Boraleasgamuwa - බොරලැස්ගමුව

Boraleasgamuwa - බොරලැස්ගමුව Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Boraleasgamuwa - බොරලැස්ගමුව, Media, Maharagama.

මෙහෙම ගෙයක් හැම ගමකම තිබුනා 💔 වෙඩි තියනව කිව්ව 😅
14/07/2024

මෙහෙම ගෙයක් හැම ගමකම තිබුනා 💔 වෙඩි තියනව කිව්ව 😅

Lunu mirisa ලුණුමිරිස family restaurantලුණු මිරිස Lunu mirisa family restaurantGune’s Grill Wok and BBQ
14/06/2024

Lunu mirisa ලුණුමිරිස family restaurant
ලුණු මිරිස Lunu mirisa family restaurant
Gune’s Grill Wok and BBQ

අරන් යන්නේ නැතුව වාඩිවෙලා හොඳට කන්න.....රේන්දවත්ත පාර සුබ සාධක සංගමය අභිමානයෙන් 15 වන වරටත් සංවිධානය කරන "පොසොන් දන්සල"2...
13/06/2024

අරන් යන්නේ නැතුව වාඩිවෙලා හොඳට කන්න.....

රේන්දවත්ත පාර සුබ සාධක සංගමය අභිමානයෙන් 15 වන වරටත් සංවිධානය කරන "පොසොන් දන්සල"
2024 පොසොන් පොහෝදා ( ජුනි 21 ) සවස 4.30 ට බොරලැස්ගමුව නිව්ටන් සෙනෙවිරත්න මාවතේදී...

ඔබ සැමට ආරාධනා...

07/02/2024
ඇයි 😒
16/01/2024

ඇයි 😒

බෙල්ලන්විල ඉන්දන පිරවුම්‍හල...
30/12/2023

බෙල්ලන්විල ඉන්දන පිරවුම්‍හල...

🫣
10/07/2023

🫣

*බෙල්ලන්විල රාජ මහා විහාරාධිපති   නා හිමියන් "මියන් කුමාර" ඇත් පැටවා*පිළිබඳව දැක්වූ අදහස්....   =================*ඇත් පැ...
06/07/2023

*බෙල්ලන්විල රාජ මහා විහාරාධිපති
නා හිමියන් "මියන් කුමාර" ඇත් පැටවා
*පිළිබඳව දැක්වූ අදහස්....
=================
*ඇත් පැටවා බුරුමයෙන් ලංකාවට ගෙනා

දවසේ සිට අපේ පරිසරයට සහ භාෂාවට

හුරු කිරීමට විශාල පරිශ්‍රමයක් දරන්න

වුනා. දම්වැල දිගට දැම්මොත් වටේ කැරකි

ලා, පටලවගෙන අත පය විතරක් නෙවෙයි

බෙල්ලත් කඩාගන්න ඉඩ තිබුණා.ඒනිසා

පරිසරය හුරු වෙනකම් අත සහ කකුල්

ටිකක් තදට බඳින්න වුනා.ඒක කලේ එයා

ගෙම, ආරක්ෂාව ගැන හිතලයි. fb දාන අය

මෙහි සැබෑ තත්ත්වය දන්නෙ නෑ. ඇතා ව

මෙහේ ඇත් ගොව්වන්ට හුරු කරන්න ඕනෑ

බුරුමයේ සහ ලංකාවේ අලි පුහුණු කරන

විදිහ වෙනස්. ඒ හින්දම තමයි අපි ඇතා ව

පුහුණු කරන්න බුරුමයෙන් කට්ටිය ගෙන්

නුවේ.මෙහේ පරිසරයට ඇත් පැටවා පුරුදු
කරන්න.

*අපි අලි ඇතුන් නාවන එක වුනත් බුරුම

ක්‍රමයට වඩා වෙනස්. එයාල හුඟක් නාවන්

නේ, හිටගෙන ඉන්නකොට. ලංකාවේ ඒක

කරන්නේ බිම ඇල කරලා සිටිද්දී ඇළක,

පොකුණක හෝ දොළක දී. පොල්ලෙලි කපා

බුරුසුවක් වගේ කපාගෙන ඇඟ උඩ නැග ල
අතුල්ලලා වතුර ගහනවා. නමුත් මුල් කාල

යේ, එයාට ඒක හුරු කලේ අමාරුවෙන්.එක

පාරට නැගිට්ටොත් පිටේ නාවන කෙනා

වැටෙනවා. එහෙම වැටිලා මැරෙන්නත්

පුළුවනි. ඒ නිසා ඒ මිනිහගේ ආරක්ෂාවට

තව කෙනෙක් කෝටුවක් තියාගෙන ඉන්න

වා. පොඩි ළමයෙක් වාගේ දඟයි.ඒ වගේම

සැරයි.අල්ල ගත්තොත් කවුරු වුනත් පොඩි

කරල දානවා. මම කියන්නෙ නෑ කෝටුවෙ

න්, ගැහුවෙ නෑ කියලා. කලබල වෙලා එක්

වරම, පෙරලගෙන නැගිටින්න උත්සාහ

කරද්දී පාරක් දෙකක් කෝටුවෙන් ගහලා

හික්මවා ගන්න වෙනවා. ඒ ඇත් ගොව්වා

හෙණ්ඩුව පැත්තකින් තියාගෙන ඉන්නවා.

එහෙම ඉන්නේ එකපාරට කලබල වෙලා

දුවන්න වුනොත් නවත්තන්න.ඒත් ඒ හෙණ්

ඩුවෙන්, "ඇනිල්ලක්" කවදාවත් කරන්නෙ

නෑ. එහෙම අලියා නාවන එක photo ගහල

අමුතුම කතාවක් නිර්මාණය කළා. මිනිහෙ

ක්, උඩ නැගලා මොනවායින් හරි අතුල්ලන

බව පේනවා. කෙනෙක් ඊට එහා පැත්තේ

කෝටුවක් තියාගෙන ඉන්නවා. තව පැත්ත

ක, හෙණ්ඩුවක් තියාගෙන ඉන්නවා.කියලා

වධකාගාරයක චිත්‍රයක් මවනවා. මේවා

සේරම එකට සම්බන්ධ කරල ගත්තාම

මිනිස්සු හිතන්නේ ඇත් පැටියට ගහනවා

වධ දෙනවා කියලා. තව බුද්ධාගමටත් ගහ

ලා, හොඳ වචන ටිකකුත් දානවා. ඕනෑම

කෙනෙකුට මම අභියෝග කරනවා එන්න,

ඇවිත් පරීක්ෂා කර බලන්න කියලා.අලි

ඇතුන් ගැන අවු.70 කට වඩා අත්දැකීම් මට

තිබෙනවා.මේ විහාරස්ථානය අලි ඇතුන්

කිහිප දෙනෙක්ම නඩත්තු කළ ස්ථානයක්.

දැන් එහෙම නාවන කොට දඟ කරන්නේ

නෑ. පුංචි කාලේ වගේ. එතන කලේ වධ දීම

ක්, නොවෙයි. ඇත් පැටියා නාවන එකයි

කරන්නේ.එතකොට එයා කෑ ගහනවා.

ඒකට කැමති නෑ. අවුරුදු හත අටකට පෙර

ගත්ත photo එකක් තමයි නැවත නැවත

දාන්නේ. මෑතක ගත්ත කිසිම ඡායාරූපයක්

නෑ. දැන් එයාට ඒක හොඳට පුරුදුයි දඟ

කරන්නෙ නෑ.හෙණ්ඩුවවත් කෝටු වලින්

ගහන්නවත් අවශ්‍ය නෑ. පාඩුවේ ඉන්නවා.

විවිධ අභිලාෂයන් ඇති උදවිය බොරු චෝ

දනා, පතුරනවා. ඇනපු තලපු තුවාල හෝ

එම ස්ථාන ශරීරයේ තිබේද කියා කෙනෙකු

ට, අවශ්‍ය නම් පරීක්ෂා කරන්න පුළුවනි.

*පසුගිය දිනවල ඇතා ගේ පිටේ ලොකු

තුවාලයක් තියනව කියල ප්‍රචාරය කළා.

කකුල් කුණු වෙලා කිව්වා. නමුත් ඇතා ගේ

එක තුවාලයක් වත් තිබුණේ නෑ. එහෙම

වෙන්නේ සති මාස ගණන් දම්වැල් තදට

බැඳලා තිබුණාම. අපි එහෙම කරන්නේ නෑ

මද කාලෙට වුනත් එයාගේ දම්වැල් දමන

කකුල් මාරු කරනවා. අපේ අපවත් වුන

මහාචාර්ය විමලරතන නායක හාමුදුරුවෝ

ළඟ අලි හය හත් දෙනෙක් හිටියා.එයිනුත්

ප්‍රසිද්ධව හිටියේ බෙල්ලන්විල ඇතා. එයා

වයසත් එක්කම මැරුණා. උන්ට කන්න

බොන්න දීලා ලෙඩ වුනාම බෙහෙත් කොට

ලා, දුම් අල්ලලා පත්තු බැඳලා ලොකු හාමු

දුරුවෝ එයාලව බලාගත්තා. පෙරහැර

වලට මුදල් ගත්තේ නෑ. ඒ පුරුද්ද අපිටත්

තියනවා. අපි ඔය පෙරහැර වලට අලි ඇතු

න්, යවලා ශත පහක මුදලක් පන්සලේ

හාමුදුරුවෝ හෝ යම් දායකයෙක් ලබා ගත්

තා, කියලා කවුරු හරි ඔප්පු කලොත් මම

ඇතාව ඕන කෙනෙකුට ගන්න කියලා අත

හරිනවා.නමුත් ගෙනියන වාහන වල වියද

ම, ඒ අය දරන්න වෙනවා.හැබැයි කබල්

ලොරි වල පටවන්න දෙන්නෙ නෑ.

*අපේ ඇත් පැටවා පිළිබඳව මේ ප්‍රශ්නය

ඇදගෙන යන්නේ විවිධ පුද්ගලයින්. ඒකට

හේතුව සත්ත්ව අවිහිංසා සංවිධාන වලට

සම්බන්ධ අය. ඒ අය අතර අවංකව ඒවා

සිදු කරන අය නැහැ කියල මම කියන්නේ

නෑ. අනිත් විශේෂ කට්ටිය තමයි N.G.O.

වලට සම්බන්ධ උදවිය. මිනිස්සුන් ගේ හැ

ඟීම්, අවුස්සලා ජනප්‍රිය වෙන්න බලන ඒවා

යෙන්, ප්‍රයෝජන ගන්න අය තමා වැඩිපුර

ඉන්නේ. ඇත් පැටියාට හිරිහැර කරන බවට
දාපු නඩුවක් තවම විභාග වෙනවා. කාලෙ

ක, ඉඳලා විවිධ දේවල් ඇත් පැටියා පිළිබඳ

ව, මොවුන් ප්‍රචාරය කරනවා. එම නඩුව

දැන් තීන්දුවක් දෙන තැනට ඇවිල්ලා.තීන්දු

දෙන දිනය කල් දාල තියෙන්නේ.

*මියන් කුමාර පිළිබඳව කාලයෙන් කාලයට

නැගෙන චෝදනා වලට පිළිතුරු දීමේ අව

සානයක්, නැතැයි නාහිමියන් පැවසූහ.

මේ සියල්ල ඩොලර් කුට්ටි වලට යට වූ

N.G.0. නඩ වල පුහු චෝදනා බවත්, ඔවුන්

සියල්ලටම අභියෝග කරන බවත් වැඩි

දුරටත් උන් වහන්සේ පැවසූහ.

Address

Maharagama

Website

Alerts

Be the first to know and let us send you an email when Boraleasgamuwa - බොරලැස්ගමුව posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category