Lyric Lush

Lyric Lush ඔයාලගේ ෆොටස් ,විනෝදාත්මක වීඩියෝ,ජීවිතේ වැදගත්ම දේවල් පොස්ට් එකක් විදිහට දාගන්න කැමතිනන් කතා කරන්න.🫶❤
(1)

With A M O R E – I'm on a streak! I've been a top fan for 4 months in a row. 🎉
16/02/2025

With A M O R E – I'm on a streak! I've been a top fan for 4 months in a row. 🎉

04/11/2024
🥺 නිවන් සුව ලැබේවා...💔Lyric Lush Following Relationship Goals World Art Natura Lyrics for songs Api SriLankan - UK Alway...
22/09/2024

🥺 නිවන් සුව ලැබේවා...💔

Lyric Lush Following Relationship Goals World Art Natura Lyrics for songs Api SriLankan - UK Always Positive

iPhone 16 එයත් ආවා...❤Lyric Lush Following Relationship Goals World Art Lyrics for songs Natura Api SriLankan - UK JOBS ...
10/09/2024

iPhone 16 එයත් ආවා...❤

Lyric Lush Following Relationship Goals World Art Lyrics for songs Natura Api SriLankan - UK JOBS in U.K phone wallpapers

Shout out to my newest followers! 😍 Excited to have you onboard! Dananjaya Madusanka, Haleek Gtr Paul, Sunethra Herath, ...
20/08/2024

Shout out to my newest followers! 😍 Excited to have you onboard! Dananjaya Madusanka, Haleek Gtr Paul, Sunethra Herath, Muditha Dinelka, Tharusha Ashan, Dilan Induwara

Lyric Lush Following Api SriLankan - UK

💚Lyric Lush  Following Love Nature
18/07/2024

💚

Lyric Lush Following Love Nature

Pray for mother of sri lanka 🇱🇰 😪
03/06/2024

Pray for mother of sri lanka 🇱🇰 😪

සමහර මිනිස්සු ඉන්නවා කිසිදාක කිසිදේක හොදක් නොදකින….එවගේම සමහර මිනිස්සු ඉන්නවා ඡිවිතේ අන්තෙටම වැටිලා හිටියත් තවත් කෙනෙක්ට...
19/05/2024

සමහර මිනිස්සු ඉන්නවා කිසිදාක කිසිදේක හොදක් නොදකින….
එවගේම සමහර මිනිස්සු ඉන්නවා ඡිවිතේ අන්තෙටම වැටිලා හිටියත් තවත් කෙනෙක්ට හිනාවක් සතුටක් ගේන
තවත් සමහර මිනිස්සු ඉන්නවා උපාධියක් ඩිප්ලොමාවක් වලේ කිසිම කොල කෑල්ලක් නැති වුනත් උස් පහත් බේදයක් නැතිව කට පුරා ගෞරව කරන මිනිස්සු
වචනෙකින් වත් මිනිස්සු පහත් කරන්නේ නැති
වචනෙකින් හරි මිනිස්සුන්ට හයියක් වෙන
වයස නොතකා එක සමානව ගෞරව කරන
ඉගෙන ගන්න දෙයක් කෙනෙක්ගෙන් තියනවා නම්
වයස නොතකා ඒ ගත යුත්ත ගන්න….

එහෙම මිනිස්සු ආශිර්වාදයක් 😇❤️

Lyric Lush Following

🕯️එයා අකමැති නිසා මන් ආශ්‍රය කරපු මිනිස්සුන්ව අත ඇරියා 🕯️එයාට සම්පුර්ණ වෙලාවම දෙන්න ඕනෙ නිසා මන් යාළුවොන්ව මග ඇරියා 🕯️එය...
30/04/2024

🕯️එයා අකමැති නිසා මන් ආශ්‍රය කරපු මිනිස්සුන්ව අත ඇරියා
🕯️එයාට සම්පුර්ණ වෙලාවම දෙන්න ඕනෙ නිසා මන් යාළුවොන්ව මග ඇරියා
🕯️එයා එච්චර කැමැති නෑ වගේ නිසා මන් පැෂන් කරන එක නැවැත්තුවා
🕯️දෙන්නගෙන් එක්කෙනෙක් ඉගන ගත්තම ඇති කිව්ව නිසා මන් උපාධිය අමතක කළා
🕯️රස්සාවකට යනවට කැමැති නෑ කියල දන්න නිසා මන් ගෙදර නැවතුනා .

⭐️මිනිහෙක් උනාම සමාජ ආශ්‍රයක් ඕනේ කියල එයා දිගටම මිනිස්සු ආශ්‍රය කළා
⭐️හදිස්සියකට හරි යාළුවො ඕනෙ කියල යාලුවොන්වත් ළඟ තියාගත්තා
⭐️ගේමක් ගහන්න නම් ඉගන ගන්නම ඕනෙ කියල ඩබල් ඩිග්‍රි කම්ප්ලිට් කළා
⭐️ගෙදර වගකීම් මුකුත්ම නැති නිසා රස්සාවෙන් ඉහළටම ගියා

මේ හැම දේටම පස්සේ ලඟදි දවසක එයා මාර කථාවක් කිව්වා ,

අයියෝ ..ඔයා කිසි අප්ඩේට් එකක් නෑ නේ ,සෝෂල් නෑ ,තැනකට ගෙනියන්න බෑ ,අඩුගානෙ රස්සාවක් වත් නෑ ,කොහොමද මන් ඔයාව මිනිස්සුන්ට introduce කරන්නෙ, අනේ මන්දා මට නම් දැන් ඇතිවෙලා ..

මට කට උත්තර නැති උනා ,හේතුව මොකක් උනත් එයා කිව්වේ ඇත්ත කියල මටත් හිතුනා ..

ඇත්තම කිව්වොත් එයාට ඇති වෙන්න හුඟ කාලෙකට කලින් මට ඇති වෙලා තිබ්බා ,හැබැයි මන් ආදරේ වෙනුවෙන් හැමදේම දරාගත්තා ..

ඒත් අද මන් එක දෙයක් තේරුම් ගත්තා ,

ප්‍රේමය මොන තරම් ඝනකමට තිබ්බත් එක දවසක ප්‍රේමයට ඔබ්බෙන් මිනිස්සුන්ට ජීවිතය පේන්න පටන් ගන්නවා ,
අන්න එදාට ඔයාගෙ value එක හැදෙන්නෙ ඔයා කරපු කැපකිරීම් වල පරිමාණයට අනුව නෙමෙයි , ඔයා ළඟ තියන වටිනාකම් වල අනුපාතයට ..
එදාට ඔයා ළඟ පෙන්නන්න වටිනාකම් නැත්තම් අර එකතු කරපු ආදරේ නිකම්ම නිකම් හැඟීමක් විතරක් වෙනවා .

“හේතුව මොකක් වුණෙත් කිසිම කෙනෙක් වෙනුවෙන් තමන්ව නැති කරගන්න එපා ,
හැම තත්පරයකම පොඩ්ඩ පොඩ්ඩ හරි තමන්ව ගොඩනගාගන්න."

ප්‍රේමය කියන්නෙ ,හැඟීමක් උනාට ,දවසක මිනිස්සු ඒ හැඟීමට වටිනාකම් දෙනවා ..එදාට ඔයා නිකම්ම නිකන් හිස් මිනිහෙක් විතරක් උනොත් ඔයා ළඟ තියන ආදරේ කවුරුත් එච්චර ලොකුවට ගණන් ගන්නෙ නැහැ ,ඒකයි ඇත්ත ..

මේ අද උදේ session එකේදී තරුණ බිරිඳක් කියපු ඇත්තම කථාවක් ,
මේක ගැහැණු පිරිමි දෙගොල්ලන්ටම අදාලයි ..

ඔයා තාම ප්‍රමාද නැහැ ,දැන් මේ මොහොතේ ඉඳන් තමන්ව ගොඩනගන්න පටන් ගන්න 💜

Copied

Lyric Lush
Following

උඹ ඇහුවෙවයිෆ් කෝ කියලාද...මන් මගෙන්ම අහනප්‍රශ්නයත් ඕක බන්..අපි බැන්දෙ ආදරය කරලාබදින්න කලින් ඒකී හරි අහිංසකයි බන්ඒකමයි මන...
28/04/2024

උඹ ඇහුවෙ
වයිෆ් කෝ කියලාද...

මන් මගෙන්ම අහන
ප්‍රශ්නයත් ඕක බන්..

අපි බැන්දෙ ආදරය කරලා
බදින්න කලින් ඒකී හරි අහිංසකයි බන්
ඒකමයි මන් ඒකිට ආදරය කරේ...

ගෙදර ට ආපු දවසේ ඉදන්
ඒකී කාලි අම්මා වගේ උනා බන්..
අම්මයි අක්කයි එක්ක
කොච්චර වත් වලි...

කොයිතරම් ඒකීට බැන්නත්
ඒ ගෙදර රංඩු නැති දවසක් නෑ..
අම්මා හැමදාම
ඇඩූ කදුළින් ඇවිත් කිව්වාම
ඒකී බනිනවායි කියලා
මන් තරහටමයි බන්
ඒකිට දෙක තුනක් ගැහුවේ....

වෙනදා එකටෙක කියන එකී
එදා මුකුත් නොකියා
මන් දිහා බලන් හිටියා බන්..

ඒ බැල්ම තාම මෙතන රිදෙනවා
ඔව් බන්
මගේ හිත රිදෙනවා..

ඊට පහුවෙනිදා මන් වැඩ ඇරිලා එනකොට
ඒකී ගිහින් බන්
ඒකි යන්නම ගිහින් ...

ගිය එකී ගැන මොකට දුක් වෙනවද පුතා
යන්න එපා බාල්දු වෙන්න
අම්මා කියන්නෙත් ඇත්ත නිසා
මන් ගියෙ නෑ බන් ඒකි හොයන්...

ඒත් ..
ඒකි ගිහින් මාසයක් යන්න කලින්
අපෙ අක්කා බැන්දා..
ගෙදරම නැවතුනා බැඳපු කෙනත් එක්ක...

ඉස්සර මගෙ එකී
චුට්ටක් පරක්කු වෙලා නැගිට්ටත්
කෑ ගහන අම්මා
අක්කා දවල් වෙනකම් නිදා ගත්තත්
මුකුත් කිව්වෙ නෑ....

මගේ ඇදුම ඉදලා මැදලා දුන්න ගෑනි
මන් ඇඳුම අයන් කරන ගමන් හිතුවෙ..

මේකත් අයන් කරපන් පුතේ
අයියා ගෙ කම්සෙයි කලිසමයි ...

ඇයි අක්කාට බැරිද
මන් ඇහුවෙ තරහින් මයි..
අක්කා තාම නිදි පුතේ..
මට ඉබේටමයි බන් සුසුම් පිටවුනේ...

වැලේ රෙදි ටික හොදටම තෙමිලා
ඇයි කවුරුත් ගත්තෙ තැත්තෙ..
මගෙ ඔෆිස් ඇදුම් තෙමිලා..

අමතක උනා හලෝ
ෆිල්ම් එකක් ගියා ඒක බැලුවා ...

මට මතක් උනේ
මගේ එකී ටීවී බලන නිසා
කරන්ට් බිල යනවයි කියලා
අම්මා කෑ ගහපු දවස......

ගෑනි ගියත් හරි
මන් මගේ වැඩ කර ගන්න උනා බන්..

ඇත්තටම අම්මාටවත්
අක්කාටවත් ඒකි ගිය දා ඉදන්
කිසිම ප්‍රශ්නයක් තිබුනෙ නෑ...

මිදුල අතුගාන්න පරක්කු උනත්
මගෙ එකීට බැන්නාට
දැන් මිදුල දවස් ගානකින් අතුගාලා නෑ..

මට පහුගිය ටිකේ
හොඳට තේරුම් ගියා බන්
මගෙ එකී කොයිතරම් වේදනාවකද හිටියෙ කියලා ..
මන් වත් ඒකිට සහනයක් උනේ නෑ...

ඒකී මන් වෙනුවෙන්
මුළු පවුලම අතහැරලා මගේ ගාවට ආවා
මන් ඒකිව මේ ගේ ඇතුලෙත් තනි කරා..

මන් උඹට එන්න කිව්වේ
උඹ හොයලා දුන්න ගේ මන් ඊයෙ ගත්තා..

උඹට පුලුවන් නම්
මාත් එක්ක වරෙන් යන්න
මට ඒකිගෙ කකුල් දෙක අල්ලලා වැදලා හරි
මගේ ලඟට ගන්න ඕන බන්..

මගෙ වැරදි බන්
ඒකිවත් අරන් මන් ගත්ත
අපේ ගෙදරට එක්ක යනවා බන්..

ඒකී තමයි මගෙ පවුල බන්
අවසාන වෙනකම් ඒකී එක්ක
තමයි බන් මේ ගමන යන්න ඕන ..

උඹටත් එකක් කියන්නම්..

කසාද බදිනවානම්
වෙනම පැලක් හරි හදන් ගෑණිව එක්ක පලයන්..

නැත්නම් අපිව
විස්වාස කරලා එන ගෑනු පව් බන්..

උපුටාගැනීමකි

මං මැරුනොත්....මගේ මිනිය දවස්ගන්න් තියන්න එපා.පැය 24න් වලලන්න.ජිවත් වෙලා ඉද්දි මූන බලන් හිනාවෙලා කතාකරන්න බැරි අය ඔනිනැ ...
28/04/2024

මං මැරුනොත්....
මගේ මිනිය දවස්ගන්න් තියන්න එපා.පැය 24න් වලලන්න.ජිවත් වෙලා ඉද්දි මූන බලන් හිනාවෙලා කතාකරන්න බැරි අය ඔනිනැ මිනිය දිහා බලන් ඉන්න.හත් දවස තුන් මාසෙ අවුරුද්ද දානෙ ඕනම නෑ.මොකද ජීවත් වෙලා ඉද්දි පුංචි හරි පිනක් මං කරලා ඇති.වලලන්න යද්දි මිනිය පස්සෙ එන්න ඔනිත් නැ.මොකද මං මොනාකලත් මගෙ පස්සෙන් ටිකක් ඉන්න බැරි අය මැරුනට පස්සෙ ඉන්න එපා.දරුවන්ට දුකක් දැනෙයි ඒ ආදරේටම නෙවෙයි.එයාලට මගෙ අතින් උනදේවල් මග හැරෙද්දි දැනෙන හැගීම නිසා.එත් කාලය එක්ක ඒවට හුරුවෙයි.මං වෙනුවෙන් එක කදුලක් හලන්න එපා කවුරුත්.මට ජීවත්වෙලා ඉද්දි මගෙ කදුලක බරක් නොතේරුන ආදරෙ සෙනහස නොදුන්න අය මාව මනසින් වට්ටපු අය බොරුවට අනිත් අයට පේන්න රගපාන්න ඕනිනෑ..

Copied ©️

Lyric Lush Following

ලස්සන දේවල් එක පාරටම සිද්ධ වෙන්නේ නෑ කියලා ඔයා දන්නවද මගේ ළමයෝ...මලක් පිපෙන්නේ හෙමින් හෙමින්....සමනළ පැංචෙක් එලියට එන්නේ...
27/04/2024

ලස්සන දේවල් එක පාරටම සිද්ධ වෙන්නේ නෑ කියලා ඔයා දන්නවද මගේ ළමයෝ...
මලක් පිපෙන්නේ හෙමින් හෙමින්....
සමනළ පැංචෙක් එලියට එන්නේ ලස්සන අත්තටුත් එක්ක හෙමින් හෙමින්....
පළාතක් සිසිල් කරවන මහ රූස්ස ගසක් පොළෝ තලයට තෑගි වෙන්නෙත් හෙමින් හෙමින්....
ඉතින් ටිකක් ඉවසන්න...
හෙමින් හෙමින් ඔයාව හොයාගෙන එන්නේ,
ඔයාගේ ජීවිතේ ලස්සනම යුගය 🍃💫

Copied ©️


Lyric Lush

ජීවිතේ දවසක උඹට හම්බවෙයි මෙහෙම කෙනෙක් ....උඹට තේරෙයි මෙයා වෙනස්ම කෙනෙක් කියන එක...එපාවෙලා කලකිරිලා තිබුන ජීවිතේට අලුත් බ...
27/04/2024

ජීවිතේ දවසක උඹට හම්බවෙයි මෙහෙම කෙනෙක් ....

උඹට තේරෙයි මෙයා වෙනස්ම කෙනෙක් කියන එක...
එපාවෙලා කලකිරිලා තිබුන ජීවිතේට අලුත් බලාපොරොත්තුවක් දීලා අලුතින් පටන් ගන්න හයියක් වෙයි...💖😍

උඹට එයා වදයක් වෙයි
දඩබ්බර උඹ කියන ඒවා එයා අහනවා වෙනුවට එයා කියන ඒව කරබාගෙන උඹට අහන් ඉන්නවෙයි...

ගමනක් ගියත් ගිහින් එනකම් උඹ ගැන විමසිල්ලෙන් ඉදී...එයා ලග ඉන්න ඕනි නම් උබේ නරක පුරුදු තියෙනවනම් ඒවත් අත්හරින්න වෙයි...

උඹ එයාගේ අඩුපාඩු පෙන්වන කොට එයත් උබේ අඩුපාඩු පෙන්වල දෙයි....උඹ කියන ඒවා එයා අහනව වගේම උබටත් එයා කියන ඒවා අහන්න වෙයි....🌏💖😘

උඹ එයාගේ වැරදි හදනවා වගේම උබගේ වැරදිත් එයා පෙන්වල දෙයි..එතකොට උබේ වැරදි ගැනත් උබට බලාගන්න වෙයි....
මොකද උඹට එයා අවංකව ඉදී .....
ටිකක් කියෝ කියෝ වද දුන්නට උඹව හරි පාරට ගන්න මහන්සි වෙන කොල්ලෙක් / කෙල්ලෙක් වෙයි...

ඉතින් අහපන්
අන්න එහෙම කෙනෙක් ලැබුනොත් නැතිකරගන්න එපා....
අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් වගේ අඩුපාඩු පෙන්වලා දීලා හරිපාරට ගන්න මහන්සි වෙන පරිස්සම් කරන්න මහන්සි වෙන ආදරයක් ලබන්න හැමෝටම පින නෑ....
එහෙම අය ලැබෙන්නෙම සංසාරේ පින්කාරයන්ටම විතරයි...

හරිම කෙනා අපේ ජීවිතේට ලැබෙන ආයෝජනයක්...
එයාටත් වටිනාකමක් දීපන්..
එයාට පුලුවන් අපිව අලුතින් ප්‍රතිනිර්මාණය කරන්න...🥀💖😍

Copied ©️

Address

Matale Town

Website

Alerts

Be the first to know and let us send you an email when Lyric Lush posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share