මාතලේ විස්තරේ

මාතලේ විස්තරේ ජනතාවට වැදගත් සියලු තොරතුරු ලද සැනින් එසැනින් ගෙන ඒමට සූදානම් 👍👍

14/05/2024
උදාවූ සිංහල හින්දු අලුත් අවුරුද්ද ඔබටත් පවුලේ සැමටත් සාමය සතුට සෞභාග්‍යය සපිරි සුබ නව වසරක් වේවායි ප්‍රාර්ථනා කරමි...!
13/04/2024

උදාවූ සිංහල හින්දු අලුත් අවුරුද්ද ඔබටත් පවුලේ සැමටත් සාමය සතුට සෞභාග්‍යය සපිරි සුබ නව වසරක් වේවායි ප්‍රාර්ථනා කරමි...!

10/04/2024

මාතලේ බර්නාඩ් අලුවිහාරේ ක්‍රීඩාංගණය අද උදෑසන 7.30 වන විට පැවති තත්වය .. ඊයේ 2024.04.09 දින පැවති පාසල් ක්‍රීඩා උත්සවය අවසානයේ ක්‍රීඩාංගණය මේ තත්වයෙන් තබා ගොස් ඇත. පාසලේ දරුවන්ට මෙලෙස නම් උගන්වන්නේ රටේ අනාගතය කෙසේ වේවිද... මේවා සුද්ද පවිත්‍ර කරන්න නගර සභාවේ සේවකයින් යොදවන්න පුලුවන් . නමුත් එය එසේ කිරීම හරිද 🤔🤔
වගකිවයුත්තන් ගේ අවධානයට...

නම හැදුණේ මෙහෙමයි═══════════════දඹ යන සිංහල චවනයෙන් වන පලතුරු ගස් වර්ගයක් සේම පර්වත ද හඳුන්වා තිබෙනවා. උල් යන්නෙන් හදුන්...
29/03/2024

නම හැදුණේ මෙහෙමයි
═══════════════

දඹ යන සිංහල චවනයෙන් වන පලතුරු ගස් වර්ගයක් සේම පර්වත ද හඳුන්වා තිබෙනවා. උල් යන්නෙන් හදුන්වන්නේ ජලය යි. දඹ ඌල යනු පර්වයෙන් නැගෙන ජල උල්පත යි. දඹයෙන් වෑහෙන ඌල නිසා මේ විහාරය දඹුල්ල වූ බව යි කියැවෙන්නේ. විහාරයේ මහ රජ ලෙනේ ලෙන් වියනෙන් බිංදුව බිංදුව වෑස්සෙන දිය උල්පත කිසිදිනක නොසිදෙන බව ජන වීශ්වාසය යි. එය විහාරයේ නම ඇතිවීමට හේතු වී තිබෙනවා. එම දිය උල්පතේ ජලය එකතුවීමට විශාල මැටි භාජනයක් තබා තිබෙනවා. නමුත් මෙහි පුරාණ නාමය අච්ඡ පබ්බත (වලස්ගල) බව විහාරයේ ඇති සෙල්ලිපියක සඳහන් වෙනවා. දඹුල්ල යන නම භාවිතය පොළොන්නරු යුගය වන විට ආරම්භ වී තිබෙනවා.

පොළොන්නරුවේ කීර්ති ශ්‍රී නිශ්ශංකමල්ල රජුගේ සෙල්ලිපිවල මේ විහාරය හදුන්වන්නේ දම්බුලු යනුවෙන්.

වළගම්බා රජු ලෙන් කරවූ හැටි
══════════════

ජනප්‍රවාදයේ දැක්වෙන්නේ වළගම්බා රජු (ක්‍රි. පූ. 43-17) මේ විහාරය මුලින්ම කරවූ බව යි. දඩයමේ යද්දී ගීතා නමැති වැද්දකු විශාල ලෙනක් දැක ඒ ගැන රජ්ජුරුවන්ට කියා තිබෙනවා. රජු විහාරයකට සුදුසු ලෙනක් බව දැනගෙන තමන් රජවූ පසු ලෙන්වල කටාරම් කොටවා විහාර කර්මාන්ත කරවා තිබෙනවා. මහරජ විහාරය ද පස් පිළිම විහාරය ද දෙව්රජ විහාරය ද කරවූ රජු දෙව්රජ විහාරයේ පිරිනිවන් මංචකය දැක්වෙන පිළිමයට සුදුසු වඩුවෙක් නැති සොවින් සිටියේ ලු. එවිට සක්දෙව් රජ ගල්වඩුවකුගේ වේශයෙන් පැමිණ බුද්ධ පිරිනිවන් මංචකය දැක්වෙන පිළිමය කරවූ බව ජනප්‍රවාදය පවසනවා. ඒත් මහාවංශයේ වළගම්බා රජු මෙවැනි විහාරයක් කරවීම ගැන නම් ලියා නැහැ. රාජරත්නාකරය සහ විහාරය ගැන ඇති තල්පත් කීපයක වළගම්බා රජු ගැන සඳහන් වෙනවා. ඒත් ඒවා අයත් වන්නේ මහනුවර යුගයට යි. වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු 1721 දී ප්‍රදානය කර ඇති දඹුලු විහාර තුඩපතේ වළගම්බා සිද්ධිය මෙසේ දක්වා තිබනවා:

නැවත වන දුර්ග හා ගිරිදුර්ගාදියෙහි ප්‍රවෘත්ති ඇසූ තැනේ දී එහි වසන වැදි පුත්‍රයෙක් දඹුලුගල පර්වතයෙහි ගුහාවක් තිබෙන බව වළගම්බා නම් රජතුමාණන්ට සැලකළ තැනේ දී රජු සිව්රග සෙනග පිරිවරා ඒ ලෙන තිබෙන තැනට වැඩමවා වනාන්තරගතව තිබූ කැලේ එළිකරවා ගිරිලෙන කටාරම් කොටවා තාප්ප බිත්ති බැඳ…

ප්‍රතිසංස්කරණය
═══════════════

පොළොන්නරුවේ පළමුවන විජයබාහු (1055-1114) රජු ජරාවාසව තිබූ දඹුලු ලෙන අලුත්වැඩියා කරවා නඩත්තුව සදහා ගම්වර පිදූ බව මහාවංශය දක්වනවා. නිශ්ශංකමල්ල රජු (1187-1196) කාලයේ නැවතත් අබලන්ව පැවති විහාරය ප්‍රතිසංස්කරණය කරවා පිළිමවල රන් ආලේප කළ බව ඒ රජුගේ දඹුලු විහාර සෙල්ලිපියේ සදහන් වෙනවා. එම සෙල්ලිපිය දඹුල්ලේ ඇති දිගම සෙල්ලිපිය යි. දැනට විහාර වාහල්කඩට දකුණින් ඇති ලෙන අසල පර්වතයේ එය කොටා තිබෙනවා. රජු දඹුලු විහාරයෙහි සැතපෙන, වැඩහිඳින, හිඳි පිළිම රන් ආලේප කර හත් ලක්ෂයක් කහවනු වියදම් කොට පූජා පවත්වා විහාරයට “ස්වර්ණගිරි ගුහායැ” යි නම් තැබූ බව සෙල්ලිපිය පවසනවා. දඹදෙනි යුගයේ ලියවුණු පූජාවලියේ ද මේ රජු දඹුලු විහාරය ප්‍රතිසංස්කරණය කළ අන්දම විස්තර කරනවා

දඹුලු විහාර තුඩපතට අනුව විමලධර්මසූරිය රජු (1592-1604) දඹුලු විහාර ප්‍රතිසංස්කරණය ආරම්භ කළත් එය නිමකිරීමට ඔහුට අවස්ථාව ලැබී නැහැ. ඊට පසු රජවන සෙනරත් (1604-1635) එම ප්‍රතිසංස්කරණ නිමකර තිබෙනවා. සෙනරත් රජු මේල්පිටියේ අබේසිංහ මුදියන්සේට විහාර ප්‍රතිසංස්කරණ කටයුතු පවරා තිබෙනවා. ඒ සදහා වසර තුනක් ගතවූ බවත් බුද්ධ ප්‍රතිමා 63ක් පිළිසකර කළ බවත් තුඩපත පවසනවා. පොතුහැර තුඩපතේ කීර්ති ශ්‍රී රාජසිංහ රජු විහාර ප්‍රතිසංස්කරණය කිරීම ගැන විස්තර කරනවා. දෙව්රජ විහාරය, මහජර විහාරය, හා පශ්චිම විහාරය ප්‍රතිසංස්කරණය කළ රජු ඒ විහාර අතර තිබූ ගල්ලෙනක් සුද්ද කරවා නව විහාර ගෙයක් තනවා තිබෙනවා. එය දැන් හඳුන්වන්නේ මහ අලුත් විහාරය නමින්. හැබැයි මේ ප්‍රතිසංස්කරණ කටයුතු මහාවංශ කර්තෘට අමතකවීම පුදුමයට කරුණක් බව මහාචාර්ය මංගල ඉලංගසිංහ සදහන් කරනවා.

ලෙන් විහාර පහක බුදු පිළිම 153ක්
══════════════

මෙහි පර්වතය දිගට ලෙන් විහාර පහක් තනා තිබෙනවා. ඒවා පිළිවෙලින් දෙව්රජ විහාරය, මහරජ විහාරය, මහ අලුත් විහාරය, පශ්චිම විහාරය, සහ දෙවන අලුත් විහාරය නමින් තමයි හඳුන්වන්නේ. මේ අතරින් දෙවැනි අලුත් විහාරය 18 වැනි සියවසේ දී දුල්ලෑවේ අදිකාරම විසින් කරවා තිබෙනවා. අද අපි දකින දඹුල්ල සියවස් ගණනාවක් තිස්සේ සංවර්ධනය වෙමින් ආ විහාරයක් බව ඉන් පැහැදිලි වෙනවා.

ලෙන් විහාර හැම එකක්ම හිදි පිළිම, හිටි පිළිම, සහ සැතපෙන පිළිමවලින් පිරිලා. විවිධ මුද්‍රා සහිත බුද්ධ ප්‍රතිමා ප්‍රමාණය 153ක්. ඒ හැරුණම වළගම්බා, කීර්ති නිශ්ශංකමල්ල, කීර්ති ශ්‍රී රාජසිංහ යන රජවරුන්ගේ පිළිමත්, උපුල්වන්, තාරා දෙවගන, නාථ සහ විෂ්ණු යන දේවරූප හතරත් දැකගැනීමට ලැබෙනවා. ලී, මැටි, ගඩොල් සහ කළුගල් යන විවිධ ආකාරයේ මාධ්‍ය ප්‍රතිමා තැනීමට එදා නිර්මාණ ශිල්පියා යොදාගෙන තිබෙනවා. බහුලවම ඇත්තේ මැටියෙන් තනා බදාම ආලේප කළ පිළිම යි. දෙව්රජ විහාරයේ ආවරණය කර ඇති කොටසක තැන්පත් කර ඇති විෂ්ණු ප්‍රතිමාව රත්හඳුන් ලීයෙන් කළ එකක් බව යි කියැවෙන්නේ.

බිතුසිතුවම් කලාගාරයක්
═══════════════

ලංකාවේ විශාලම බිතුසිතුවම් පන්තිය දැකගත හැක්කේ දඹුලු විහාරයේ දී යි. එය වර්ග අඩි 20000ක් පුරා පැතිර තිබෙනවා. වැඩිම සිතුවම් ප්‍රමාණයක් ඇද ඇත්තේ ලෙන් වියනේ. මේ සිතුවම් සියල්ලම අයත් වන්නේ මහනුවර යුගයට යි. බුදුන් වහන්සේගේ පෙර ආත්මභවයන්ට සම්බන්ධ ජාතක කතා, බුද්ධ චරිතයේ විවිධ අවස්ථා, දේව රූප, හා විවිධ ජ්‍යාමිතික මෝස්තර මේවායේ දැකගත හැකියි. මහරජ ලෙන සහ අලුත් විහාරයේ 18 වැනි සියවසට අයත් වැඩිම සිතුවම් ප්‍රමාණයක් තිබෙනවා. දඹුල්ලේ සිත්තම් ඇද තිබෙන්නේ නිලගම පරම්පරාවේ සිත්තරු විසින්. ඒ බව නිලගම තුඩපතේ ද දැක්වෙනවා.

සංඝාවාස හතරක්
═══════════════

රංගිරි දඹුලු විහාරයට අනුබද්ධ භික්ෂුන් වහන්සේ වැඩ වාසය කරන ප්‍රධාන ආරාම හතරක් තිබෙනවා. ඒවා නම් මැද පන්සල, ඉහළ පන්සල, උයන්වත්ත පන්සල අංක 1, සහ උයන්වත්ත පන්සල අංක 2 යි. රංගිරි දඹුලු රජ මහා විහාරයේ සියලු ආගමික කටයුතු සහ තේවා පුද පූජාවන් ඉටුකරන්නේ ඒ පන්සල්වල භික්ෂූන්වහන්සේ විසින්.

මාතලේ කැරැල්ලට පන්සලෙන් පළි ගැනීම
═══════════════

ඉංග්‍රීසි පාලනයට එරෙහිව සිංහලයන් අවි අතට ගත් මාතලේ කැරැල්ලේ මූලස්ථානයක් වූයේ දඹුලු විහාරය යි. මෙහි භික්ෂූන්වහන්සේලා දිවි හිමියෙන් ඉංග්‍රීසින්ට එරෙහිව ජනතාව එක්රැස් කරවා තිබෙනවා. කැරැලිකරුවන්ට රැකවරණය දුන් ඔවුන්ට උපදෙස් දුන් ස්ථානයක් වූයේ ද දඹුලු පන්සල යි. 1848 ජූලි 30 දා ගොන්ගාලෙගොඩ බණ්ඩා දඹුලු විහාරයේ මැද මළුවේ දී සිංහලේ රජු වශයෙන් අභිෂේක කොට තිබෙනවා. මෙම ඔටුනු පැළදීමේ උත්සවයට ලක්ෂයක පමණ ජනතාවක් සහභාගි වූ බව පැවසෙනවා. මේ සදහා දඹුලු විහාරයේ නායක හිමියන් වූ ගිරානෙගෙම ඉන්දජෝති හිමියන් මූලිකත්වය ගෙන තිබෙනවා. කඩහපොළ හාමුදුරුවෝ සහ තවත් භික්ෂූන් කිහිප නමක් ඒ සඳහා සහයෝගය දක්වා තිබෙනවා.

මාතලේ කැරැල්ල පරාජය වූ පසුව විහාරයට දඬුවම් කිරීමට ඉංග්‍රීසින් ක්‍රියා කළා. ඔවුන් මුලින්ම කළේ දඹුලු විහාරය කොල්ල කා සංඝාවාස ගිනිබත් කිරීම යි. දඹුල්ලෙන් අල්ලාගත් දේපලවල වටිනාකම පවුම් 2241ක් බව වාර්තාවල දැක්වෙනවා. භික්ෂූන්වහන්සේ ද අත්අඩංගුවට ගත් අතර කඩහපොළ හාමුදුරුවන්ට වෙඩි තබා මරා දැම්මා. ගොංගාලෙගොඩ බණ්ඩා ඇතුළු කැරලි නායකයන් ද මරා දමනවා. දඹුලු විහාරය සතු සියලු අයිතිවාසිකම් අහෝසි කොට ඒ අවස්ථාවේ ඉංග්‍රීසින්ට හිතවත්ව සිටි අස්ගිරි විහාරයට ඒවා පවරා දී තිබෙනවා. එදා තාවකාලිකව පවරා දෙන බව තමයි ඉංග්‍රීසින් සඳහන් කර ඇත්තේ. ඒත් අද දක්වාත් ඒ පැවරීම අස්ගිරියටම අයිති ලෙස තබාගෙන සිටිනවා. ඒකිරීමේ අයිතිය ඇත්තේ අස්ගිරි විහාරයට යි.

දඹුල්ලෙ අපි නොදකින ලෙන් හා ලෙන් ලිපි
════════════

අපි වන්දනාමාන කරන ලෙන් විහාරවලට අමතරව දඹුලු ගලේ බෑවුම්වල හැංගුණු තවත් ලෙන් රාශියක් තිබෙනවා. පුරාණයේ භික්ෂූන්වහන්සේ වාසය කළ කටාරම් කෙටූ ඒ ලෙන් දැන් වනයට යටවෙලා. ඒ සමහර ලෙන්වල සෙල්ලිපි ද තිබෙනවා. ප්‍රධාන පර්වතයට බටහිර ප්‍රදේශයේ ලෙන් රාශියක් තිබෙන අතර ගලේ නැගෙනහිර පැත්තේ ද එක් ලෙනක් හමුවී තිබෙනවා. මුලින්ම දඹුල්ල පැවත ඇත්තේ මිහින්තලේ මෙන් ලෙන්වල විශාල භික්ෂු සංඛ්‍යාවක් වාසය කළ වනගත සෙනසුනක් ආකාරයෙන් බව ඒ අනුව හෙළි වී තිබෙනවා.

දඹුලු ගලේ ලෙන්වලින් සොයාගෙන ඇති සෙල්ලිපි සංඛ්‍යාව 35ක්. මේ ලිපි බුදුදහම මෙරටට ලැබුණු කාලයට සමීප කාලයකට අයත් බ්‍රාහ්මී ලෙන් ලිපි. මේ ලිපිවලින් කියැවෙන්නේ දායිකාවක හෝ දායකයෙක් විසින් ලෙන කරවා සිව්දිගින් පැමිණි නොපැමිණි භික්ෂු සංඝයාට පූජා කිරීමක් ගැන යි. මේ ලිපි තුනක රජවරු ගැන දැක්වෙනවා. ලිපි දෙකක මහරජ වචනය කොටා තිබෙනවා. දෙවන පිය ගමණි තිස නම් රජකෙනකු ගැන එක් ලිපියක සඳහන්. පරණවිතාන සඳහන් කරන්නේ එහි කියැවෙන්නේ ක්‍රි. පූ. 137-119 දක්වා රජකම් කළ දේවානම්පියතිස්ස රජුගේ සොයුරු සද්ධාතිස්ස රජු බව යි. එත් ඒ සදහා සාධක කිසිවක් පරණවිතාන ඉදිරිපත් කර නැහැ. ගමණි අබය නම් රජකෙනකු ගැනත් මෙහි සෙල්ලිපිවල සඳහන්. ඒ රජු වට්ඨගාමිණි හෙවත් වලගම්බා රජුවීමට ඉඩ ඇති බව මංගල ඉලංගසිංහ සඳහන් කරනවා. මෙහි සදහන් අනෙක් ලිපිය පුටකණ නම් රජෙක් දඹුල්ලේ පඩිපෙළක් ඉදිකිරීම ගැනයි. ඒ රජු කූටකණ්නාභය (ක්‍රි. පූ. 16-18) බව මහාචාර්ය සෙනරත් පරණවිතාන පෙන්වා දී තිබෙනවා. මෙහි සෙල්ලිපියක සදහන් අනෙක් මහ රජු වන්නේ අපි මීට පෙර කතා කළ නිශ්ශංකමල්ල යි.

දඹුල්ලේ ලෙන් පූජා කළ අය අතර පරුමකවරු හෙවත් ප්‍රාදේශීය ප්‍රධානින් (තිස්ස, බ්‍රාහ්මණතිස්ස, සුමන,සෝණ, ඵුස්සදේව, චුඩ) ගෘහපතිවරුන්, වාරිමාර්ග නිලධාරියෙක්, ගම් ප්‍රධානින් ද සිටිනවා. ඒ වගේම භික්ෂූන්වහන්සේ ද ලෙන් කරවා පූජා කර තිබෙනවා.

Copied @ Dambulla Cave Temple

19/03/2024



ඔබත් පැමිණෙන්න......👍👍👍
01/03/2024

ඔබත් පැමිණෙන්න......👍👍👍

ගමටම මල්වර මගුලක් කියලාදෙවනත් වෙන්නට ගම සිංදුත් දාලා දියණිය ප්‍රදර්ශණයට එළියෙන් තියලාමව් පියෝ ගනී මගුලක් වියදම් කරලාහැඩ ...
03/02/2024

ගමටම මල්වර මගුලක් කියලා
දෙවනත් වෙන්නට ගම සිංදුත් දාලා
දියණිය ප්‍රදර්ශණයට එළියෙන් තියලා
මව් පියෝ ගනී මගුලක් වියදම් කරලා

හැඩ කර එක එක ඇදුමෙන් ඈ සරසාලා
පාට ගාලා පුංචි මූණ කැත කරලා
එන හැමට උදේ ඉදන් රෑ වෙනකම් වැදලා
පුංචි එකී ඇත හෙම්බත්වීලා

බීමත් වෙලා සමහරු ඇය අත ගාතී
පුංචි එකී හට ඒ ගැන වැටහුමක් නැතී
මව් පියන්ට ඈ සොයනට වේලාවක් නැතී
ලැබෙනා ලියුම් කවර විතරක් උන් බලතී

දියණිය මැණිකකි හංගා රැකිය යුතු වටිනා
ඇගේ මල්වර නැකත කුමට ලොවටම කියනා
සිරිත් විරිත් රහසේ ගේ තුල ඉටු කරනා
මව්පියෝ උතුම් යැයි මට නිකමට හිතුනා ...කතාව ඇත්ත කියල හිතෙනවනම් ශෙයාර් කරගෙනම යන්න.❤️

උපුටා ගැනීමකි

30/01/2024

සම්පූර්ණයෙන් ම නොමිලේ 💃💃🕺🕺සන්ෆ්ලවර්ස් සංගීතයෙන් හැඩවෙන 💃"විදුසර"🕺 මහා සංගීත ප්‍රසංගය පෙබරවාරි 03 සෙනසුරාදා මාතලේ විජය විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී රැය පහන් වෙනතුරු ඔබව රසගන්වයි....💃💃🕺🕺

සංවිධානය විජය විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය...👍👍👍👍

මාතලේ විජය විද්‍යාලීය ආදිශිෂ්‍ය සංගමයන්  මාතලේ කොල්ලෝ කෙල්ලන්ට නොමිලේ විනෝද වෙන්න දෙන හොදම අවස්ථාව ක්..👍👍👍👍👍එන්න ප්‍රීති...
21/01/2024

මාතලේ විජය විද්‍යාලීය ආදිශිෂ්‍ය සංගමයන් මාතලේ කොල්ලෝ කෙල්ලන්ට නොමිලේ විනෝද වෙන්න දෙන හොදම අවස්ථාව ක්..👍👍👍👍👍
එන්න ප්‍රීති වන්න සැවොම දැන් ඉතිං 💃💃💃💃💃💃💃🕺🕺🕺🕺🕺🕺🕺🕺

මාතලේ ප්‍රාදේශීය විගමනික කමිටුව මගින් 2024 වර්ශය ආරම්භ කරමින් විදෙස් ගත ශ්‍රී ලාංකිකයින් සහ ඔවුන්ගේ පවුල් වල අය වෙනුවෙන්...
19/01/2024

මාතලේ ප්‍රාදේශීය විගමනික කමිටුව මගින් 2024 වර්ශය ආරම්භ කරමින් විදෙස් ගත ශ්‍රී ලාංකිකයින් සහ ඔවුන්ගේ පවුල් වල අය වෙනුවෙන් සෙත් පතා සිදුකරන්නට යෙදුනු පළමු ආගමික වැඩ සටහන අද දිනයේ මඩවලඋල්පත රජ්ජම්මන විහාරස්ථානයේ විහාරාධිපති ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් විදෙස් ගත පවුල් වල අයගේ සහභාගිත්වයෙන් හා ගම්වාසීන්ගේ සහයෝගයෙන් පැවැත්විණි.. ඊට සමගාමීව දේශීය ආයුර්වේද ප්‍රතිකාර නොමිලේ ලබාදීමේ වැඩසටහනක්ද තැන්න රජයේ ආයුර්වේද රෝහලේ වෛද්‍ය තුමියගේ සහ අදාල නිළධාරීන්ගේ සහභාගිත්වයෙන් සිදු කෙරිණි . මෙම අවස්ථාව සදහා මාතලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ විගමනික කමිටුවේ සභාපති මේනක ගුණසේකර මහතා , මොරගහමඩ විගමනික කමිටුවේ සභාපති වසන්ත මහතා, ලේකම් ඩයනා මහත්මිය, එමෙන්ම මාතලේ විදේශ කටයුතු නිලධාරී අසේල මහතා, රේණුකා මහත්මිය සහභාගී විය .

👍👍👍👍💪💪💪💪💪🌷🌷🌷
16/09/2023

👍👍👍👍💪💪💪💪💪🌷🌷🌷

Address

Matale

Website

Alerts

Be the first to know and let us send you an email when මාතලේ විස්තරේ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to මාතලේ විස්තරේ:

Share