Madhya media house

Madhya media house book publishing, advertising, event management institute

https://youtu.be/mxmqvFvgKSs
28/10/2023

https://youtu.be/mxmqvFvgKSs

දේශපාලන පිසාචයන්ගේ ලේ පිපාසයට ගොදුරු වූ ඇඹිලිපිටියේ දරුවන්‍ගේ කතාවv=h_FYYpXKZCg&lc=UgzCBI9ZQFEKLFLxu-t4AaABAg

‘තම්බි මුදියන්සේ’ කියන්නෙ මුස්ලිම් ජාතිකයෙක් කියලා අදහසක් ‘තම්බි මුදියන්සේලා’ විද්වත් සමාජ කථිකාව ගැන බුකියේ කෙරෙන කතාබහ...
20/02/2019

‘තම්බි මුදියන්සේ’ කියන්නෙ මුස්ලිම් ජාතිකයෙක් කියලා අදහසක් ‘තම්බි මුදියන්සේලා’ විද්වත් සමාජ කථිකාව ගැන බුකියේ කෙරෙන කතාබහක දි මතු වෙලා තියෙන බව දැක්කා.
ඒ නිසයි මේ සටහන.
‘තම්බි මුදියන්සේ’ කියන්නෙ මුස්ලිම් ජාතිකයෙක් නෙවෙයි.
ඔහුගෙ නම දොන් ඒඩ්‍රියන් විජේසිංහ ජයවර්ධන.
ඔහු දකුණු ඉන්දියාවේ කොරමැන්ඩල් වෙරළබඩ ප්‍රදේශයෙන් ලංකාවට සංක්‍රමණය වූ අයකුගේ පුතෙක්.
ඔහු මෙහි දී හංවැල්ල ප්‍රදේශයේ පවුලක තරුණියක් ආවාහ කර ගෙන තිබෙනවා.
ඇයගේ පෙළපත් නාමය තමයි ‘ජයවර්ධන’.
පසු ව ඔහු තමාගෙ මුල් නාමය අත්හැර ‘ජයවර්ධන පෙළපත් නාමය භාවිතයට ගෙන තිබෙනවා.

‘තම්බි මුදියන්සේ’ මුස්ලිම් ජාතිකයෙක් කියන වැරැදි අදහසට හේතුව ‘තම්බි’ කියන වචනය.
‘තම්බි’ කියන නම හැදිලා තියෙන්නේ ලන්දේසි යුගයෙ දි භාවිත වුණ ‘තෝම්බි’ කියන වචනයෙන්.
ඒ කාලෙ ‘තෝම්බි’ යනුවෙන් හඳුන්වලා තියෙන්නෙ ඔත්තුකාරයන් හෙවත් චරපුරුෂයන්.
ඒ යෙදුම ඉංග්‍රීසින්ගෙ යුගයෙ දිත් භාවිත වෙලා තියෙනවා.
දොන් ඒඩ්‍රියන් විජේසිංහ ජයවර්ධන ඉංග්‍රීසි ආණ්ඩුව යටතේ දරපු තනතුර තමයි ‘තෝම්බි මුදලි’.
මේ නම සාමාන්‍ය ජනතාව අතර පසු ව පැතිරී ගොස් ඇත්තේ ‘තම්බි මුදියන්සේ’ යනුවෙන්.
‘තම්බි මුදියන්සෙ’ගෙ පැටිකිරිය සම්පූර්ණයෙන් ‘තම්බි මුදියන්සේ’ පොතේ තියෙනවා.

‘තම්බි මුදියන්සේලා’විද්වත් සමාජ කථිකාවමේ වන විට රටේ දේශපාලන ක්ෂේත්‍රය තුළ නිර්මාණය වී තිබෙන අර්බුදකාරී තත්වය හේතු කොට ගෙ...
07/11/2018

‘තම්බි මුදියන්සේලා’
විද්වත් සමාජ කථිකාව

මේ වන විට රටේ දේශපාලන ක්ෂේත්‍රය තුළ නිර්මාණය වී තිබෙන අර්බුදකාරී තත්වය හේතු කොට ගෙන ‘තම්බි මුදියන්සේ’ කෘතිය ආශ්‍රිත විද්වත් සමාජ කථිකාව පැවැත්වීම ප්‍රශ්නකාරී විය හැකි බව මගේ හැඟීමයි. උද්ගත වී තිබෙන තත්වය අනුව මේ කථිකාව දේශපාලන ව්‍යාරපෘතියක් යැයි වැරැදි ලෙස අර්ථකථනය කෙරෙන්නට බොහෝ සෙයින් ඉඩ තිබේ.

මගේ උත්සාහය සිල්ලර දේශපාලන ව්යාවපෘතියක මෙවලමක් වනු දකින්නට මට අවශ්‍ය නැත. ‘තම්බි මුදියන්සේ’ කෘතිය ආණ්ඩුවක් හදන හෝ බිඳ දමන මෙවලමකට එහා ගිය ජාතික අරමුණක් වෙනුවෙන් ලියන ලද්දකි. එවැන්නක් පිළිබඳ ව සංවාදයක යෙදෙන්නට තරම් සුදුසු වටපිටාවක් මේ වන විට නැති බව මගේ විස්වාසයයි. රට තුළ දැන් පවතින දේශපාලන නොසංසුන්කාරීත්වය සමනය වන්නට ඉඩ හැර ‘තම්බි මුදියන්සේ’ විද්වත් සමාජ කථිකාව පවත්වන්නට බලාපොරොත්තු වෙමි.

එබැවින් නොවැම්බර් 12 දා පැවැත්වීමට බලාපොරොත්තු වූ ‘තම්බි මුදියන්සේ’ විද්වත් සමාජ කථිකාව එදින නොපැවැත්වෙන බව කාරුණික ව දන්වා සිටිමි. එය සංවිධානය කිරීම සඳහා විවිධ ආකාරයෙන් දිරිගන්වමින් සහයෝගය දුන් සියලු දෙනාට ම මගේ ළෙංගතු ස්තුතිය පුද කරමින් මේ නිසා කිසිවකු හෝ අපහසුතාවකට පත් වූයේ නම් සමාව ඉල්ලා සිටිමි.

එය නැවත පැවැත්වෙන දිනය ඉතා ඉක්මනින් දැනුම් දෙමි.

ධර්ම ශ්රී කාරියවසම්

25/09/2018

තම්බි මුදියන්සේ!

මේ කුප්‍රකට නාමයෙන් හැඳින්වුණු පුද්ගලයෙක් වසර 200කට ඈත අතීතයේ ශ්‍රී ලංකාවේ ජීවත් වූයේ ය.

වත්මන් වැඩිහිටි පරපුරේ බොහෝ දෙනෙක් තම්බි මුදියන්සේ ගැන දනිති. අඩු වශයෙන් ඔහු පිළිබඳ ව අසා දැන තිබේ. එහෙත් අද තරුණ පරපුරේ බොහෝ දෙනකු ඔහු පිළිබඳ ව දන්නේ නැත. අඩු වශයෙන් ඒ නම වත් අසා ඇති අයකු වෙතොත් ඒ කලාතුරකිනි. ඔහු පමණක් නොව ඔහුගේ කාර්යභාරය ම ඉටු කරමින් සිටින නූතන තම්බි මුදියන්සේලා පිළිබඳ ව ද බොහෝ දෙනකු දන්නේ නැත. තම්බි මුදියන්සේ යනු මේ රටේ ඉතිහාසය තුළ නොමැකෙන ලෙස සටහන් වී ඇති කුප්රකට නාමයකි.

ඉතිහාස පොත්වල තම්බි මුදියන්සේ යන නම දක්නට ලැබෙන්නේ ඉතා ම කලාතුරකින් වුවත් ඉංග්රීසින් මෙරට යටත්විජිතයක් බවට පත් කර ගත් ආසන්න අවධියේ ඔවුන්ගේ ලිපි ලේඛනවල ඔහු පිළිබඳ ව සටහන් දක්නට ලැබේ. තම්බි මුදියන්සේ පිළිබඳ ව ප්රසිද්ධියට පත් වූ ලේඛන බොහොමයක් දක්නට ලැබෙන්නේ ඔහුගේ මරණයෙන් පසු ව ය. ඔහු පිළිබඳ ව ඉංග්රීසින් තැබූ සටහන් සහ ඔහු වෙනුවෙන් ලබා දුන් සහතික, ස්තුති පත්ර ආදියෙන් ඔහුත් ඉංග්රීසි ආක්රමණිකයාත් අතර පැවැති සම්බන්ධය වටහා ගත හැකි ය.

ඔහුගේ නාමය ඉතිහාසයේ නොමැකෙන ලෙස සටහන් වී ඇත්තේ ශ්රී ලංකාවේ ඉතිහාසය වෙනස් කිරීමට ඔහුගෙන් ලැබුණු දායකත්වය නිසා ය. ඔහු පමණක් නොව ඔහුගෙන් පසු ව ඔහුගේ පරපුර ද ශ්රී ලංකාවේ ඉතිහාසය වෙනස් කරන්නට දායක වූ නිසා ය. ඔවුන් ලබා දුන් ඒ දායකත්වය මේ රටේ ඉතිහාසය වෙනස් කරන්නට බලපෑවේ කුමනාකාරයෙන් ද යන්න මේ කෘතිය තුළින් යම් තරමකට හෝ පෙන්වා දෙන්නට උත්සාහ කරනු ලැබේ.

ඒ හැර ඔහුගේ පරපුරේ වත්මන් පුරුක් ද මේ රටේ ඉතිහාසය වෙනස් කිරීමේ කටයුත්තට දායක වෙමින් සිටින නිසා තම්බි මුදියන්සේ නාමය සිහිපත් කළ යුතු ව ඇත.

ඉතිහාසය ප්රතිනිර්මාණය වෙමින් තිබේ. අනාගතය ගොඩනැඟෙන්නේ ඉතිහාසය මතිනි. එබැවින් රටක අනාගතය ගොඩනැඟීමෙහි ලා ඉතිහාසයෙන් සිදු වන බලපෑම ප්රතික්ෂේප කළ නොහැකි ය.ඉතිහාසය හැදෑරිය යුත්තේ එබැවිනි. ඉතිහාසයෙන් පාඩම් උගත යුතු ය. අනාගතය කෙරෙහි ඉතිහාසයෙහි ඇති බලපෑම වටහා ගත හැක්කේ ඉතිහාසය හදාරන විට ය. අපේ ඉතිහාසයේ ස්වභාවය කිරා මැන බලා, නිවැරැදි තක්සේරුවකට එළැඹෙන්නට අතීත අත්දැකීම් ඉතා වැදගත් වෙයි. තම්බි මුදියන්සේගේ කතාව ද මේ රටේ ඉතිහාසය කිරා මැන බලන්නට මනා පිටිවහලක් සපයයි. වත්මන් පරපුර තම්බි මුදියන්සේ ගැන දැන ගත යුත්තේ එබැවිනි.

උපුටා ගැනීම- තම්බිමුදියන්සේ - ප්‍රමුඛ සිංහල ඔත්තුකරුවා සහ ඔහුගේ පරපුරේ කතාව (21 – 22 පිටුවලිනි.)

23/09/2018
16/09/2018

‘තම්බි මුදියන්සේ' පොතේ මෙවර නිකුත් වෙන්නේ
නැවත මුද්‍රණයක් නෙවෙයි අලුත් සංස්කරණයක්

‘තම්බි මුදියන්සේ’ පොතේ මෙවර නිකුත් වෙන්නේ අලුත් ම සංස්කරණයක්. එය කලින් පොතේ නැවත මුද්රණයක් නෙවෙයි. ඊට වඩා පුළුල් ක්ෂේත්රයක කරුණු මෙවර සංස්කරණයට ඇතුළත්. හුදෙක් තම්බි මුදියන්සේගේ චරිතයට පමණක් සීමා නොවී උඩරට රාජධානියේ සමකාලීන දේශපාලන තත්වය ගැනත් උඩරට යටත් කර ගැනීමේ ක්රියාවලියේ දී ඊට සම්බන්ධ වූ විවිධ පුද්ගලයන් ගැනත් මෙවර සංස්කරණයේ දී විස්තර කරන්නට මම උත්සාහ කළා. ශ්රී වි‍ක්‍රම රාජසිංහ රජු ගැන පොත්වල සඳහන් වෙන කරුණු ඇත්ත ම නොවන බව මේ ගැන කළ ගවේශනයේ දී පැහැදිලි වූ දෙයක්.

උඩරට රාජධානිය දිය කර හැරීමේ මහ මොළකරුවා ලෙස සැලකෙන ‘ජෝන් ඩොයිලි’ ගැන වි‍ශේෂයෙන් ලියන ලද පරිච්ඡෙදයක් මෙවර සංස්කරණයේ උපග්‍රන්ථයක් විදියට එකතු කළා. ඒ ගැන වැඩි විසතර පසු ව කියන්නම්.
ඊට අමතර ව අදාළ ඉතිහාසයට සම්බන්ධ ඡායාරූප සහ රූප සටහන් රාශියක් අලුතින් ඇතුළත් කළා. මේ අලුත් සංස්කරණ නිසා පසුගිය මුද්රණයට වඩා පිටු 48ක් මෙවර පොතට අලුතින් එකතු වී තිබෙනවා.

Address

Maharagama
10250

Telephone

0773 148378.

Alerts

Be the first to know and let us send you an email when Madhya media house posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Madhya media house:

Share