PublicFinance.LK

PublicFinance.LK දුර්මත - විනිවිද - දකින්න

PublicFinance.LK යනු ශ්‍රී ලංකාවේ අංක එකේ ස්වාධීන පර්යේෂණ ආයතනය වන වෙරිටේ රිසර්ච් ආයතනය පවත්වාගෙන යන වේදිකාවක් වේ. ආර්ථිකයට අදාළ කරුණු කාරණා, සරල, තේරුම්ගත හැකි සටහන් සහ විශ්ලේෂණයන් හරහා පොදුජන දැනගැන්ම සහ යහපත තකා ඉදිරිපත් කිරීම මෙම වේදිකාවේ පරම අරමුණ වේ.

21/07/2025

🔴 මිනිස්සුන්ට සල්ලි තියෙනවා. රටටයි සල්ලි නැත්තේ!

අපිට වැරදිලා කියලා හිතෙනවා නම්, වීඩියෝ එන අනිවා බලන්න.

👉 වැඩි විස්තර: https://tr.ee/B3KGKE

🔥 හැමෝටම කලින් මේ වගේ විස්තර ගැන දැනගන්න එන්න: https://whatsapp.com/channel/0029VawOuBaDZ4LivxlMVr3w

💡 2025 මැයි මාසය වෙනකොට ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක IMF ණය වැඩසටහනේ ප්‍රගතියවෙරිටේ රිසර්ච් IMF මීටරයට අනුව පහුගිය මාසය...
26/06/2025

💡 2025 මැයි මාසය වෙනකොට ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක IMF ණය වැඩසටහනේ ප්‍රගතිය

වෙරිටේ රිසර්ච් IMF මීටරයට අනුව පහුගිය මාසය වෙනකොට අපි රටක් හැටියට IMF වැඩසටහන යටතේ දීලා තියෙන කැපවීම්වල ප්‍රගතිය තිබුනේ මේ විදිහට.

IMF මීටරය කියන්නේ මේ ණය වැඩසටහනේ ප්‍රගතිය මනින දැනට තියෙන එකම මෙවලම.

🟢 ඉටුකළ කැපවීම් - 10%
🔴 ඉටු නොකළ කැපවීම් - 5%
🟠 ප්‍රගතිය නොදන්නා කැපවීම් - 17%
⚫ ඉටුකළ යුතු කැපවීම් - 68%

මේ වර්ග කිරීම විස්තර කළොත්, ඉටුකළ කැපවීම් කියන්නේ දැනට ප්‍රසිද්ධ කරලා තියෙන තොරතුරුවලට අනුව ඉටුකළ බවට වර්ග කරන්න පුළුවන් කැපවීම්වලට. ඒවා මොනවාද, කියන එක පහතින් දක්වලා තියෙනවා.

ඒකෙම අනික් පැත්ත, ඉටුනොකළ කැපවීම් කියන්නේ දැනට ප්‍රසිද්ධ කරලා තියෙන තොරතුරුවලට අනුව ඉටුකර නැති බවට වර්ග කරන්නට සිදුවෙන කැපවීම්වලට. ඒවත් පහත දක්වලයි තියෙන්නේ.

ප්‍රගතිය නොදන්නා කැපවීම් කියන්නේ - මේ කැපවීම්වල ප්‍රගතිය මනින්න තොරතුරු නැහැ. ඒ කියන්නේ, ඔබට - අපට පරිශීලනය කරන්න ප්‍රළුවන් විදිහට ප්‍රසිද්ධ කරපු තොරතුරු නැහැ කියන එක.

ඉටුකළ යුතු කැපවීම් කියන්නේ ඉදිරියට අපි ඉටුකරන්න තියෙන කැපවීම්. මේවා ඉටුකළ යුතුව තිබෙන්නේ ඉදිරියට එන මාසවල දී.

👉 මේ කාරණා ගැන විස්තරාත්මක පැහැදිලි කිරීමක් මෙතැන ඇති: https://shorturl.at/tzenY

🔥 හැමෝටම කලින් මේ වගේ විස්තර ගැන දැනගන්න එන්න: https://whatsapp.com/channel/0029VawOuBaDZ4LivxlMVr3w

12/06/2025

🔴 කළු සල්ලි සුදු වෙන හැටි ගැන කවුරුත් නොකියන කතාවක්. අනිවාර්යයෙන්ම අහලා බලන්න.

😲 මෙදා කැවිලි කන්න දරන්න වෙන වියදම වැඩියි🔼 2025 අලුත් අවුරුදු කැවිලි මේසයේ වියදම, 2024 අවුරුද්දට වඩා 7%කින් ඉහළ ගිහින්. ...
11/04/2025

😲 මෙදා කැවිලි කන්න දරන්න වෙන වියදම වැඩියි

🔼 2025 අලුත් අවුරුදු කැවිලි මේසයේ වියදම, 2024 අවුරුද්දට වඩා 7%කින් ඉහළ ගිහින්. මේකට ප්‍රධානම හේතුව පොල් මිලේ වැඩිවීම.

👉 පහුගිය අනෙක් අවුරුදුවල කැවිලි මේස එක්කත් මිල සංසන්දනය කරලා බලන්න එන්න මෙතැනට: https://shorturl.at/Tjy21

🔥 ටක් ගාලා Update වෙන්න: https://whatsapp.com/channel/0029VawOuBaDZ4LivxlMVr3w

🔴 ඇමරිකාව පනවපු බදූවලින් අපිට එල්ල වෙන්න පුළුවන් බලපෑම?අප්‍රේල් 02 වැනිදා, ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්  ශ්‍රී ලංකාව...
04/04/2025

🔴 ඇමරිකාව පනවපු බදූවලින් අපිට එල්ල වෙන්න පුළුවන් බලපෑම?

අප්‍රේල් 02 වැනිදා, ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ශ්‍රී ලංකාව එරටට අපනයනය කරන භාණ්ඩවලට සියයට 44ක තීරු බදු පැනවූවා.

මෙම අපනයනවලින් වැඩිම ප්‍රමාණයක් ඇඟලුම්. ඒ නිසාම මේ අලුත් බදුවලින් වැඩිම බලපෑමක් එල්ල වෙන්න යන්නේ ඇඟලුම් කර්මාන්තයට.

☝️ මේ නව තීරුබදු ක්‍රමය එම කර්මාන්තයට බලපාන ආකාරය උඩින් දක්වලා තියෙනවා.

👉 සවිස්තරාත්මක පැහැදිලි කිරීමක් මෙතැන: https://shorturl.at/TnnyG

🔥 ටක් ගාලා Update වෙන්න: https://whatsapp.com/channel/0029VawOuBaDZ4LivxlMVr3w

08/03/2025

🔴 අයවැයේ නැහැ. හැබැයි තිබිය යුතුයි - 02

අද 2025 අයවැය විවාදයේ කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයේ වැයශීර්ෂය විවාදයට ලක්වෙන දවස.

කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය සමාජ සුබසාධනය කියන විෂය යටතේ කාණ්ඩ කරන්න පුළුවන්. මේ විෂය යටතේ තියෙණ අනෙක් අමාත්‍යාංශය තමයි (මේ ආණ්ඩුව යටතේ) ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය. මේ අමාත්‍යාංශ 2ට මෙවර අයවැයෙන් රුපියල් බිලියන 43ක මුදලක් වෙන්කරලා තියෙනවා. ඒක 2024 සංශෝධිත අයවැයෙන් වෙන්කෙරුණු රුපියල් බිලියන 78‌ට වඩා අඩු මුදලක්.

💡 මේ උත්සාහය මුදල් වෙන්කිරීමේ අඩුපාඩු ගැන කියන්නම් නෙවෙයි. මේ අලුත් ආණ්ඩුවට කළ හැකිව තිබුණු නමුත් මෙවර අයවැයට ඇතුළත් කරලා නැති දෙයක් ගැන කියන්න. ඒක තමයි රජයේ අනුග්‍රහය යටතේ මාතෘ නිවාඩු දීමනා ලබාදීම- පෞද්ගලික අංශය ඉලක්ක කරගෙන.

මේ පැහැදිලි කිරීම වෙරිටේ රිසර්ච් කනිෂ්ඨ පර්යේෂිකාවන් වන ෂලෝමි ලියනගේ සහ සදිනි ගල්හේන දෙපළගෙන්.

👉 සම්පූර්ණ කතාව මෙතැන: https://youtu.be/L6HRIpTMiOY?si=u5767Sj3SJ4U2C04

🔥 ටක් ගාලා Update වෙන්න: https://whatsapp.com/channel/0029VawOuBaDZ4LivxlMVr3w

05/03/2025

🔴 අයවැයේ නැහැ. හැබැයි තිබිය යුතුයි - 01

💰 සේවක අර්ථසාධක අරමුදලේ මුදල් යොදාගෙන කරන ආයෝජනවලින් ලැබෙණ ප්‍රතිලාභයට 14%ක බද්දක් වදිනවා. හරිනම්, මේ අයවැයෙන් ඒ බද්ද ඉවත් කළ යුතුව තිබුණා.

මොකද, සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයන් බහුතරයක් ආදායම් බද්ද පනවා ඇති සීමාවට වඩා අඩු ආදායමක් ලබන අය. මේ සාමාජිකයන්ට රැකියාවෙන් විශ්‍රාම ගියාට පස්සේ අන්තිමට ඉතුරු වෙන්නෙත් අර්ථසාධකයෙක් ලැබෙණ මුදල විතරයි.

දැන්, අර්ථසාධකයේ ආයෝජනවලින් ලැබෙණ ප්‍රතිලාභයට බද්දක් වදිනවා කියන්නේ, මේ සාමාජිකයන්ට අවසානයේ ලැබෙණ මුදලටත් ඒක බලපානවා. ඇයි, බද්ද වැදුණේ නැත්නම් ඒ කැපෙන මුදලත් එකතු වෙන්නේ අර්ථසාධක අරමුදලටම නිසා- දැන් එහෙම වෙන්නේ නැහැ.

🙁 නමුත් මේ ආණ්ඩුව ඒ ගැන අවදානයක් යොමුකර නැති බවයි 2025 අයවැයෙන් පේන්න තියෙන්නේ.

👉 සම්පූර්ණ කතාව මෙතැන: https://youtu.be/L6HRIpTMiOY?si=u5767Sj3SJ4U2C04

🔥 ටක් ගාලා Update වෙන්න: https://whatsapp.com/channel/0029VawOuBaDZ4LivxlMVr3w

02/03/2025

😎 පිටු 52ක අයවැය එක පිටුවකින් බලාගමු!

🔴 කවුරු හරි ඇහුවොත්, මෙදා අයවැයෙන් අධ්‍යාපනයට වෙන්කරලා තියෙණ මුදල කොච්චරක් ද? කියලා ටක් ගාලා කියන්න පුළුවන් ද?

🔴 එතකොට, ඒ මුදල එදාට වඩා අද වැඩියි කියලා කිව්වොත් ඒක එහෙමම අහගෙන ඉන්නව ද? නැත්නම් හොයලා බලනව ද?

2025 අයවැයේ මේ විස්තර දැනගන්න පහසු ක්‍රමයක් අපි හදලා තියෙනවා.

👉 එන්න මෙතනට: https://dashboards.publicfinance.lk/annual-budget/

දැනුවත් වෙන්න - ෂෙයාර් කරන්න.

👉 සම්පූර්ණ කතාව මෙතැන: https://youtu.be/L6HRIpTMiOY?si=u5767Sj3SJ4U2C04

🔥 ටක් ගාලා Update වෙන්න: https://whatsapp.com/channel/0029VawOuBaDZ4LivxlMVr3w

28/02/2025

💰 2025 අයවැය විවාදය මේ දවස්වල පැවැත්වෙනවා. මේ අයවැය විවාදයේ දී, ආණ්ඩුවට නිතර එල්ල වෙන චෝදනාවක් තමයි මේක අන්තර්ජාතික මුල්‍ය අරමුදල සතුටු කරන්න හදපු අයවැයක් ය, කියන එක.

🤔 ඒක ඇත්ත ද?

💡 වෙරිටේ රිසර්ච් කනිෂ්ඨ පර්යේෂිකාවන් වන ෂලෝමි ලියනගේ සහ සදනි ගල්හේන මේ ගැන පැහැදිලි කරනවා.

👉 සම්පූර්ණ කතාව මෙතැන: https://youtu.be/L6HRIpTMiOY?si=u5767Sj3SJ4U2C04

🔥 ටක් ගාලා Update වෙන්න: https://whatsapp.com/channel/0029VawOuBaDZ4LivxlMVr3w

🔴 ආණ්ඩුව ගැන ජනතා අනුමැතියේ 62%ක වැඩිම අගය පෙබරවාරියේ!🔴 ආර්ථික තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින බව බහුතරයකගේ අදහසයිVerit...
24/02/2025

🔴 ආණ්ඩුව ගැන ජනතා අනුමැතියේ 62%ක වැඩිම අගය පෙබරවාරියේ!
🔴 ආර්ථික තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින බව බහුතරයකගේ අදහසයි

Verité Research වෙරිටේ රිසර්ච් - රට හිතන හැටි අලුත්ම සමීක්ෂණයෙන් හෙළි වේ

වෙරිටේ රිසර්ච් සිදුකරන ගැලප් ශෛලියේ රට හිතන හැටි ජනමත විමසුමේ නවතම 2025 පෙබරවාරි ප්‍රතිඵලවලට අනුව මැතිවරණයෙන් පසු ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය සීඝ්‍රයෙන් ඉහළට ගොස් ඇත. 2024 වසරේ ජූලි මාසයේ එය 24%ක් වූ අතර, මෙවර එය 62%ක් දක්වා ඉහළට ගොස් තිබේ.

ආර්ථික අර්බුදයෙන් පසු ප්‍රථම වතාවට ජනගහණයෙන් බහුතරයක් (55%ක්) ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින බව සිතන්නේ යැයි මෙම සමීක්ෂණයෙන් වැඩිදුරටත් අනාවරණයව ඇත.

කෙසේවුවත්, ජනගහණයෙන් 47%කගේ අදහස සමස්තයක් වශයෙන් රටේ ආර්ථික තත්ත්වය තවමත් දුර්වල මට්ටමක පවතින බව යන්නත් රට හිතන හැටි 2025 පෙබරවාරි ප්‍රතිඵලවලින් කියැවේ. එය, 2024 ජූලි මාසයේ වාර්තා වූ 71%ක ප්‍රතිශතයට වඩා අඩු ය.

සමස්තයක් වශයෙන් ගත්විට ආණ්ඩුව වැඩකරන ආකාරය අනුමත නොකරන ජනතාවගේ ප්‍රතිශතය 60%ක සිට 16%ක් දක්වා (අගයන් 44කින්) අඩුව ඇත. තවද, ආර්ථිකය නරක අතට හැරෙමින් පවතින්නේ යැයි සිතන ජනතාවගේ ප්‍රතිශතය ද, 65%ක සිට 14%ක් දක්වා (අගයන් 51කින්) අඩුව ඇත.

📌 ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය -
අනුමත කරනවා - 62%
අනුමත කරන්නේ නැහැ - 16%

වත්මන් ආණ්ඩුව කටයුතු කරන ආකාරය ඔබ අනුමත කරනවා ද, නැද්ද? යන පැනයට, අනුමත කරන බව යන පිළිතුර ලබාදුන් ප්‍රතිශතය 62%ක් විය. එය මෙම සමීක්ෂණය කළ අවසාන වතාවේ ලැබුණු 24%ක අගයට වඩා දෙගුණයකටත් වැඩි ය. අනෙක් පසින්, ආණ්ඩුව කටයුතු කරන ආකාරය අනුමත නොකරන බව පැවසූයේ ජනතාවගෙන් 16%ක් පමණි.

මෙම ප්‍රතිශතය, මින් පෙර අවස්ථාවේ ආණ්ඩුව කටයුතු කරන ආකාරය අනුමත නොකරන බවට පළවූ 60%ක ප්‍රතිශතය හා ගත්විට කැපී පෙනේ.

📌 ආර්ථිකයේ ඉදිරි දැක්ම -
හොඳ අතට හැරෙමින් පවතී - 55%
නරක අතට හැරෙමින් පවතී - 14%

රටේ ආර්ථික තත්ත්වයන් සමස්තයක් ලෙස හොඳ අතට හැරෙමින් පවතිනවා ද, නැතිනම් නරක අතට හැරෙමින් පවතිනවා ද, යන පැනයට පිළිතුරු දුන් ජනතාවගෙන් 55%ක්ම කියා සිටියේ ආර්ථික තත්ත්වයන් හොඳ අතට හැරෙමින් පවතින බව ය.

2024 ජූලි මාසයේ මෙම අගය 30%ක් විය. ආර්ථික තත්ත්වයන් නරක අතට හැරෙමින් පවතින බව කියා සිටියේ 14%ක් පමණි. එය, ගියවර තිබුණු 65%ක අගයෙන් සීඝ්‍ර පහළ යාමකි.

📌 ආර්ථික තත්ත්වය -
හොඳ හෝ විශිෂ්ටයි 35%
දුර්වලයි 47%

රටේ ආර්ථික තත්ත්වයන් විශිෂ්ට, හොඳ හෝ දුර්වල ලෙස ශ්‍රේණිගත කරන්නැයි උපදෙස් දුන් විට 35%ක් ඒවා ‘විශිෂ්ට හෝ හොඳ’ යටතේ ශ්‍රේණිගත කළේ ය. මෙය 2024 ජූලි මස වාර්තා වූ 28%ක අගයට වඩා වැඩි ය.

ඒ අතරවාරයේ 47%ක් රටේ ආර්ථික තත්ත්වයන් ශ්‍රේණිගත කළේ ‘දුර්වල’ යටතේ ය. අවසානයට කළ සමීක්ෂණයේ දී, මෙම අගය 71%ක් විය. එනම්, මෙදා ප්‍රතිඵලය එදාට වඩා අගයන් 24කින් අඩු ය.

💡 ජනමත විමසුම ක්‍රියාත්මක කිරීම

‘රට හිතන හැටි’ ජනමත විමසුම වෙරිටේ රිසර්ච් සහ ජනමත විමසුමට දත්ත එකතු කිරීමට සහාය ලබාදෙන වෑන්ගාර්ඩ් සර්වේ (පෞද්ගලික) ආයතනය හා එක්ව සිදුකරන Syndicated Surveys නම් දීප ව්‍යාප්ත ජනමත විමසුම් සිදුකිරීම් වැඩසටහනේ කොටසක් වේ. Syndicated Surveys හරහා විවිධ කරුණු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පුරවැසියන්ගේ මතය විමසා බැලීමට වෙනත් සංවිධානවලට ද, අවස්ථාව හිමිවේ.

මෙම නවතම සමීක්ෂණය, බහු-අදියර සසම්භාවී ක්‍රියාවලියක් හරහා තෝරා ගන්නා ලද විවිධ කුටුම්භයන්හි වෙසෙන ශ්‍රී ලාංකික වැඩිහිටියන් 1,050 දෙනෙකුගෙන් සමන්විත ජාතික මට්ටමේ නියෝජනයක් ඇති දීප ව්‍යාප්ත ප්‍රතිචාර නියැදියක් පදනම් කරගනිමින් 2025 ජනවාරි 31ක සිට 2025 පෙබරවාරි මස 5 දක්වා කාලය තුළ සිදු කර ඇත.

සමීක්ෂණ නියැදිය සහ ක්‍රමවේදය සැළසුම් කර ඇත්තේ, 95% විශ්වාසනීය මට්ටමක් (confidence level) සහ උපරිම ආන්තික දෝශය (error margin) ±3.0% මට්ටමක පැවතෙන පරිදිය. ජනමත විමසුම ක්‍රියාත්මක කිරීමේ දී සිදුවන දෝශයන් ආන්තික දෝශය කෙරෙහි තවදුරටත් බලපෑම් ඇති කළ හැකිය.

Address

Maggona

Alerts

Be the first to know and let us send you an email when PublicFinance.LK posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to PublicFinance.LK:

Share