Sri Lankan Diver

Sri Lankan Diver Did you know that Sri Lanka is one of the best countries in South Asia to dive shipwrecks?

Dead sea turtle spotted in Dehiwala- Mount Lavinia beach. 🥺දෙහිවල - ගල්කිස්ස වෙරළ තීරයේ අද මියගිය මුහුදු කැස්බෑවෙකු ගොඩට...
27/09/2025

Dead sea turtle spotted in Dehiwala- Mount Lavinia beach. 🥺

දෙහිවල - ගල්කිස්ස වෙරළ තීරයේ අද මියගිය මුහුදු කැස්බෑවෙකු ගොඩට ගසා ඇත. 🥺
2024.09.27

සාගර ගැඹුරු භූමියේ දක්ෂතම සැඟවීමේ කුසලතා ඇති ආඳාHighfin Snake Eels (Ophichthus altipennis) යනු, දරුණු පෙනුමක් පෙනෙන මුත්...
19/09/2025

සාගර ගැඹුරු භූමියේ දක්ෂතම සැඟවීමේ කුසලතා ඇති ආඳා

Highfin Snake Eels (Ophichthus altipennis) යනු, දරුණු පෙනුමක් පෙනෙන මුත් ඉතාමත් අහින්සක, විශිෂ්ඨ සැඟවීම් හැකියාවන් ඇති මාළු විශේෂයකි. දිගු ශරීරයක් නිසා, මෙම ඊල් මාළුවා සර්පයක් ලෙස වැරදි ලෙස හඳුනාගන්නා අතර, සාගර ලෝකයේ සුප්රසිද්ධ දර්ශනීය විශේෂයක් ලෙස සැලකේ. උණුසුම්, උෂ්ණ කලාපීය ජලවල, ලෝකයේ විවිධ ප්රදේශවල මෙම විශේෂය ජීවත් වේ.

ශාරීරික විශේෂතා
මොවුන් සාමාන්යයෙන් 1.5 මීටර් (4.9 අඩි) දක්වා දිග වර්ධනය වන අතර, එය වළලු මෙන් දිගටම පිරී ඉදිරියට දිවෙන පසුපසින් පෙරළීමේ විශේෂත්වයක් ඇත. හයිෆින් නම මොවුන්ට ලැබී ඇත්තේ ඔවුන්ගේ ඉහලින් පිහිටා ඇති වරල පිටුපස අවසානය තෙක් විහිදි ඇති බව නිසා ලැබී ඇති බව මා අන්තර්ජාලය ඔස්සේ දැනගත් අතර එහි සත්ය අසත්යතාව තවම මා හට තෙරුම් ගත නොහැකිය. මොවුන්ගේ ශරීරය මෘදු වියනින් වැසී ඇති අතර, කුඩා, ප්රායෝගිකව නොපෙනෙන කැටි සෙවළි ඇති අතර, ජලය හෝ වැලි තුළට ඇතුලුවිමට සහ පිටවීමට පහසුකම දක්වයි. එහි වර්ණය ලා සහ සුදුපැයකින් යුතු කහ සහිත විවිධ පැහැ වලින් දක්වයි, සාගරයේ ගැඹුරු වැලි සහ මැඩිලි සහිත භූමිකා පතුලේ සැඟවී සිටීමට එමගින් දායකත්වය දක්වයි.

පරිසරය සහ හැසිරීම්
මෙම විශේෂය ඉන්දු-පැසිෆික් කලාපයේ පහළ ජල ප්රදේශවල දක්නට ලැබෙන අතර, ශ්රී ලංකා වෙරළ සහිත ප්රදේශද හමුවිය. මොවුන් කන්ඩායම් වශයෙන් එකට නොසිටින සමහර අවස්ථාවලදි තවත් සහචරයෙක් සමග සිටින අවස්ථාද යම් සුලු භූමි ප්රදේශයක 5 දෙනෙකුට වඩා වැඩි ප්රමාණයකින් වැලි සහ මැඩිලි පතුල් ප්රදේශවල සිටිනු දැකීමට හැකිවිය ඒ වගේම මෙසේ වැලි සහිත පතුලේ සිටිම සෑමවිටම විලෝපිකයන්ගෙන් මොවුන්ට ආරක්ෂාව සඳහා ස්භාවධර්මයෙන් ඔවුන්ට ලැබි ඇති වරප්රසාදයකි.

මොවුන් ඉතාමත් තෙරුම්ගත නොහැකි ජීවිතයක් ගත කරයි එයට හේතුව නම්, දින කාලයේදී සැඟවී සිටිමින් රාත්රී කාලයේ ආහාර සොයාගෙන එලියට පැමිණේ. හදිසියේවත් මොවුන් විලොපිකයෙක් නොව වෙනත් මොවුන්ගෙ ප්රමාණයෙන් විශාල සතෙක් දුටුවත් වහා පතුලට කිමිදි සැගවී සිටි. එසේ සිටිමින් නැවත එලියට එනතෙක් ඔබ බලාසිටියහොත් ඔබගේ ටැන්කි හිස්වී යනතෙක් සිටියත් ඔවුන් නැවත එන්නේ නැත. මෙවන් ආකාරයෙ තවත් ඊල් වර්ග සිටියත් මොවුන් ප්රථමයෙන් වැල්ලට පැමිණ වහා තම හිසෙන් වැල්ල හාරා ඉන්පසු වහා එලියට විත්, ශරීරයෙ අවසාන කොටස හෙවත් වල්ගය කොටස වහා එම ගුලට රින්ගවමින් මූණ පමණක් පේන ආකාරයට සැගවීම සිදුකරයි. මොවුන් කලබලකාරී සත්වයන් වූවත් මිනිසුන්ට කිසිසෙත් හානිකර සතුන් නොවෙ. නමුත් මොවුන්ට ලන් වීම නොකලයුතුය. මක්නිසාදයත් මොවුන් සුලු කම්පනයකට වුවත් බියවන සතුන් වේ.

ආහාර හා පෝෂණය
මොවුන් මස්භක්ෂකයන් වන අතර, එයට ප්රමාණයෙන් සුළු මසුන්, ක්රස්ටේෂියන්, සහ සමහර විට ජලජකෘමියන් ද ආහාරයට ගනී. මොවුන් පතුලේ සැඟවී සිටින අතර, තම ගොදුර තමා වෙත එනතෙක් බලාසිටිමින් ඔවුන්ගේ කටු සහිත කුඩා දත් වලින් අල්ලා ගනී. නමුත් එක්තරා අවස්ථාවකදි මා දුටුවේ මේ වර්ගයේ මත්ස්යයෙක් කොරල් ගුහාවක් අසලදි මුහුදුඉස්සන් දඩයම් කරන ආකාරයක්. එබවින් ඔවුන් ගොදුරු ලගට එනතෙක් කුසගින්නේ නොසිටින බව මා එදා අවධාරණය කරගතිමි.

ප්රජනන සහ ජීවන චක්රය
මොවුන්ගේ නිශ්චිත ප්රජනන පුරුදු ගැන අඩු විස්තරයන් අන්තර්ජාලයේ තිබි මට හමුවිය. කෙසේ නමුත් වෙනත් ඊල් මසුන් මෙන්, මොවුන්ගේ ජීවන චක්රයේදී සංක්රමණික මාර්ගයක් අනුගමනය කරන බව හැඟවිය හැකිය. සාමාන්යයෙන් මොවුන් ගැඹුරු, මුහුදු පතුලේ සැගවීමට හෝ ආහාර සොයා විවිධ ප්රදේශ වලට ව්යාප්ත වීම සඳහා විශාල දුර ගමන් කරන බැවින් ඔවුන්ගේ ජීවන චක්රය තුල විශාල ප්රදේශයක ගමන් කිරිම සිදු කරයි.

සංරක්ෂණ තත්ත්වය
මේ වන විට මොවුන්ගේ වර්ගයා වදවීමෙ තර්ජනයක පසුවන බව ලැයිස්තුගත වී නොමැත. ඒ වගෙම මිනිස් ක්රියාකාරකම් වලින් මොවුන්ගේ ජිවිතයට අධිකව පීඩනයක් ඇති බව නොපෙනේ. එහෙත් වෙරළ සංවර්ධනය, දූෂණය, හා ගොඩ කිරීම වැනි හේතු වලින් එම ප්රදේශවල සිටින මොවුන්ට දැඩි තර්ජනයක් විය හැකිය. බොහෝ මුහුදු ජීවයන් මෙන්ම, එහි ස්වාභාවික පරිසරය ආරක්ෂා කිරීම ඔවුන්ගේ දිගුකාලීන ජීවත්වීම සඳහා අත්යවශ්ය වේ.

නිගමනය
මොවුන් සාගරයේ ප්රසිද්ධ ජීවියෙකු නොවුවද, මොවුන් අතිශය වටිනා දුර්ලභ සතෙකු බවට පත්ව තිබේ. එහි පරිසරයට අනුරූප ව සැඟවීමේ හැකියාව, සහ අනන්ය ශාරීරික විශේෂත්වයන් හා හැසිරීම් එකට මුසු වීමෙන්, මුහුදු ලෝකය තුල මොවුන් අපුර්ව විශේෂයක් බවට පත්වී තිබෙන අතර ධිවර කිමිදුම් සහ සාගර පර්යේෂකයන්ට, මෙම අත්භූත ඊල් මත්ස්යයා අපූරු සත්වයෙක් වී ඇත.

ඒ වගේම මුහුදු ජීවීන් ගැන වැඩි විස්තර ඉගෙන ගැනීමට උනන්දුවක් ඇතොත්, සාගරයේ යටම ප්රදේශයේ සමෘද්ධිමත් ජීව විවිධත්වය පිළිබඳව පරීක්ෂා කර බලන්න. ඔබට හමුවන හැම ගමනක්ම නව සොයා ගැනීමක් ගෙන එනු ඇත!"

A dead sea turtle was discovered near Galle Face yesterday (18th September) around 5:30 PM.🥺මියගිය කැස්බෑවෙක් ඊයේ සවස 5:...
19/09/2025

A dead sea turtle was discovered near Galle Face yesterday (18th September) around 5:30 PM.🥺

මියගිය කැස්බෑවෙක් ඊයේ සවස 5:30ට පමණ කොළඹ ගෝල්ෆේස් වෙරළතීරයට ගොඩ ගසා තිබු අයුරු 🥺

"හෙට ජිවත් වෙන්න කලින් අද ජිවත් වෙලා ඉන්න. වළාකුලක් වගේ පා වෙවී ජිවිතේ විඳින්න.ඔයාට පුලුවන් නම් මේ ඉඩ මුළු හදවතින්ම අත්ව...
16/09/2025

"හෙට ජිවත් වෙන්න කලින් අද ජිවත් වෙලා ඉන්න. වළාකුලක් වගේ පා වෙවී ජිවිතේ විඳින්න.
ඔයාට පුලුවන් නම් මේ ඉඩ මුළු හදවතින්ම අත්විඳින්න, බලන්න මේ වටපිටාවේ පේන දේවල් වලට තමයි ජිවිතේ කියන්නේ.
ඉතින් ඔහොම ඉන්න එපා හොඳ හුස්මක් අරන් හිනාවෙන්න..!" 🤍
- Charlie (2015)

Big thanks toNethmi Rashmila, Ashan Tharakafor all of your support! Congrats for being top fans on a streak 🔥!
15/09/2025

Big thanks to

Nethmi Rashmila, Ashan Tharaka

for all of your support! Congrats for being top fans on a streak 🔥!

I've just reached 4K followers! Thank you for continuing support. I could never have made it without each and every one ...
14/09/2025

I've just reached 4K followers! Thank you for continuing support. I could never have made it without each and every one of you 🙏🤗🎉

අද මගේ පේජ් එකෙ followers සංඛ්‍යාව 4000+ වුනා.! ඔයලාගෙ මේ සහයෝගයට/ආදරයට බොහොම ස්තූතියි. ඔයලාගෙ මෙ ආදරය නොමැතිව මට කවමදාවත් මේක කරන්න වෙන්නෙ නැ ❤️ thank u ❤️ 🙏🤗🎉

08/09/2025

කොච්චර ලස්සනට පෙනුනත් ඒ ලස්සන යට තියෙන්නෙම භයානක දෙයක්. ලෝකේ විෂ අධික මාළුන්ගෙන් කෙනෙක් තමා මෙයා 🥺

07/09/2025

අවුරුදු 100කට වඩා කලින් ගිලුන ඒ නැව අද වෙනකොට තත්වෙ 🥺🥺🥺

02/04/2025

බූවල්ලෙක් අත ගිල්ලා 🥲🥲

25/03/2025

මෙච්චර ලස්සන පාට කොහෙන් මෙයලාට හම්බුනාද මන්දා 🥺🥺

25/03/2025

නූඩ්ල්ස් උරනවා වගෙ අරූව ගිල්ලේ 😒😒

25/03/2025

අහිංසකයාගෙ කරමල් අස්සටම බිලිකටුව හිරවෙලා 🥺🥺

Spiracles එහෙම නැත්තම් සර්පිලාකාර හිඩසක් මේ මාලුන්ගෙ ඇහැට ටිකක් ලගින් තියන සිදුරක්. එකෙන් කරන්නෙ මෙයලා මඩේ හරි වැලි අස්සෙ හරි හැංගිලා ඉන්නකොට නහයෙන් හුස්ම ගන්න බැරි නිසා මේ සිදුරෙන් තමා ඒ අදාල කාර්‍ය්ය කරගන්නෙ. මෙ අහිංසකයාගෙ ඉතින් ඒ සිදුරෙන්ම තමා තංගුස එක්ක බිලිකටුව ගිහින් තියෙන්නෙ 🥺🥺

Address

Maligawatta

Alerts

Be the first to know and let us send you an email when Sri Lankan Diver posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sri Lankan Diver:

Share

Category