24/04/2016
'අසනගි ' දෙවන මුද්‍රණයට පෙර..
අසනගි කෘතිය ලිවිම මගේ ජිවිතයේ අභියෝගයක් වුණා. එතෙක් ආදර කතා ලියමින් සහ පිටපත් රචනා කරමින් මෙන්ම කලින් කළ කවි ලියමින් සිටි මා මිථ්‍යාව සහ පුරාණෝක්ති එක්ව කෘතියක් ලිවීමට සැලසුම් කිරීමම විශේෂ කරුණක් වූවා. මේ අසනගි දෙවන මුද්‍රණය සදහා යාමට සුදානම්.
බුදුන් වහන්සේගේ කාලයට පෙර රාවණ රජුගේ යුගයට පසු යුගයකදී සිදුවන බර අරගලයක කොටසක් වශයෙන් මෙය හැදින්විය හැකි වනවා. අසනගි කෘතිය තුළ රාම -රාවණ යුගයට පසුව ලංකා භූමිය පිළිබද කතා කෙරෙනවා. මෙම කෘතිය තුළදී 'රාවණ' රජු පැමිණෙන්නේ වෙනත් වේශයකින්. කෘතිය කියවූ බොහෝ දෙනෙකුට මෙය නැවුම් අත්දැකීමක් බවට පත්වූවාට සැකයක් නැහැ. දෙවන මුද්‍රණයට පෙළ ගැහෙසෙන මේ මොහොතේ පොත මිලදීගත් සියලුම දෙනාට මෙන්ම පොත පිළිබද අදහස් දැක්වූ සියලුම දෙනාට මගේ ප්‍රණාමය හිමි වනවා.
එමෙන්ම මෙම කෘතියට බරපැන දැරූ ආචාර්ය මදු ප්‍රනාන්දු, ඉන්දික මාධව,ඉනෝකා දිසානායක, සම්පත් කබුරුගමුව, බෝධික සත්මිනි යන ආදරණියන්ට මගේ ප්‍රණාමය හිමි වනවා. ඔවුන් කිසිවෙකුත් මා ලියන්නට යන්නේ කුමක්දැයි නොදැන සාහිත්‍ය වෙනුවෙන් මා පිළිබද කළ ආයෝජනයට ස්තුති කරනවා.
එමෙන්ම මේ සදහා වෙහෙසුණු වතිලා හරිතමාලා, සිතාරා සදමාලි, ධනුෂ්ක සමරකෝන්, සන්ද්‍යා දමයන්ති(සැන්ඩි )අමිල කසුන්ජිත්, රංගනී ප්‍රනාන්දු ඇතුලු කණ්ඩායමට මගේ ස්තුතිය හිමිවනවා. අසනගි දෙවන මුද්‍රණයට යන මේ මොහොතේ තවත් නැවුම් කෘතියක් ඔබ අතට පත් කිරීමට කටයුතු කරනා බව සතුටින් ප්‍රකාශ කරනවා.
ඔබ සෑමට ජය!
කසුන් සමරකෝන්