The Media Unit of Vijaya college Matale

The Media Unit of Vijaya college Matale ᴇxᴘʟᴏʀɪɴɢ ᴛʜᴇ ᴘᴏᴡᴇʀ ᴏꜰ ꜱᴛᴏʀʏᴛᴇʟʟɪɴɢ🎥
-----------------------------------
🇱🇰 | 🇹🇩

Congratulations Vijayans 🥹🇹🇩කොළඹ තරුණ බෞද්ධ සංගමයේ සාහිත්‍ය අනුකමිටුව මඟින් සංවිධානය කරන ලද පද්‍ය රචනා තරගාවලියේ සමස්ත ල...
28/08/2026

Congratulations Vijayans 🥹🇹🇩

කොළඹ තරුණ බෞද්ධ සංගමයේ සාහිත්‍ය අනුකමිටුව මඟින් සංවිධානය කරන ලද පද්‍ය රචනා තරගාවලියේ සමස්ත ලංකා තරගාවලියෙන් විශිෂ්ට දස්කම් දක්වමින් සමස්ත ලංකා 4වන ස්ථානය හිමිකරගැනීම වෙනුවෙන් විජය විද්‍යාලයේ P.G.P.W. සේනාරත්න සොහොයුරියට අපගේ උණුසුම් සුබ පැතුම්! 🏅❤️

මෙම විශිෂ්ට ජයග්‍රහණය සඳහා සොහොයුරියටත් ඒ සඳහා මඟපෙන්වමින් හා කැපවෙමින් සහය වූ විජය විද්‍යාලයීය සිංහල අංශයටත් අපගේ හෘදයාංගම ස්තූතිය හා උණුසුම් සුබ පැතුම්! 💐❤️

-𝗧𝗵𝗲 𝗠𝗲𝗱𝗶𝗮 𝗨𝗻𝗶𝘁 𝗼𝗳 𝗩𝗶𝗷𝗮𝘆𝗮 𝗖𝗼𝗹𝗹𝗲𝗴𝗲 🇹🇩-








පින්බර නිකිණි පොහොය දිනයක් වේවා...! 🤍🙏⚜️ නිකිණි පොහොය දිනය ශ්‍රී ලාංකේය බෞද්ධයන්ට ඉතා වැදගත් වූ පුණ්‍යමය දිනයකි.⚜️ බුදුර...
26/08/2026

පින්බර නිකිණි පොහොය දිනයක් වේවා...! 🤍🙏

⚜️ නිකිණි පොහොය දිනය ශ්‍රී ලාංකේය බෞද්ධයන්ට ඉතා වැදගත් වූ පුණ්‍යමය දිනයකි.

⚜️ බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ධර්ම සංගායනාව රාජගෘහ නුවර සප්තපර්ණී ගුහා පරිශ්‍රයේදී පැවැත්වීම නිකිණි පොහොය හා සම්බන්ධ සුවිශේෂී ඓතිහාසික සිදුවීමකි.

⚜️ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ එම ධර්ම සංගායනාව මගින් බුදුරජාණන් වහන්සේ දේශනා කළ ශ්‍රී සද්ධර්මය අනාගත පරපුර වෙත නිවැරදිව සුරැකීමට මඟ පෑදුණි.

⚜️ එමෙන්ම නිකිණි පොහොය දිනය උපෝසථ සීලය සමාදන් වී සිත පිරිසිදු කරගනිමින්, ධර්මයෙහි හැසිරීමටත්, යහපත් ගුණධර්ම වර්ධනය කරගැනීමටත් අපට සිහිපත් කරයි.

⚜️ කරුණාව, මෛත්‍රිය, ඉවසීම සහ ප්‍රඥාවෙන් පිරි ජීවිතයක් ගත කිරීමට අදිටන් කරගනිමු.

-𝐓𝐡𝐞 𝐌𝐞𝐝𝐢𝐚 𝐔𝐧𝐢𝐭 𝐎𝐟 𝐕𝐢𝐣𝐚𝐲𝐚 𝐂𝐨𝐥𝐥𝐞𝐠𝐞-






Congratulations Vijayans 🥹🇹🇩විද්‍යාලීය සිංහල අංශයට සමස්ත ලංකා වරම් රැසක් හිමිකර දෙමින්, 2026 වර්ෂය සඳහා කොළඹ තරුණ බෞද්ධ ...
25/08/2026

Congratulations Vijayans 🥹🇹🇩

විද්‍යාලීය සිංහල අංශයට සමස්ත ලංකා වරම් රැසක් හිමිකර දෙමින්, 2026 වර්ෂය සඳහා කොළඹ තරුණ බෞද්ධ සංගමයේ සාහිත්‍ය අනුකමිටුව මඟින් සංවිධානය කරන ලද ගද්‍ය, පද්‍ය ගායනා හා කථික තරගාවලියේ මාතලේ දිස්ත්‍රික් තරගාවලියේදී විශිෂ්ට ජයග්‍රහණ රැසක් වාර්තා කළ අප විද්‍යාලයේ දූ දරුවන්ට අපගේ උණුසුම් සුබ පැතුම්! 💐🏆

ගද්‍ය පද්‍ය ගායනා – කණිෂ්ඨ අංශය
🥇 M.I. වීරසූරිය – ප්‍රථම ස්ථානය
🥈 M.R. සනා – දෙවන ස්ථානය
🥉 H.H.V.S. විජේනායක – තෙවන ස්ථානය

ගද්‍ය පද්‍ය ගායනා – ජ්‍යෙෂ්ඨ අංශය
🥇 D.D.M.H.S. ධීරසිංහ – ප්‍රථම ස්ථානය
🥈 R.G.D.C. හතුරුසිංහ – දෙවන ස්ථානය
🥉 O.I. තෙඹුලන්දගේ – තෙවන ස්ථානය

කථික – කණිෂ්ඨ අංශය
🥉 K.G.G.D.P. පොන්සේකා – තෙවන ස්ථානය

මෙම විශිෂ්ට ජයග්‍රහණයන් සඳහා කැපවූ විද්‍යාලීය සිංහල අංශයටත්, දූ දරුවන්ටත් අපගේ හෘදයාංගම ස්තූතිය හා උණුසුම් සුබ පැතුම්! 💐❤️

සමස්ත ලංකා වේදිකාවේදීත් විජය ධජය ඉහළින්ම ඔසවමින් තවත් විශිෂ්ට ජයග්‍රහණ රැසක් අත්කර ගැනීමට හැකි වේවා! 🏆🔥

– 𝗧𝗵𝗲 𝗠𝗲𝗱𝗶𝗮 𝗨𝗻𝗶𝘁 𝗼𝗳 𝗩𝗶𝗷𝗮𝘆𝗮 𝗖𝗼𝗹𝗹𝗲𝗴𝗲 🇹🇩 –








Congratulations Vijayans 🥹🇹🇩2026 වර්ෂය සඳහා පැවැත්වෙන වයස අවුරුදු 15න් පහළ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ (Division II)...
21/08/2026

Congratulations Vijayans 🥹🇹🇩

2026 වර්ෂය සඳහා පැවැත්වෙන වයස අවුරුදු 15න් පහළ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ (Division II), කොළඹ සහිරා ජාතික පාසල හා විජය විද්‍යාලය අතර පැවති අර්ධ අවසන් පූර්ව වටයේ තරගයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කරමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීම වෙනුවෙන් විජය විද්‍යාලීය වයස අවුරුදු 15න් පහළ ක්‍රිකට් කණ්ඩායමට අපගේ උණුසුම් සුබ පැතුම්! 🏆️❤️

මෙම විශිෂ්ට ජයග්‍රහණය සඳහා කැපවීමෙන් කණ්ඩායම මෙහෙයවූ පුහුණුකරුතුමාටත්, විජය විද්‍යාලීය වයස අවුරුදු 15න් පහළ ක්‍රිකට් කණ්ඩායම භාර රසික විජේසිරි මහතාටත් අපගේ හෘදයාංගම ස්තූතිය හා උණුසුම් සුබ පැතුම්! 💐❤️

-𝗧𝗵𝗲 𝗠𝗲𝗱𝗶𝗮 𝗨𝗻𝗶𝘁 𝗼𝗳 𝗩𝗶𝗷𝗮𝘆𝗮 𝗖𝗼𝗹𝗹𝗲𝗴𝗲 🇹🇩-








Congratulations Vijayans 🥹🇹🇩මධ්‍යම පළාත් නව නිපැයුම් තරඟාවලියේ සිය ගණනක් නිර්මාණ අතරින් G.S. රූපස්සර සොහොයුරා ඉදිරිපත් ක...
13/08/2026

Congratulations Vijayans 🥹🇹🇩

මධ්‍යම පළාත් නව නිපැයුම් තරඟාවලියේ සිය ගණනක් නිර්මාණ අතරින් G.S. රූපස්සර සොහොයුරා ඉදිරිපත් කළ AI Voice Assistant නිර්මාණය එම අංශයේ ප්‍රථම ස්ථානය දිනාගනිමින්, BMICH හිදී පැවැත්වෙන සමස්ත ලංකා නව නිපැයුම් හා රොබෝ තාක්ෂණ තරඟාවලිය සඳහා සුදුසුකම් ලැබීම වෙනුවෙන් අපගේ උණුසුම් සුබ පැතුම්! 🏆️♥️

එම විශිෂ්ට ජයග්‍රහණය සඳහා මඟපෙන්වූ විජය විද්‍යාලයීය රොබෝ තාක්ෂණ සංගමයේ භාර ප්‍රසන්න ගුරුමහතාටත්, අපගේ හෘදයාංගම ස්තූතිය හා සුබ පැතුම්! 💐♥️

-𝗧𝗵𝗲 𝗠𝗲𝗱𝗶𝗮 𝗨𝗻𝗶𝘁 𝗼𝗳 𝗩𝗶𝗷𝗮𝘆𝗮 𝗖𝗼𝗹𝗹𝗲𝗴𝗲 🇹🇩-








𝐀𝐥𝐥 𝐓𝐡𝐞 𝐁𝐞𝐬𝐭, 𝐕𝐢𝐣𝐚𝐲𝐚𝐧𝐬! 🥹🇹🇩The moment you’ve been preparing for is finally here! To all our G.C.E. Advanced Level studen...
09/08/2026

𝐀𝐥𝐥 𝐓𝐡𝐞 𝐁𝐞𝐬𝐭, 𝐕𝐢𝐣𝐚𝐲𝐚𝐧𝐬! 🥹🇹🇩

The moment you’ve been preparing for is finally here!

To all our G.C.E. Advanced Level students 🎓📝, your dedication, countless hours of studying, sacrifices, and determination have brought you this far.

As you step into the examination hall, leave your worries behind and believe in yourself. Face every question with confidence, stay calm, and give it your very best!

Your hard work will never go to waste.
Believe. Focus. Achieve. 🏆🔥

Wishing all our Vijayans the very best of luck for the G.C.E. Advanced Level Examination!

Go and make us proud!

— 𝐓𝐡𝐞 𝐌𝐞𝐝𝐢𝐚 𝐔𝐧𝐢𝐭 𝐎𝐟 𝐕𝐢𝐣𝐚𝐲𝐚 𝐂𝐨𝐥𝐥𝐞𝐠𝐞 🇹🇩—






𝐀𝐥𝐥 𝐓𝐡𝐞 𝐁𝐞𝐬𝐭 𝐕𝐢𝐣𝐚𝐲𝐚𝐧𝐬....🥹🇹🇩The big day is almost here!  To our wonderful Grade 5 students , all your hard work , dedica...
08/08/2026

𝐀𝐥𝐥 𝐓𝐡𝐞 𝐁𝐞𝐬𝐭 𝐕𝐢𝐣𝐚𝐲𝐚𝐧𝐬....🥹🇹🇩

The big day is almost here! To our wonderful Grade 5 students , all your hard work , dedication , and late-night studies have brought you to this special moment.

Trust in yourselves just as much as we believe in you! Walk into the exam hall with confidence , courage , and a big smile .

Wishing our little Vijayans the absolute best of luck for the Grade 5 Scholarship Examination! 🎓🏆

Believe in yourself.
Do your best.
Make us proud!

- 𝐓𝐡𝐞 𝐌𝐞𝐝𝐢𝐚 𝐔𝐧𝐢𝐭 𝐎𝐟 𝐕𝐢𝐣𝐚𝐲𝐚 𝐂𝐨𝐥𝐥𝐞𝐠𝐞 - 🇹🇩






The highly successful welcoming ceremony for new students entering the Advanced Level streams for the 2028 batch.🥹🇷🇴-𝗧𝗵𝗲...
01/08/2026

The highly successful welcoming ceremony for new students entering the Advanced Level streams for the 2028 batch.🥹🇷🇴

-𝗧𝗵𝗲 𝗠𝗲𝗱𝗶𝗮 𝗨𝗻𝗶𝘁 𝗼𝗳 𝗩𝗶𝗷𝗮𝘆𝗮 𝗖𝗼𝗹𝗹𝗲𝗴𝗲 🇷🇴-




පින්බ‍ර ඇසළ පොහොය දිනයක් වේවා...!🤍🙏 -𝐓𝐡𝐞 𝐌𝐞𝐝𝐢𝐚 𝐔𝐧𝐢𝐭 𝐎𝐟 𝐕𝐢𝐣𝐚𝐲𝐚 𝐂𝐨𝐥𝐥𝐞𝐠𝐞-
29/07/2026

පින්බ‍ර ඇසළ පොහොය දිනයක් වේවා...!🤍🙏

-𝐓𝐡𝐞 𝐌𝐞𝐝𝐢𝐚 𝐔𝐧𝐢𝐭 𝐎𝐟 𝐕𝐢𝐣𝐚𝐲𝐚 𝐂𝐨𝐥𝐥𝐞𝐠𝐞-






𝐂𝐨𝐧𝐠𝐫𝐚𝐭𝐮𝐥𝐚𝐭𝐢𝐨𝐧'𝐬 𝐕𝐢𝐣𝐚𝐲𝐚𝐧𝐬..🥹🇹🇩..................................................*මධ්‍යම පළාත් පාසල් සංගීත තරගාවලියේ දී* ...
27/07/2026

𝐂𝐨𝐧𝐠𝐫𝐚𝐭𝐮𝐥𝐚𝐭𝐢𝐨𝐧'𝐬 𝐕𝐢𝐣𝐚𝐲𝐚𝐧𝐬..🥹🇹🇩..................................................

*මධ්‍යම පළාත් පාසල් සංගීත තරගාවලියේ දී* ,
⚜️ඒකල රාගධාරී බටනළා වාදනය - ප්‍රථම ස්ථානය
⚜️රාගධාරී සමුහ ගායනා - දෙවන ස්ථානය
⚜️ඒකල තබ්ලා වාදනය - තෙවන ස්ථානය
යන ස්ථාන ජයග්‍රහනය කළ අප විද්‍යාලයීය සංගීත අංශයේ සොයුර සොයුරියන්ට හා ඒ සදහා ඇප කැප වූ ගුරු මහත්මීන්ටත් අපගේ උණුසුම් සුබ පැතුම්...!!






Address

Vijaya College Matale
Matale
21000

Website

Alerts

Be the first to know and let us send you an email when The Media Unit of Vijaya college Matale posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category