News 12 Sri Lanka

News 12 Sri Lanka Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from News 12 Sri Lanka, Media/News Company, Matara.

ප්‍රමිතියෙන් තොර පාසල් උපකරණ භාවිතයෙන් දරුවන්ගේ ජීවිතවලට දැඩි තර්ජනයක් සිදු වෙමින් පවතින බව අනාවරණය වී තිබේ. වෛද්‍යවරුන්...
17/12/2023

ප්‍රමිතියෙන් තොර පාසල් උපකරණ භාවිතයෙන් දරුවන්ගේ ජීවිතවලට දැඩි තර්ජනයක් සිදු වෙමින් පවතින බව අනාවරණය වී තිබේ.

වෛද්‍යවරුන් පවසන්නේ, වෙළෙඳපොළේ පවතින ප්‍රමිතියෙන් තොර ආනයනික පාසල් උපකරණ හරහා එම තත්ත්වය මතු වී ඇති බවය.

නීතියට පිටින් විවිධ ක්‍රම හරහා රට තුළට ගෙන එන ප්‍රමිතියෙන් තොර පාසල් උපකරණ අද වන විට වෙළෙඳපොළ ආක්‍රමණය කර අවසන්ය.

වෛද්‍යවරුන් පවසන්නේ පැන්සල් සහ පාට පැන්සල්වල ආලේප කර තිබෙන තීන්ත සහ මිනිරන් හෝ පාට පැන්සල් කූර ප්‍රමිතියෙන් යුක්ත නොවීමෙන් දරුවන්ගේ ජීවිත අවදානමකට ලක්විය හැකි බවය.

දරුවන් ඒවා භාවිත කිරීමේදී මුඛයෙන් සැපීමකට ලක්කිරීම හරහා ඊයම් වැනි බැර ලෝහ ශරීරයට ඇතුළු වීමේ අවස්ථාව තිබේ.

නමුත් අන්තර්ජාතික ප්‍රමිතියට අනුව දරුවන් භාවිත කරන පැන්සල් හා පාට පැන්සල් EN71-3 යනුවෙන් සහතික කර ඇති අතර එමගින් ශරීරයට අහිතකර බැර ලෝහ 19කින් ආරක්ෂාව ලබාදේ.

මේ අතර දරුවන් එදිනෙදා භාවිත කරන වතුර බෝතල් හා කෑම පෙට්ටි වැනි ප්ලාස්ටික් උපකරණ ඝෘජුවම ආහාර තුළින් සිරුර හා සම්බන්ධ වීමෙන් ඒවා භාවිත කිරීමේදී සැලකිලිමත් විය යුතුය.

වෙළෙඳපොළෙන් මිලදී ගැනීමේදී ඒ ඒ උපකරණවල පතුල මත BPAවලින් තොර හෝ අංක 5 සටහන් කර ඇත්නම් ඒවා භාවිතයට සුදුසු බව වෛද්‍යවරුන් පෙන්වා දෙයි.

විදුලි සැපයුම මේ වනවිට ප්‍රදේශ කිහිපයක යථා තත්ත්වයට පත්වී ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.ඒ අනුව අනෙකුත් ප්‍රදේශවල විද...
09/12/2023

විදුලි සැපයුම මේ වනවිට ප්‍රදේශ කිහිපයක යථා තත්ත්වයට පත්වී ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

ඒ අනුව අනෙකුත් ප්‍රදේශවල විදුලි සැපයුම ද කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරමින් ඇති බවද පවසයි.

පද්ධතියේ ඇතිවූ දෝෂයක් හේතුවෙන් අද (09) සවස රට පුරාම විදුලිය විසන්ධිවිය.

ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළේ ප්‍රධාන සම්ප්‍රේෂණ මාර්ගයේ බිඳවැටීමක් විදුලිය විසන්ධිවීමට හේතුවී ඇති බවය.

ෆොසිල ඉන්ධන යුගයේ අවසානය කරා ලෝකය යොමුවෙද්දී EV නැත්නම් විද්‍යුත් වාහන භාවිතය ලොව පුරා ප්‍රචලිතවෙමින් පවතින බව රොයිටර්ස්...
08/12/2023

ෆොසිල ඉන්ධන යුගයේ අවසානය කරා ලෝකය යොමුවෙද්දී EV නැත්නම් විද්‍යුත් වාහන භාවිතය ලොව පුරා ප්‍රචලිතවෙමින් පවතින බව රොයිටර්ස් පුවත් සේවය අනාවරණය කරයි.

ලෝකයේ රටවල් රැසක් මේ වනවිට කාලගුණ විපර්යාසවලට මුහුණ දෙමින් සිටීම නිසා පොසිල ඉන්ධන භාවිතය අවම කිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමුව ඇත.

මේ පිළිබඳව පසුගියදා ඩුබායිහි පැවති COP28 සමුළුවේදී සාකච්ඡාවට ගැනුණි.

කෙසේ වුවද ප්‍රංශය මූලික කරගත් ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය පුරෝකථනය කරන්නේ, මෙම දශකය අවසානය වනවිට ලෝක ඉන්ධන පරිභෝජනය එහි උච්චතම අගය සටහන් කරනු ඇති බවය.

එය දෛනිකව ඉන්ධන බැරල් මිලියන 103ක් වනු ඇතැයි පැවසෙයි.

ප්‍රවාහනය, ලොව ඉන්ධන ඉල්ලුමෙන් සියයට 60කට හේතුවී තිබේ.

අමෙරිකාවේ ඉන්ධන ඉල්ලුමෙන් ප්‍රවාහනය සඳහා වන ඉන්ධන ඉල්ලුම් ප්‍රතිශතයක් ලෙස සියයට 10කි.

කෙසේ වුවද ඉදිරියේ දී මෙම ඉල්ලුම් පහත වැටෙනු ඇතැයි ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය අපේක්ෂා කරයි.

ඔවුන් 2030 වසර වනවිට දෛනිකව තෙල් බැරල් මිලියන 5ක අවමවීමක් අපේක්ෂා කරන බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

ඒ විද්‍යුත් වාහන සඳහා වන ඉල්ලුම ක්‍රමයෙන් ඉහළ යාම හේතුවෙනි.

මේ වනවිට ලොව වාහන ඉල්ලුමෙන් විද්‍යුත් වාහන සඳහා වන ඉල්ලුම් සියයට 30කි.

මෙම දශකය අවසානය වනවිට එය සියයට 40ත් 45ත් අතර අගයත් දක්වා ඉහළ යනු ඇතැයි ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය අපේක්ෂා කරයි.

2015 ප්‍රංශ සම්මුතිය වන්නේ ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.5ක් ඇතුළත පවත්වාගෙන යාමට ය.

කෙසේ වුවද ප්‍රංශ සම්මුතියට අනුව, ගෝලීය උෂ්ණත්වය සීමා කිරීම සඳහා වන එම අරමුණ ඉටුකර ගැනීම සඳහා 2030 වනවිට විද්‍යුත් වාහන සඳහා වන ඉල්ලුම තවත් ඉහළ යායුතු බව ජාත්‍යන්තර බලශක්ති ඒජන්සියේ අපේක්ෂාව වෙයි.

විද්‍යුත් වාහනවල මිල සහ ආරෝපණ මධ්‍යස්ථාන ප්‍රමාණය මත විද්‍යුත් වාහන සඳහා වන ඉල්ලුම් රඳා පවතී.

චීනය සැලකෙන්නේ එම සාධක දෙකෙන්ම පිරිපුන් රටක් ලෙසට ය.

චීනයේ විද්‍යුත් වාහනයක සාමාන්‍ය මිල ඩොලර් 33, 964කි.

අමෙරිකාවේ විද්‍යුත් වාහනයක මිල ඩොලර් 53,000 ඉක්මවයි.

එමෙන්ම, අමෙරිකාවේ ඇති ආරෝපණ මධ්‍යස්ථාන ගණන 52,000ක් පමණක් වන අතර චීනයේ ආරෝපණ මධ්‍යස්ථාන ගණන මිලියනයකට අධික ය.

ඒ අනුව ඉදිරියේදී චීනය, ලෝක විද්‍යුත් වාහන වෙළෙඳපොලේ ප්‍රමුඛත්වය ගනු ඇතැයි අපේක්ෂිතය.

ලොව විශාලතම ක්‍රිප්ටෝ කරන්සි හුවමාරුව වන බයිනෑන්ස් හි ප්‍රධාන විධායක, Changpeng Zhao එම සමාගමෙන් ඉල්ලා අස්වී තිබේ.ඒ ඔහුට...
22/11/2023

ලොව විශාලතම ක්‍රිප්ටෝ කරන්සි හුවමාරුව වන බයිනෑන්ස් හි ප්‍රධාන විධායක, Changpeng Zhao එම සමාගමෙන් ඉල්ලා අස්වී තිබේ.

ඒ ඔහුට එරෙහිව එල්ලවූ මුදල් විශුද්ධිකරණ චෝදනා සඳහා වැරැද්ද පිලීගැනීමෙන් අනතුරුව ය.

"මම වැරද්දක් කළා...මම ඒ සඳහා වගකීම භාරගන්නවා. මම ඒ තීරණය ගන්නේ අපේ අය වෙනුවෙන්..."

ඒ සමගම ඩොලර් බිලියන 4.3ක් දඩ ලෙස ගෙවන ලෙස එක්සත් ජනපද බලධාරීන් බයිනෑන්ස් සමාගමට දැනුම්දී තිබේ.

ඔවුන් පවසන්නේ සම්බාධක පනවා ඇති රටවලට සහ වෙළෙඳපොළ වලට මුදල් හුවමාරු කිරීම සඳහා එය යොදාගෙන ඇති බවයි.

විශේෂයෙන් ඉරාන ග්‍රාහකයින්ට ඩොලර් මිලියන 900ක් පමණ වටිනා හුවමාරු සඳහා බයිනෑන්ස් භාවිත කර ඇති බවත් ඊට අමතරව රුසියාව, සිරියාව වැනි සම්බාධක පනවා ඇති රටවල් සමගත් ඒ ඔස්සේ මුදල් හුවමාරු කර තිබූ බවත් සඳහන් ය.

බයිනෑන්ස්, කේමන් දිවයිනේ ලියාපදිංචි කර ඇති සමාගම කි.

Address

Matara

Alerts

Be the first to know and let us send you an email when News 12 Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share