31/12/2023
31 දාන්න හිටියෙ මේ වීඩියො එක නෙවෙයි ශ්‍රී ලංකන් එයාර්ලයින් නිසා ඒකත් උනා
December 30 වෙනිදා පාන්දර 3:30 මම එයාර්පොර්ට් එකට ගියේ December 31 තායිලන්තයෙ පතාය නගරයෙ පවත්වන international Fire work festival එක බලන්න යන්න..
Srilankan airlines වල එක එක Flight delay and cancellation නිව්ස් වලින් දැකල තිබුනත් මම වැඩ කරපු එයාර්ලයින් එක නිසාත් මේ Flight එක පැය 3:30 අඩු කාලයක් ගතවන නිසාත් විෂ්වාසයෙන් 30 වෙනිදා උදේ 7:30 තිබුන Flight එක book කරන් එයාර්පෝර්ට් එකට ගියේ Firework festival activities and hotel ඔක්කොම prebook කරල...
Airport එකට ගියාට පස්සෙයි මන් දැනගත්තෙ Flight එක cancel කියල ඉතින් එලියෙ ටිකට් counter එකෙන්ම ඉක්මනින් වෙනත් flight එකක් හොයා ගන්න හැදුවත් හම්බුනේ නෑ.. ඔක්කොම තිබ්බෙ බැංකොක් වලට 31 හවස හෝ රෑ යන ඒවා.. ඒවත් ගොඩක් ශ්‍රීලන්කන් එයාර්ලයින් ඔක්කොම ට්‍රාන්සිට්
ප්‍රශ්නෙ උනේ මට බැංකොක් වල ඉදලා පතාය යන්න අඩුම පැය 2:30 යනවා ඒත් international firework festival එක නිසා Traffic එකත් එක්ක කියන්න බෑ මන් pattaya යන්න බුක් කරපු Taxi එකත් නෑ( Already paid for that taxi 😥) Hotel booking firework festival activities ඔක්කොටම ගෙවල තිබුනෙ 30 හවස ඉදල..
ඊටපස්සෙ මම ඇතුලෙ කවුන්ටර්ස් වලට ගියා Flight ගැන details අහන්න , මට වෙන යන්න විදියක් බලන්න සහ යන්නම බැරි උනොත් refund ගන්න විදිය දැනගන්නයි Cancellation letter එකක් ගන්නයි..
මාව එක්කන් ගියා 30 වෙනිදා පාන්දර ඩියුටි හිටිය චූටිම සයිස්(ශ්‍රී ලංකන් එකේ අය නම් දන්නව දැන් කවුද කියල) සුපර්වයිසර් ලගට එයා ඈනුම් ඇර ඇර මන් නිකන් ෆලයි එකේ යනව වගේ උත්තර දුන්නෙ උබ ගියත් එකයි නැතත් එකයි මට මාසෙට පඩිය එනවනෙ කියන ලයින් එකෙන්..
එයාල මට Solutions දුන්නෙ නැති නිසා මන් ලෙටර් එක ඉල්ලුවම මට වාඩිවෙලා ඉන්න ලගට ගෙනත් දෙන්නම් කීවා...
විනාඩි 20 පස්සෙ මන් ඒ සුපර්වයිසර් ලගට ගියා එයා තව සුපර්වයිසර්ස් 3ක් විතර වට කරන් අවුරුද්දට කැවුම් කොකික් ලිස්ට් හදනවා.. අපි කට්ට කනවා...
පස්සෙ මන් එතන කියල කියල ලෙටර් එකත් අරන් ආවා ගෙදර...
මේක මගෙ එක්ස්පීරින්ස් එක , pre-books plans hotels තියෙනව නම් කවදාවත් Srilankan airlines යන්නෙපා.. ටයිම් පාස් කරන්න , කට්ට කන්න රස්සියාදු වෙන්න , කාලෙ ගැන සහ මුදල් අවුලක් නැත්නම් හොදම එයාර්යින් එක මේක..
මන් 2016 ඉදල දැනට international & Domestic Flight 200 වඩා එයාර්ලයින් 60කට වඩා රටවල් 10ක ගිහින් තියෙනව flight delay වෙලත් තියෙනවා ඒත්, මේ මගේ ජීවිතෙ මට ලැබුන worst experience එක Thank you Srilankan Airlines
I have planned to visit pattaya international festival 31st night so I booked ticket with srilankan airline UL404 and ready to departure 30th early morning a...