Sooriya Publishers - Private Limited

Sooriya Publishers - Private Limited Sooriya Publishers (Pvt) Ltd is one of the best publishing houses in Srilanka located in Maradana. Giving valuable books to the nation is our main theme.

Sooriya Publishers (Pvt) Ltd is one of the best publishing houses in Sri Lanka located in Maradana with a wide range of books in different categories. Publishing of books, selling & distributing are our main purposes of business. since year 1994 we come for a long journey with the blessings of our valuable customers. Books could be purchased through our online store www.sooriyabooks.lk as well & we try to do our best to provide an efficient service for our customers all the time.

ක්‍රිශානි සඳමාලි මුණසිංහ විසින් රචිත " ගිනිගත් කඳු මුදුන " කෘතීය ජනගත වූ මොහොත. තවත් නවතම සූරිය ප්‍රකාශනයක් ...
02/07/2025

ක්‍රිශානි සඳමාලි මුණසිංහ විසින් රචිත " ගිනිගත් කඳු මුදුන " කෘතීය ජනගත වූ මොහොත. තවත් නවතම සූරිය ප්‍රකාශනයක් ...

" දියමන්තියකට පුලුවන් නම් දියවෙන්න!ඇයි හදවතකට බැරි උණුවෙන්න ?අයිස්බර්ග් එකකට හැප්පුන !ටයිටැනික් ටත් වුනේ ගිලෙන්න.ඔව් මේක...
02/07/2025

" දියමන්තියකට පුලුවන් නම් දියවෙන්න!
ඇයි හදවතකට බැරි උණුවෙන්න ?
අයිස්බර්ග් එකකට හැප්පුන !
ටයිටැනික් ටත් වුනේ ගිලෙන්න.

ඔව් මේක වින්ටේජ් ප්‍රේමයක්
කසුන් ගිවන්ත පීරිස් ප්‍රථම කාව්‍ය සංග්‍රහය
නවතම සූරිය ප්‍රකාශනයක්

මිල රු 780/-
වට්ටම 20%
අන්තර් ජාල ඇනවුම් සදහා
https://sooriyabooks.lk/books/ow-meka-vintage-premayak-kasun-givantha-peiris/

කසුන් ගිවන්ත පීරිස් රචිත ඔහුගේ ප්‍රථම කාව්‍ය සංග්‍රහය " ඔව් මේක වින්ටේජ් ප්‍රේමයක් " අද දින සූරිය ප්‍රකාශන ආයතනයේදී දොරට...
02/07/2025

කසුන් ගිවන්ත පීරිස් රචිත ඔහුගේ ප්‍රථම කාව්‍ය සංග්‍රහය
" ඔව් මේක වින්ටේජ් ප්‍රේමයක් " අද දින සූරිය ප්‍රකාශන ආයතනයේදී දොරට වැඩි මොහොත..

" ඔයා කිව්වේ බ්ලාවන් උඩ කියලා නේද ?"" ඔව් එදා රෑ දොළහට විතර මිනිස්සු කීප දෙනෙක් එළියට ගිහින් තියනවා  ස්කැවේග් විල පැත්තට...
23/06/2025

" ඔයා කිව්වේ බ්ලාවන් උඩ කියලා නේද ?"
" ඔව් එදා රෑ දොළහට විතර මිනිස්සු කීප දෙනෙක් එළියට ගිහින් තියනවා ස්කැවේග් විල පැත්තට . ඒ අය දැකලා තියනවා බ්ලාවන් මුදුනට භාගයක් විතර දුරින් ලොකු ගින්නක් . රෑට පේන දුර බලන කන්නාඩියකින් බැලුවම දැකලා තියෙන්නේ.ඒක හරියට ගිනි මැලයක් වගේ තීරුවක් විදියට පත්තු වෙන බව"
ඔහු නැවතත් දිලිසෙන විල දෙස බැලුවේය.
" එයාලා දැකලා තියනවා උඩට මතුවුණු ලෑල්ලක් වගේ පළල ගල් තලාවක්.වේලුණු දර කෝටු,බර්ච්, හෙදර් වගේ ඒව ගල් ලෑල්ල පුරාම අතුරලා තිබිලා.පිච්චිලා අලුවෙලා තිබුණලු. ඒ කළු ගැහිලා තිබුණ පැල්ලම උඩ උඩුබැලි අතට තිබිලා හමුවෙලා තියෙනවා හෙදර්ගේ මිනිය.

දෙවෙනි එළිසබෙත් මහ රැජිනගේ අභිෂේක මංගල්‍යය සහ එඩ්මන්ඩ් හිලරි එවරස්ට් කන්ද තරණය කිරීම සිදුවූ කාලය පසුබිම් කරගෙන ලියැවී ඇති විසිවැනි සියවසේ මැද භාගයේ මහා බ්‍රිතාන්‍යයේ තිබූ සමාජ තත්වයන් සහ ජීවන රටාවන්ද පිලිඹිබු කරන මෙම කතාව කියවූ පසු කන්ද මත බිලි පූජා පවත්වන ඝාතකයා කවුරුන් දැයි දැනගන්නට ඔබට හැකිවනු ඇත.

Mary Stewart ගේ Wildfire at Midnight කෘතිය " ගිනිගත් කඳු මුදුන ලෙසින් ඔබ හමුවට ගෙන එන්නේ ක්‍රිශානි සඳමාලි මුණසිංහ විසිනි . මෙය තවත් නවතම සූරිය ප්‍රකාශනයකි.

මිළ රු 1300/-
වට්ටම 20%
https://sooriyabooks.lk/books/ginigath-kandu-muduna-mary-stewart-krishani-sandamali-munasinghe/

අන්තර් ජාල ඇනවුම් සදහා පිවිසෙන්න

නිකොලායි නොසොව් කියන්නේ අපූරු ලේඛකයෙක් අපූරුම චරිතයක් , ඔහු වරෙක පියෙක් - වරෙක ගුරුවරයෙක් විවිධ කලා ක්ෂේත්‍රයන් සොයා දිව...
23/06/2025

නිකොලායි නොසොව් කියන්නේ අපූරු ලේඛකයෙක් අපූරුම චරිතයක් , ඔහු වරෙක පියෙක් - වරෙක ගුරුවරයෙක් විවිධ කලා ක්ෂේත්‍රයන් සොයා දිවගොස් අන්තිමේදී ළමයින් ළඟ නතර වුණු කවට රජෙක්. ඔහුගේ ඒ ලියැවිල්ලට රුසියානු දරුවන් වසඟ වුණා. දරුවන්ගේ සැබෑ ලෝකය තුළ ඔහු අතරමං වුණා. ඔහු ලියූ කතන්දර අතුරින් තෝරාගත් කතා පෙළක් " Eleven Stories For Girls and Boys" නමින් පළවුනා. රුසියානු බසින් ලියැවුණු මෙය පසුව ඉංග්‍රීසි බසට පරිවර්තනය වී ලොව පුරා දරුවන් අතට පත් වුනා.
එම ග්‍රන්ථයෙහි සිංහල පරිවර්තනය චන්ද්‍රිකා විජේසුන්දර අතින් සිංහල පතපොත කියවන දුවාදරුවන් වෙත මෙසේ " මිෂ්කයි මමයි " ලෙස අද දින පිරි නමන්නෙ නවතම සූරිය ප්‍රකාශනයක් ලෙසයි.

මිල රු 1380/-
වට්ටම 20%
අන්තර් ජාල ඇනවුම් සදහා පිවිසෙන්න
https://sooriyabooks.lk/books/mishkai-mamai-nikolai-nosov-chandrika-wijesundara/

සිංහල - දෙමළ සහජිවන සංස්කෘතියේ දේව ස්වරූපය කතරගම දෙවියන් යැයි නොබියව කිව හැකිය. සිරිලක ගම් දනව් සිසාරා කතරගම දේව ඇදහිල්ල...
19/06/2025

සිංහල - දෙමළ සහජිවන සංස්කෘතියේ දේව ස්වරූපය කතරගම දෙවියන් යැයි නොබියව කිව හැකිය. සිරිලක ගම් දනව් සිසාරා කතරගම දේව ඇදහිල්ල , දේව චාරිත්‍ර ඉටු කිරීම අස්පර්ශනීය උරුමයකි. පරපුරින් පරපුර සිංහල දෙමළ ජනයා අදහන ප්‍රබල දේව විශ්වාසයකි.කතරගම දේව චාරිත්‍ර මුඛ පරම්පරා හිමිකමක් බැවින් මේ වන විට එය වෙනස් වීමේ ප්‍රවනතාවයකටද ගොදුරු වී ඇතමෙම පොතෙහි කතුවරයා කතරගම ගම්බාර දෙවොලේ කපුධුරන්දරය හොබවන්නාද වේ. එහෙයින්මෙම ග්‍රන්ථය සහභාගිත්ව නිරීක්ෂණ අත්දැකිම් ඉවහල් කරගෙන සකසා ඇති දේව චාරිත්‍ර සතු අස්පර්ශනීය යටගිය උරුම මතුකර පෙන්වන ග්‍රන්ථයක් ලෙසද සැලකිය හැක.
කතරගම දේව චාරිත්‍ර කේ ඩී දේවප්‍රිය නිර්මාණයකි. එය නවතම සූරිය ප්‍රකාශනයකි.

මිල රු 700/-
වට්ටම් 20%

අන්තර්ජාල ඇනවුම් සදහා පිවිසෙන්න

https://sooriyabooks.lk/books/kataragama-dewa-charithra-k-d-dewapriya/

මහනුවර මහ දිසාපතිවරයා වන ඉන්දික උඩවත්ත මහතා විසින් රචිත " ගම්මුලාදෑනි වතගොත " නම් ග්‍රන්ථය ප්‍රාදේශීය පරිපාලනයට අදාළ වටි...
12/06/2025

මහනුවර මහ දිසාපතිවරයා වන ඉන්දික උඩවත්ත මහතා විසින් රචිත " ගම්මුලාදෑනි වතගොත " නම් ග්‍රන්ථය ප්‍රාදේශීය පරිපාලනයට අදාළ වටිනා ඉතිහාසය අපට සිහිගන්වන වටිනා ග්‍රන්ථයකි.බොහෝ දෙනෙකු දැන නොසිටියත් ප්‍රාදේශීය පරිපාලනය නමින් වර්තමානයේ ද ක්‍රියාත්මක වන්නේ අපේ ශිෂ්ටාචාරය ආරම්භයේ සිට සහශ්‍ර ගණනාවක් තිස්සේ විකාශය වෙමින් පැවත එන පාලක ක්‍රමය වේ.
අතීතයේ සිට ගම පාලනය නායකයෙකුගේ මූලිකත්වයෙන් සිදුවන්නට ඇත . බ්‍රිතාන්‍යයන් විසින් 1833 මුළු රටම කොටස් පහකට බෙදා ආණ්ඩුවේ ඒජන්තවරු පස්දෙනෙක් පත්කර ඔවුන් යටතට ඓතිහාසික ග්‍රාමීය හා ප්‍රාදේශීය පාලනය භාරදුන් අතර මේ ග්‍රාමීය පාලනය මුලු රටේම එක තනතුරු එනම් ගම් මුලාදෑනි තනතුරු නාමයෙන් සිදුකිරීම බ්‍රිතාන්‍ය පාලනය යටතේ සිදුවූවකි.
මේ අනුව මෙම ග්‍රන්ථය රටේ ප්‍රාදේශීය පාලන ව්‍යුහයේ ඉතා වැදගත් වූ මෙතෙක් කිසිවකුගේ අවධානයට ලක් නොවූ ක්ශේත්‍ර පිළිබඳව අංග සම්පූර්ණ වශයෙන් කෙරුණු විග්‍රහයක් වේ. මෙය ප්‍රාදේශීය පරිපාලනයේ නියුතුවන සෑම අයකු විසින්ම කියවිය යුතු කෘතියකි. නවතම සූරිය ප්‍රකාශනයකි.

මිළ රු 1600/-
වට්ටම් 20%

අන්තර් ජාල ඇනවුම් සදහා පිවිසෙන්න
https://sooriyabooks.lk/books/gammuladani-wathagotha-indika-udawatta/

කොත්මලේ සිරිසේන විසින් රචිත " අතීත මිහිරියාවක සටහන් " කෘතිය සූරිය ප්‍රකාශන ආයතනයේදී දොරට වැඩි මොහොත...
11/06/2025

කොත්මලේ සිරිසේන විසින් රචිත " අතීත මිහිරියාවක සටහන් " කෘතිය සූරිය ප්‍රකාශන ආයතනයේදී දොරට වැඩි මොහොත...

https://youtu.be/chAoODDsS0c?si=PA8oMGuASpHldN4W
08/06/2025

https://youtu.be/chAoODDsS0c?si=PA8oMGuASpHldN4W

The Leader TV - We Lead the Nation | Latest News from Sri Lanka. Watch Now - The Leader TV News - අපක්ෂපාතී වාර්තාකරණයේ සයිබර් මුද්‍රාව ..මට වුවමනා වුණේ 'සිං...

අත්දැකීම් යනු  දැනුම් තේරුම් ඇතිදා සිට මිය යන තුරා මිනිසෙකුට ලැබෙන්නා වූ උත්තේජන සමුදායකි. මෙම අත්දැකීම් යුග අනුව වෙනස් ...
06/06/2025

අත්දැකීම් යනු දැනුම් තේරුම් ඇතිදා සිට මිය යන තුරා මිනිසෙකුට ලැබෙන්නා වූ උත්තේජන සමුදායකි. මෙම අත්දැකීම් යුග අනුව වෙනස් වේ. මෙහි කතුවරයා ගතකළ කුඩා අවදිය 60 - 70 දශක දක්වා දිවයයි. ඇත්තෙන්ම මෙවකට පැවතියේ ඉතා සරල සාමකාමී සමාජ රටාවකි. පරිසරයකි.ඒ අනුව එවකට අප ලැබූ අත්දැකීම් ද රසවත්ය. එදා බොහෝවිට තිබුණේ සංස්කෘතික ජීවන රටාවකින් යුක්ත වූ ගමකි . ගැමියා පවා සංස්කෘතික මිනිසෙකි. අද එවැනි මිනිසුන් නැත කතාන්දර කියාදෙන ආච්චිලා සීයලා නැත. ඒවා හැඟීම් බරව අසන දරුවන්ද නැත.
මේ කෘතිය ඔස්සේ කතුවරයා ගොනුකිරීමට උත්සාහ දරන්නේ ළමා වියේදී , තරුණ වියේදී , හා වෘත්තීය දිවියේදී ඔහු අත්විඳි සුන්දර සිදුවීම්ය. එමෙන්ම මනස පෝෂණය කල රසවත් ජන කතාය. " අතීත මිහිරියාවක සටහන් " එවන් මතකයන් ගොන්නකි. නවතම සූරිය ප්‍රකාශනයකි.

කොත්මලේ සිරිසේන නිර්මාණයකි. ඔහු පත්‍ර කලාවේදියකු මෙන්ම කවියෙකි.

මිළ රු 780/-
වට්ටම 20%
අන්තර් ජාල ඇනවුම් සදහා පිවිසෙන්න
https://sooriyabooks.lk/books/atheetha-mihiriyawaka-satahan-kothmale-sirisena/

ශ්‍රී ලාංකේය ඉතිහාසයේ ඉතා වැදගත් කාල පරිච්ඡේදයක් ලෙස කන්ද උඩරට රාජධානි සමය සහ ඉංග්‍රීසින්ට ලංකාව යටත් වූ කාලවකවානුව හැඳි...
04/06/2025

ශ්‍රී ලාංකේය ඉතිහාසයේ ඉතා වැදගත් කාල පරිච්ඡේදයක් ලෙස කන්ද උඩරට රාජධානි සමය සහ ඉංග්‍රීසින්ට ලංකාව යටත් වූ කාලවකවානුව හැඳින්වීමට පිළිවන. එකල දේශපාලන , ආර්ථික , සමාජීය සංස්කෘතික ඉතිහාසය පදනම් කර ගනිමින් විදේශීය ලේඛකයන් ග්‍රන්ථ රැසක් රචනා කර ඇති අතර මෙය ඒ අතර සුවිශේෂී ග්‍රන්ථයකි.මෙය හෙන්රි මාෂල් ලියූ ඉංග්‍රීසි පොතෙහි ඍජු සිංහල පර්වර්තනයෙකි.
හෙන්රි මාෂල් ඉංග්‍රීසි බසින් ලියූ " Ceylon - A General Description of the Island and its Inhabitants " හි ඍජු සිංහල පරිවර්තනය "ලංකාව" දැන් සූරිය ප්‍රකාශනයක් ලෙස ඔබට ලබාගත හැක.

කතෘ - ඩී එම් අනුර බණ්ඩාර
මිළ රු 1850/-
වට්ටම 20%
අන්තර් ජාල ඇනවුම් සදහා පිවිසෙන්න

https://sooriyabooks.lk/books/lankawa-henry-marshall-d-m-anura-bandara/

Address

114, Ven. S. Mahinda Himi Mawatha
Maradana
01000

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 13:00

Telephone

+94112693607

Alerts

Be the first to know and let us send you an email when Sooriya Publishers - Private Limited posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sooriya Publishers - Private Limited:

Share

Category