
30/06/2025
"සීහළවත්ථු" යනු ඉතා පැරණි පාළි භාෂාවෙන් ලියැවුණු ලද්දකි. එය ලංකාවෙහි බෞද්ධ ඉතිහාසය පිළිබඳ කරුණු රාශියක් සඳහන් වන විස්තර සටහනක් යැයි හැඳින්වුවද නිවැරැදිය. ධම්මපද අට්ඨ කථාවන්ට ද සමීප සබඳතාවක් සහ බෞද්ධ ජාතක කතාවන්ට ද එහි සබඳතාවක් ඇති බව පෙනේ. බෞද්ධ භික්ෂූන්, රජවරු සහ දායක කාරකාදීන්ගේ කතා ද මෙහි අඩංගු වේ. පසු කාලීනව රචනා වූ මහාවංශයට හා ථූපවංශයට ද දාඨාවංශයට ද මෙමගින් ආභාෂයක් ලැබී ඇති බව පැහැදිලිය.
මෙය එම සීහළවත්ථුවේ සිංහල අනුවාදයයි. පසුව එයට සහස්ස වත්ථුවෙන් උපුටා සිංහලට නැගුණු කථා හයක්ද එක් කර තිබේ.
බෞද්ධ දැනුම සුපෝෂණය කරන මෙම සාහිත්‍යමය අත්වැල රත්න පොත් ප්‍රකාශකයෝ වෙතින් ලබාගත හැක.
නිවසට ගෙන්වා ගැනීමට දැන්ම www.rathnabooks.lk වෙත පිවිසෙන්න.