A5 News Sri Lanka

A5 News Sri Lanka News Channel For advertisements contact +94718449424
(4)

යෝජිත කම්කරු නීති ප්‍රතිසංස්කරණය යටතේ ප්‍රධාන පනත් කෙටුම්පත් හතරක් හඳුන්වා දීම පිළිබඳව සලකා බලමින් සිටින බව කම්කරු අමාත්...
16/10/2025

යෝජිත කම්කරු නීති ප්‍රතිසංස්කරණය යටතේ ප්‍රධාන පනත් කෙටුම්පත් හතරක් හඳුන්වා දීම පිළිබඳව සලකා බලමින් සිටින බව කම්කරු අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු කියා සිටිනවා.

ඒ කම්කරු කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව පසුගිය දා කම්කරු අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අවස්ථාවේදී.

කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා ද රැස්වීමට සහභාගී වී තිබුණා.

මෙහිදී අදහස් දක්වූ අමාත්‍යාංශයේ ලේකම්වරයා පවසා ඇත්තේ, දැනට භාවිතයේ පවතින කම්කරු නීති 14ක ප්‍රතිසංස්කරණ අධ්‍යයනය කිරීම සඳහා සාමාජිකයින් 17 දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කර ඇති බවයි.

මෙම කමිටුව ප්‍රථමයෙන් රැස්වී ප්‍රධාන වශයෙන් ශ්‍රමයට අදාළ පනත් කෙටුම්පත් හතරක් සකස් කිරීම සඳහා මූලික එකඟතාවයකට පැමිණි බව ද ඔහු සදහන් කළා.

වෘත්තීය සමිති, ශ්‍රමය, වෘත්තීය ආරක්ෂාව සහ ශ්‍රමයෙන් ඉවත් වීම යන කරුණු හතරක් සඳහා වෙනම පනත් කෙටුම්පත් සකස් කිරීමට කමිටුව එකඟතාවයකට පැමිණ ඇති බවත් නව නීති සම්පාදනය කරන තෙක් පවතින නීතිවලට අවශ්‍ය සංශෝධන සිදු කරන බවත් අමාත්‍යාංශ ලේකම්වරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවා.

එමෙන්ම රාත්‍රියේ වැඩ කරන කාන්තාවන් පිළිබඳ නීතිය, කම්කරු ආරක්ෂණ පනත සහ සේවයෙන් ඉවත්කිරීමක් සිදුවුවහොත් රක්ෂණයට අදාළ කරුණු සඳහා ද සංශෝධන සිදු කරන බව අමාත්‍යාංශ ලේකම්වරයා කියා සිටියේය.

තවද වෘත්තීය ආරක්ෂාව සහ සෞඛ්‍යය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමේ කටයුතු අවසන් අදියරට පැමිණ ඇති බවත් එය ඉක්මනින් ප්‍රකාශයට පත් කිරීමට අපේක්ෂා කරන බවත් මෙහිදී අදහස් දක්වමින් අමාත්‍යාංශ නිලධාරීන් පවසා තිබෙනවා.

ඒ සමඟම, කම්කරු දෙපාර්තමේන්තුවේ තොරතුරු පද්ධතිය කාලෝචිත ආකාරයකින් යාවත්කාලීන කිරීමට පියවර ගෙන ඇති බවත්, රජයේ ඩිජිටල්කරණ වැඩසටහන යටතේ, සේවකයින් ශ්‍රම බලකායට ඇතුළු වූ වහාම මෙම තොරතුරු පද්ධතියට ඇතුළත් කිරීම සඳහා සංශෝධන සිදු කරන බවත් එම නිලධාරීන් සඳහන් කර තිණා.

මෙහිදී අදහස් දැක්වූ කාරක සභාවේ සභාපතිවරයා පැවසුවේ වෘත්තීය සමිති ඇතුළු අදාළ පාර්ශ්වයන් සමඟ සවිස්තරාත්මක සාකච්ඡා කිරීමෙන් පසු යෝජිත කම්කරු නීති ප්‍රතිසංස්කරණ කෙටුම්පත් සකස් කරන බවයි.

16/10/2025

සෙව්වන්දිට ආණ්ඩුව දුන්නේ අනවශ්‍ය ප්‍රසිද්ධියක්
අපේ කාලෙත් අපරාධකාරයෝ ලංකාවට ගේනවා

- සරත් වීරසේකර

යෝජිත හම්බ­න්තොට නව තෙල් පිරි­ප­හ­දුව කඩි­න­මින් ආරම්භ කරන බවට සයි­නො­පෙක් සමා­ගම පොරොන්දු වී තිබෙනවා. ඒ ව්‍යාපෘ­තියේ ප්...
16/10/2025

යෝජිත හම්බ­න්තොට නව තෙල් පිරි­ප­හ­දුව කඩි­න­මින් ආරම්භ කරන බවට සයි­නො­පෙක් සමා­ගම පොරොන්දු වී තිබෙනවා.

ඒ ව්‍යාපෘ­තියේ ප්‍රග­තිය සහ ව්‍යාපෘ­තිය පිළි­බඳ නොවි­ස­ඳුනු ගැටලු සාකච්ඡා කිරී­මට චීනයේ සයි­නො­පෙක් සමා­ගමේ උප සභා­පති ලුයූ ලියැන්ගොං ඇතුළු දස දෙනෙ­කු­ගෙන් යුතු නියෝ­ජිත කණ්ඩා­ය­ම විදේශ කට­යුතු, විදේශ රැකියා සහ සංචා­රක ඇමැති විජිත හේරත් අමා­ත්‍යං­ශ­යේදී හමුවූ අවස්ථාවේ දී.

මෙම ව්‍යාපෘ­තිය අමෙ­රි­කානු ඩොලර් බිලි­යන 3.7ක ආයෝ­ජ­න­ය­කින් හම්බ­න්තොට ප්‍රදේ­ශයේ ආරම්භ කිරී­මට නිය­මිතයි.

ව්‍යාපෘ­තිය ආරම්භ කිරීම සම්බ­න්ධ­යෙන් වසර ගණ­නා­වක් පුරා පැවැති ගැට­ලු­ව­ලින් විශාල ප්‍රමා­ණ­යක් විස­ඳී­මට ඇමැ­ති­ව­රයා දුන් සහ­යෝ­ගය සයි­නො­පෙක් සමා­ගමේ උප සභා­ප­ති­ව­රයා මෙහිදී අගය කර සිටියා.

ඒ අනුව දින­කට බැරල් ලක්ෂ 02ක් දක්වා නිෂ්පා­ද­නය කිරීම සඳහා වන මේ ව්‍යාපෘති ගිවි­සුම ඉකුත් ජන­වාරි මස අත්සන් කිරී­මට හැකි වූ බව ඒ මහතා පෙන්වා දුන්නා. මීට අම­ත­රව ව්‍යාපෘ­තිය ඇර­ඹීම සම්බ­න්ධ­යෙන් බලපා ඇති තවත් ගැටලු කිහි­ප­යක් පිළි­බ­ඳව ලියැ­න්ගොන් මහතා විදේශ ඇමැ­ති­ව­රයා වෙත ඉදි­රි­පත් කළා.

මේ ව්‍යාපෘ­තිය රට­වල් දෙක­ටම වැද­ගත් වන ව්‍යාපෘ­ති­යක් වන හෙයින් එම ගැටලු ඉතා ඉක්ම­ණින් විස­ඳී­මට මැදි­හත් වන ලෙස ද ලියැංගොං මහතා විජිත හේරත් ඇමැ­ති­ව­ර­යා­ගෙන් වැඩි­දු­ර­ටත් ඉල්ලා සිටි­යා. ශ්‍රී ලංකාව සහ එහි ආර්ථි­ක­යට විදේශ ආයෝ­ජ­න­ව­ලින් සිදු­වන ධනා­ත්මක බල­පෑම හේතු­වෙන් මේ ව්‍යාපෘ­තිය කඩි­න­මින් ක්‍රියා­ත්මක කිරී­මට පව­තින ගැටලු ඉතා ඉක්ම­නින් විස­ඳී­මට තමා මැදි­හත් වන බවට විජිත හේරත් මහතා එක­ඟ­තාව පළ කළා.

ඒ අනුව ප්‍රමා­ද­ය­කින් තොරව ව්‍යාපෘ­තිය ආරම්භ කිරී­මට දෙපා­ර්ශ්වය එක­ඟ­තා­වක් ඇති කර­ග­ත්තා . මේ දූත පිරිස බල­ශක්ති අමා­ත්‍යාං­ශය, ආයෝ­ජන මණ්ඩ­ලය සහ අනෙ­කුත් සම්බ­න්ධිත ආය­තන සමඟ ද සාකච්ඡා කිහි­ප­යක් සිදු කිරී­මට නිය­මි­තයි.

16/10/2025

රටතුල මත්ද්‍රව්‍ය නැතිවෙනකන්ම අල්ලනවා,
වලව් වල නමුත් හෙළිවෙයි
- නි. අමාත්‍ය සුනිල් වටගල

තේ පොහොර සහනාධාර බෙදා හැරීම ඩිජිටල්කරණය කෙරුණා.QR කේතයක් හරහා පොහොර කිලෝ 50කට රුපියල් හාරදහසක සහනාධාරයක් ලබාදීම මාතර පිට...
16/10/2025

තේ පොහොර සහනාධාර බෙදා හැරීම ඩිජිටල්කරණය කෙරුණා.

QR කේතයක් හරහා පොහොර කිලෝ 50කට රුපියල් හාරදහසක සහනාධාරයක් ලබාදීම මාතර පිටබැද්දර දී ආරම්භ කෙරුණා.

කුඩා තේ වතු හිමියන්ට නිසි වේලාවට පොහොර සහනාධාරය ලබා ගැනීමට නොහැකිවීමෙන් විවිධ දුෂ්කරතා මතුවුණා.

ඊට පිළියමක් ලෙස කිව් ආර් කේතය හරහා පොහොර සහනාධාරය ලබාදීමට තීරණය කෙරුණා.

ඒ අනුව කිව් ආර් කේතය නිල වශයෙන් ලබාදීම පිටබැද්දර දී සිදුකෙරුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලාල් ප්‍රේමනාත් මහතාගේ ප්‍රදානත්වයෙන්.

කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය, තේ මණ්ඩලය ආදි ආයතනවල නිලධාරීන් සහ ප්‍රාදේශීය දේශපාලඥයන් මෙම අවස්ථාවට එක්ව සිටියා.

සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා කිරීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත්කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබෙනවා.විශේෂ නිවේදනයක් නික...
16/10/2025

සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා කිරීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත්කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබෙනවා.

විශේෂ නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂය මේ බව සඳහන් කර ඇති අතර එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, ඒජාප මහ ලේකම් නීතිඥ තලතා අතුකෝරල, ජනාධිපති නීතිඥ රොලන්ඩ් පෙරේරා යන මහත්ම මහත්මීන් මෙම කමිටුවට පත්කර තිබෙනවා.

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී බහුපක්ෂ ක්‍රමය ආරක්ෂා කිරීම සඳහා සියලු දේශපාලන පක්ෂ එක වේදිකාවට ගෙන ඒම එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය බව ද අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනවා.

ද සොයිසා කාන්තා රෝහලේ මව්වරුන් වෙනුවෙන් ඉදිකරන ලද මාතෘ අධි  සත්කාර ඒකකය (HDU) සහ මහල් 04 කින් යුත් වාට්ටු සංකීරණ ගොඩනැගි...
16/10/2025

ද සොයිසා කාන්තා රෝහලේ මව්වරුන් වෙනුවෙන් ඉදිකරන ලද මාතෘ අධි සත්කාර ඒකකය (HDU) සහ මහල් 04 කින් යුත් වාට්ටු සංකීරණ ගොඩනැගිල්ල විවෘත කිරීම අද (16) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරෙනවා.

ද සොයිසා කාන්තා රෝහලේ මාතෘ අධි සත්කාර ඒකකය ස්ථාපිත කිරීම සඳහා රුපියල් මිලියන 249 ක් වැය කර තිබෙන අතර මේ වන විට පළමු අදියර වශයෙන් මුළු ව්‍යුහය සකස් කර බිම් මහල සහ පළමු මහල ඉදි කිරීම නිමකර කටයුතු කර තිබෙනවා.

මහල් 04 කින් යුත් මෙම ගොඩනැල්ල මේ වන විට බිමි මහල HDU (ඇදන් 10) වශයෙන් ද පළමු මහල පූර්ව හා පසු ප්‍රසව වාට්ටුව (ඇදන් 24) ලෙසින් ද ඉදිකිරීම් කටයුතු නිම කෙරුණා.

ද සොයිසා කාන්තා රෝහල – මාතෘ හා ළමා සෞඛ්‍ය සේවාවේ පෙරගමන්කරු ලෙස 1879 දී ආරම්භ වුණා.

සොයිසා රෝහල ශ්‍රී ලංකාවේ පළමු මාතෘ රෝහල සහ ආසියාවේ දෙවැනි පැරණිතම මාතෘ රෝහල ලෙස ද හඳුන්වනවා.

ආරම්භයේ පටන් මේ රෝහල මව්වරුන්ගේ සහ නව ජන්ම ළදරුවන්ගේ සෞඛ්‍යය සහ යහපැවැත්ම උසස් කිරීම සඳහා වසර 140 කට අධික කාලයක් තිස්සේ කැපවී සේවය කරනු ලබනවා.

ශ්‍රී ලංකාවට එරෙහිව එක්සත් ජනපදය නව සංචාරක උපදේශනයක් පනවා ඇති බව ඇතැම් මාධ්‍ය වාර්ත කලත්, අලුතින් එවැනි කිසිම අවදානම් සහ...
16/10/2025

ශ්‍රී ලංකාවට එරෙහිව එක්සත් ජනපදය නව සංචාරක උපදේශනයක් පනවා ඇති බව ඇතැම් මාධ්‍ය වාර්ත කලත්, අලුතින් එවැනි කිසිම අවදානම් සහගත උපදේශනයක් සිදු කර නැති බව බව මෙරට ඇමරිකානු තානාපති කාර්යාලය පවසනවා.

ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජනපදය පනවා ඇත්තේ දෙවන මට්ටමේ සංචාරක උපදේශනයක් වනවා.

එය මීට පෙර පැවති තත්ත්වයම වන අතර, එයම ඉදිරියටත් පවත්වාගෙන යාමට එක්සත් ජනපදය පියවර ගෙන තිබෙනවා.

සිංගල් සුපර් පොස්පේට්(SSP) නිෂ්පාදනයට සඳහා ආයෝජකයන්ගේ අභිලාෂ කැඳවීම කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය විසින් ...
16/10/2025

සිංගල් සුපර් පොස්පේට්(SSP) නිෂ්පාදනයට සඳහා ආයෝජකයන්ගේ අභිලාෂ කැඳවීම කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය විසින් මේ වන විට ආරම්භ කර ඇති අතර අභිලාෂ කැඳවීම අද (16) පස්වරු දෙකෙන් අවසන් වනවා.

දැනට ආයෝජකයන් විශාල සංඛ්‍යාවක් තම අභිලාෂ අමාත්‍යංශයට භාර දී තිබෙනවා.

ඒ අනුව මෙම කර්මාන්තශාලාව ඉදිකිරීමට යෝජිත ත්‍රිකුණාමලය චීන වරාය අසල වරාය අධිකාරියට අයත් භූමිය කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති විසින් නිරීක්ෂණයට ලක්කළා.

එම භූමිය ආශ්‍රිත යටිතල පහසුකම් දියුණු කිරීම වෙනුවෙන් ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයේ පැවති සාකච්ඡාවකටද එතුමා සහභාගි වුණා.

මෙම කර්මාන්තශාලාව ලංකා පොස්පේට් සමාගම සහ පෞද්ගලික අංශය එක්ව රාජ්‍ය පෞද්ගලික හවුල්කාරී ක්‍රමයට ආරම්භ කිරීමට නියමිතව තිබෙනව.

දැනට කෘෂිකාර්මික කටයුතු සඳහා වාර්ෂිකව ශ්‍රී ලංකාවට ආනයනය කරන රුපියල් බිලියන අටකට ආසන්න ට්‍රිපල් සුපර් පොස්පේට්(TSP) පොහොර ප්‍රමාණය ක්‍රමානුකූලව සහ සම්පූර්ණයෙන්ම සිංගල් සුපර් පොස්පේට් වලින් ආදේශනය කිරීම සහ අතිරික්තව නිෂ්පාදනය කරන පොහොර ප්‍රමාණය අපනයනය කිරීමේ අරමුණෙන් මෙම කර්මාන්තශාලාව ඉදිකරන බව අමාත්‍යවරයා මෙම අවස්ථාවට එක් වෙමින් කියා සිටියා.

මෙහි දෙවන අදියරයේදී සිංගල් සුපර් පොස්පේට් නිෂ්පාදනයට අවශ්‍ය සල්පියුරික් අම්ල නිෂ්පාදන කර්මාන්තශාලාවක්ද ඉදිකිරීමට යෝජිත බවටද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

මෙම අවස්ථාවට ත්‍රිකුණාමල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති නියෝජ්‍ය අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රි අරුන් හේමචන්ද්‍ර, පාර්ලිමේන්තු මන්ත්‍රි රොෂාන් අක්මීමණ, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් තිලකා ජයසුන්දර සහ ත්‍රිකුණාමල දිස්ත්‍රික් ලේකම් හේමන්ත ගමගේ ඇතුළු රාජ්‍ය නිළධාරීන් එක්වී සිටියා.

16/10/2025

අගමැති හරිනිගේ
ඉන්දීය සංචාරය ඇරඹෙයි

නිල සංචාරයක් සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබෙනවා.අද (16) අලුයම 12.40ට පමණ ශ්‍රීලංකන...
16/10/2025

නිල සංචාරයක් සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබෙනවා.

අද (16) අලුයම 12.40ට පමණ ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් යු.එල් - 191ක දරණ ගුවන් යානයෙන් අග්‍රාමාත්‍යවරිය නවදිල්ලි නුවර බලා පිටත්ව ගිය බව 'අද දෙරණ' ගුවන්තොටුපොළ වාර්තාකරු පැවසුවා.

ඒ අනුව ලබන 18 දින දක්වා ඇය ඉන්දියාවේ සංචාරය කිරීමට නියමිතයි.

සංචාරය අතරතුරදී අග්‍රාමාත්‍යවරිය, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සමඟ මෙන්ම එරට ඉහළ පෙළේ නායකයින් සමඟ ද සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා 'මිහිඳු සෙත් මැදුර' රණවිරු සුවතා නිකේතනයේ නිරීක්‍ෂණ චාරිකාවක
16/10/2025

ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා 'මිහිඳු සෙත් මැදුර' රණවිරු සුවතා නිකේතනයේ නිරීක්‍ෂණ චාරිකාවක

Address

230/1, Piliyandala Road, Godigamuwa
Maharagama

Alerts

Be the first to know and let us send you an email when A5 News Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to A5 News Sri Lanka:

Share