Lanka Marketspace

Lanka Marketspace Media, Sports & News Agency. Social Media Platform for business & Economic News.

Social media marketing has become more and more pivotal in the last few years, with the Hummingbird update again reflecting the importance of providing unique and informative content to your audience. Social Media Optimization involves properly leveraging different hand selected social platforms for your business to connect and communicate with customers (and future clients), generate buzz for pro

ducts and services, offer innovative promotions, create brand awareness, and more. With social media marketing efforts you can keep your business constantly in the online spotlight.

උතුරුමැද පළාත් සමස්ත ලංකා විවෘත බැඩ්මින්ටන් ශූරතාවලියට අයදුම්පත් කැඳවයිඋතුරුමැද පළාත් බැඩ්මින්ටන් සංගමය සහ සිලෝන් මාස්ටර...
10/08/2026

උතුරුමැද පළාත් සමස්ත ලංකා විවෘත බැඩ්මින්ටන් ශූරතාවලියට අයදුම්පත් කැඳවයි

උතුරුමැද පළාත් බැඩ්මින්ටන් සංගමය සහ සිලෝන් මාස්ටර්ස් බැඩ්මින්ටන් එක්ව සංවිධාන කරන උතුරුමැද පළාත් සමස්ත ලංකා විවෘත බැඩ්මින්ටන් ශුරතාවලිය මේ මස 24 සිට 30 වැනිදා දක්වා අනුරාධපුරයේ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තු ගෘහස්ත ක්‍රීඩාංගණයේ සහ මයික් කුක් ගෘහස්ත ක්‍රීඩාංගණයේ පැවැත්වෙන අතර, ඒ සඳහා අයැදුම්පත් බාර ගැනීම දැන් සිදු කෙරේ. ජාතික ශ්‍රේණිගත කිරීම්වල පළමු මට්ටමේ තරගාවලියක් ලෙස ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ අනුමැතිය ලද මෙම තරගාවලියට විවිධ වයස් කාණ්ඩ යටතේ මෙරට ඉහළම මට්ටමේ ශ්‍රේණිගත ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මෙම ශූරතාවලියට අවුරුදු 11න් පහළ සිට අවුරුදු 19න් පහළ දක්වා කනිෂ්ට කාණ්ඩය, අවුරුදු 100+ ප්‍රවීණයන්ගේ ඒකාබද්ධ වයස් කාණ්ඩ ඇතුළුව අවුරුදු 30න් ඉහළ සිට 70න් ඉහළ දක්වා ජ්‍යෙෂ්ඨ කාණ්ඩය වැනි වයස් කාණ්ඩ රැසක තරග අංශ ඇතුළත් වෙයි. ඒ අතර කාන්තා හා පිරිමි ඒකල, යුගල සහ මිශ්‍ර යුගල තරග ඇතුළත් විවෘත තරග අංශය වැඩි අවධානයකට ලක්වනු ඇත. කාන්තා හා පිරිමි ඒකල වයස් කාණ්ඩයේ පරාජිතයන් අතර පළඟ අංශයේ තරග ද මිට ඇතුළත් ය.
තරගාවලියේ සමාරම්භක උත්සවය අගෝස්තු 24 වැනිදා පෙරවරු 9.00ට පැවැත්වෙන අතර, අනතුරුව මූලික වටයේ තරග ආරම්භ කෙරේ. අර්ධ අවසන් පූර්ව සහ අවසන් පූර්ව තරග අගෝස්තු මස 28 වැනිදා පැවැත්වෙනු ඇත. වඩාත් උණුසුම් මුහුණුවරක් ගන්නා අවසන් පූර්ව තරග සමඟ අවසන් මහා තරග අගෝස්තු මස 29 සහ 30 දෙදින පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර, අනතුරුව සමාප්ති උත්සවය සහ ත්‍යාග ප්‍රදානෝත්සවය පැවැත්විමට කටයුතු යොදා තිබේ.
මෙම තරගාවලියේ තරග පෙළ ගැස්ම සිදු කරනු ලබන්නේ අගෝස්තු මස 16 වැනිදා වන විට ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ ශ්‍රේණිගත කිරිම් අනුවය. එම තරග පෙළ ගැස්ම අගොස්තු මස 19 වැනිදා කොළඹ 7, මෙට්ලන්ඩ් පෙදෙසේ අංක 28 ස්ථානයේ පිහිටි ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේදී සිදු කෙරේ.
උතුරුමැද පළාත් සමස්ත ලංකා විවෘත බැඩ්මින්ටන් ශුරතාවලිය සඳහා අයැදුම්පත් බාරගැනීම අගෝස්තු මස 14 වැනිදා දිවා කාලයේදී නිමාවට පත්වන අතර, සියලු අයැදුම්පත් අන්තර්ජාලය ඔස්සේ හෝ 0777443949 දුරකතන අංකයෙන් තරගාවලි අධ්‍යක්ෂිකා රේණු චන්ද්‍රිකා ද සිල්වා මෙනෙවිය මගින් ඉදිරිපත් කළ හැකිය.
තරගාවලිය සඳහා ඉදිරිපත් වන අයැදුම්පත් සංඛ්‍යාව මත පදනම්ව රුපියල් මිලියනයක මුදල් ත්‍යාග පිරිනැමෙන අතර, ඊට අමතරව සෑම තරගයකම ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට, අනුශූර,අනුශුරියන්ට සහ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට කුසලාන, පදක්කම් සහ සහතික පත් පිරිනැමේ. තරගාවලියේ සංවිධායක මණ්ඩලයේ තීරණයට අනුව කනිෂ්ඨ අංශයේ ජයග්‍රාහකයන්ට මුදල් ත්‍යාග වෙනුවට වටිනා වෙනත් ත්‍යාග පිරිනැමීමට කටයුතු යොදා තිබේ.
තරගාවලිය පිළිබඳ සියලු විස්තර ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ නිල වෙබ් අඩවියේ පළ කර ඇති නිවේදනයට ඇතුළත් කර තිබේ. උතුරු මැද පළාත් බැඩ්මින්ටන් සංගමය සමඟ එක්ව තරගාවලිය සාර්ථකව හා උසස් ප්‍රමිතියෙන් යුතුව පැවැත්වීමට සිලෝන් මාස්ටර්ස් බැඩ්මින්ටන් පූර්ණ සහයෝගය ලබා දෙයි.

McLarens Lubricants Partners with Young Karting Talent Tanasha RadellaMcLarens Lubricants Limited is proud to be the Off...
06/08/2026

McLarens Lubricants Partners with Young Karting Talent Tanasha Radella
McLarens Lubricants Limited is proud to be the Official Lubricant Partner of young karting talent Tanasha Radella and to support her as she continues to progress in her racing career.
Tanasha delivered an outstanding performance in the Cadet category at Round 3 of the IAME Series Sri Lanka, held on 1 and 2 August 2026 at SpeedBay in Bandaragama. Demonstrating exceptional talent, determination, and confidence on the track, she secured first place and made history as the first female driver to win a round of the IAME Series Sri Lanka a proud achievement for Tanasha, her team, and everyone supporting her journey.
Tanasha continues to demonstrate the discipline, courage and competitive spirit required to progress in motorsport. Her achievements also serve as an inspiration to girls aspiring to pursue opportunities in motor sport.
Commenting on the partnership, Chaminda Gunerathne, Managing Director of McLarens Lubricants Limited, stated, “We are extremely proud to support Tanasha as her Official Lubricant Partner. Her passion, discipline, and determination at such a young age are truly inspiring. At McLarens Lubricants, we strongly believe in empowering young talent and creating equal opportunities for future generations. We look forward to being part of Tanasha’s journey as she continues to pursue excellence and represent Sri Lanka on the international racing stage.”
The partnership reflects McLarens Lubricants’ commitment to supporting performance, ambition, and emerging talent within Sri Lanka’s motorsport community. Tanasha currently leads the IAME Sri Lanka Championship and is placed fifth in the IAME Malaysia Series, while also competing in the Malaysian Karting Championship. Continuing her international racing journey, she is set to compete in the Cadet category at the IAME Asia event on the 8th and 9th of August 2026, followed by the Asia Pacific Motorsport Championship in Thailand in October 2026 and the Dubai National Cup in December 2026.
McLarens Lubricants Limited congratulates Tanasha on her remarkable achievements and wishes her every success as she continues to compete internationally and represent Sri Lanka on the global karting stage.

දකුණු ආසියාවේ ප්‍රමුඛතම රෙදිපිළි හා ඇඟලුම් නිෂ්පාදන ප්‍රදර්ශනයIntex–InMac Sri Lanka 2026 ඇමැති සුනිල් හඳුන්නෙත්තිගේ ප්‍ර...
05/08/2026

දකුණු ආසියාවේ ප්‍රමුඛතම රෙදිපිළි හා ඇඟලුම් නිෂ්පාදන ප්‍රදර්ශනය
Intex–InMac Sri Lanka 2026
ඇමැති සුනිල් හඳුන්නෙත්තිගේ ප්‍රධානත්වයෙන්
BMICH හීදී විවෘත වෙයි

දකුණු ආසියාවේ ප්‍රමුඛතම ජාත්‍යන්තර රෙදිපිළි මූලාශ්‍ර සහ ඇඟලුම් නිෂ්පාදන තාක්ෂණික ප්‍රදර්ශනය ‘Intex–InMac Sri Lanka 2026‘අද බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන ඇමැති සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් නිල වශයෙන් විවෘත කෙරිණි. එම අවස්ථාවට කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ (IDB) සභාපති යසස් හේවගේ, ඒකාබද්ධ ඇඟලුම් සංසදයේ (JAAF) සභාපති ෆීලික්ස් ප්‍රනාන්දු මහත්වරු සමඟ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරින්, තානාපතිවරුන්, කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රධානීන්, වාණිජ මණ්ඩල, වෙළෙඳ සංගම්, ප්‍රදර්ශකයන් සහ ජාත්‍යන්තර ගැණුම්කාර නියෝජිතයන් ද එක්වූහ.
සමාරම්භක උත්සවයෙන් අනතුරුව අමුත්තන් විසින් ප්‍රදර්ශන කුටි නිරික්ෂණය කළ අතර, මෙවර ප්‍රදර්ශනයේ වැඩිම ජාත්‍යන්තර ආකර්ෂණය දිනාගත් ඉන්දියාවේ විවිධාංගිකරණය වූ රෙදිපිළි සහ නවෝත්පාදනයන් ප්‍රදර්ශනය කෙරෙන ‘Incredible Textiles of India‘ ප්‍රදර්ශන කුටිය ද නිල වශයෙන් විවෘත කළහ.
Intex–InMac Sri Lanka ප්‍රදර්ශනය අද සිට ලබන 7 වැනිදා දක්වා පැවැත්වෙන අතර, ශ්‍රී ලංකාවේ විශාලතම ජාත්‍යන්තර රෙදිපිළි සහ ඇඟලුම් තාක්ෂණික වේදිකාව බවට පත් කරමින් රටවල් සහ කලාප 15කට වැඩි ප්‍රමාණයකින් ප්‍රදර්ශකයන් 250කට අධික සංඛ්‍යාවක් ඒ සඳහා එක්වී සිටී.
මෙහිදී ඇඟලුම් රෙදිපිළි, කොට්න්, පොලියෙස්ටර්, ඩෙනිම්, ලිනන් සහ ගොතන ලද සහ කෘත්‍රිම රෙදිපිළි, නුල් සහ කෙඳි, එම්බ්‍රොයිඩර් නුල්, ෂිපර්, ලේබල්, ඇඟලුම් උපාංග, රෙදිපිළි මුද්‍රණ තීන්ත වර්ග, ඩයි වර්ග, රසායනික ද්‍රව්‍ය, ඩිජිටල් රෙදිපිළි මුද්‍රණ විසඳුම් සහ යන්ත්‍රෝපකරණ උපංග InMac ප්‍රදර්ශනයට ඇතුළත් වන අතර, ඇඟලුම් යන්ත්‍ර සූත්‍ර සහ උපකරණ, මැහුම්, overlock and flatlock මැෂිම්, cutting machines, ඩිජිටල් රෙදිපිළි මුද්‍රණ සහ DTG විසඳුම්, ඩයි කිරිමේ සහ බ්ලීචිං කිරිමේ යන්ත්‍ර, රෙදි සෝදන උපකරණ, නුල් කටින යන්ත්‍ර, heat press යන්ත්‍ර, ස්ක්‍රීන් ප්‍රින්ටින් උපකරණ, රෙදිපිළි යන්ත්‍ර අමතර කොටස් සහ උපාංග සහ ඇඟලුම් නිෂ්පාදනය සඳහා ස්වයංක්‍රිය විසඳුම් InMac ප්‍රදර්ශනයට එක් කර තිබේ.
ව්‍යාපාරික සබඳතා, නවෝත්පාදන සහ නව වෙළෙඳ අවස්ථා උදා කරමින් Intex–InMac Sri Lanka 2026 ප්‍රදර්ශනය මේ මස 7 වැනිදා දක්වා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ.

A MASTERCLASS PERFORMANCE BY BENEDICTINE ATHLETES AT THE COLOMBO ZONAL ATHLETICS CHAMPIONSHIP 2026 BECOMING CHAMPIONS FO...
14/07/2026

A MASTERCLASS PERFORMANCE BY BENEDICTINE ATHLETES AT THE COLOMBO ZONAL ATHLETICS CHAMPIONSHIP 2026 BECOMING CHAMPIONS FOR THE 5th CONSECUTIVE YEAR

A brilliant allround performance across all age groups , both in track & field events , secured St.Benedict's College the Overall Boys Championship with 174 points , a massive lead of 92 points over the second placed St.Peter's College , at the Sugathadasa Stadium last week. It's an incredible achievement , given that a whole host of schools traditionally strong in Athletics , were competing in this Championship.Over a gruelling 5 days of competition , Benedictines won 21 GOLD Medals, 14 SILVER Medals and 12 BRONZE Medals .

GOLD Medals were won by the following athletes
UNDER 20
Kalana Jayamanne - 800 meters , 1500 meters
Sasindu Jayasinghe -
Triple Jump
Tharusha Mendis -
High Jump
Yashen Pieris - Pole Vault
4 × 400 meters Relay
4 × 100 meters Relay

UNDER 18
Pahasara Gunetunge - 400 meters , 800 meters , 1500 meters
Y.Thulastigen - Shot Putt
Ashane Lasinda - Pole Vault
Sadew Dahamsa - Triple Jump
4 × 100 meters Relay
4 × 400 meters Relay

UNDER 16
Sinura Salgado - 800 meters
Kaveen Amodya - Discus Throw ( New Meet Record ), Shot Putt
Dilash Anujaya - 300 meters Hurdles
4 × 100 meters Relay ( New Meet Record )
4 × 400 meters Relay ( New Meet Record )

This historic achievement is testament to the hard work and perseverance of the talented athletes and the dedication and committment of the brilliant Coaching & Support Staff let by the dynamic MIC / Head Coach Nuwan Abeywickrema and the steadfast support of the School Management and Old Benedictine Fraternities in Sri Lanka and Overseas .It's significant that two Benedictine Athletes , Sasindu Jayasinghe ( Triple Jump ) and Tharusha Mendis ( High Jump , have been selected to represent Sri Lanka at the World Junior Athletics Championship in the United States of America next month.

ONE TEAM ONE FAMILY
ONE LEGACY

Automobile Industry Awards 2026 සම්මාන උළෙලේදීහොඳම පාරිභෝගික කේන්ද්‍රීය සැපයුම්කරු සම්මානයමැක්ලරන්ස් ලුබ්රිකන්ට්ස් දිනයි...
13/07/2026

Automobile Industry Awards 2026 සම්මාන උළෙලේදී
හොඳම පාරිභෝගික කේන්ද්‍රීය සැපයුම්කරු සම්මානය
මැක්ලරන්ස් ලුබ්රිකන්ට්ස් දිනයි

ශ්‍රී ලංකා ඔටෝමොබයිල් ඉන්ඩස්ට්‍රීස් කවුන්සිලය විසින් සංවිධාන කරනු ලැබූ Automobile Industry Awards 2026 සම්මාන උළෙලේදී මැක්ලරන්ස් ලුබ්රිකන්ට්ස් පෞද්ගලික සමාගම හොඳම පාරිභෝගික කේන්ද්‍රීය සැපයුම්කරු (Best Customer-Centric Supplier) ලෙස සම්මානයට පාත්‍ර විය. සැපයුම්ජාල ක්ෂේත්‍රය සඳහා වන කාණ්ඩය යටතේ මැක්ලරන්ස් සමාගම මෙම සම්මානය දිනාගත් අතර, ශ්‍රී ලංකා මෝටර් රථ ක්ෂේත්‍රය තුළ සුවිශේෂී ඇගැයීමක්, විශිෂ්ඨ සේවාවක් සහ දිගුකාලීන හවුල්කාරිත්වයක් ලබාදීමට ඔවුන් සතු කැපවීම එමඟින් නැවත වරක් තහවුරු කර තිබේ.
ශ්‍රී ලංකාව තුළ වසර 25කට වැඩි මෙහෙයුම් ඉතිහාසයකට හිමිකම් කියන මැක්ලරන්ස් ලුබ්රිකන්ට්ස් පෞද්ගලික සමාගම ජාත්‍යන්තර මට්ටමේ ලිහිසිතෙල් සම්බන්ධයෙන් ඉහළම තලයේ කීර්තියක් අත්කරගෙන තිබේ. ලොව ප්‍රමුඛතම කෘත්‍රිම ලිහිසිතෙල් වර්ගය ලෙස පිළිගැනෙන Mobil සහ මෙරට රියැදුරන්ට පරම්පරා ගණනාවක් පුරා විශ්වාසය තබා සිටින Lockheed Brake Fluids ඇතුළු ලෝක ප්‍රකට සන්නාම රැසක් ශ්‍රී ලංකාව තුළ නියෝජනය කරනු ලබන්නේ මැක්ලරන්ස් ලුබ්රිකන්ට්ස් සමාගම විසිනි.
පාරිභෝගික අවශ්‍යතා නිවැරැදිව හඳුනා ගැනීම, උසස් නිෂ්පාදන සහ සේවාවන් සැපයීම මෙන්ම පාරිභෝගියන්, බෙදාහරින්නන්, කාර්මික සේවා ආයතන සහ කර්මාන්ත ක්ෂේත්‍රයේ සෙසු පාර්ශ්වකරුවන් සමඟ ශක්තිමත් සම්බන්ධතා පවත්වා ගැනීම වෙනුවෙන් මැක්ලරන්ස් සමාගම දක්වනු ලබන දැඩි අවධානය මෙම සම්මානය තුළින් ඇගයිමට ලක් කර තිබේ. එමෙන්ම නිරතුරුවම පාරිභෝගික අපේක්ෂාවන් සපුරාලීමට එම සමාගමට හැකිවී ඇත්තේ ඔවුන්ගේ මෙහෙයුම් විශිෂ්ඨත්වය, නවෝත්පාදනය සහ සේවාවන් හි ගුණාත්මකභාවය උදෙසා අඛණ්ඩව සිදු කරනු ලබන ආයෝජන හේතුවෙන් බව මෙමඟින් පෙන්නුම් කෙරේ.
මැක්ලරන්ස් ලුබ්රිකන්ට්ස් පෞද්ගලික සමාගමේ සම කළමනාකාර අධ්‍යක්ෂ චමින්ද ගුණරත්න මහතා මෙම ජයග්‍රහණය පිළිබඳ මෙසේ අදහස් පළ කළේය.
‘හොඳම පාරිභෝගික කේන්ද්‍රීය සැපයුම්කරුගේ සම්මානය දිනාගැනීම අපට සුවිශේෂී කඩඉමක් මෙන්ම වසර 25ක් පුරා අපගේ පාරිභෝගිකයන් සහ හවුල්කරුවන් අප කෙරෙහි තැබූ විශ්වාසයට කදිම සාක්ෂියකි. මැක්ලරන්ස් ලුබ්රිකන්ට්ස් සමාගමේ අප සිදු කරනු ලබන සියලු කාර්යයකදීම පාරිභෝගික කේන්ද්‍රීයභාවය කෙරෙහි ප්‍රමුඛස්ථානය ලබා දී තිබේ. ශ්‍රී ලංකාවේ මෝටර් රථ කර්මාන්තය ශක්තිමත් කරමින් සිටින අතරතුරදීම පාරිභෝගිකයන් වෙනුවෙන් තිරසර වටිනාකමක් නිර්මාණය කරන ජාත්‍යන්තර තලයේ නිෂ්පාදන, සුවිශේෂී සේවාවන් සහ නවෝත්පාදන විසඳුම් ලබාදීමට අප නිරන්තරයෙන්ම කැපවී සිටිමු.‘මෙම ජයග්‍රහණය සාක්ෂාත් කරගැනීම සඳහා අඛණ්ඩව විශ්වාසය සහ සහයෝගය ලබා දුන් සියලුම පාරිභෝගිකයන්, බෙදාහරින්නන්, අලෙවිකරුවන්, කාර්මික සේවා ආයතනවල සහ අලෙවි ජාලයේ හවුල්කරුවන් වෙත මැක්ලරන් ලුබ්රිකන්ට්ස් පෞද්ගලික සමාගම සිය අවංක කෘතවේදීත්වය පළ කර සිටී.

(වමේ සිට)
චතුර කත්‍රිආරච්චි -ජ්‍යෙෂ්ඨ කළමනාකරු (ව්‍යාපාර සංවර්ධන), උපුල් සෝමරත්න - සාමාන්‍යධිකාරි (වෙළෙඳ), චමින්ද ගුණරත්න - සම කළමනාකරණ අධ්‍යක්ෂ, ශ්‍රී ලංකා ඔටෝමොබයිල් ඉන්ඩස්ට්‍රීස් කවුන්සිලයේ නියෝජිතයන් සහ ළහිරු ද තාබෘ - ජ්‍යෙෂ්ඨ කළමනාකරු (අලෙවි)

Macbertan Clinches Double Gold at the National Convention on Quality and Productivity 2026Reinforcing a legacy of operat...
13/07/2026

Macbertan Clinches Double Gold at the National Convention on Quality and Productivity 2026

Reinforcing a legacy of operational excellence, structured problem-solving, and sustainable value creation for business partners.

Macbertan, a leader in manufacturing excellence, has achieved an exceptional milestone by winning two prestigious Gold Awards at the recently concluded National Convention on Quality and Productivity (NCQP) 2026. Organized by the Sri Lanka Association for the Advancement of Quality and Productivity (SLAAQP), the convention is recognized as the country’s premier national platform for continuous improvement and operational innovation.
This year’s convention witnessed intense competition, bringing together over 2,000 delegates and more than 450 quality improvement teams representing 100+ leading corporate entities nationwide. Against this highly competitive backdrop, Macbertan entered two cross-functional improvement teams under the Quality Control Circles (QCC) category. In a resounding validation of the company's internal standards, both teams secured Gold Awards, an outstanding accomplishment that highlights Macbertan’s deeply rooted quality culture.
Engineered for Precision and Waste Reduction
The award-winning projects focused directly on improving process capability, eliminating waste, maximizing manufacturing precision, and boosting overall productivity. To achieve these outcomes, Macbertan's cross-functional teams deployed structured, data-driven problem-solving methodologies including Brainstorming, Fishbone (Cause-and-Effect) Analysis, and 5-Why Analysis. This disciplined application of Kaizen (continuous improvement) principles successfully optimized workplace performance while strictly adhering to environmental sustainability and workplace safety standards.
Delivering Tangible Value to Business Clients
For Macbertan's corporate and retail clients, this national recognition translates into direct, measurable business advantages. The optimization of these manufacturing lines ensures enhanced product reliability, superior quality consistency, minimized defect rates, and a highly agile supply chain capable of meeting demanding timelines. By aggressively driving down operational costs and waste, Macbertan strengthens its capacity to offer sustainable, premium-tier solutions that enhance the long-term value chain of its clients.
"At Macbertan, sustainable business excellence is built on an uncompromising commitment to quality and customer value creation. This double gold milestone reflects the collective dedication of our people, their technical expertise, and a corporate strategy that embeds quality not merely as a compliance exercise, but as an active pillar of partnership and innovation."
Moving forward, Macbertan remains dedicated to elevating industry standards, continuing its journey of disciplined operational excellence, and remaining the trusted, world-class partner of choice for businesses across Sri Lanka. Macbertan is a pioneer in manufacturing high-quality heat and sound insulation and protective packaging for industrial, commercial and residential clients, committed to global quality standards and continuous innovation.

Intex & InMac Sri Lanka 2026: Dual Powerhouses to Drive US$8 Billion Apparel GoalColombo, Sri Lanka:  As Sri Lanka’s app...
13/07/2026

Intex & InMac Sri Lanka 2026: Dual Powerhouses to Drive US$8 Billion Apparel Goal

Colombo, Sri Lanka: As Sri Lanka’s apparel industry targets an ambitious US$8 billion in exports by 2030, the region’s premier trade platforms return to accelerate this growth. Intex – The Premier International Textile Sourcing Show and the co-located InMac – Smart Technology & Innovation in Gar-Tex Machinery will be held from 5 to 7 August 2026 at the BMICH, Colombo, uniting global textile sourcing and garment technology under one roof.

Hosting over 300 international companies from 15+ countries and regions, this largest-ever edition offers a comprehensive end-to-end platform to modernize Sri Lanka's supply chain. Intex Sri Lanka will showcase upstream innovations in fibers, yarns, fabrics, accessories, and sustainable materials, connecting local manufacturers with major buyers from South Asia, ASEAN, Europe, and the Middle East. Running parallel, InMac Sri Lanka tackles the industry’s push for automation. Global machinery leaders will debut next-generation sewing, cutting, digital printing, and eco-friendly finishing systems designed to help factories transition into high-margin, intelligent manufacturing hubs.

"Our largest China Pavilion and strong Indian participation reflect deep global confidence in Sri Lanka," says Mrs. Arti Bhagat, Executive Director of Worldex India. "By integrating global raw materials with advanced machinery, Intex and InMac provide the definitive blueprint to power Sri Lanka’s 2030 export vision."

These international B2B exhibitions will also feature the Interactive Business Forum (IBF) Seminars, exploring Circularity, Sustainability and Digital transformation and Smart Manufacturing across 3 days alongside B2B Interactions & Meetings for domestic and overseas trade buyers.

Event Details:
Dates: 5-6-7 August 2026 (Wed to Fri)
Venue: Halls 1 to 6, BMICH, Colombo-7
Organiser: Worldex India Exhibition & Promotion Pvt. Ltd.
Endorsed by : SLEDB, IDB, JAAF and related industry associations of Sri Lanka
Intex Website: https://sl.intexsouthasia.com/
InMac Website: https://www.inmacworldexpo.com/

Classic Car Club of Ceylon Celebrates Another Successful Year at Annual General Meeting The Classic Car Club of Ceylon (...
08/07/2026

Classic Car Club of Ceylon Celebrates Another Successful Year at Annual General Meeting

The Classic Car Club of Ceylon (CCCC) successfully concluded its 34th year at its Annual General Meeting, held on 25 June 2026 at The Kingsbury Hotel, Colombo.

The meeting marked the culmination of another outstanding year for the Club, highlighted by a series of successful events and initiatives celebrating Sri Lanka’s vibrant classic motoring community. These included Starlight & Classics, the Ceylon Motor Show 2026, the Heritage Rally, British Car Day 2026, the Classic Car Diaries video series, and the Club’s annual Corporate Social Responsibility (CSR) project.

The meeting was chaired by Protem Chairman Dr. Harsha Cabral, who proposed the nomination of Sanjiv Alles for a fourth consecutive term as President. The nomination was unanimously endorsed by the members present, who also elected the Office Bearers and Executive Committee for the 2026–2027 year.

In his acceptance address, the President thanked the membership for the confidence placed in him and the Committee, and reaffirmed the Club’s commitment to preserving and promoting Sri Lanka’s rich classic motoring heritage. He highlighted the importance of continuing to innovate through unique events, educational initiatives and digital engagement, while encouraging members to actively participate in the Club’s activities and help inspire the next generation of classic motoring enthusiasts.

The Office Bearers and Executive Committee for the year 2026–2027 are as follows:

Office Bearers:
● President: Sanjiv Alles
● Vice Presidents: Senaka Kotagama & Hatim Akbarally
● Secretary: Priyanga Samaratunga
● Assistant Secretary: Rajitha Cooke
● Treasurer: Suhen Vanigasooriya
● Assistant Treasurer: Shiraz Akbarally
● Immediate Past President: Clive de Silva Jnr
● Competition Secretary: Chanaka Jinasena

Executive Committee:
● Social Secretary: Shalike Ganewatta
● Ramani Ponnambalam
● Chandana Amaratunga
● Dinesh De Silva
● Ramal Jasinghe
● Kishan D. Perera
● Dilshan Gomes
● Amrit Alles

Vice Patrons
● Asgi Akbarally
● Geepal Fernando

As the Club embarks on its 35th year, it looks forward to another exciting calendar of events that will continue to celebrate Sri Lanka’s motoring heritage, strengthen the camaraderie among enthusiasts, and inspire greater appreciation for classic vehicles across the country.

Deshani Bandara claims triple crown at Ceylon Masters ChampionshipsCOLOMBO: Deshani Bandara produced one of the standout...
02/07/2026

Deshani Bandara claims triple crown at Ceylon Masters Championships

COLOMBO: Deshani Bandara produced one of the standout performances at the Ceylon Masters International Badminton Championships 2026, winning three titles at the tournament held at the Air Sports Complex in Rajagiriya.

Bandara first partnered Asangi Kodituwakku to secure the Women's Doubles Over 40 crown, defeating the Sri Lanka-India combination of Avrille De Zoysa and Sharmila Srikumar in straight games, 21-12, 21-14.

She then teamed up with Upendra Jayawardane to win the Mixed Doubles Over 90 Combined Age title after recovering from a game down to beat India's Veeraswamy Narra and Anjali Lotke 18-21, 21-14, 21-12 in an entertaining three-game final.

Bandara completed a remarkable hat-trick of titles alongside former Sri Lanka No.1 and Olympian Niluka Karunaratne in the Mixed Doubles Over 35 final. The top-seeded pair edged Hasitha Chanaka and Nadeesha Gayanthi 21-18, 22-20 in a closely contested championship match.

Bandara emerged as one of the stars of the championships with her versatility and consistency across multiple disciplines. Players from 12 countries competed in the tournament, making her triple-title achievement even more impressive against a strong international field.

ශ්‍රී ලංකාවට රන් පදක්කම් 35ක් – සිලෝන් මාස්ටර්ස් ජාත්‍යන්තර බැඩ්මින්ටන් සූරතාවලියේ වැඩි ගෞරව ශ්‍රී ලංකාවටජූනි 25 සිට 28 ...
01/07/2026

ශ්‍රී ලංකාවට රන් පදක්කම් 35ක් – සිලෝන් මාස්ටර්ස් ජාත්‍යන්තර බැඩ්මින්ටන් සූරතාවලියේ වැඩි ගෞරව ශ්‍රී ලංකාවට
ජූනි 25 සිට 28 දක්වා රාජගිරිය AIR Sports Complex ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවති සිලෝන් මාස්ටර්ස් ජාත්‍යන්තර බැඩ්මින්ටන් සූරතාවලියේ වැඩිම ගෞරවය දිනා ගැනීමට ශ්‍රී ලංකා ප්‍රවීණ බැඩ්මින්ටන් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ. රටවල් 15ක් නියෝජනය කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගිත්වයෙන් පැවති මෙම තරගාවලියේදී ශ්‍රී ලංකාව රන් පදක්කම් 35ක් දිනා ගනිමින් කැපී පෙනෙන දස්කම් දැක්වීය.
කේවල සහ යුගල ඉසව් දෙකේම ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශිෂ්ට දක්ෂතා ප්‍රදර්ශනය කරමින් සූරතා සහ අනුසූරතා රැසක් දිනා ගැනීමට සමත් වූහ. නිරෝෂන් විජේකෝන්, නදීශා ගයන්ති, රේණු චන්ද්‍රිකා ද සිල්වා, තුෂාරි බ්‍රහ්මණගේ, නිලූක කරුණාරත්න, රොහාන් ද සිල්වා, හසිත චානක සහ දුමින්ද ජයකොඩි ඇතුළු ක්‍රීඩක ක්‍රීඩිකාවෝ මෙම තරගාවලියේ විශේෂ අවධානයට ලක් වූහ.
මෙම ජයග්‍රාහකයන්ගෙන් බොහෝ දෙනෙක් තම තරුණ වියේදී ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මට්ටමින් නියෝජනය කළ හිටපු ජාතික ක්‍රීඩක ක්‍රීඩිකාවන් වන අතර, ඔවුන් අතර ජාතික සූරයන් සහ සූරියන් ලෙස ඉතිහාසයට එක් වූ පිරිසක්ද සිටීම විශේෂත්වයකි. ඔවුන්ගේ අත්දැකීම් සහ තවමත් පවත්වාගෙන යන ඉහළ තරගකාරීත්වය මෙම තරගාවලියට ඉහළ මට්ටමේ ගුණාත්මකභාවයක් එක් කළේය.
විදේශීය ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශාල පිරිසකගේ සහභාගිත්වය හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ ක්‍රීඩා සංචාරක ව්‍යාපාරය තවදුරටත් ප්‍රවර්ධනය කිරීම සඳහාද මෙම තරගාවලිය කදිම අවස්ථාවක් බවට පත්විය.
මෙම ජාත්‍යන්තර තරගාවලිය සාර්ථක ලෙස සංවිධානය කිරීම සඳහා මැක්ලරන්ස් සමූහය, Mobil, Prime Group, 3M, Cool Max, IDEX, Li-Ning, Hundred, Rowin Ads, සෙලාන් බැංකුව, සම්පත් බැංකුව, HNB Finance, සීමාසහිත සිලෝන් බිස්කට්, Mr. Fix It, Macfoil සහ Elite Badminton ඇතුළු අනුග්‍රාහක ආයතන ලබාදුන් සහයෝගය ද විශේෂයෙන් අගය කළ යුතුය.

Address

No 61, Warakatiya Road
Maharagama
10280

Telephone

+94777995844

Alerts

Be the first to know and let us send you an email when Lanka Marketspace posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Lanka Marketspace:

Shortcuts

Share