𝐋 𝐀 𝐊 𝐀

𝐋 𝐀 𝐊 𝐀 මේ වචන වල ඇත ජීවිතයම සැඟවී...🧠✨️

Trust the Universe..🍃✨️
11:11 🦋💫
(3)

මිනිස්සු ඇත්තටම කඩා වැටෙන්නෙ අඬද්දි නෙවෙයි..🥺💔
17/06/2026

මිනිස්සු ඇත්තටම කඩා වැටෙන්නෙ අඬද්දි නෙවෙයි..🥺💔

16/06/2026

ඒක අවසන් වෙන්නෙ කොහොමද කියල ඔයා දැනටමත් දන්නව..💔🥺

අද (21) මෙරටට වැඩම කළ ‘Walk for Peace Program in Sri Lanka’ සාම පාගමනට නායකත්වය දුන් පූජ්‍ය පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ‌ ප්‍...
21/04/2026

අද (21) මෙරටට වැඩම කළ ‘Walk for Peace Program in Sri Lanka’ සාම පාගමනට නායකත්වය දුන් පූජ්‍ය පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ‌ ප්‍රමුඛ භික්ෂූන්වහන්සේ අද (21) පස්වරු 3.00ට ඓතිහාසික අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියසදී මෙම සාම පා ගමනට ආශිර්වාද ලබා ගැනීම සිදු කෙරේ.

එහිදී අටමස්ථානාධිපති හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය විසින් ශ්‍රී මහා බෝධි අංකුරයක් පූජ්‍ය පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ‌ ප්‍රමුඛ භික්ෂූන්වහන්සේ වෙත පූජා කිරීමට නියමිතය.

එමෙන්ම, අද (21) පස්වරු 4.00ට ඓතිහාසික රුවන්වැලි මහා සෑය අභියස විශේෂ ආගමික වතාවත් සිදු කෙරේ.

අප්‍රේල් 22වන දා උදෑසන සංඝගත දක්ෂිණාවෙන් අනතුරුව දඹුල්ල පූජා නගරයෙන් ආරම්භ වන සාම පාගමන නාඋල, මාතලේ, මහනුවර, කඩුගන්නාව, කෑගල්ල, තෝලංගමුව, කජුගම, යක්කල, මහර, කැලණිය හරහා අප්‍රේල් 28වන දින නිදහස් චතුරස්‍රය වෙත ළඟා වීමට නියමිතය.

මෙම සාම පාගමනට එක්ව ලොව පුරා ආදරයට පත් 'ආලෝකා' (Aloka) සුනඛයා ද ඔවුහු සමග සිටියි.

සාම පාගමනේ නිමාව සනිටුහන් කරමින් එහි වැඩම කරවන ලද ශ්‍රී මහා බෝධීන්වහන්සේගේ අංකුරය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතින් රාජ්‍යතාන්ත්‍රික වශයෙන් අමෙරිකාවේ සිට වැඩම කළ මහා සංඝරත්නය වෙත පූජා කිරීමට නියමිතය.

අනතුරුව ගෞරවනීය ස්වාමීන් වහන්සේලා පෙරහැරකින් ගංගාරාම විහාරස්ථානය වෙත වැඩම කරවන අතර එහිදී ජාතික මෝස්තර මධ්‍යස්ථානය විසින් පවත්වනු ලබන ‘ We are the Design’ වැඩසටහන ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ.

ජනාධිපති ලේකම් කාර්යාලය, ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය, බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය , රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය, සහ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව, ජාතික මෝස්තර මධ්‍යස්ථානය ඇතුළු රාජ්‍ය සහ පෞද්ගලික ආයතනයන්හි පූර්ණ අනුග්‍රහය යටතේ මෙම සාම පා ගමන සංවිධානය කෙරේ.

මත්කුඩු නමැති වසංගතය නිසා පවුල් ජීවිතයක් විනාශ වී ගිය අතිශය අවාසනාවන්ත පුවතක් අලවතුගොඩ ප්‍රදේශයෙන් වාර්තා වනවා.මත්කුඩු ප...
20/04/2026

මත්කුඩු නමැති වසංගතය නිසා පවුල් ජීවිතයක් විනාශ වී ගිය අතිශය අවාසනාවන්ත පුවතක් අලවතුගොඩ ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මත්කුඩු පානයට තදින්ම ඇබ්බැහි වූ පුද්ගලයෙකු සිය බිරිඳව මුදලට අලෙවි කිරීමේ පුවතක් දැන් මුළු රටම කැළඹීමට සමත් වී තිබෙනවා.

පොලිසිය පවසන පරිදි මෙම සැකකරු මීට වසර පහකට පෙර සිය වකුගඩුවක් රුපියල් ලක්ෂ 11ක මුදලකට අලෙවි කර එම මුදලින්ද මත්කුඩු පානය කර තිබෙනවා. එම මුදල් අවසන් වූ පසු මත්කුඩු මිලදී ගැනීමට මුදල් සොයා ගැනීමේ අරමුණින් ඔහු සිය බිරිඳව අසල්වැසියෙකුට විකුණා ඇති බවයි හෙළි වී ඇත්තේ.

වයස අවුරුදු 13, 12 සහ 10 යන වයස්වල පසුවන දරුවන් තිදෙනෙකුගේ මවක වන මෙම 35 හැවිරිදි කාන්තාව පවසන්නේ, සිය සැමියාගේ බලපෑම මත අසල්වැසි පුද්ගලයා තම අතපය ගැටගසා අමානුෂික ලෙස අතවර කළ බවයි. මෙම දරුණු මානසික කම්පනය දරාගත නොහැකි වූ තැන ඇය මහනුවර වැවට පැන සියදිවි හානිකර ගැනීමට උත්සාහ කර තිබෙනවා.

වැවට පැන දිවි නසා ගැනීමට තැත් කළ මෙම කාන්තාව වාසනාවකට මෙන් එම අවස්ථාවේ එතැන සිටි ත්‍රිරෝද රථ රියදුරෙකු විසින් බේරාගෙන තිබෙනවා. පසුව ඇයව අකුරණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට භාරදී ඇති අතර දැන් ඇය පේරාදෙණිය රෝහලේ මානසික රෝග වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් පසුවනවා. ඇය වෛද්‍යවරුන් හමුවේ මෙම සියලු තොරතුරු හෙළි කර ඇත්තේ ඉකිබිඳ හඬමින්.

රෝහලේ ප්‍රතිකාර ලබන කාන්තාවගේ දරුවන් තිදෙනාගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස රෝහල් පාලනාධිකාරිය ළමා රක්ෂණ අධිකාරියට දැනුම් දී තිබෙනවා. එමෙන්ම බිරිඳ මුදලට විකුණූ සැමියා සහ ඇයට අතවර කළ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට අලවතුගොඩ පොලීසිය මේ වන විට පුළුල් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

ලැබුවා වූ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද ඔබටත් ඔබේ පවුලේ සැමටත් සාමය සතුට පිරි සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා..🌞🎊
14/04/2026

ලැබුවා වූ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද ඔබටත් ඔබේ පවුලේ සැමටත් සාමය සතුට පිරි සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා..🌞🎊

ඔයාට Time pass කරගන්න කෙනෙක් වුනාට, එයාට මුලු ජීවිතේම ඔයා වෙන්න පුලුවන් ..💔
02/04/2026

ඔයාට Time pass කරගන්න කෙනෙක් වුනාට, එයාට මුලු ජීවිතේම ඔයා වෙන්න පුලුවන් ..💔

නිහඬ සිටිමි..❤️‍🩹💫
26/03/2026

නිහඬ සිටිමි..❤️‍🩹💫

මිනිස්සුන්ට වටිනාකම තේරෙන්නෙ ඒ දේවල් miss වෙද්දි..❤️‍🩹🥺
22/03/2026

මිනිස්සුන්ට වටිනාකම තේරෙන්නෙ ඒ දේවල් miss වෙද්දි..❤️‍🩹🥺

අපිට දැනෙන දේවල් කාටවත් බලෙන් පැහැදිලි කරන්න බැහැ..❤️‍🩹💫
20/03/2026

අපිට දැනෙන දේවල් කාටවත් බලෙන් පැහැදිලි කරන්න බැහැ..❤️‍🩹💫

හොඳම දේ කාලයට ඉඩදීම..❤️‍🩹
19/03/2026

හොඳම දේ කාලයට ඉඩදීම..❤️‍🩹

Address

Matara

Telephone

+94765903438

Website

Alerts

Be the first to know and let us send you an email when 𝐋 𝐀 𝐊 𝐀 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share