27/08/2026
සුපින්බර නිකිණි පොහොය දිනයක් වේවා! 🙏
නිකිණි පොහොය දිනයේ වැදගත්කම
බුදු සසුනේ ඉතිහාසයේ සුවිශේෂී සිදුවීම් රැසක් සිදුවූ පින්බර දිනයක් ලෙස නිකිණි පොහොය දිනය සැලකේ.
🔸 ප්රථම ධර්ම සංඝායනාව ආරම්භ කිරීම
අජාසත්ත රජතුමාගේ අනුග්රහය යටතේ, මහා කාශ්යප මහරහතන් වහන්සේගේ ප්රධානත්වයෙන් ආනන්ද, අනුරුද්ධ, උපාලි ආදී පන්සියයක් මහරහතන් වහන්සේලාගේ සහභාගිත්වයෙන් ප්රථම ධර්ම සංඝායනාව ආරම්භ වීම.
🔸 ආනන්ද මහරහතන් වහන්සේ රහත් වීම
ධර්ම භාණ්ඩාගාරික ආනන්ද හිමියන් වහන්සේ රහත් භාවයට පත්වීමද නිකිණි පොහොය දිනය හා සම්බන්ධ සුවිශේෂී සිදුවීමකි.
🔸 පසුවස් සමාදන් වීම
පෙරවස් මඟ හැරී ගිය භික්ෂූන් වහන්සේලා විසින් පසුවස් සමාදන් වීම ආරම්භ කිරීමද මෙම පොහොය දිනයේ වැදගත්කමකි.
🔸 ශ්රී දළදා මාලිගාවේ රන්දෝළි පෙරහර
මහනුවර ශ්රී දළදා මාලිගාවේ ඇසළ පෙරහර මංගල්යයේ අවසන් රන්දෝළි පෙරහර පැවැත්වීමද නිකිණි පොහොය සමඟ සම්බන්ධ වැදගත් අවස්ථාවකි.