Upul Indika

Upul Indika I am proud of who i am not ashamed of how others people see me🤜

20/12/2025
Copied කත්නෝරුවේ අහවලා නමින් කිසියම් භික්ෂු වේශදාරියෙක් මේ දිනවල ජනප්‍රියව සිටී. ඔහු එදා ම්ලේච්ඡ අරගලකරුවෙකුව සිටි සාහසි...
07/12/2025

Copied
කත්නෝරුවේ අහවලා නමින් කිසියම් භික්ෂු වේශදාරියෙක් මේ දිනවල ජනප්‍රියව සිටී. ඔහු එදා ම්ලේච්ඡ අරගලකරුවෙකුව සිටි සාහසික මෝඩ කොල්ලෙකි. මිනීමරුවෙකු වුවත් ධර්මය අවබෝධ කර ගැනීමෙන් යහමගට පැමිණිය හැකි ය. නමුත් ‘අචින්තිතම්පි භවති - චින්තිතම්පි විනස්සති’ යන ගාථා කොටස වැරදියට අර්ථ දක්වමින් ද තවත් දූෂිත කථා කියමින්ද ඔහු දෙසන්නේ ධර්මය නොවේ. ඔහු අධාර්මික අඥානයෙකි. මේ ආකාරයට ධර්ම විකෘති කරන භික්ෂු වේශදාරීන් මෙකල බොහෝ ය. ලංකාවට සිද්ධ වෙමින් තිබෙන මහා විනාශයට ඔවුන් සහ ඔවුන්ගේ අනුගාමිකයන් ද ප්‍රධාන හේතුවකි.

‘අචින්තිතම්පි භවති, චින්තිතම්පි විනස‍්සති; න හි චින්තාමයා භොගා, ඉත්ථියා පුරිසස්ස වා ති’ යන සම්පූර්ණ පාඨයේ තේරුම නම් ‘කිසිදා නොසිතන ලද දේ ද සිදු වේ, සිතන ලද දේ ද වෙනස් වේ; එබැවින් ස්ත්‍රියකට හෝ පුරුෂයෙකුට, සිතීමෙන් පමණක් භෝග සම්පත් නොලැබේ’ යනු ය.

මෙම ගාථාව යෙදෙන ජාතක කථාහි කියන්නේ නිකම් සිත සිතා නොසිට තමන්ගේ අභිප්‍රාය වෙනුවෙන් නොනවත්වා කටයුතු කළ යුතු බව ය. සැබැවින් ම මෙය ලෝකයේ දුක ගැන කියන්නකට වඩා අභිප්‍රේරණ (motivational) ප්‍රකාශයකි. බුදුන් වහන්සේ වනාහි සියලු මිනිසුන් අතර උසස් ම අභිප්‍රේරණය තිබූ මිනිසා ය. විමුක්තිය සොයා ගිය උන්වහන්සේ කිසි විටෙක සිය උත්සාහය අත්හළේ නැත. අපට ආදර්ශයට ගත හැකි ශ්‍රේෂ්ටතම වීර්යවන්තයා බුදුන් වහන්සේ ම පමණී.

කත්නෝරුවේ අහවලා කියන්නේ වෙන බම්බුවකි. ‘සිතු දේ නොම වෙයි, නොසිතු දෙයක් වෙයි’ යනු අන්තිම මුග්ධ ප්‍රතිගාමී බාල ප්‍රකාශයකි. මිත්‍යා දෘෂ්ටියකි. ඔබ සිතූ දේ ඕනෑ තරම් වී තිබේ. නොසිතූ දේ ද වී තිබේ. ඔබ සිතූ දේ සිදු නොවී ද තිබේ. ඔබ නොසිතූ දේ ද සිදු නොවී තිබේ. සිතීමෙන් හෝ නොසිතීමෙන් පමණක් යමක් වන්නේ හෝ නොවන්නේ හෝ නැත. මෙහි මුඛ්‍ය අදහස වන්නේ ඔබට අවශ්‍ය දෙයක් ඇත්නම් ඒ ගැන හිත හිතා නොසිට නොපසුබස්නා අධිෂ්ඨානයෙන් ඒ වෙනුවෙන් දිවා රෑ මහන්සි වෙනු කියා ය. එය අතිශය ධනාත්මක එළඹුමකි.

මෙය අනුර කුමාරට හොඳ උපදේශයකි. ඔහු කරන්නේ කියවිල්ල පමණී. අරක කරනවා මේක කරනවා කියා නිකම් දෙඩෙව්වාට වැඩක් නැත. ඒ දෙය වෙනුවෙන් තමා ම ක්‍රියාත්මක විය යුතු ය. කළ යුතු සියල්ල වහා වහා කළ යුතු ය. පසුගිය වසරේ අයවැයෙන් වෙන් කළ මුදලින් වැඩි කොටස වියදම් කර නැත. එනම් ඔවුන් කර තිබෙන්නේ කියවිල්ල පමණී. කළ යුතු දෙය කර නැත. අධික වර්ෂාපතනය ගැන අනතුරු ඇඟවීම් කළ මොහොතේ සිට ඔහු කළ යුතු දේ කළේ නැත. සුළි කුණාටු ගංවතුර නාය යෑම් වෙන එකක් නැහැ කියා ‘හිතාගෙන’ සිටියා පමණී. නොඑසේ නම් ඒ ගැන සිතුවේවත් නැති ය. අචින්තිතම්පි භවති, චින්තිතම්පි විනස‍්සති, අනුර. සාක්කුවට අත් දෙක දාගෙන හිටියාට කිසිවක් වෙන්නේ හෝ නොවෙන්නේ හෝ නැත. යමක් වීමට නම් ඒ වෙනුවෙන් තමා උදේ හවස මහන්සි වී වැඩ කළ යුතු ය.

නමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසටත් මෙය ඉතාම වැදගත් උපදෙසකි. මෙම ව්‍යසනයට අනුර කුමාර යම් පමණක් වග කිව යුතු ද, ඒ හා සමානව ඔබත් වග කිව යුතු ය. මන්ද ඔබත් නිකම්ම නිකම් කට කියවන නමුත් වැඩ නොකරන බූරු පුතෙකු නිසා ය. අඩුම තරමින් ඔබ ඔබගේ පියාණෝ ආදර්ශයට ගත යුතු ය. ඔහු සිය අරමුණ වෙනුවෙන් දැඩිව වෙහෙස වී කටයුතු කළ අයෙකි. ආර් ප්‍රේමදාස ජනාධිපති වූයේ ඔහුගේ එම මහා වෑයම නිසාම ය. සජිත්ගේ කම්මැලිකම සහ වික්ටෝරියානු බක පණ්ඩිතකම නිසා මේ රට විනාශයට පත් වේ. සමන්ත විද්‍යාරත්න කියූ එක දෙයක් නිවැරදිය. විපක්ෂය වුවත් මේ අනතුර ගැන පාර්ලිමේන්තුවේ හෝ පිටත හෝ කථා කළේ නැත. සැබැවින් ම ඒ ගැන උනන්දුවෙන් ජනතාවට අනතුර පෙන්වූයේ දෙරණ නාලිකාවේ කළිඳු පමණී. ඔහු වීර්යවන්තයෙකි.

ලංකාවේ දැන් ඉන්නේ මේ කත්නෝරුවේ අහවලා වැනි මෝඩයන්ගේ පස්සේ යන පිස්සන් රැළකි. ලංකාවට වෙන බොහෝ විපත් වෙන්නේ ඒ නිසා ය. අනතුර දැන ගත් මොහොතේ සිට ම ජලාශ හිස් කර අවදානම් පෙදෙස්හි ජනයා ආරක්ෂිත ස්ථාන වෙත ගෙන ගියා නම් මේ සා ජීවිත හානියක් වෙන්නේ නැත. මේ සා රාජ්‍ය සහ පුද්ගලික දේපල හානියක් වෙන්නේ ද නැත. කළ යුතු දේ නොකර සිට විනස්සති වුණාට පස්සේ කෝටි ගණනක් දුන්නත් වැඩක් නැත. විනාශය සිදු වී අවසාන ය. අධර්මය ධර්මය ලෙස ගන්න එපා. ධර්මය ම ධර්මය ලෙස ගන්න. ධර්මය ඔබට මග වේවා!

එරන්ද ගිනිගේ
2025 දෙසැම්බර් 6

Address

Kandy Road
Malabe

Opening Hours

Monday 10:00 - 23:00
Tuesday 10:00 - 23:00
Wednesday 10:00 - 23:00
Thursday 10:00 - 23:00
Friday 10:00 - 23:00
Saturday 10:00 - 23:00
Sunday 10:00 - 23:00

Website

Alerts

Be the first to know and let us send you an email when Upul Indika posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share