07/08/2026
පැණි රස කන්න හිතෙන එක නතර කරන්නේ මෙහෙමයි! 🧁🚫
ගොඩක් වෙලාවට කෑම කෑවට පස්සේ, නැත්නම් හවසට තේ එකක් බොන වෙලාවට, වැඩක් කරලා මහන්සි වෙලා ඉන්න වෙලාවට, නැත්නම් කරන්න වැඩක් නැතිව කම්මැලිකමේ ඉන්න වෙලාවට මගේ හිත ඉල්ලන්නෙම මොනවාහරි පැණි රස කෑමක් කන්න කියලා.හැබැයි ඉතින් ඒ වෙලාවට කන ටොෆි, චොක්ලට්,බිස්කට් වලින් වෙන්නේ ටික වෙලාවකට විතරක් energy එක වැඩි වෙලා, ඊට පස්සේ ඊටත් වඩා පැණි රස කන්න ආසාවක් එන එක විතරයි (Sugar Crash). ඊට පස්සෙ ඉතින් රටේ නැති ලෙඩ..
පැනි රස කියන්නේ ඉතින් නිතර කන්න හොද දෙයක් නෙවේනේ. ඒ නිසා මම Sugar Craving එක ලේසියෙන්ම පාලනය කරගත්ත විදිය ඔයාලට කියන්නම්.
මුලින්ම මම කලේ පැණිරස කන්න හිතෙන හැම වෙලාවෙම හොදට වතුර බොන්න පුරුදු වුනා.ගොඩක් වෙලාවට අපිට තිබහ වුනාමත් මොළයෙන් දෙන්නේ "බඩගිනියි" නැත්නම් "පැණි රස ඕනේ" කියන සිග්නල් එක. පැණි රසක් කන්න හිතුණු ගමන් ලොකු වතුර වීදුරුවක් බීලා විනාඩි 10ක් ඉඳලා බලන්න. ඒ ආසාව මගහැරිලා යනවා.
පැණි රසම කන්න ඕනේමයි කියලා හිතුන වෙලාවට කෙසෙල් ගෙඩියක්, රටඉඳි, රටකජු ටිකක්, නැත්නම් පැපොල්/අඹ කෑල්ලක් වගේ ස්වාභාවික පැණි රස තියෙන දෙයක් කන්න පුරුදු වුණා..එතකොට ඇගට අහිතකර සීනි නිතර නිතර කැවෙන එක පාලනය වෙනවා.
ප්‍රධාන ආහාර වේල් වලට ප්‍රෝටින් වැඩිපුර තියන කෑම එකතු කර ගත්තා.බිත්තර, මස්, මාලු, ඇට වර්ග, එළවළු සහ කොළ වර්ග එකතු කරගත්තාම ඒකෙන් එකපාරටම සීනි මට්ටම අඩු වෙන්නේ නැති නිසා ගොඩක් වෙලා යනකල් බඩගිනි දැනෙන් නැති වෙනවා. ඒ නිසා පැණිරස ආසාව අඩුවෙනවා.
අනිත් මම කරපු ලොකුම දේ තමයි ගෙදර නිතර දකින තැන්වලින් පැණි රස කෑම අයින් කරලා තිබ්බා. ඒ වගේම නිතර ගෙදර ඒ වගේ කෑම ගේන එක අඩුකලා.ඒවා ඇස් දෙකට නොපෙනී යද්දී හිතටත් අමතක වෙලා යනවා. ඉතින් මේ විදියට තමයි මම නිතරම පැණිරස කෑම කන්න හිතෙන එක අඩු කර ගත්තේ.
ඒත් පැණි රස මුළුමනින්ම නතර කරන්න නම් අමාරුයි හැබැයි මේ විදියට හෙමින් හෙමින් එදිනෙදා කන පැණිරස ප්‍රමාණය අඩු කර ගන්න පුලුවන් !
රාධි ❤️
゚
fans