Magza

Magza post your item to sale skip

19/06/2024
19/06/2024
20/10/2023

🥺🥺 යුද්ධයක් කියන්නෙ මොකද්ද කියලවත් දන්නැති අය

15/10/2023

අම්මෝ…. දුවපාන්…..

12/10/2023

හමු වෙයිද?

🔴 අතුරුදන් වූ සබ්මැරීනයේ සිටි සියලුදෙනා මිය ගොස් ඇති බවට OceanGate සමාගමෙන් නිවේදනයක්😢😢
23/06/2023

🔴 අතුරුදන් වූ සබ්මැරීනයේ සිටි සියලුදෙනා මිය ගොස් ඇති බවට OceanGate සමාගමෙන් නිවේදනයක්
😢😢

16/06/2023

💲MTFE Trading💲
මේ අවස්ථාව මග හැර ගන්න එපා.

ආයෝජනය කල මුදල ඕනෑම වෙලාවක ඔබ අතටම.
Profit වන මුදල්ද දෛනිකවම ඔබට හිමි වේ.

1). 30$ Capital - දවසට USDT> 0.30 - 1$
2). 65$ Capital - දවසට USDT> 0.90 - 2$
3). 210$ Capital - දවසට USDT> 3.50 - 5$
3). 520$ Capital - දවසට USDT> 10 - 12$
4). 930$ Capital - දවසට USDT> 18 - 25$
5). 1550$ Capital - දවසට USDT> 32 - 38$

මේක trading platform එකක්.
අපිට කරන්න තියෙන්නේ තමන්ගේම කියල MTFE Account එකක් හදාගෙන දිනපතාම ඔයාගෙ phone එකට එන signal එකට MTFE AI Bot On කරගන්න එක විතරයි.
ඒ කාලය තුල අප යොදවන ඩොලර් ප්‍රමාණ අනුව ඩොලර් අපේ ගිණුමට profit ලෙස ලැබෙනව.

සැ.යු:- අවදානමක් ගත නොහැකි අය මෙයට සම්බන්ද වන්න එපා.!

ඔබේ දියුණුව වෙනුවෙන් අදම වැඩේ පටන් ගන්න.
Account එකක් මුලින්ම හදාගන්න.

මාසිකව 35% - 40% ලාභයක්

සැ.යු:- 👇

Register වීමේදී පහත පියවර අනුගමනය කරන්න.

01 - Android Play Store හෝ Apple App Store එකෙන් MTFE App එක Download කර ගන්න.

02 - Register මත click කර ඔබගේ eMail Address එක හෝ Phone Number එක type කරන්න.

03 - උඩින් County Code එක තොරන්න - (Sri Lanka) ලෙස.

04 - Next Step කරන්න.

05 - ඊලගට එන Step එකේ Organization Code එකට මුකුත් අවශ්‍ය නැත. Promote Code එකට 2235544 යන මේ Code Number එක Type කර Next කරන්න.

06 - ඊට පසු ඔයා දාපු eMail Address එකට හෝ Phone Number එකට Verification Code එකක් එයි ඒක දාන්න.

07 - ඊට පසු මතක හිටින Password එකක් දා ගන්න. (Ex - Abcd@1234)

ඔබට අවශ්‍ය මගපෙන්වීම 100%ක් නොමිලේ!!
ගැටලු ඇතොත් මාගෙන් විමසන්න.
WHATSAPP :- 0771693764

13/03/2022

Like

පාංශු කූලයකදී....බිරිඳ මිය ගිය ස්වාමියෙකුගේ පාශුකූලයකදි  පටිපුච්ඡා ක්‍රමයෙන් දේශනා කරන ලද ධර්ම දේශනාවකි.විවාහ දිවියට පත්...
07/01/2022

පාංශු කූලයකදී....

බිරිඳ මිය ගිය ස්වාමියෙකුගේ පාශුකූලයකදි පටිපුච්ඡා ක්‍රමයෙන් දේශනා කරන ලද ධර්ම දේශනාවකි.විවාහ දිවියට පත්ව අවුරුදු පහක් යුග ජිවිතය ගත කොට බිරිඳ මිය ගිය සොවින් හඬමින් වැලපෙමින් සිටි එම ස්වාමියාට බෞද්ධ දර්ශනයේ අගය විදහා දැක්වූ අවස්ථාවකි.

ස්වාමියා. - හඬයි ,දොඩයි වැලපෙයි,බිරිඳගේ ගුණාගුණ කියමින් සිටියි.

මම - මහත්තයා මැරුණ නෝනට ආදරේද?

ඔවු අපෙ හාමුදුරුවනේ..

මමනම් කියන්නේ ඔබ තුමා ඔය ඉස්සරහ තියෙල තියෙන නැත්තම් මැරුණ නෝනට කවදාවත් ආදරේ කරල නෑ...

නෑ හාමුදුරුවනේ මම ගොඩාක් ආදරේ කළා....මම මෙයාට ආදරේ කළ තරම මමයි දන්නේ....

දැනුත් ආදරේද ? ඔවු අපේ හාමුදුරුවනේ.

මම මෙහෙම දෙයක් අහන්නම්. මහත්තයා දැන් ඔබතුමාගේ නොනා මැරිලා... මේ නෝනා දවස්ගානක් වළ නොදමා ගෙදර තියාගන්නවා .එතකොට නව සීවථික ධර්මයට අනුව (උද්ධුමාතක)ඉදිමෙනවා (විනිලක)නිල් පැහැ ගන්නවා(විපුබ්බජාත) සැරව වැගිරෙනවා....දැන් ඔබ තුමා පණ වගේ ආදරේ කරපු නෝනාට අදරේ කරනවද ?

නෑ අපෙ හාමුදුරුවෝ..

එතකොට තව දවස් කීපයක් යනකොට(කාකෙහිවා ..සිගාලෙහිවා..) බල්ලො හිවල්ලු ඇදලා කාල දමනවා ,එතකොටත් ආදරේද ?

නෑ අපේ හාමුදුරුවෝ ....

ඇයි එහෙනම් කලින් කීවේ මම නොනට ගොඩක් ආදරෙයි..මම තමයි ආදරේ කරපු තරම දන්නෙ කියලා.දැන් නොනගේ සිරුර ව්‍යය ස්භාවය ඇතිවිට ආදරයක් නෑ කියන්නට හේතුවක් තියෙන්න එපැයි .

ඉතින් හාමුදුරුවෝ කුණු වුන ශරීරයක් මම කොහොමද බලන්නේ අනික ගඳ ගහනවනේ...

ඒ කියන්නේ මහත්තයා නෝනාට ආදරේ නෑ...

මම ආදරෙයි .කුණු වී ගඳ ගහන ශරීරයට ආදරේ නෑ...

මහත්තයො අපි කවදාවත් භෞතික රූපෙට ආදරේ නෑ.. මේක අපේ හිතේ පවතින ගැටලුවක්.

ඒ කියන්නෙ හාමුදුරුවෝ ?

ඔය මිනිපෙට්ටියේ ඉන්න නෝනා දිහා බලාගෙන කල්පනා කරන්න තමන් මොනවද හිත⁣න්නේ කියලා.... නෝනා ඉස්සර කියපු කරපු දේවල් ආදරය කරපු හැටි ඇවිදපු හැට් මතක් වෙනවා ඇති.ඒ වගේම අද නෝනා භූමිදානය කල පසු හෙට ඉදන් එයා එන්නේ නෑ කියල හිතිල දුක හිතෙනවා ඇති.අනික් කාරණය දැන් නෝනගේ භෞතික රූපය දැකල කතා කරන්නෙ නැති නිසා හිනා වෙන්නෙ නැති නිසා නැත්තම් සිතින් සිතා කය වචන හසුරවන්නෙ නැති නිසා ඇය ගැන දුක හිතෙනවා ඇති නේද ...

ඔවු අපෙ හාමුදුරුවෝ ....

අපේ හිත දුවන්නේ ක්‍රම තුනකට ,ඒ අතීතෙට අනාගතයට වගේ වර්තමාන මේ ගත කරන මොහොත තුළ පමණයි...බුදු හාමුදුරුවොත් මධුපිණ්ඩික සූත්‍රාදියේ අතීත අනාගත පච්චුප්පන්නෙසු,චක්ඛු ,සොත ඝාණ ජිව්හා,කාය මනො විඤ්ඤෙ⁣්‍යෙයසු ධම්මෙසු කියල දෙසුවේ ඒ නිසයි....

එහෙමයි..

මහත්තයාගේ සිතට සිතිවිලි එන්නෙ කොහොමද ?දන්නවද

නිෂ්ශබ්ධව සිටියි.

මහත්තයා අපේ හිතට සිතිවිලි එන්නේ අහෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් හා මනසින්...මෙහෙම කියමුකො මහත්තයා නෝනව බඳිනකොට මහත්තයා අන්ධයි,ඒ වගේම කන් ඇහෙන්නෙ නෑ... එහෙම උනානම් මහත්තයාට නෝනා පිළිබඳ සිතිවිලි නිසියාකාරව බිහි කරගන්න වෙන්නේ නෑ....එහෙම නේද ?

ඔවු අපේ හාමුදුරුවෝ ...

ෂඩායතනයන්ගෙන් ඇහැ විතරක් ගමු.මහත්තයා දැන් මෙතන ඉන්න ⁣නැත්තම් පෙට්ටියේ උඩුකුරුව සයනය කරන තමන්ගේ නෝනා පිළිබඳ කළ කී දෑ පිළිබඳ වූ අහෙන් ගොඩ නගාගත්ත අතීත සිතිවිලි ,මහත්තයාට මගෙය මාගේය කරගන්න පුලුවන්ද?

බැහැ හාමුදුරුවෝ ...

එතකොට අනාගතයට හිත දුවලා මගේ නොනා අදින් පස්සෙ නෑ ,මනෝ මූලික ඇහෙන් දකින්න ලැබෙන්නෙ නෑ කියල හිතන දේ තූළින් නොනව හෝ ඒ සිතිවිලි මගේය මාගේය කරගන්න පුලුවන්ද ?

මහත්තයා වර්තමානය තුළදි එහෙනම් මේ නෝනගේ භෞතික කාය දෙස බලා හඬන්නේ දුක් වෙන්නෙ මොකටද? ඒත් සිතිවිලි සමුදායක් විතරයිනේ...?

ඔවු අපෙ හාමුදුරුවෝ .

අපි ෂඩායතනයන් තුළින් වර්තමා⁣නයේ විදින සෑම දෙයක්ම සිතිවිලි මාත්‍රයක් පමණි..චිත්ත මත්තතාවයකි....එකනේ මුලික බුදු දහමට අනුව ලියැවුන විඤ්ඤප්තිමාත්‍රතා සිද්ධිය වැනි ග්‍රන්ථවල වල සියල්ල සිතිවිලි මාත්‍රයක් යනුවෙන් පවසන්නේ......බුදු දහමේ දූරංගමං,ඒකචරං,ඵන්දනං චපලං චිත්තං ආදි ලෙසින් දක්වන්නේ සිතෙහි ස්වභාවය තමයි.අපි විදින සිතිවිලි මාත්‍රය ප්‍රතිත්‍යය සමුප්පන්නව අතීතයට දුවනව⁣ා අනාගතයට දුවනවා ,වර්තමානය තුළ ඇස ආදි ආධ්‍යාත්මික ලෝකය තුළිනුත් ,රුප ආදි බාහිර ආයතන තුළිනුත්, සාපේක්ෂව අතීතයට හා අනාගතයට ඉතා ⁣වේගයෙන් ගමන් කරමින් වර්තමානයට මුහුණ දෙනවා...

එහෙමයි හාමුදුරුවෝ ...

මහත්තයා අපි කවදාවත් භෞතිකයට ආදරේ නෑ.මේ ගැටලුව තියෙන්නෙ අපේ හිතේ..හිතේ ඇතිවෙන අස්සාදය නැත්තම් ඡන්දරාගය ඇති කරගෙන අඬනවා දොඩනවා,මහත්තයත් නොනාගේ මැරුණ රූපෙ බලාගෙන දැන් අඩනවා අතීතය අනාගතාදියට යමින්...හැබයි නොනගේ ශරීරය කුණුවෙනකම් ගෙදර තියාගන්නවා.. එතකොට කුණුවෙලා තියෙන මේ ශරීය හෝ ගඳ ගහන ශරීරය නිසා මනෝමූලික ඵස්ස ,වේදනා,සඤ්ඤා හා සිතුවිලි නිසා ව්‍යාපාද ඇති කරගන්නවා ඇඬීම් දෙඩීම් වැළපීම් කරනවා..... එය ප්‍රතික්ෂේප කරනවා... මේ ගත කරන මොහොත තුළ අපි සිදු කරන්නේ ෂඩායතන පිනවීමක් පමණයි.ඇත්තටම අපි භෞතිකයට නැත්තම් බාහිර ලෝකයට ආදරේ නෑ.... එහෙම ලෝකයක් මැවෙන්නේ අ⁣පේ හිතේ ඒකනේ බුදු හාමුදුරුවෝ සං.නි සළායතන වග්ගයේ ලෝකන්නත ගමන සූත්‍රයේ බාහිර ලෝකයේ නොවැදගත් කමත් සංස්ඛාර ලෝකයේ වැදගත් කමත් පෙන්වන්නේ....ලෝකය කියන මැවෙන්නෙ අපේ හිතේ...

එහෙමයි හාමුදුරුවෝ

තව දෙයක් අහන්නද මහත්තයා .මහත්තයාගේ නෝනා රූමත් කතක් වග පේනවා.... නෝනා ජීවත් වෙලා ඉඳපු කාලෙක ඇට මස් නහර ආදි දෙතිස් කුණප රූප කොටසිනුත්,නාම ධර්මත⁣ා (වේදනා,සඤ්ඤා සංඛාරහා විඤ්ඤාන)වලින් සමන්විත වී සිටියා.... ජීවත්ව සිටි කාලයේ නෝනාගේ භෞතික කයේ සම්පූර්ණයෙන්ම හම ගලවලා දානවා.ලේ මස් නහර පේනවා.... ජීවත් වෙලා ඉන්නකොට එහෙම හම ගලවලා දාපු නෝනාට ඔබතුම⁣ා ආදරේ කරාවිද?

නැහැ අපේ හාමුදුරුවෝ ..

එතකොට මහත්තයා අපේ ගැටලුව තියෙන්නේ භෞතික නෝනාගේද ?නැත්තම් අපේ හිතේද?

අපේ හිතේ හාමුදුරුවෝ .....

මහත්තයා බුදු හාමුදුරුවෝ අංගුත්තර නිකායේ නිබ්බේධික සූත්‍රයේ මෙහෙම දේශනා කරනවා....

සංකප්ප රාගා පුරිසස්ස කාමා.
නෙතේ කාමා යානි චිත්‍රාණි ලෝකේ.
සංකප්ප රාගා පුරිසස්ස කාමා.
තිට්ඨන්ති චිත්‍රාණි තථේව ලෝකේ

කියලා.. ඒ කියන්නේ පුද්ගලයාගේ ෂඩායතන තුළින් ගොඩ නගාගන්න සංකල්පය රාගය කාමය බවත්.ඒ අනුව ලෝකයේ ගැටෙන බවත්,කාමය උපදවන බවත් දක්වනවා,නමුත් ලෝකයේ විසිතුරු භෞතිකය ලෝකයේ ඒවිදිහටම තියෙනවා .... ගැටලුව තියෙන්නේ හිතේ මහත්තයෝ....

මහත්තයා එහෙනම් නෝනටත් ආදරේ නැත්තම්,මේ භෞතිකය හමුවේ අපේ හිත හදාගන්න විදිහ දන්නවද?

නැහැ අපේ හාමුදුරුවෝ ....

මහත්තයාට මම ඉස්සලත් දෙසුවා අපේ හිත ආයතන ඔස්සේ අතීතයට ,අනාගතයට හා වර්තමානයට දුවන වග.....ඒ වගේම මනෝමූලික ෂඩායතනයන්ගේ ඇස උදාහරණයක් ලෙස ගත්තා.....නැවතත් ඒ ඇහැ අනුව විමසා බලමු.

මහත්තයෝ බුදු හාමුදුරුවන්ගේ දේශනාව අන්තර්ගත ත්‍රිපිටකයේ සූත්‍රපිටකාගත සංයුත්ත නිකායේ සළායතන සංයුත්තයේ අජ්ඣත්ත හා බහිද්ද අනත්ත කියලා සූත්‍ර ගණනාවක් තියේ....ඒ සූත්‍රයන්හි මේ කාරණාව පැහැදිළි ලෙසම දක්වනවා....

මහත්තයා නොනාගේ රුපේ දිහා බලන් ඉන්නකොට හිත අතීතෙට ගිහින් ඇය කරපු කියපු දේවල් මතක් කරගන්නවා..අනාගතයට ගිහින් හිතෙන් සිතිවිලි ලෝකයක අතරමං වෙනවා....වර්තමානයේ මැරුණ නෝනාගේ රුව බලා අඬනවා....

එහෙමයි හාමුදුරුවෝ....

මහත්තයෝ බුදු හාමුදුරුවෝ. චක්ඛුච රූපංච අනත්තං අතීතානාගතං කෝ පන වාදො පච්චුප්පන්නස්ස කියල දේශනා කරනවා...

ඇහැත් රූපයත් අතීත හා අනාගත වශයෙන් අනාත්මයි... ඒකියන්නේ මහත්තයා අතීතෙට ගිහින් හා අනාගතයට ගිහින් සිතිවිලි ගොඩ නගා ගන්නවා.... ඒත් ඒ සිතිවිලි මමය මාගේය මම වෙමි කියල අස්මිමානයෙන් ඔබතුමාට ගන්න පුලුවන්ද?ඒ සිතිවිල්ල තුළ නෝනා කළ කී දේ තමාගේ කරගන්න පුලුවන්ද?

බැහැ අපෙ හාමුදුරුවො...

අන්න ඒ වගේ තමා වර්තමානෙත්..කෝපන වාදො පච්චුප්පන්නස්ස....ඒ අතීතයත් අනාගතයත් සිතිවිලි මාත්‍රයක් නම් මමය මාගේ කරගන්න බැරිනම් වර්තමානය පිළිබඳ මොන වාදයක්ද.....?මහත්තයා සම්මුතියෙන් පෙන්න ඉන්න නෝනාගේ සිරුර රූප කොටස් වෙන් කොට තැබුවහොත් නැත්තම් හිස ආදිය වෙන්කොට තිබ්බොත් ඒ කොටස් වලට ආදරේ කරනවද?ඒ වගේම නෝනගේ සිරුර කුණු වී ගියොත් ආදරය කරනවද?

නැහැ අපේ හාමුදුරුවෝ....

මහත්තයත් අන්න ඒ විදිහට භෞතිකයේ යථා ස්වභාවය දැකලා ප්‍රඥාවෙන්

#අතීතස්මිං චක්ඛුස්මිං නිරපෙකො හොති

ඒ කියන්නේ මනෝමූලිකව අතීත ඇහෙන් දැකපු දේ නැත්තම් අතීත සිතිවිලි වල නිරපේක්ෂ වෙන්න ඕනි.

එහෙමයි හාමුදුරුවෝ

ඒ වගේම තමා අනාගත ඇහෙන් දකින්න සිතා සිටින දේ පිළිබඳ.

#අනාගත චක්ඛුං නාභි නන්දති.

ඒ කියන්නේ අනාගත ඇහෙන් වැඩියෙන් සතුටුවීමකට අභිනන්දනයකට යන්න හොද නැහැ......

එහෙනම් හිත අතීතයටත් අනාගතයටත් යවන්නෙ නැති නම් හිත වඩා ගන්න ඕනි ක්‍රමය දන්නවාද?

නැහැ අපෙ හාමුදුරුවෝ ....

බුදු හාමුදුරුවෝ අජ්ඣත්ත හා බහිද්ද අනත්ත සූත්‍රයනහි...

පච්චුප්පන්නස්ස චක්ඛුස්ස නිබ්බිදාය විරාගය නිරොදාය පටිපන්නො හොති......

ඒ කියන්නේ වර්තමානයේ සිත තුළ සිහිය පිහිටුවා....නිර්වේදය පිණිස,නොඇල්ම පිණිස කටයුතු කරන්න ඕනි....නැත්තම් අධ්‍යාත්මික හා බාහිර සුඤ්ඤතාවය දකින්න ඕනි.....

එහෙමයි හාමුදුරුවෝ ....

මහත්තයාට දැන් නෝනව පේන්න ඉන්නවා මේ මොහොත තුළ වර්තමානයේ.... තව ටිකකින් නෝනාව වළ දානවා.... එතකොට ඇහැට පෙනේද?

නැහැ අපේ හාමුදුරුවෝ ....

එතකොට නොනා ඉන්නෙ කොහෙද?

මොහොතක් කල්පනා කොට ..මගේ මනසේ ඉන්නෙ අපේ හාමුදුරුවෝ ...

අන්න හරි ,,මහත්තයා ඇහැ නැමති ඉන්ද්‍රිය තුළින් ගොඩ නගාන්න දේ තියෙන්නෙ මනසේ... භෞතිකය වර්තමානයේ දෘශ්‍යය ගෝචර නොවේනම්,අපි ඒ භෞතිකය අතීතයේ සිට ගැටි පැවැතුනේ නම්,අපේ හිත එයට බැඳිලා ,ඒ දුක්ඛ දෝමනස්සයන්ට අනුව අඬනවා වැලපෙනවා.... ඒ නිසා අපේ මනස වර්තමානය තුළදි සතිය පිහිටුවා ගත්තොත් මේ දුක තුනී වේවි.....බුදු හාමුදුරුවෝ ම.නි චුල්ල හත්ථිපදොපම සූත්‍රය තුළ බුදු හාමුදුරුවෝ ...

මනසා ධම්මං විඤ්ඤාය ,න නිමිත්තග්ගාහි,නානුබ්‍යඤ්ජනග්ගාහි යත්වාදි කරණමෙතං මනීන්ද්‍රියං අසංවුතං අභිජ්ඣා දොමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්ව්‍යෙයුං....

ඔකේ තෙරුම මෙහෙමයි මහත්තයා ,දැන් මේ පාංශුකූල වෙලාවේ නොනාගේ භෞතික රූප කාය පෙන්න තියෙනවා.තව මොහොතකින් වැළලු පසු නෝනා ඇහැට පෙන්නෙ නෑ...ගෙදර ආවට පස්සේ නෝනා ඉන්නෙ මනසේ,,,,, නොනගේ සිරුරේ සුඤ්ඤතාවය දැකලා.තමාගේ හිත හදගන්න ඕනි....

වර්තමානයේ පඤ්ච ඉන්ද්‍රියට ගෝචර නොවන නෝනාගේ මතකය මනස තුළින් අතීතයට අනාගතයට දුවමින් වර්තමානය තුළ ප්‍රතිචාර දක්වනවා...අඬනවා...

මහත්තයො මනසින් අතීත අනාගත හා වර්තමාන වශයෙන් සිතිවිලි අරගෙන නිමිති ගන්න හොඳ නෑ.... නිමිති කියන්නේ අතීතයේ මගේ නෝනා හිටියේ මේ විදිහට ආදරේ කළේ මෙහෙමයි.. ආදි වශයෙන් අතීතය පිළිබඳවද,අනාගතයේ මගේ නෝනා නැවත එන්නෙ නෑ,ඇය දකින්න ලැබෙන්නෙ නෑ යනුවෙන් නිමිති ගන්න හොඳ නැහැ.ඒ වගේම නිමිත්ත නිසා අැති කරගන්න අනුබ්‍යඤජන ගන්නත් හොඳ නැහැ.අනුබ්‍යඤ්ජන කියන්නේ මනෝ මූලික කායික හා වාචසික ආකාර.ඒ කියන්නේ මහත්තයා මේ මොහොත තුළ හෝ පසුව වචනයෙන් ඇගේ ගුණාගුණ කියන්න හෝ ක්‍රියාව තුළින් අඬන්න වැළපෙන්න ⁣යන්න හොඳ නැහැ.ඒ වගේම තමා මනසේ අතීතයට යමින් අනාගතයට යමින් රාගය ද්වේශය පටිඝ ආදි චිත්තෝපක්ලේශ උපදවා ගන්න හොද නැහැ... යම් හෙයකින් මනස සංවර කර නොකර කටයුතු කළොත් නැත්තම් සතිය පිහිටුවා ගත්තේ නැතිනම් අභිධ්‍යාව විෂම ලෝභ ආදි සාසව ධර්ම බිහිවී අඬන්න දොඩන්න තමා වෙන්නේ.....

උපුටාගෙන පළකරන ලදී..
අයිතිය ලිපිය සම්පාදනය කල ස්වාමීන්වහන්සේ සතුය..

තෙරුවන් සරණයි.

Address

Matara
Matara
81000

Website

Alerts

Be the first to know and let us send you an email when Magza posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Magza:

Share

Category