Indika aruna kumara

Indika aruna kumara journalist - sirasa tv/lankadeepa/dinamina / rangiri/hiru fm/ neth fm

2026-08-04 ලංකාදීප පුවත්පත
04/08/2026

2026-08-04 ලංකාදීප පුවත්පත

දෝණි ❤️ ශ්‍රී  ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට තේරී ඇත.සුබ පැතුම් මගේ පුතේ ❤️❤️❤️❤️
03/08/2026

දෝණි ❤️ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට තේරී ඇත.
සුබ පැතුම් මගේ පුතේ ❤️❤️❤️❤️

බැදපු කුකුල් මස් !පසුගිය දිනෙක (07) කුරුණැගල බස් නැවතුම ආසන්නයේ හෝටලයකට ගොඩවුනේ තේ එකක් බොන්නටය. යාබද මේසයේ වැඩිවියෝ යුව...
14/07/2026

බැදපු කුකුල් මස් !

පසුගිය දිනෙක (07) කුරුණැගල බස් නැවතුම ආසන්නයේ හෝටලයකට ගොඩවුනේ තේ එකක් බොන්නටය. යාබද මේසයේ වැඩිවියෝ යුවලකි. ඔවුන් දෙදෙනාට ඉදිරියෙන් තරුණ ගැටයෙකි.
වේටර් ඔවුන්ගේ මේසය මත කෑම තබා තිබේ. කුකුල් මස් කැලි තුනක්,ඉදිආප්ප සහ පාන් පරිප්පු වගේ දේවල් තිබේ.
වැඩිහිටි ජෝඩුව ඉදිආප්ප බෙදාගෙන ඔවුන්ගේ දරුවාටද කන්න කියනු මට ඇසේ. මූහුණ ඇඹුල් කරගෙන සිටින ඔහු හෝටලයේ සෙසු අයටද ඇසෙන පරිදි මේ පෙලට (දෙමව්පියන්ට) කෑගසයි. ‘ මට බැදපු කුකල් මස් කෑල්ලක් නැත්නම් කන්නනේ නැ මම කන්නේ නැ මම කන්නෙම නැ‘ තොරතොන්චියක් නොමැතිව කෑ ගසන මේ තරුණයාදෙස බලා සිටින ඔහුගේ අම්මා විය හැකි යැයි සිතෙන කාන්තාව සිය සැමියාට හිමිහිට යමක් කියනු යාබද මේසයේ සිටින මට ඇසෙයි. ඔන්න ඔහේ කොල්ලට කුකුල් මස් කෑල්ලක් අරන් දෙනවා.
ඇය සිය පිගානට ඉදිආප්ප 10 - 15 ක් පමණ බෙදාගෙන ඇත. සිය සැමියාටද ඉදි ආප්ප 10 ක් පමණ පිගානට දමා ඇය සිය ඉදිආප්ප කෑම අරඹා ඇත.
තරුණ ගැටයා පුටුවේ එහෙට මෙහෙට ඇඹරෙමින් බැදපු කුකල් මස් ඉල්ලා දක්වන විරෝධය එසේමය. කඩයේ වේටර් පැමිණ මේ ළමයා ඉල්ලන්නේ මොනවද ?
‘ මේ බැදපු කුකුල් මස් කකෑල්ලක් කීයද ? 240 ක් වෙනවා.
සුළු වේලාවකින් මේසය මතට බදින ලද කුකුල් මස් කෑෑලි 04 ක් ලැබිනි.
‘ පුතේ එකක් කාපන් ‘
තරුණයා පරිප්පු සහ මස් හොදි පිගානට දමාගත්තේ ඉතා වේගයෙනි. අසල තිබු පාන් බාගයක් දෙකට මැදින් කඩා හොද්දේ ඔබා එක කටට ගිල දැම්මේය. අසල වු බැදපු කුකුල් මස් කෑල්ල ද ඒ අතරට එක්විය.
අම්මා ඉදිආප්ප කා අවසන් වුවත් තාත්තා තමන්ට බෙදු ඉදිආප්ප කෑමට නොගත් බැවි මම දුටිමි.
ඒ විතරක් ද නොව හෝටලයෙන් ගෙනා පිගානේ ඉතිරිව ඇති ඉදිආප්ප වලට හිමිහිට තමන් ලග ඇති ඉදිආප්ප ටික දැමු ඔහු වතුර වීදුරුවක් බී නිහඩව සිටියේය.
මගේ ගමනට බස් රථය පැමිණ ඇතැයි සිතා මම හෝටලයෙන් නික්මුනේ කඩිනමිනි.
සමහර විට ඒ තාත්තා ඉදිආප්ප කෑවානම් බිල ගෙවන්නට සල්ලි මදිවෙයි කියලා හිතත්ත ඇති !
මට හිතුනේ එහෙමය - ඔබට හිතෙන දේ ලියන්න !

Dally mirror news pepar
06/07/2026

Dally mirror news pepar

තනතුරු සහ අත්හැරිම............පසුගියදා (02) නාඋල සංස්කෘතික බලමණ්ඩලයේ නිලවරණය පැවැත්විනි. නාඋල ප්‍රාදේශිය ලේකම් තුමන්ගේ ප...
04/07/2026

තනතුරු සහ අත්හැරිම............
පසුගියදා (02) නාඋල සංස්කෘතික බලමණ්ඩලයේ නිලවරණය පැවැත්විනි. නාඋල ප්‍රාදේශිය ලේකම් තුමන්ගේ ප්‍රධානන්වයෙන් පැවැති මෙම නිලවරණය සදහා සංස්කෘතික නිලධාරිතුමන්ලා මෙන්ම ප්‍රාදේශිය ලේකම් කාර්යාලිය සහෝදර නිලදාරින් රැසක් එක්ව සිටියහ. පසුගිය වර බලමණ්ඩලයේ සබාපතිත්වය දැරුවේ ප්‍රවීන කිවිවර වයි.එම්.එස්.බණ්ඩාර මහතා විසිනි(සේන අයියා)
මෙවර අලුතින් නිලමඩුල්ලක් පත්විය යුතුය. මෙවර සභාපතිත්වය ලබාගන්නා ලෙස සභාවෙන් මෙන්ම නිලදාරින් ගෙන් ද මට ඇරයුම් ලැබිනි.
සේන අයියා ද කිවේ ‘ මල්ලි මේ සැරේ ඔයා එන්න ‘ කියාය. බොහෝ විට නිහඩ බව ප්‍රියකරන මට තනතුරු ලැබුනු අවස්ථා අති විශාලය. එහෙත් මගේ කටයුතු සිදුකිරිමට පවා වේලාවක් සොයාගැනිමට නොහැකි මට මෙය මහත් බරක් බව දැනෙයි. ඒ නිසාම මම යලිත් සේන අයියාව යෝජනා කළෙමි. සභාවද එය අනුමත කළේය.
ඉතින් ඔබට සුභපතමි !
තනතුරු නොමැතිවද මම කතාකරුවන් වෙනුවෙන් බොහෝ දේ කලෙමි.
නාඋල සියළු කලාකරුවන්ට වියලි ආහාර මළු ලබාදීම (සේන අයියා ද සමග)
කලාකරුවන් පිළිබද වාර්තා රැසක් පලකිරිම ඇතුළු තවත් ගිනිය නොහැකි තරම් සමාජ සේවා රැසක් ඉටුකලේමි. (සියල්ල මෙහි සටහන් නොකරමි) ඉතින් ! ‘ මල්ලි ඔයා නැතිව මේ ගමන යන්න බෑ අඩුම ගානේ උප සභාපති තනතුරවත් අරගන්න ‘ ඒ සේන අයියාගේ ඉල්ලීම විය.
නිහඩබවත් අත්හැරිමත් අපි දෙන්නාටම හුරු දෙයකි. සේන අයියාට බොහෝ විට තනතුරු ලැබුනේ නැත. එහෙත් තනතුරකට එහා ගිය බොහෝ දේ අපි සමාජය වෙනුවෙන් ඉටුකර ඇත. එය දන්නෝ දනිති. ඇතැමෙක් දැනගෙන නොදන්නා සේ සිටිති. අදෝමැයි ! ඒ පිළිබද කිසිදු ගැටළුවක් නැත. වපුරපු දේ පැලවි ඇත. හෙටත් වපුරමි අස්වනු නෙලා ගන්නා කල අපේ නම් එහි නොතිබුනාට කම් නැත. තනතුරු සහ අත්හැරිම එයයි.

Address

Naula
Matale

Alerts

Be the first to know and let us send you an email when Indika aruna kumara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Indika aruna kumara:

Shortcuts

Share