පරමාණු බෝම්බය පුපුරුවා හැරියහ. පරීක්ෂණ අපේක්ෂාවන් ඉක්මවා ගියේය. කිලෝටොන් 18.6 ක පිපිරීමේ දැවැන්ත බලය සහ අහසේ දීප්තිය සැලකිල්ලට ගෙන, සමහර විද්‍යාඥයින් බියවූයේ ඔවුන් සැබවින්ම වායුගෝලය ගිනිතබා ඇති බව සිතායි. භගවත් ගීතාවේ වාක්‍ය ඛණ්ඩයක් ඔහුගේ මනස හරහා දැනුණු බව ඔපන්හයිමර් පැවසීය. “මම මරණය බවට පත්වී සිටිමි, ලෝක විනාශ කරන්නා බවට පත්ව ඇත”. ව්‍යාපෘති නියෝජ්‍ය අධ්‍යක්ෂ කෙනත් බේන්බ්‍රිජ් එය වඩාත් සරලව පැවසීය: “දැන් අපි සියල්ලෝම බැල්ලියන්ගේ පුත්‍රයෝය.” කෙසේ වෙතත්, ජේ. රොබර්ට් ඔපන්හයිමර් “ පරමාණු බෝම්බයේ පියා” බවට පත්විය.

ජූලි 21 වන දින, කේබල් පණිවුඩයක් යැවූ අතර, ටෲමන් වෙත දැනුම්දීම සිදුවිය. ඔවුන් ප්‍රීතියෙන් උද්දාමයට පත්විය. එහි සඳහන් වූයේ, “පරීක්ෂණය සෑම කෙනෙකුගේ වඩාත්ම ශුභවාදී අපේක්ෂාවන් ඉක්මවා සාර්ථක විය” යනුවෙනි.

ටෲමන්, විශ්වාස කළේ සෝවියට් උදව් නොමැතිව ඇමරිකා එක්සත් ජනපද කොන්දේසි මත ජපන් යටත්වීම වේගවත් කිරීමට සහ එමගින් සෝවියට් සංගමයට පොරොන්දු වූ භෞමික සහ ආර්ථික සහන ප්‍රතික්ෂේප කිරීමට ඔවුන්ට දැන් ක්‍රමයක් ඇති බවත්ය. වාර්තාවෙන්, ජනාධිපතිවරයා අතිශයින් උද්දාමයට පත්වූ අතර, එය “ඔහුට සම්පූර්ණයෙන්ම නව විශ්වාසයක් ඇතිකළ බව” පෙනිණ. චර්චිල්ට සහ ස්ටාලින්ට මුල් සැසිවාරවල ආධිපත්‍යය දැරීමට ඉඩ දුන් ටෲමන් පසුව කටයුතු දැඩි ලෙස පාලනය කළේය. ඊළඟ පූර්ණ සැසිවාරයේදී වින්ස්ටන් චර්චිල් දර්ශනය විස්තර කළේ මෙසේය. “මට එය තේරුම් ගත නොහැකි විය. මෙම වාර්තාව කියවීමෙන් පසු, ඔහු රැස්වීමට පැමිණි විට ඔහු වෙනස්වූ මිනිසෙකු විය. ඔහු රුසියානුවන්ට ඔවුන් යන එන තැන හරියටම පැවසූ අතර සාමාන්‍යයෙන් මුළු රැස්වීමම මෙහෙයවීය.”

සම්මන්ත්‍රණය අවසන්වීමට පෙර, ටෲමන් ස්ටාලින් වෙත ගොස්, එක්සත් ජනපදය “අසාමාන්‍ය විනාශකාරී බලයක් සහිත නව ආයුධයක්” නිපදවා ඇති බව සඳහන් කළේය. සෝවියට් බුද්ධි අංශ හරහා ‘ෑන්හැටන් ව්‍යාපෘතිය’ පිළිබඳව ස්ටාලින් දැනුවත්ව සිටි බව නොදැන, ටෲමන් ඔහුගේ උනන්දුවක් නැති ප්‍රතිචාරයෙන් පුදුමයට පත් වූ අතර ස්ටාලින් තමන්ට පවසන දේ ග්‍රහණය කරගෙන ඇත්දැයි කල්පනා කළේය. ටෲමන් තේරුම්ගත් ප්‍රමාණයට වඩා බොහෝ දේ ස්ටාලින් තේරුම් ගත්තේය. පරීක්ෂණය සැලසුම් කර ඇති බව ඔහු දැන සිටියේය. දැන් එය සාර්ථක වූ බව ඔහු නිගමනය කළේය. ඔහු “වහාම සෝවියට් ආරක්ෂක ප්‍රධානී ‘ලැව්රෙන්ටි බේරියා’ට දුරකතන ඇමතුමක් දී පරීක්ෂණය සිදු වූ බව නොදැන සිටීම ගැන ඔහුට දොස් පැවරුවේය දීර්ඝතම සෝවියට් රාජ්‍ය තාන්ත්‍රිකයා වූ අන්ද්‍රෙයි ග්‍රොමිකෝ පසුව වාර්තා කළේ, “ස්ටාලින් තම ‘විලාවට’ ආපසු පැමිණිවිට, ඇමරිකානුවන් යුරෝපයේ නියමයන් නියම කිරීමට ඔවුන්ගේ පරමාණුක ඒකාධිකාරය භාවිතා කරන බැවින් ඔවුන්ගේ ‘බ්ලැක්මේල්’ වලට යටත් නොවන බව” සඳහන් කළ බවයි. ඔහු “සෝවියට් යුධ හමුදාවන්ට රට යුද්ධයට ඇතුළුවීම වේගවත් කරන ලෙස නියෝග කළ අතර, සෝවියට් විද්‍යාඥයින්ට ඔවුන්ගේ පර්යේෂණවල වේගය වැඩි කරන ලෙස නියෝග කළේය” යනුවෙනි.

පරමාණු බෝම්බ ගිනිදැල් මතු කළ සීතල යුධ සමය

කෙසේ සිදු කළත්, ජපානයට මෙම න්‍යෂ්ටික බෝම්බ දැමීම, සෝවියට් සංගමය ඉලක්ක කරමින් ඇමරිකා එක්සත් ජනපදය විසින් ගත් දේශපාලන තීරණයකි. මෙය සීතල යුද්ධයේ ආරම්භක ක්‍රියාව විය. යථාර්ථය වූයේ නාසි ජර්මනිය සමඟ මිත්‍ර වී සිටි ජපන් ෆැසිස්ට් පාලනය පෙරලා දමා ජපානය නිදහස් කර ගැනීමේ අද්දර සෝවියට් සංගමයද සිටි බවයි. ජපන් ෆැසිස්ට්වාදය පරාජය කළේ නම්, සෝවියට් සංගමයේ මිත්‍රයෙකු බවට පත්ව ජපානයේ පශ්චාත්-ෆැසිස්ට් රජය පසුව සමාජවාදී රටක් ලෙස නිර්මාණය වනු ඇතැයි ඇමරිකාව බියවිය. එබැවින්, දෙවන ලෝක යුද්ධය අවසන් වූ වහාම, ඇමරිකාව සෝවියට් සංගමයට එරෙහිව සීතල යුද්ධය දියත් කළ බැව් මතයක් නොව, ලේඛනගතකර ඇත. එය, ඇමරිකා එක්සත් ජනපද රජයේ ලේඛනවල පිළිබිඹු වන අතර එරට ඉහළම විශ්ව විද්‍යාලවල බොහෝ ප්‍රධාන ධාරාවේ ඉතිහාසඥයින්, මෙම ඉතිහාසය ගැන ලියා ඇත. මෙය එක්සත් ජනපදය, ජපානයට න්‍යෂ්ටික බෝම්බ හෙළීමේ සැබෑ ඉතිහාසයයි. එය දේශපාලනික තීරණයකි. ඇමරිකා එක්සත් ජනපද රජයේ සීතල රණශූරයන් ජපානයට පරමාණු බෝම්බ හෙළීම සෝවියට් සංගමය ඉලක්ක කරගත් දේශපාලන ක්‍රියාවක් ලෙස දුටහ. බ්‍රිතාන්‍යය ඇගේ නාවික බලඇණියත්, බලවත් ඇමරිකාව ශක්තිමත්ම ගුවන් හමුදාව සහ රුසියාව මහාද්වීපයේ දිගම ගොඩබිම් බලය සහිත සෝවියට් සංගමයට ඉදිරි කාලය සඳහා ලෝක සාමය සහතික කළ හැකිව තිබුණි. හිරෝෂිමා බෝම්බ ප්‍රහාරය ලෝක යුද්ධය අවසන් කළේ නැත. දෙවන ලෝක යුද්ධය අවසන් වූයේද නැත. එය සීතල යුද්ධය ආරම්භ කළේය. පරමාණු බෝම්බයේ දැවැන්ත බලය ලෝකයේ ප්‍රමුඛ සුපිරි බලවතුන් දෙදෙනා නව ගැටුමකට තල්ලු කළේය.

තවත් පැත්තකින්, ජපානය සමාජවාදී වෙන්න ඉඩ තිබිණ යැයි පැවසේ. එය සෝවියට් සංගමයේ මිත්‍රයෙක් වීමට ඉඩ තිබිණ. ජපන් අධිරාජ්‍යයේ ෆැසිස්ට් කුරිරුකම් පරාජය කරමින්, 1949 දී චීනයේ කොමියුනිස්ට්වාදීන් බලයට පත්වන විට, ජපානය මහජන චීන සමූහාණ්ඩුවේ මිත්‍රයෙක් වෙන්නට ඉඩ තිබුණි. එවිට සෝවියට් සංගමය, ජපානය සහ චීනය දැවැන්ත කොමියුනිස්ට් සුපිරි බලවතුන් ලෙස පැමිණීමට ඉඩ තිබිණ. එබැවින්, ජපානය සමාජවාදී වීම වැළැක්වීම සඳහා ඇමරිකා එක්සත් ජනපදය න්‍යෂ්ටික බෝම්බ හෙළීමෙන් ජපන් සිවිල් වැසියන් ලක්ෂ ගණනක් සමූලඝාතනය කළේ යැයි කියාද මතයකි.

ජපානය යටත් වීමේදී හා ඇමරිකාව බෝම්බය හෙළීමට ගත් තීරණයේදී සෝවියට් භූමිකාව පිළිබඳ තර්කය සමඟ සම්බන්ධයක් ඇත. තර්ක දෙකම සෝවියට් සංගමයේ වැදගත්කම අවධාරණය කරයි. පළමුවැන්නෙන් ජපානය, සෝවියට් සංගමයට බියෙන් එක්සත් ජනපදයට යටත් වූ බව යෝජනා කරන අතර, දෙවැන්නෙන් අවධාරණය කරන්නේ එක්සත් ජනපදය, සෝවියට් සංගමය බිය ගැන්වීම සඳහා බෝම්බ හෙළූ බවයි. යුද්ධය අවසන් වීම පිළිබඳ සෝවියට් වාර්තා සෝවියට් සංගමයේ කාර්යභාරය අවධාරණය කළේය. ‘මහා සෝවියට් විශ්වකෝෂය’ සිදුවීම් එය මෙසේ සාරාංශ කළේය;

‘1945 අගෝස්තු මාසයේදී ඇමරිකානු ගුවන් හමුදා, හිරෝෂිමා සහ නාගසාකි නගරවලට පරමාණු බෝම්බ හෙළූහ. මෙම බෝම්බ හෙලීම් මිලිටරි අවශ්‍යතාවයක් නිසා සිදු නොවූ අතර ඒවා ප්‍රධාන වශයෙන් දේශපාලන අරමුණු සඳහා සේවය කළේය. ඒවා සාමකාමී ජනගහණයකට දැවැන්ත හානියක් සිදු කළේය.

දෙවන ලෝක යුද්ධය ඉතා ඉක්මනින් අවසන් කිරීම අරමුණු කරගනිමින් සහ තම සගයින් සමඟ ගිවිසුමක් මගින් ඇති කරගත් බැඳීම් ඉටු කරමින්, 1945 අගෝස්තු 8 වන දින සෝවියට් රජය ප්‍රකාශ කළේ 1945 අගෝස්තු 9 වන දින සිට සෝවියට් සංගමය, ජපානයට එරෙහිව යුද්ධයක යෙදෙන බවත්, 1945 ජූලි 26 වන දින ඇමරිකා එක්සත් ජනපදය, මහා බ්‍රිතාන්‍යය සහ චීන රජය 1945 ‘පොට්ස්ඩෑම් ප්‍රකාශනය’ට සම්බන්ධ වූ බවත්ය. එය ජපානය කොන්දේසි විරහිතව යටත් කර ගැනීම ඉල්ලා සිටි අතර එහි පසුකාලීන හමුදාකරණය සහ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා පදනම පෙන්නුම් කළේය. ‘ක්වාන්ටන්ග්’ හමුදාව විනාශ කර මැන්චූරියාව, උතුරු කොරියාව, දකුණු සහාලින් සහ කුරිල් දූපත් නිදහස් කර ගනිමින්, සෝවියට් හමුදා විසින් එල්ල කරන ලද ප්‍රහාරය ඈත පෙරදිග යුද්ධය වේගයෙන් අවසන් කිරීමට හේතුවිය. 1945 සැප්තැම්බර් 2 වන දින ජපානය කොන්දේසි විරහිතව යටත්වීමේ ක්‍රියාවට අත්සන් තැබීය’.

සමහරු තර්ක කරන්නේ සෝවියට් සංගමය පැසිෆික් යුද්ධයට ඇතුළු වීමට පෙර බෝම්බ හෙළා ජපානය යටත් වීම එක්සත් ජනපදය බලාපොරොත්තු වූ බවයි. කෙසේ වෙතත්, සෝවියට් සංගමය, ඇමරිකා එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය යාල්ටා සමුළුවේදී සෝවියට් සංගමය ජපානයට එරෙහි යුද්ධයට සම්බන්ධ විය යුතු කාලය සහ යුද්ධය අවසානයේ ජපානයේ භූමිය බෙදිය යුතු ආකාරය පිළිබඳව එකඟතාවයකට පැමිණි සිටියහ.

‘Time’ සඟරාව ‘ ඔපන්හයිමර්, 1948 වසරේ පුද්ගලයා ලෙස නම් කළේය.

විනාශකාරී පරමාණු ප්‍රහාරය ගැන සමාව අයැදින්නේ නැහැ – බැරැක් ඔබාමා

හිරෝෂිමාවේ බුද්ධිමතුන් පිරිසක් හිරෝෂිමා සහ නාගසාකි මත පරමාණු බෝම්බ හෙළීම පිළිබඳ ‘ජාත්‍යන්තර ජනතා විනිශ්චය සභාව’ නමින් නිල නොවන ආයතනයක් පිහිටුවන ලදී. 2007 ජූලි 16 වන දින, එය සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මෙසේ පැවසීය;

“පරමාණු බෝම්බ නිසා සිදුවන හානියේ ස්වභාවය, සියලු ජීව ස්වරූප අවිචාරවත් ලෙස සමූල ඝාතනය කිරීම හෝ දිවි ගලවා ගත් අයට අනවශ්‍ය වේදනාවක් ඇති කිරීම ලෙස විස්තර කළ හැකි බව විනිශ්චය සභාව සොයා ගනී”.

ක්‍රියාවෙහි නීත්‍යානුකූලභාවය සහ සදාචාරය පිළිබඳව, නිල නොවන විනිශ්චය සභාව සොයා ගත්තේ;

“… හිරෝෂිමා සහ නාගසාකි හි න්‍යෂ්ටික අවි භාවිතය නීති විරෝධී වූයේ සන්නද්ධ ගැටුම්වලදී අදාළ වන ජාත්‍යන්තර මානුෂීය නීතියේ මූලධර්ම සහ නීතිරීති අනුව ය. නගර දෙකටම බෝම්බ හෙළීමෙන් සිවිල් වැසියන් ප්‍රහාරයේ අරමුණ බවට පත් වූ අතර, න්‍යෂ්ටික අ

Address

Mabole

Telephone

+94717258665

Website

Alerts

Be the first to know and let us send you an email when Nimal chandrasiri posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category