Spareparts Group Admin

Spareparts Group Admin ත්‍රීරෝද රථ අමතර කොටස් සම්බන්ද බිස්නස් කරන ඔයාගේ සේල් එක වැඩි කරගන්න. අපිත් එක්ක සම්බන්ද වෙන්න !

දැනුවත් වෙන්න හැමෝම...ගෲප් එකේ නීති රීති අප්ඩේට් කරා....📣📣📣1 සමූහයේ හැමෝටම කාරුණික සහ ආචාරශීලී වෙන්න.සියළු දෙනාටම හොඳින්...
05/10/2025

දැනුවත් වෙන්න හැමෝම...ගෲප් එකේ නීති රීති අප්ඩේට් කරා....📣📣📣

1 සමූහයේ හැමෝටම කාරුණික සහ ආචාරශීලී වෙන්න.

සියළු දෙනාටම හොඳින් අවශ්‍යතා පහසුවෙන් ඉටුකරගැනීමට පරිසරයක් නිර්මාණය කිරීමට අපි හැමෝම යහපත් විදිහට සමූහය භාවිතා කරමු. හැමෝටම ගෞරවයෙන් සලකමු. වාද විවාද ස්වාභාවිකය, නමුත් ඉවසීමෙන් හා කරුණාවෙන් සමූහයේ හැසිරීම අවශ්‍ය වේ.

2 වෛරී කතාව හෝ හිරිහැර නොකිරීම.

අනවශ්‍ය විහිළුතහලු කිරීම,අසබ්‍ය වචන කියමින් ප්‍රචණ්ඩකාරී ලෙස සමූහයේ හැසිරීම ඔබ සමුහයෙන් ඉවත් කර දැමීමට ප්‍රධානම හේතුව වේ.ගැටුම් වළක්වා ගැනීමේ වගකීම සම්පුර්ණයෙන්ම ඔබ සතු බව තරයේ අවධාරණය කරමි.සෑම කෙනෙකුටම ආරක්ෂිත බවක් දැනෙන බවට වග බලා ගන්න. කිසිම ආකාරයක හිරිහැර කිරීමට ඉඩ නොදෙන අතර, ජාතිය, ආගම, සංස්කෘතිය, ලිංගික කාරණා, ස්ත්‍රී පුරුෂ භාවය හෝ අනන්‍යතාවය වැනි දේ ගැන බලපෑම් කිරීම නොකළ යුතුය.

3 කරදරකාරී ලෙස පෝස්ට් ශෙයා කිරීම්, ව්‍යාපාර ප්‍රවර්ධන කටයුතු සිදු නොකළ යුතුය.

මේ වැරදි වලින් එකක් වත් කරන්න එපා.කමෙන්ට් වල හෝ පෝස්ට් වල ලින්ක් ශෙයා කරන්න එපා,එකම පෝස්ට් එක,එකම ෆොටෝ ටික,එකම විස්තරය නැවත නැවත ශෙයා කරන්න එපා, විවිධ විදිහට වෙනස් කරලා දාන්න.වෙනත් ගෘප් වල දාපු පෝස්ට්,පේජ් වලින් දාපු පෝස්ට් ශෙයා කිරීම හැකිතාක් අඩු කරලා මේ ගෘප් එකේම අලුතින් ටයිප් කරල පෝස්ට් දාන්න.එහෙම පෝස්ට් අනිවාර්‍යයෙන්ම ඇපෲ වෙනව.

4 සමූහය තුළ බෙදා ගන්නා දේ සමූහය තුළ පැවතිය යුතුය.

පෝස්ට් දාලා අදාළ අවශ්‍යතාවය ඉටු උනාම පෝස්ට් කරන්න එපා.ඔයාලගේ පේජ් වල හෝ වෙනත් ගෘප් වල දාපු පෝස්ට් මේ ගෘප් එකට ශෙයා කරලා,පස්සේ ඩිලිට් කරන්න එපා.ඒ දේවල් සමූහයේ පැවැත්මට බලපානවා.ඒ නිසා එහෙම කරන අයගේ පෝස්ට් දන්නේ නෑ ආයේ ගෘප් එකට,අදාළ දේ විකිණිලා අවසන් නම් ඒ බව පෝස්ට් එකේම කමෙන්ට් එකක් දාලා දැනුම් දෙන්න , හෝ පෝස්ට් එක එඩිට් කරන්න පුළුවන් හැමෝටම.තමන් පෝස්ට් කරන දේ පිළිබඳ වගකීම සම්පූරණයෙන්ම තමන් ගන්න ඕනේ.

5 නිවැරැදි අනන්‍යතාව සහිත ඔයාගෙ ප්‍රොෆයිල් එකට ගෲප් එකේ පිළිගැනීම වැඩී.

විශේෂයෙන්ම ඔයාගෙ දෙයක් ගෲප් එකෙන් විකුණන්න ඕනෙ නම්, ඔයාගෙ අකවුන්ට් එකේ ෆොටෝ සහ විස්තර තියෙන්න ඕනෙ පැහැදිලිව. ලොක් කරල තියන අකවුන්ට් සහ බිස්නස් අකවුන්ට් එකක් තියන කෙනෙක් නම් මේ ලින්ක් එකෙන් ගිහින් ගෲප් එකේ මාකටින් සම්බන්ද ඇඩ්මින්ට මැසේජ් එකක් දාල පෝස්ට් එක ගැන කියන්න. 👇
https://www.facebook.com/share/1733TuFTRJ/

6 අමතර කොටස් සහ වාහන සම්බන්ද පෝස්ට් විතරයි.

අමතර කොටස් හෝ වාහන වලට වක්‍රව හෝ සම්බන්ද නොවන කිසිම පෝස්ට් එකක් ගෲප් එකට දාන්නෙ නෑ..අදාළ නොවන ඕනෑම පෝස්ට් එකක් , කමෙන්ට් එකක් අයින් කරන්න සිදු වෙනවා අපිට.. මේ සමූහයේ නම සහ අන්තර්ගතය හොඳින් තේරුම් ගන්නා ලෙස ඉල්ලා සිටිනව ඉතා කාරුණිකව..

7 ගෘප් එක ගුණාත්මකව හොඳින් පාවිච්චි කරන්න.

පෝස්ට් නිර්මාණාත්මකව දාන්න.නිතරම තමන්ගේ පෝස්ට් ගැන අවධානයෙන් ඉන්න.පෝස්ට් එකක් දාලා ඒකට කට්ටිය කමෙන්ට් කරනකොට ඒ දේවල් වලට ඉවසීමෙන් යුතුව උත්තර දෙන්න.සමහරු පෝස්ට් එකක් දාලා ආයේ ගෘප් එකේ ඒ පෝස්ට් එක දැම්මද කියලා මතකත් නෑ,මේ ගැන වැඩි විස්තර අපි ලිපි ලියලා ගෘප් එකේ උඩ පින් කරලා තියනවා හොයාගෙන කියවන්න.

8 තමාගේ ආරක්ෂාව පිළිබඳ වගකීම තමා සතු වේ.

මෙය විවිධාකාර පුද්ගලයින් සිටින විවෘත සමූහයකි.සමූහයේ ඉන්නේ අපි දන්න අය වගේම නොදන්න අය ඉන්නව.ඒ නිසා සමූහය තුළ ගණුදෙණු කිරීම් වලදී කල්පනාකාරී ලෙස කටයුතු කරන්න.විවිධාකාර වංචනික ක්‍රියා සිදු විය හැකි ආකාර පිළිබඳ අප සැම එකිනෙකා දැනුවත් කිරීම යහපත්ය.සෑම දෙයක්ම නීතිමය ආකාරයෙන් සිදු කිරීමට වග බලා ගන්න.අප නොදැනුවත්ව සමූහයෙන් පරිබාහිරව සිදු වන දේවල් පිළිබඳ අප වගකියනු නොලැබේ.

9 පැකේජ් එකකට පේමන්ට් කරල, ඔයාගෙ බිස්නස් එකට විශේශ වරප්‍රසාද සහිතව මේ ගෲප් එක පාවිච්චි කරගන්න පුලුවන්.

එක් අයෙකුට සීමිත පෝස්ටු ප්‍රමාණයක් පමණක් නොමිලේ යොමු කළ හැකි අතර ඔබේ ව්‍යාපාරය ප්‍රවර්ධනයට අලෙවිකරණ කටයුතු සිදු කරනවා නම් එම පෝස්ට් සමූහයේ පළකරවාගැනීමට පුලුවන් පැකේජ් එකක් මිළදීගැනීමෙන් පුළුවන්..ඇති පැකේජ සහ එයින් ඔබට ලැබෙන විශේශත්වය පිළිබඳ වැඩි විස්තර දැනුවත් වීමට අවශ්‍ය නම් 075 42 850 41 අංකයට වට්ස් ඇප් මගින් පමණක් පණිවිඩයක් ලබා දෙන්න. නැතහොත් මෙම ෆේස්බුක් පේජ් එකට මැසේජ් එකක් එවන්න. 👇
https://www.facebook.com/share/1733TuFTRJ/

10 ඇඩ්මින්ලාගේ තීරණ වලට ඔයා එකඟ විය යුතුයි.

මේ නීති රීති වලින් එකක් හෝ ඔයා කඩ කරනවා නම් ඒ බව ඔයාට නොටිෆිකේෂන් එකක් මාර්ගයෙන් දැනුම් දෙනවා.ඒ වගේම ඔයාව දින ගණනක්, සති ගණනක්, මාස ගණනක් හෝ අවුරුදු ගණනක් ඔයාව ගෘප් එකෙන් බ්ලොක් කරන්න හෝ සස්පෙන්ඩ් කරන්න සිද්ද වෙනවා...මේ දේ කරන්නේ ඔයා සම්බන්ද පෞද්ගලික තරහකට නෙමෙයි, සමූහයේ යහපැවැත්ම වෙනුවෙන්..ඔයාගෙ පැත්තෙන් වැරැද්දක් වෙලා නෑ කියල හිතනව නම්, ඕනෑම අවස්තාවක ඇඩ්මින් කෙනෙක්ට කතා කරන්න පුලුවන් ඔයාට..!

සුබ වේවා හැමෝටම ❤️

31/01/2025

ගෘප් එකට අළුතින් එකතු වෙන ඔයා අනිවාර්යයෙන්ම මේ ටික කියවලා දැනුවත් වෙන්න. 👇

ගෲප් එක සම්භන්ද ඕනෑම ප්‍රශ්නෙකදී ඇඩ්මින්ට කතා කරන්න, අපේ ඇඩ්මින් පිටුව ලයික් කරලා.මැසේජ් එකක් දාන්න. මේ ලින්ක් එකෙන් ඇඩ්මින් පේජ් එකට එන්න 👇

https://www.facebook.com/sparepartsgroupadmin?mibextid=ZbWKwL

ගෘප් එකේ නීති රීති කියවලා දැනුවත් වෙන්න මේ ලින්ක් එක ටච් කරන්න. 👇

https://www.facebook.com/groups/4307869349336343/permalink/6071636222959638/?mibextid=Nif5oz

ගෘප් එකට එකතුඋනු ඔයා ත්‍රීරෝද රථ හෝ අමතර කොටස් සම්බන්ද බිස්නස් එකක් කරන කෙනෙක් නම් ඔයාගේ බිස්නස් පෝස්ට් මේ ගෘප් එකේ දාගෙන සේල් එක තවත් වැඩි කරගන්න පුළුවන්.ඒ ගැන වැඩි විස්තර දැනගන්න අපේ ගෲප් එකේ මාකටින් වැඩ කරන ඇඩ්මින්ට මැසේජ් එකක් දාන්න මේ ලින්ක් එකේ තියන පේජ් එකට 👇

https://www.facebook.com/share/18Zw67JnCE/

මේ ගෲප් එකේ අලුත් අප්ඩේට් දාන,මේ ගෲප් එකෙන් බිස්නස් වල මාකටින් වැඩ කරගන්න අය ඉන්න අපේ වට්ස් ඇප් ගෘප් එකට එකතුවෙන්න මේ ලින්ක් එකෙන් 👇

https://chat.whatsapp.com/KmE0Rb9zHhrAo0CrsiexeH

එකතුවෙන ඔයා ඔයාගේ යාළුවන්ට ගෘප් එකට ඉන්වයිට් කරලා එයාලවත් එකතු කරගන්න.

ස්තුති ❤️

ත්‍රීරෝද රථ අමතර කොටස් සම්බන්ද බිස්නස් කරන ඔයාගේ සේල් එක වැඩි කරගන්න. අපිත් එක්ක සම්බන්ද වෙන්න !

සින්හලෙන් පැහැදිලිව පෝස්ට් එකක් දාන එකේ තියන වාසිය.එකක් 247යි දැකල තියන්නෙ අනිත් එක 2500ක් දැකල !
20/11/2024

සින්හලෙන් පැහැදිලිව පෝස්ට් එකක් දාන එකේ තියන වාසිය.එකක් 247යි දැකල තියන්නෙ අනිත් එක 2500ක් දැකල !

ගෘප් එකේ අන්තිම දවස් 28..👉 ඔක්කොම පෝස්ට් ඇපෘ වෙලා තියනවා 639ක්..කලින් මාසෙට වඩා 27%ක් ගෘප් එකේ පෝස්ට් වැටිලා තියනව..👉 කම...
04/02/2024

ගෘප් එකේ අන්තිම දවස් 28..
👉 ඔක්කොම පෝස්ට් ඇපෘ වෙලා තියනවා 639ක්..කලින් මාසෙට වඩා 27%ක් ගෘප් එකේ පෝස්ට් වැටිලා තියනව..
👉 කමෙන්ට්ස් 5,400ක් ලංකාව වටෙන්ම අයගෙන් ලැබිල තියනව..15% ක ග්‍රෝ වීමක්..
👉 ලයික්ස් 4,500.. 3% වැඩි වීමක්...

https://chat.whatsapp.com/KmE0Rb9zHhrAo0CrsiexeH

මේ ලින්ක් එකෙන් අපේ වට්ස් ඇප් ගෘප් එකට සෙට් වෙලා මේ ෆේස්බුක් ගෘප් එකෙන් ඔයාලගෙ බිස්නස් එක හදාගන්න පුලුවන් විදිහක් ගැන විස්තර දැනගන්න..ෆේස්බුක් ගෘප් එකේ පෝස්ට් ටිප් ගැන දැනුවත් වෙන්න පුළුවන්....ඇඩ්මින් !

ඉතිං බ්‍රදර්ස්..ඔන්න අපේ ටුක් ටුක් සෙට් එකට ලංකාව වටෙන්ම 70,000ක් එකතුවෙලා ඉන්නව.ගෘප් එක පටන් අරගෙන අවුරුදු දෙකකින් මේ ව...
23/01/2024

ඉතිං බ්‍රදර්ස්..ඔන්න අපේ ටුක් ටුක් සෙට් එකට ලංකාව වටෙන්ම 70,000ක් එකතුවෙලා ඉන්නව.ගෘප් එක පටන් අරගෙන අවුරුදු දෙකකින් මේ වගේ ලොකු පිරිසක් දැනට එකතුවෙලා ඉන්නව..පොඩි දෙයක් මතක් කරන්න ඕනෙ අපේ ගෘප් එකේ කෙනෙක් නොදන්න දෙයක් ගැන පෝස්ට් එකක් දැම්මම ඒ දේ ගැන ඔයාට දැනුමක් නැත්නම් විහිළුවට හෝ අනවශය කමෙන්ට් දෙන්න එපා..ගෘප් එකක් කියන්නෙ එක එක විදිහෙ අය ඉන්න තැනක් නිසා අදහස් පළකිරීමේදී සැලකිළිමත් වෙන්න..වෙන විශේෂ දෙයක් නම් කියන්න නෑ ඉතිං හැමෝටම කියන්න තියන්නේ ගෘප් එකේ නීති රීති කියවලා ඒ විදිහට ගෘප් එක පාවිච්චි කරන්න කියල.ඒ පෝස්ට් එක මම පින් කරලා තියනව ගෘප් එකේ හොයාගෙන කියවන්න.ස්තුති හැමෝටම. ❤️

Suba aluth awuruddak wewa hemotama ❤️
01/01/2024

Suba aluth awuruddak wewa hemotama ❤️

Address

Main Street
Matale Town

Opening Hours

Monday 06:00 - 18:00
Tuesday 06:00 - 18:00
Wednesday 06:00 - 18:00
Thursday 06:00 - 18:00
Friday 06:00 - 18:00
Saturday 06:00 - 18:00
Sunday 06:00 - 18:00

Website

Alerts

Be the first to know and let us send you an email when Spareparts Group Admin posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share