Nimal chandrasiri

Nimal chandrasiri මව්බිම වෙුනවෙන් පෙරට

21/02/2026

නිධානය උදේ 7 සිට
♻️ ඔබේ වගාවට වතුර නොමිලේ
♻️අඩු මුදලකින් සෝල වතුර පොම්පයක් සවිකර ගන්න.
♻️අපිට කතා කරොත් උදව් කරන්න පුළුවන්
👇අගල් 1, 2,3,4 ඕනෑම ප්‍රමාණයකින්
🌻🌻🌻🌻🌾🌾🌾🌱🌱🌱🏘️

11/02/2026

එක්සත් ජනපද අධිරාජ්‍යට එරෙහි ලෝක බලවතුන්ගෙ එකතුව - ට්‍රමිප්ගෙ සිහින රාජය කැනඩාව, ග්‍රින්ලන්තය, වෙනිසියුලාව (ලෝක .....

👉 කැප්පෙටිපොළ, පුරන් අප්පු, ගොන්ගාලේගොඩ බණ්ඩා වගේ වීරයන්ගේ නම් අපි හැමෝම අහලා තියනවා. හැබැයි ඩේවිඩ්, කුමාරස්වාමි, කොබ්බෑ...
04/02/2026

👉 කැප්පෙටිපොළ, පුරන් අප්පු, ගොන්ගාලේගොඩ බණ්ඩා වගේ වීරයන්ගේ නම් අපි හැමෝම අහලා තියනවා. හැබැයි ඩේවිඩ්, කුමාරස්වාමි, කොබ්බෑකඩුව, රත්මලේ උන්නාන්සේ වගේ වීරයන්ගේ නම් අපි හුග දෙනෙක් අහලාවත් නැහැ.

👉 1818 නිදහස් සටන සහ 1848 නිදහස් සටන ගැන අපි හැමෝම අහලා තියනවා. හැබැයි මේ සුප්‍රකට සටන් දෙක අතර මැද තිබුණු අවුරුදු 33ක කාල වකවානුව තුළ අපේ රටේ තවත් අප්‍රකට අරගල හතක් දියත් වෙලා තියනවා. ඒවා ගැන අපි බොහෝ දෙනෙක් අහලා නැහැ.

👉 එතකොට මේ කියන්න හදන්නේ බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදයට එරෙහිව ලංකාව තුළ දියත් වූ අප්‍රකට නිදහස් අරගල කිහිපයක් ගැන. මේවා 1815 හෝ 1848 අරගලය තරම් ප්‍රබලව ව්‍යාප්ත වූ සටන් නොවෙයි. මේවා සාපේක්ෂව පුංචි පුංචි සටන්. හැබැයි ඒ හැම එකේම අරමුණ වුණේ බි්‍රතාන්‍ය පාලනය පෙරළා දැමීම. ඒ වෙනුවෙන් අපේ මිනිස්සුන්ට ජීවිත ඇතුළු බොහෝ දේවල් පරිත්‍යාග කරන්න සිද්ධ වුණා.

👉අද ලංකාවේ ජාතික නිදහස් දිනය. නිදහස ගැන කතා කිරීමේදී ලංකාවේ තිබෙන්නේ අරගල නොකර දිනාගත්ත නිදහසක් කියන එකත් සමහරු කියන කතාවක්. ඒ අය මේ ඉතිහාසය ගැන දැනුවත්ව සිටීම වැදගත්.

1. 1820 ජනවාරි සටන

1815 සහ 1848 සුප්‍රකට සටන් දෙක අතර දියත් වූ පළමු අප්‍රකට නිදහස් සටන දියත් වුණේ 1820 වසරේ ජනවාරියේ. මේ සටන පටන් අරගෙන තියෙන්නේ ඌව බින්තැන්න ප්‍රදේශයෙන්. ඌව වෙල්ලස්ස සටනට වගේම මේ සටනටත් වැදි ජනතාව දහස් ගණනක් සම්බන්ධ වී තිබෙනවා. එතකොට මේ සටනේ රාජ ප්‍රතිරූපකයා වුණේ කුමාරස්වාමි කියලා කෙනෙක්. එතකොට ගණේගොඩ කියන දිසාවේවරයා විසින් සිදුකළ පාවාදීමක් නිසා මේ සටන ගැන ඉංග්‍රීසීන්ට කරුණු වාර්තා වෙනවා. ඒ අනුව 1820 ජනවාරි 12 වැනිදා මේ කුමාරස්වාමි කියන පුද්ගලයාව අල්ලාගෙන, නඩු අහලා ඔහුට මරණ දඬුවම නියම කරනවා. හැබැයි පස්සේ මරණ දඬුවම වෙනස් කරලා කුමාරස්වාමිව ජීවිතාන්තය දක්වා මුරුසියට පිටුවහල් කරනවා. ඉතින් මේ කුමාරස්වාමි කියන්නේ නිදහස වෙනුවෙන් එහෙම කැපකිරීමක් කළ කෙනෙක්. හැබැයි අපි කවුරුත් ඔහු ගැන දන්නේ නැහැ.

2. 1820 ඔක්තෝබර් සටන

1820 අවුරුද්දේම මාතලේ ප්‍රදේශයේ තවත් නිදහස් සටනක් දියත් වී තිබෙනවා. මේ සටනට මුල් වුණේ 1818 අරගලයටත් සම්බන්ධ කොබ්බෑකඩුව කියලා පුද්ගලයෙක්. කොබ්බෑකඩුවට අමතරව, කොස්වත්තේ රටේ රාළ සහ හල්මිල්ලෑවැව උන්නාස්සේ කියන භික්ෂුව ඇතුළු ගිහි පැවිදි පිරිසක් මේ සටනට නායකත්වය දීලා තියනවා. හැබැයි මේ සටන පැතිරුණු සටනක් දක්වා වර්ධනය වෙන්න කලින්ම කොබ්බෑකඩුව අත්අඩංගුවට ගැනීමට ඉංග්‍රීසීන් සමත් වෙලා තියනවා. පසුව 1820 ඔක්තෝබර් 29 වැනිදා කොබ්බෑකඩුව ඇතුළු සටනේ නායකයන් එල්ලා මරා දැමීම සිදුවෙනවා. ඉතින් ඒ අනුව මේ කොබ්බෑකඩුව කියන්නේ අපේ රටේ නිදහස වෙනුවෙන් ජීවිතය දීපු තවත් අප්‍රකට වීරයෙක්. එතකොට මේ සටන්වල විශේෂත්වය තමයි මේ සටන් දෙකම බි්‍රතාන්‍යයින් 1818දී පැනවූ යුද්ධ නීතිය අවලංගු කිරීමට පෙර දියත් වූ සටන් වීම. 1821 ජනවාරි 3 වෙනිදා තමයි බි්‍රතාන්‍යයින් මේ යුද්ධ නීතිය අවලංගු කරන්නේ.

3. 1823 පෙබරවාරි සටන

1823 අවුරුද්දේ පෙබරවාරි මාසේ නුවරකලාවිය ප්‍රදේශයෙන් තවත් නිදහස් සටනක් මතු වෙලා තියනවා. නුවරකලාවිය කියන්නේ වර්තමාන අනුරාධපුර ප්‍රදේශය. අනුරාධපුරයේ තිබෙන නුවර වැව, කලා වැව සහ පදවිය වැව කියන වැව් තුනේ නම්වලින් තමයි නුවරකලාවිය කියන නම හැදිලා තියෙන්නේ. මේ සටනේ නායකයා රත්මලේ උන්නාන්සේ කියලා භික්ෂූන් වහන්සේ නමක්. වැඩිදුර යන්න කලින් මේ සටන මර්දනය කරලා රත්මලේ උන්නාන්සේ අත්අඩංගුවට ගන්න බි්‍රතාන්‍ය හමුදා සමත් වෙනවා.

4. 1823 මැයි සටන

මීළඟට 1823 අවුරුද්දේම මැයි මාසයේ මාතලේ ප්‍රදේශයෙන් තවත් නිදහස් සටනක් ගැන අහන්න ලැබෙනවා. මේ සටනේ ප්‍රධාන නායකයන් දෙන්නෙක් තමයි කහවත්තේ උන්නාන්සේ සහ කොස්වත්තේ රටේ රාළ. පස්සේ 1823 අගෝස්තු 5 වෙනිදා මේ දෙන්නාවම එල්ලා මරනවා. මේ සටනත් පටන් ගන්න කොටම මර්දනය කෙරෙනවා. එතෙන්දි 29 දෙනෙක් රාජද්‍රෝහී චෝදනාවලට වැරදි කරුවෝ වෙනවා. ඒ අතරින් මම කලින් කිව් දෙන්නා එල්ලා මරනවා. 13 දෙනෙක් ජීවිතාන්තය දක්වා රටින් පිටුවහල් කෙරෙනවා. තව කිහිප දෙනෙකුට කස පහර සහ වසර කිපයක සිර දඩුවම් ලැබෙනවා. මේ සටනේ විශේෂත්වයක් තමයි මේ සටනේ රාජ ප්‍රතිරූපකයා ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශයෙන් පැමිණි ඉන්දියානු ජාතිකයෙක් වීම. ඔහුගේ නම ක්‍රිෂ්ණා හෙට්ටි. ඔහුට මේ සටනෙදි සිර දඬුවමක් තමයි ලැබෙන්නේ. මේක අද අපට පුංචි කතාවක් වුණාට මේ සටනට දායක වුණ අයට තමන්ගේ මුළු ජීවිතයම අහිමි වෙනවා. එල්ලා මැරුවේ දෙන්නෙක් විතරයි වුණාට 13 දෙනෙක් ජීවිතාන්තය තෙක් රටින් පිටුවහල් වෙනවා. ඒකත් මරණය වගේම ජීවිත අහිමි වීමක් තමයි. හැබැයි මේ වීරයෝ ගැන අපි කවුරුත් අහලා නෑ.

5. 1824 අගෝස්තු සටන

මේ සටනින් අවුරුද්දකට පස්සේ 1824 අගෝස්තු මාසයේ තවත් නිදහස් සටනක තොරතුරු අපට අහන්න ලැබෙනවා. මේකට නායකත්වය දීලා තිබෙන්නෙත් භික්ෂූන් වහන්සේ නමක්. උන්වහන්සේගේ නම සඳහන් වෙන්නේ නැහැ. ඊට අමතරව, නෙල්ලියේ පුංචි රාල සහ වන්නකු රාලගේ පුංචි රාල කියන දෙදෙනා ඇතුලු පිරිසක් මේකට සම්බන්ධ වෙලා තිබෙනවා. ආයුධ සන්නද්ද වැදි ජනතාව ඇතුළු පන්සීයක විතර පිරිසක් තමයි මේ සටන පටන් අරගෙන තියෙන්නේ. මේ සටනේ රාජ ප්‍රතිරූපකයා හාරිස්පත්තුවේ සෙව්රාල කියලා කෙනෙක්. ඉංග්‍රීසි හමුදා මේ සටන මර්දනය කිරීමේදී විශාල පිරිසක් අත්අඩංගුවට අරගෙන තිබෙනවා. ඒ අතරින් 50 දෙනෙකුට මරණ දඩුවම ලැබෙනවා. අනිත් අයට සිර දඬුවම් ඇතුළු විවිධ මට්ටමේ දඬුවම් හිමිවෙනවා.

6. 1843 බි්‍රතාන්‍ය විරෝධී කුමන්ත්‍රණය

1834 අවුරුද්දේ අපට තවත් වෙනස් විදිහේ සටනක් ගැන අහන්න ලැබෙනවා. මේකට මූලික වෙලා තියෙන්නේ මොල්ලිගොඩ කියන උඩරට නායකයා. ඔහු 1818 සටනේදී ඉංග්‍රීසීන්ගේ ජයග්‍රහණයට උදව් කරලා ඒ වෙනුවෙන් විශාල වරප්‍රසාද ලබමින් සිටි කෙනෙක්. ඔහු තමයි මේකට මුල් වෙන්නේ. මේක ඇත්තටම සටනකට වඩා ඉංග්‍රීසි පාලනය පෙරලා දැමීමට දියත් කළ සූක්ෂ්ම කුමන්ත්‍රණයක්. මෙතෙන්දි ඔවුන් කළ දේ තමයි ඉංග්‍රීසි නිලධාරීන් සාදයකට කැඳවලා ඔවුන්ට වස දීලා ඝාතනයට ලක් කරන එක. මෙතෙන්දි ඉංග්‍රීසි පාලනය පෙරළා දැමීමට ප්‍රංශයෙන් ආධාර ලබාගන්නත් මොල්ලිගොඩ සැලසුම් කරලා තියනවා. හැබයි ඉංග්‍රීසීන්ට කල් තියා මේ සැලසුම ගැන තොරතුරු අනාවරණය වෙනවා. ඒ අනුව මොල්ලිගොඩ ඇතුළු සිය දෙනෙක් අත්අඩංගුවට අරගෙන නඩු පවරනවා. හැබැයි පසුව ඔවුන් මේ නඩුවෙන් නිදහස් වෙලා තිබෙනවා.

7. 1843 සටන

මෙතෙක් පෙන්වා දුන් අප්‍රකට නිදහස් අරගලවල අවසාන සටන වාර්තා වෙන්නේ 1843 දුම්බර ප්‍රදේශයෙන්. මේ සටනේ රාජ ප්‍රතිරූපකයා ඩේවිඩ් කියලා කෙනෙක්. මේ සටන පටන් ගන්න කලින්ම මේකට නායකත්වය දීපු දීනිස්, ඩේවිඩ්, ඩිංගිරාල, චන්ද්‍රගුප්ත, සීලවංශ සහ සරණංකර කියන භික්ෂූව අත්අඩංගුවට ගැනීමට ඉංග්‍රීසින් සමත් වෙලා තියනවා. මෙතෙන්දි රාජ ප්‍රතිරූපකයාව එල්ලා මරන්න තීරණය වුණත් පස්සේ ඒක අවුරුදු 14ක සිර දඬුවමකට සීමා වෙනවා. අනිත් අයට විවිධ මට්ටමේ සිර දඬුවම් ලැබෙනවා. මේවා තමයි 1818 සහ 1848 කියන කාල වකවානු අතර අපේ රටේ දියත් වූ අප්‍රකට නිදහස් අරගල.

අද අපි කාටත් මේවා අමතක වෙලා තිබුණාට මේ අප්‍රකට අරගල වෙනුවෙන් අපේ රටේ විශාල පිරිසක් ජීවිත ඇතුළු බොහෝ දේවල් පරිත්‍යාග කළා.

ආචාර්ය කුමාරි ජයවර්ධන විසින් රචනා කරපු Perpetual Ferment: Popular Revolts in Sri Lanka in the 18th and 19th Centuries කියන පොතේ සහ ගුණසේන සමාගම විසින් ප්‍රකාශයට පත් කළ ලාංකේය ඉතිහාසය කියන වෙළුම් පහක ග්‍රන්ථයට මහාචාර්ය මාලනී ඇදගම විසින් සැපයූ ලිපියකත් මේ කරුණු ඇතුළත් වෙනවා. වැඩි විස්තර අවශ්‍ය අයට ඒවා කියවා බලන්න පුළුවන්.

ඉසුරු ප්‍රසංග

ලෝක ආර්ථික සමුළුව සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසන්නේ ලෝක ආර්ථික සමුළුවේ අරමුණ බව...
03/02/2026

ලෝක ආර්ථික සමුළුව සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසන්නේ ලෝක ආර්ථික සමුළුවේ අරමුණ බවට පත්ව ඇත්තේ ධනේෂ්වර ආර්ථික සමාජ රටාවක් තුළ ධනේෂ්වර ක්‍රමය දියුණුකරමින් ඉදිරියට ගෙනයාම බවයි.

ධනේෂ්වර ක්‍රමයේ ප්‍රතිඵලයක් ලෙස බරපතළ අතුරු අනිටු ප්‍රතිවිපාක පාලනය කරන්නේ කෙසේදැයි ඒවාට විසඳුම් සොයන්නේ කෙසේදැයි මෙහිදී සාකච්ඡාවන බවත් පවසන ඒ මහතා ලෝකය වඩා යහපත් තැනක් බවට පත්කිරීම මෙහි අරමුණ බව සමාජගත කර තිබුනද මෙහි පිටුපස ඇති කතාව ඊටවඩා හාත්පසින්ම අමිහිරි බවත් පෙන්වා දෙයි.

සවිස්තරාත්මක වීඩියෝව 👇

ලෝක ආර්ථික සමුළුවේ හෙළුව හෙළිවේ. අගමැති හරිනිත් සහභාගී වෙලා. MOHAN SAMARANAYAKE - loka puwath vivarnaya - 03

ලෝක පොලිස් කාරයා ඉදිරියේ ඉරානයේ ඉරණම ගැන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක් (වීඩියෝ)ඉරානයේ විරෝධතා පැවැත්ව...
28/01/2026

ලෝක පොලිස් කාරයා ඉදිරියේ ඉරානයේ ඉරණම ගැන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක් (වීඩියෝ)

ඉරානයේ විරෝධතා පැවැත්වෙන අතරතුර අමෙරිකා එක්සත් ජනපදය එම විරෝධතාකරුවන්ට සහාය ලබාදෙමින් ඉරාන රාජ්‍ය බිඳනැමීමට උත්සාහ කළ ආකාරය පිළිබඳව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා කරුණු අනාවරණයක් සිදුකරයි.

අමෙරිකා එක්සත් ජනපදයට හිතෛෂී පාලනයක් ඉරානය තුළ බිහිකර ගැනීමට අමෙරිකාව උත්සාහ දැරුවද එය සාර්ථක කරගැනීමට නොහැකි වුවත් ඉරානයේ වරින්වර ඇති වන විරෝධතා පිටුපස අමෙරිකාව සිටීමට සාධක ගණනාවක් බලපා ඇති බවත් ඒ මහතා මෙහිදී හෙළිදරව් කරයි.

සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න.

ලෝක පොලිස් කාරයා ඉදිරියේ ඉරානයේ ඉරණම Mohan Samaranayaka

https://www.youtube.com/watch?v=TiZjFSIio3s
22/01/2026

https://www.youtube.com/watch?v=TiZjFSIio3s

අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ සැබෑ අරමුණ සමාජය බිඳ දැමීම | අගමැතිනියට ඒ සඳහා පෞද්ගලික අවශ්‍යතාවක් තියෙන්න පුලුවන් | ජ...

20/01/2026

බ්‍රිතාන්‍ය දරුවන්ට සමාජ මාධ්‍යය තහනම්.

පුවක් වගාවේ වටිනාකම්පුවක් (Areca catechu) වගාව ශ්‍රී ලංකාවේ සම්ප්‍රදායික හා වාණිජ වශයෙන් වැදගත් කෘෂිකාර්මික වගාවක් ලෙස ස...
07/01/2026

පුවක් වගාවේ වටිනාකම්

පුවක් (Areca catechu) වගාව ශ්‍රී ලංකාවේ සම්ප්‍රදායික හා වාණිජ වශයෙන් වැදගත් කෘෂිකාර්මික වගාවක් ලෙස සැලකේ. විශේෂයෙන්ම මධ්‍යම, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වල පුවක් වගාව විශාල වශයෙන් සිදු කෙරේ. ආර්ථික, සමාජීය, සංස්කෘතික හා පාරිසරික අංශ කිහිපයකින්ම පුවක් වගාවට විශාල වටිනාකමක් ඇත.

1. ආර්ථික වටිනාකම
පුවක් වගාව ගොවීන්ට ස්ථාවර ආදායම් මාර්ගයක් සපයයි. වසර ගණනාවක් පුරා පුවක් ගසින් අස්වැන්න ලබාගත හැකි බැවින් දිගුකාලීන ආයෝජනයක් ලෙස පුවක් වගාව ඉතා වැදගත් වේ.
දේශීය වෙළඳපොළට අමතරව පුවක් අපනයන බෝගයක් ලෙසද වටිනාකමක් දරයි. ඉන්දියාව, පකිස්තානය, නේපාලය වැනි රටවල් පුවක් සඳහා ප්‍රධාන වෙළඳපොළවල් ලෙස සැලකේ. මේ මගින් විදේශ විනිමය උපයීමටද පුවක් වගාව දායක වේ.

2. සමාජීය වටිනාකම
ග්‍රාමීය ජනතාවට රැකියා අවස්ථා ලබාදීම තුළින් පුවක් වගාව සමාජීය වශයෙන්ද වැදගත් වේ. පුවක් වගා කිරීම, අස්වැන්න නෙලීම, වියළීම, සැකසීම හා අලෙවිය යන ක්‍රියාකාරකම් සඳහා විශාල ශ්‍රම බලකායක් අවශ්‍ය වේ.
ඒ හේතුවෙන් ග්‍රාමීය ජනතාවගේ ජීවන මට්ටම උසස් කිරීමට පුවක් වගාව මහත් ලෙස දායක වේ.

3. සංස්කෘතික හා ආගමික වටිනාකම
ශ්‍රී ලාංකීය සංස්කෘතිය තුළ පුවක්ට විශේෂ ස්ථානයක් ඇත. විවාහ, පූජා, දානය, ආගමික උත්සව සහ සම්ප්‍රදායික චාරිත්‍රවලදී පුවක් අත්‍යවශ්‍ය අංගයක් ලෙස භාවිතා කෙරේ.
“පුවක් – බුලත්” සම්ප්‍රදාය ශ්‍රී ලාංකීය සමාජයේ ගෞරවය, ආදරය හා සම්බන්ධතාවය නිරූපණය කරන සංකේතයක් ලෙසද සැලකේ.

4. කෘෂිකාර්මික හා පාරිසරික වටිනාකම
පුවක් ගස මධ්‍යම උසකින් යුක්ත වන බැවින් මිශ්‍ර වගාවට (intercropping) ඉතා සුදුසුය. පුවක් ගස් අතර ගම්මිරිස්, කෝපි, කුරුඳු, ඉඟුරු වැනි බෝග වගා කළ හැකි බැවින් ඉඩමෙන් උපරිම ප්‍රයෝජනය ලබාගත හැක.
එමෙන්ම පුවක් වගාව මගින් මண் ඝාතනය අවම කර පරිසර සංරක්ෂණයටද දායක වේ.

5. ජාතික ආර්ථිකයට ඇති දායකත්වය
පුවක් වගාව ජාතික කෘෂිකාර්මික නිෂ්පාදනයට හා අපනයන ආදායමට වැදගත් දායකත්වයක් ලබාදෙයි. කෘෂිකර්ම අංශයේ ස්ථායීත්වය පවත්වාගෙන යාමට පුවක් වගාව මගින් විශාල ශක්තියක් සැපයෙයි.
නිගමනය
පුවක් වගාව ආර්ථික, සමාජීය, සංස්කෘතික හා පාරිසරික වශයෙන් බහුඅංශීය වටිනාකම් රැසක් ඇති වගාවක් ලෙස සැලකිය හැක. එබැවින් නව තාක්ෂණය, විද්‍යාත්මක ක්‍රම හා නිසි කළමනාකරණය යටතේ පුවක් වගාව දියුණු කිරීම ශ්‍රී ලංකාවේ ගොවීන්ගේ සහ ජාතික ආර්ථිකයේ ප්‍රගතියට ඉතා වැදගත් වේ.

🚬සිගරට් එකක් රු.160🐓බිත්තර 05 ක් ම රු.150වැඩිය හිතන්න එපා. නිකමට වගේ දැම්මේ. 🌡️
04/10/2025

🚬සිගරට් එකක් රු.160
🐓බිත්තර 05 ක් ම රු.150

වැඩිය හිතන්න එපා. නිකමට වගේ දැම්මේ. 🌡️

Address

Mabole

Telephone

+94717258665

Website

Alerts

Be the first to know and let us send you an email when Nimal chandrasiri posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category