RasaKatha Publishers

RasaKatha Publishers Rasakatha Publishers is a subsidiary company of Rasakatha Pvt Ltd.

2027 රසකතා මීළඟ කතුවරයා / කතුවරිය ඔබද? රසකතා 2027 වසර සඳහා අත්පිටපත් භාරගැනීම මෙතැන් සිට නිල වශයෙන් ආරම්භ වේ. 📚ඔබ ලිවීමට...
18/08/2026

2027 රසකතා මීළඟ කතුවරයා / කතුවරිය ඔබද?

රසකතා 2027 වසර සඳහා අත්පිටපත් භාරගැනීම මෙතැන් සිට නිල වශයෙන් ආරම්භ වේ. 📚

ඔබ ලිවීමට කැමති, නිර්මාණශීලී අදහස් ඇති අයෙක් නම් රසකතා සමඟ නවක කතුවරයෙකු හෝ කතුවරියක ලෙස ඔබේ ගමන ආරම්භ කිරීමට දැන් ඔබටත් අවස්ථාවක් 🤗

මීට පෙර පොත් පළ කර ඇති කතුවරුන්ට සහ කතුවරියන්ට ද තම අත්පිටපත් මේ සඳහා ඉදිරිපත් කළ හැක.

🗓️ අත්පිටපත් භාරගන්නා අවසාන දිනය: 2026 දෙසැම්බර් 31

📖 ඕනෑම ශානරයක සිංහල මාධ්‍යයෙන් රචිත නවකතා හෝ කාව්‍ය කෘති පමණක් භාරගනු ලැබේ.

✅ Wattpad හි ඔබ පළ කල කතාව පොතක් ලෙස ප්‍රකාශනයට සුදුසු යැයි ඔබ සිතනවා නම් දැන්ම යොමු කරන්න.

✅ මින්පෙර ඔබ ලියූ කතාව Facebook ඇතුළු සමාජ මාධ්‍යය ජාලාවල පළ වී තිබීම ගැටලුවක් නොවේ.

📩 අත්පිටපත ඉදිරිපත් කිරීමේදී,
✔️ සම්පූර්ණ අත්පිටපත ටයිප් කර PDF ආකාරයෙන්
✔️ කෘතියේ සාරාංශයක්
✔️ ඔබගේ නම
✔️ දුරකථන අංකය
✔️ සමාජ මාධ්‍ය ගිණුම්වල Links

යන තොරතුරු සමඟ අපගේ ඊමේල් ලිපිනය [email protected] වෙත එවිය යුතුය.

⚠️ AI භාවිතයෙන් රචනා කර ඇති බව හැඟී ගියහොත් එම අත්පිටපත තෝරාගැනීමේ ක්‍රියාවලියෙන් එම මොහොතේදීම ඉවත් කරනු ලැබේ.

අත්පිටපත ලැබුණු පසු එය ලැබී ඇති බවට සහ ඉදිරි ක්‍රියාපටිපාටිය පිළිබඳ තොරතුරු ඇතුළත් පිළිතුරු ඊමේල් පණිවිඩයක් ඔබ වෙත යොමු කරනු ඇත.

අත්පිටපත් තෝරාගැනීමේ සියලුම අයිතිය රසකතා ප්‍රකාශන ආයතනය සතු වේ.

ඔබගේත් අපගේත් පහසුව සඳහා වැඩිදුර විමසීම් හැකිතාක් ඊමේල් මාර්ගයෙන් සිදු කිරීමට කාරුණික වන්න.

මීට අමතරව වැඩිදුර තොරතුරු දැනගැනීමට අවශ්‍ය නම් පමණක් මෙම අංකයට 0768 578 478 Whats App පණිවිඩයක් යොමු කරන්න.

බර්මියුඩා ත්‍රිකෝණයේ කළු මකරා 🐉දින 21 ක් තුළ පළමු මුද්‍රණය අවසන් 😍බර්මියුඩා ත්‍රිකෝණයේ කළු මකරා වෙනුවෙන් පාඨක ඔබ ලබාදුන්...
18/08/2026

බර්මියුඩා ත්‍රිකෝණයේ කළු මකරා 🐉

දින 21 ක් තුළ පළමු මුද්‍රණය අවසන් 😍

බර්මියුඩා ත්‍රිකෝණයේ කළු මකරා වෙනුවෙන් පාඨක ඔබ ලබාදුන් ආදරයට ස්තූතියි !

Kethaki Amanda

18/08/2026

📙📖📕📗✍

Pre Order Now   😍Nostalgia | ආදරේට සංකේතයක් තියෙනවද තව ඔයා ඇරෙන්න...  - කාවින්ද්‍යා හෙට්ටිආරච්චි  ( Pre Orders with Auth...
17/08/2026

Pre Order Now 😍

Nostalgia | ආදරේට සංකේතයක් තියෙනවද තව ඔයා ඇරෙන්න... - කාවින්ද්‍යා හෙට්ටිආරච්චි ( Pre Orders with Author Signature)

📌මුදල් ගෙවා පෙර ඇණවුම් කරන 100 දෙනාට විශේෂ තිලිණයක් 🎁

ඇඳක් උඩ ගුලි වෙච්ච අවුරුදු විස්සක - විසි එකක තරුණ කෙල්ලෙක්ට බැරි වුණාම තනිකම උහුලගන්න… ඇයගේ හීන ලෝකේ, එහෙම නැත්තම් ෆැන්ටසියේ අවකාශය ආදරේ විදියට පේන එක, දකින එක යථාර්ථයේ ඉඳන් බලද්දී තාර්කික නොවුණතත් ෆැන්ටසියට අඩිය තිව්ව දාක සර්වසාධාරණයි… ඒකත් හරියට කුමාරයෙක් නැති සුරංගනා කතාවක් වගේ...

ආදරය සමානයි අවකාශය බව සහතිකයි... ඒත් අවකාශය සමානයි හිස් බව යන්න සම්පූර්ණයෙන් ව්‍යාජයි... හේතුව ආදරය ගිලගන්නේ අවකාශයම නම් මුහුදයි, අහසයි කියන්නේත් අවකාශයේ කොටස් නේද… මොකද තනි වුණු මිනිස්සු හැමදාම හුස්ම පිට කළේ මුහුද දිහා බලන්... කඳුළු පිහදැම්මේ අහස දිහා බලන්...

නොපෙනෙන ආදරේ හොයන එක නතර කරන්න. මොකද අවකාශයට පාටක් නෑ... එක්කෝ ඒ පාටට නමක් මම දන්නේ නෑ… ඒත් පේන ආදරේ දිහා බලන්න… ඒ කිව්වෙ අහසයි මුහුදයි දිහා බලන්න…
ආදරේ ලස්සනයි… ආදරේට කැමති පාටක් දෙන්න පුළුවන්...
හරියට ඔයා නිල් පාට දුන්නා වගේම…

පොතේ සාමාන්‍ය මිල රු.1150/=යි
රසකතා 20% වට්ටම සමඟ මිල රු.920/=යි.

අගෝස්තු 22 වෙනිදා නිකුත් වේ.

කතෘ අත්සන සහිතව පෙර ඇණවුම් කිරීමට 👇

https://rasakatha.lk/books/nostalgia-%e0%b6%b1%e0%b7%9c%e0%b7%83%e0%b7%8a%e0%b6%a7%e0%b7%90%e0%b6%bd%e0%b7%8a%e0%b6%a2%e0%b7%92%e0%b6%ba%e0%b7%8f-pre-order/

බෙදාහැරීම් ගාස්තු අය වේ.

KOKO සහ Mint Pay හරහා පහසු වාරික තුනකින් ගෙවීමේ හැකියාව ඇත. payhere හරහා ද ගෙවීමේ ක්‍රමයට credit card පත් හරහා ලබා ගත හැකිය.

නැතහොත් Call, SMS, Whatsapp 077 772 8727හෝ Rasaktha.lk page වෙත පහත විස්තර එවන්න.
නම -
ලිපිනය -
දිස්ත්‍රික්කය -
ආසන්නතම නගරය -
දුරකථන අංකය -

අංක 47, ආනන්ද මාවත, මරදාන, කොළඹ 10 පිහිටි අප ශාඛාවට පැමිණ හෝ රටේ ඕනෑම තැනකට ඩිලිවරි සේවාව මඟින් පොත් ගෙන්වා ගත හැකිය•

කාවින්ද්‍යා හෙට්ටිආරච්චි විසින් රචිත Nostalgia  කෘතියෙහි කවරය එළිදැක්වීම සහ පෙර ඇණවුම් භාර ගැනීම හෙට රාත්‍රී 7ට🎁 මුදල් ග...
16/08/2026

කාවින්ද්‍යා හෙට්ටිආරච්චි විසින් රචිත Nostalgia කෘතියෙහි කවරය එළිදැක්වීම සහ පෙර ඇණවුම් භාර ගැනීම හෙට රාත්‍රී 7ට

🎁 මුදල් ගෙවා පෙර ඇණවුම් කරන 100 දෙනාට විශේෂ ත්‍යාගයක්

📝 පෙර ඇණවුම් සදහා කතෘ අත්සන හිමි වේ.
..............................................................................

ප්‍රේමයවත් ජීවිතයවත් මරණයෙන් කෙළවර නොවෙන විත්තිය බ්ලූබෙල් ට කියා දුන් ඇයගේ සදාකාලික ප්‍රේමවන්තයා ක්ලැරන්ස්...

අහසෙ දිලිසෙන තරු එක්ක උනත් අපිට කතා කරන්න පුළුවන් බව අහිංසක කේන් ට ඉගැන්වූ ඇයගේ පීටර්...

මරණාසන්න අත්දැකීම ප්‍රේමය හා මුහුවීම කොයි තරම් මතක අවුස්සන සුළුද...කොයි තරම් රෝමාන්තික ද......කොයි තරම් නොස්ටැල්ජික ද ?...මේ එවන් මන:කල්පිත ලෝකයක් තුළ ගොඩ නැංවී ඇති සුරඟනමය අත්දැකීමකි, නැත බලාපොරොත්තුවකි....

16/08/2026

ඒ පොත 🥺😩

- ආත්මා -

Heshan Welgama

ඔයාලගෙ ලස්සන journal එකේ photo එකක් upload කරල තෑගි දිනාගන්න chance එකක් ....🎁🥰 ඔයාලට කරන්න තියෙන්නේ👇1. ඕනෑම රසකතා පොතත්...
15/08/2026

ඔයාලගෙ ලස්සන journal එකේ photo එකක් upload කරල තෑගි දිනාගන්න chance එකක් ....🎁🥰

ඔයාලට කරන්න තියෙන්නේ👇

1. ඕනෑම රසකතා පොතත් සමග ඔයාලගෙ ලස්සන journal එකත් එක්ක video එකක් හෝ photo එකක් අරගෙන අපිව tag කරල social media වල upload කරන එක 😌🥰

2. යාළුවො තුන්දෙනෙක්ව මේ පෝස්ට් එකට mention කරලා Share කරන්නත් අමතක කරන්න එපා

3. ඒ විතරක් නෙවෙයි තරඟකරුවා/ තරඟකාරිය අපේ Rasakatha.lk - Rasakatha PVT Ltd, Rasakatha publishers, Rasakatha Poth Fb Pages සහ https://www.instagram.com/rasakatha.lk අපේInstagram එක Follow කරලා තියෙන්නත් ඕනෙ. ඒ විතරක් නෙවෙයි අපේ tik tok page - https://www.tiktok.com/.lk?_r=1&_t=ZS-93Ootnjlo9J එකත් ඔයා follow කරල තියෙන්න ඕනි.

4 . ඒවායෙහි screen shots comment එකක් ලෙස පහතින් සදහන් කළයුතු ය.

🛑2026 අගෝස්තු 22 දක්වා මේ තරගය ක්‍රියාත්මකයි.

ඉක්මන් කරන්න, දැන්ම තරගයට එකතු වෙන්න,
තෑගි දිනන්න !

13/08/2026

සමන් එදිරිමුණි විසින් රචනා කළ දුන්හිඳ හැඩුවා 🍃
...........................................................

"මෙතෙන්ට එනවද හැමදාම?"

" හැමදාම එන්න බෑනේ කොළඹ ඉඳන්..."

"මෝඩයා... වචනයක් වරදිනකන් බලන් ඉන්නේ... මං කියන්නේ ඉස්කෝලේ යන කාලේ..."

"ඔව්... වැස්සේ නැත්නම් හවසට එනවමයි...."

"ඔයිට වඩා වතුර තියෙන දවස් තියෙනවද? "

" අපෝ ඔව්... එහෙම දවස් වලට මෙතන ඉන්න බෑ... හුළඟට එන හිරි පොදට නෑවෙනවා... කතා කරන දෙයක් ඇහෙන්නෙත් නෑ..."

13/08/2026

Address

17 A, Ananda Mawatha, Colombo 10
Maradana
10100

Alerts

Be the first to know and let us send you an email when RasaKatha Publishers posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to RasaKatha Publishers:

Shortcuts

Share

Category