07/09/2025
"__අප්පෝ සිහින පැටික්කී එකේ හයර් වල ගාණ වැඩී__ " කියලා කියපු අයට කියවන්න වටින ලිපියක් ❤️
අපි හැමදාම හොඳම දේ හොඳම විදියට අපි එක්ක යන අයට උපරිමය දෙනවා ❤️
゚viralシ ゚viralシfypシ゚ Bandula Sanjeewa
අධ්‍යාපන චාරිකා විනෝද චාරිකා සහ වෙනත් ගමන් සඳහා බස්රථ වෙන්කරවාගන්න ආදරණීය පාරිභෝගිකයිනි.,
⭐️අහලා අහලා හෙට්ටු කරලා අඩුම බස් එකේ යන්න එපා. හොයල හොයල හොඳම බස් එකේ යන්න⭐️
මතක තියාගන්න බස් රථ අතර අඩුවට හයර් යන්න තරඟයක් හදවල තියෙන්නෙ පාරිභෝගික ඕගොල්ලෝ
ඒකෙන් වෙන්නේ මෙන්න මේකයි..,
ඔයාල එක්ක අඩුවට යන මේ හයර් එකේ ක්ෂය වීම් (vestige) වත් බස් හිමියට ඒ හයර් එකේ ඉතිරි වන මුදලින් cover කර ගන්න බැරි වුනහම මොකද වෙන්නෙ?
ඒ වගේ හයර් 3/4ක් ගියහම ඒ බස් රථය නඩත්තු නැති බස් රථයක් බවට පත්වෙනව,
බස් හිමියගෙ අතේ බස් රථය නඩත්තු කරන්න මුදල් නැති වෙනවා එදිනෙදා හයර් ගිහිල්ලා තෙල් ගහලා පඩි දීල Finance දාලා විතරයි නඩත්තුවට සල්ලි ඉතිරි වෙන්නෑ...,
ඒ නිසා සිදුවන දේ 👇
Driver:- "බොසා ලයිනර් ගහන්න ඕන"
හිමිකරු:- "මල්ලි shape එකේ අදට ගිහින් වරෙන්"
Driver:-
"අයියේ ඉස්සරහ ටයර් දෙක ගෙවිල ටයර් දෙකක් දාන්න වෙයි නේ"
හිමිකරු:-
"මේ ටිකේම දිව්වට කීයක්වත් ඉතුරු වෙලා නෑ බං ඊයේ ෆිනෑන්ස් එක දැම්මා. මේ සතිය කොහොම හරි ඇදල Dag tyre දෙකක්වත් දාගමු"
Driver:-
"බස් එකේ සද්ද බද්ද නම් ටිකක් වැඩියි Garaj එකකට දාල බැලුවොත් හොඳයි "
හිමිකරු:-
"ඕක මේ වෙලාවේ ගැලෙව්වොත් මොනව දාන්න වෙයිද දන්නෑ බං. අතේ සල්ලිත් නෑ Kingpin ටිකට ග්‍රීස් ටිකක් ගහගෙන මේ හයර් දෙක ඇදල වරෙන්"
අනුරාධපුරේ දවස් තුනක් හයර් එකක් ආවහම,👇
හිමිකරු:-
"මල්ලි මුං කියන ගණන් වලට යන්න බෑ බං. මේකට ගණන් කිව්වොත් අරුන්ට හයර් එක අනිවාර්යෙන් යනවා, තෙල් ගහලා උඹටයි ගෝලයටයි පඩි බැලුවම ඉතිරි වෙන්න දෙයක් නෑ බං "
Driver:-
"අරුන්ට යන්න දෙන්න එපා අයියේ ඕ හයර් එක කොහොම හරි අපි ගමු, ගෝලය ඕන නෑ මම ෂේප් එකේ ඇදලා එන්නම් දවස් තුනක්නේ. මැද දවසේ නිදාගන්න තියෙන්නේ"
හිමිකරු:- "එහෙනම් මල්ලි මම මේ ගානෙන් හයර් එක ගන්නවා උඹ තනියම පරිස්සමෙන් ඇදල වරෙන් දවස් තුනක් නේ මැද දවසේ rest එකක් ගන්නත් පුලුවන්නේ උඹට.,
"මේ නඩේගුරා මාමටයි හයර් එක හදන බස් අල්ලන කොල්ලටයි කියපන් පස්ස පොඩ්ඩක් බලල දෙන්න කියල"
(තව මේ වගේ කියන්න නම් දේවල් ගොඩක් තියෙනවා දැනට ඔය ඇති)
ඇත්තටම බස් හෙට්ටු කරල ගණන් අඩු කරල හයර් යන්න බස් කතා කරගත්තහම වෙන්නේ දුවන්න ඕන හැමෝම අඩුවට හයර් යන්න පෙලඹෙනවා.
හැබැයි උඩින් කිව්ව වගේ නඩත්තු කරල
බස් හරියට නිසි නඩත්තුවක තියන එක හිමිකරුගේ අතින් මගහැරෙනවා..
ඉතින් මේ හැමදේටම වැරදි හිමිකරුම නෙමෙයි driver ලම නෙමෙයි ..,
මතක තියාගන්න වරදෙන් කොටසක් පාරිභෝගික ඔබත් සතුයි 👉
ඒ නිසා ආයාචනයෙන් කියනව..,
අඩුවට හයර් යන්න බස් අතර තරඟයක් ඇතිකරල නඩත්තු නැති බස් බිහි කරන්න වක්‍රාකාරයෙන්වත් හවුල් වෙන්න එපා Plz 👏
හොඳම නඩත්තුව තියෙන බස් එකේ අපේ ට්‍රිප් එක යමු කියන තැනට එන්න ,
එතකොට රියදුරන්/ බස් හිමියනුත් / බස් රථත් ඒ තැනට එයි
එහෙම උනොත් ඔය වෙන බස් අනතුරු වලින් 80% අවම කරගන්න පුළුවන් වෙයි කියල මම විශ්වාස කරනව...,
Note :-
මේ වගේ අවස්ථාවක මේ වැනි අදහස් දැක්වීමක් සිදු කිරීම නිසා අපහසුතාවයට පත් වූවා නම් සමාවන්න 🙏
සිදුවූ අනතුර , බස් රථයේ අඩුපාඩු නිසාවත් රියදුරුගේ අඩුපාඩුවක් නිසාවත් බව හැඟවීමට කරන ලද ප්‍රකාශයක් නොවන බවත් කරුණාවෙන් සලකන්න..
👆ඉහත සෑම වචනයකම වගකීම දරමි,
-දිලාන් ලියනාරච්චි -
-කුවේණි-