RealNews LK

RealNews LK Welcome to Real News LK.

lates news around the world.....
We ensure you to provide latest news on political, social, sports and weather.......

අවුරුදු ගානකට පස්සෙ ලංකාවේ තොරණ්.
15/05/2022

අවුරුදු ගානකට පස්සෙ ලංකාවේ තොරණ්.

14/05/2022

පිටකොටුවේ තොරන කඩාවැටේ.

අගමැති ඉල්ලා අස්වෙයිMedia Source NewsWire
09/05/2022

අගමැති ඉල්ලා අස්වෙයි

Media Source NewsWire

හදිසි නීතිය පැනවීම ගැන විරෝධය.  Read More >>https://realnews.lk/?p=75හදිසි නීතිය පැනවීම සම්බන්යෙන් මහජන උපයෝගීතා කොමිසම ...
07/05/2022

හදිසි නීතිය පැනවීම ගැන විරෝධය.

Read More >>https://realnews.lk/?p=75
හදිසි නීතිය පැනවීම සම්බන්යෙන් මහජන උපයෝගීතා කොමිසම සිය අප්‍රසාදය පළ කරමින් ජනාධිපති ලේකම් ගාමිණි සෙනරත් මහතා මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.
උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා සිය ලිපියෙන් පෙන්වා දෙන්නේ සති 5ක් වැනි කාලයක් ඇතුළත දෙවතාවක් හදිසි නීතිය පැනවීමට කටයුතු කර ඇති බවය.

තැපැල් ගාස්තුත් ඉහළ ට ?  Read More >> https://realnews.lk/?p=72තැපැල් ගාස්තු වැඩිකිරීම සම්බන්ධයෙන් තැපැල් දෙපාර්තමේන්තුව...
07/05/2022

තැපැල් ගාස්තුත් ඉහළ ට ?

Read More >> https://realnews.lk/?p=72
තැපැල් ගාස්තු වැඩිකිරීම සම්බන්ධයෙන් තැපැල් දෙපාර්තමේන්තුව අවධානය යොමුකර තිබේ
නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පැවසුවේ, තෝරාගත් තැපැල් සේවා කිහිපයක් සඳහා පමණක් එම ගාස්තු වැඩි කිරීම සිදුකිරීමට බලාපොරොත්තු වන බවය

හදිසි නීතිය පැනවෙයි
06/05/2022

හදිසි නීතිය පැනවෙයි

අද කාලගුණ නිවේදනය  බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇත...
05/05/2022

අද කාලගුණ නිවේදනය

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

සබගරමුව පළාතෙත් කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 50 ඉක්මවු තද වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.

මධ්‍යම, ඌව, නැගෙනහිර සහ උතුරුමැද පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර ඇතැම් ස්ථානවලට මි.මී 50ට වැඩි තරමක වැසි ඇති වීමේ හැකියාව පවතිනවා.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

සාමකාමී විරෝධතාකරුවන්ට අමෙරිකාවේ සහාය  සාමකාමී විරෝධතාකරුවන්ගේ අයිතිවාසිකම් සුරැකීම වෙනුවෙන් සහයෝගය ලබාදෙන බව අමෙරිකා එක...
05/05/2022

සාමකාමී විරෝධතාකරුවන්ට අමෙරිකාවේ සහාය

සාමකාමී විරෝධතාකරුවන්ගේ අයිතිවාසිකම් සුරැකීම වෙනුවෙන් සහයෝගය ලබාදෙන බව අමෙරිකා එක්සත් ජනපදය පවසනවා.

සාමකාමී විරෝධතාවක නියැලීමට සියලුදෙනාට නිදහස තිබිය යුතු බවයි ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් Twitter පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ

එය ප්‍රජාතන්ත්‍රවාදී මූලික ලක්ෂණයක් බවත් එවන් පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සිදුනොකළ යුතු බවත් අමෙරිකානු තානාපතිවරිය අවධාරණය කර තිබෙනවා.

නියෝජ්‍ය කතානාය​ක තේරීමේ ඡන්දය ආරම්භ වෙයි පාර්ලිමේන්තුවේ නව නියෝජ්‍ය කතානායකවර​යා තෝරා ගැනීමේ ඡන්ද විමසීම මේ වන විට ආරම්...
05/05/2022

නියෝජ්‍ය කතානාය​ක තේරීමේ ඡන්දය ආරම්භ වෙයි

පාර්ලිමේන්තුවේ නව නියෝජ්‍ය කතානායකවර​යා තෝරා ගැනීමේ ඡන්ද විමසීම මේ වන විට ආරම්භවී තිබෙනවා.

ඒ අනුව ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම වෙනුවෙන් කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සියඹලා පිටියගේ නම යෝජනා කළ අතර ආණ්ඩු පක්ෂයේ සහායද ඔහුට ලබා දෙන බව අමාත්‍ය ජී.එල් පීරිස් ප්‍රකාශ කළා.

විපක්ෂය වෙනුවෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකීර්ගේ නම යෝජනා කිරීමට කටයුතු කළ අතර මේ වන විට ඡන්ද විමසීම පැවැත්වෙනවා.

ABC අනාවරණයට මම ඇතුලු පවුලේ කිසිවකුත් සම්බන්ධ නෑ   Read More >> https://realnews.lk/?p=66ABC මාධ්‍ය ජාලයෙන් අනාවරණය කළ හ...
05/05/2022

ABC අනාවරණයට මම ඇතුලු පවුලේ කිසිවකුත් සම්බන්ධ නෑ
Read More >> https://realnews.lk/?p=66
ABC මාධ්‍ය ජාලයෙන් අනාවරණය කළ හම්බන්තොට රෝහල ඉදිකිරීමේදී සිදු වූ දූෂිත ගණුදෙණු පිළිබඳ චෝදනා වලට තමන් හෝ තම පවුලේ කිසිවෙකු සම්බන්ධ නැති බව නාමල් රාජපක්ෂ මහතා තම නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පවසයි
තමන් අසාවත් නොමැති සමාගම් දෙකක ගණුදෙණුවක් සම්බන්ධයෙන් තම පවුලට චෝදනා එල්ල කර ඇතැයි නාමල් රාජපක්ෂ මහතා වැඩි දුරටත් පැවසීය.
යහපාලන රජය විසින් එල්ල කළ චෝදනා වලට තමන් තවමත් උසාවි යන බව ඔහු ප්‍රකාශ කළේය.

සංස්ථාවේ ඉන්දන අවසන් ?. තෙල් නැවක්වත් ගෙනඒමට ඩොලර් නහැ..  Read More >> https://realnews.lk/?p=63සංස්ථාවේ ඉන්දන අවසන් ?. ...
05/05/2022

සංස්ථාවේ ඉන්දන අවසන් ?. තෙල් නැවක්වත් ගෙනඒමට ඩොලර් නහැ..
Read More >> https://realnews.lk/?p=63
සංස්ථාවේ ඉන්දන අවසන් ?. තෙල් නැවක්වත් ගෙනඒමට ඩොලර් නහැ.. LC විවෘත කිරීමට නොහැකි උවහොත් තෙල් , ගෑස් නැතිව යාවි.

ඉදිරියේ දී ශ්‍රී ලංකාවේ ණයවර ලිපි පිළිනොගතහොත් ඉන්ධන කඳුලක් වත් මෙරටට ගෙන්වා ගැනීමට නොහැකි වනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.
අද රට මුහුණ දී ඇත්තේ දේශපාලන ප්‍රශ්නයකට නොව විශාල ආර්ථික අර්බුදයකට බවත් ඒ සඳහා මුහුණදීමට ජාතික එකඟතාවයකට සියලු දෙනා පැමිණිය යුතු බවත් හෙතෙම පැවසීය.
ඔහු මෙම අදහස් පල කලේ අද දිනයේ පාර්ලිමේන්තුව අමතමිනි.
එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා කියා සිටියේ දැනට මේ රටේ ඉතිරි ඩොලර් ප්‍රමාණයෙන් ඉන්ධන නැවක් වගේ බාගන්න බැරි බවයි. ඒ තරමට රට පත්ව ඇතැයි ද හෙතෙම පැවසීය.
මේ අතර ඉන්ධන බෙදුම් කරුවන්ගේ සංගමය සඳහන් කරන්නේ තම ඉන්ධන බවුසර සඳහා ඛනිජ සංස්ථාව ඉන්ධන ලබා දීම ප්‍රමාද කරමින් සිටින බවයි. ඒ බොහෝ දුරට සංස්ථාවේ තෙල් සංචිත අවසන්ව තිබීම නිසා බවත් සංගමයේ සභාපතිවරයා කියා සිටියේය.

අතපත්තු සහ ප්‍රබෝධනී ඩුබායි නුවරට.  Read More >> https://realnews.lk/?p=60ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමර...
05/05/2022

අතපත්තු සහ ප්‍රබෝධනී ඩුබායි නුවරට.

Read More >> https://realnews.lk/?p=60
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු සහ වමතින් වේගපන්දු යවන ක්‍රීඩිකා උදේශිකා ප්‍රබෝධනී 2022 Fairbreak ආරාධිත විස්සයි විස්ස තරගාවලිය නියෝජනය කිරීම සඳහා තෝරාගෙන තිබෙනවා.

මැයි 1 වැනිදා සිට 15 වැනිදා දක්වා ඩුබායි හිදී පැවැත්වීමට නියමිත මේ තරගාවලිය සඳහා ලොව පුරා සිටින දක්ෂ ක්‍රීඩිකාවන් රැසක් සහභාගී වෙනවා.

South Coast Sapphires, The Warriors, The Barmy Army, The Tornedos, Team Spirit සහ The Falcons යන කණ්ඩායම් 6 සහභාගී වන මේ තරගාවලියේ දී අතපත්තු Falcons නියෝජනය කිරීමට නියමිත අතර ප්‍රබෝධනී Warriors නියෝජනය කිරීමට නියමිතයි

Address

Station Road, Maharagama
Maharagama

Alerts

Be the first to know and let us send you an email when RealNews LK posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share