SathsaRax

SathsaRax THE EXPERIENCE MAKER 👣
Vlogger 🇱🇰 Full time Software Developer 💻
10k+ on TikTok 🎥 25k+ on Youtube

13/11/2025

මට මෙතන හිතට සැනසිල්ලයි....
ගහගෙන යන රැල්ලේ සද්දේ මැදින් උදේම වැටෙන ඉර අව්වට කකුල් තෙමෙද්දී,
ලිහිණියෝ කෑගහගෙන පියාඹන මුහුදු හුළඟ වදිද්දී,
ඒත් එක්කම දැනෙන්නෙ සැනසිල්ලක්....
මට මහ මුහුද ළඟ ඉද්දී හිතට සැනසිල්ලයි....

12/11/2025

My favorite perfume - Rayhaan Lion

05/11/2025

තිස්සමහාරාම චෛත්‍ය වැඳගෙන ලස්සන ඇල පාරවල්, කුඹුරු පහු කරගෙන තිසා වැව පැත්තට පයින් ගියා. වැව් බැම්ම දිගේ ඇවිදගෙන යද්දී වැව අයිනේ බෝට්ටුවක වාඩිවෙලා පැද්දි පැද්දී මේ අයියා හිටියේ. එදා බිස්නස් අඩු නිසා මම හිතන්නේ රුපියල් 2000කට තිසා වැවේ දූපත වටේට ගිහින් එන්න කතා කරගත්තා. මම පළවෙනි වතාවට වැවක බෝට්ටුවකින් ගියේ. බෝට්ටුවේ බර අඩු නිසා පොඩ්ඩක් එහා මෙහා පැද්දෙන ගතියක් තිබුණා.

සම්පුර්ණ vlog එකම yt එකෙන් බලන්න 👉
https://youtu.be/YBqWQaJ75qo?si=9EjtUpoUUOKgj_Jp

#තිස්සමහාරාම #දකුණ

තිසා වැව 🍃
04/11/2025

තිසා වැව 🍃

03/11/2025

තංගල්ලේ ආව ගමනෙදි මට දවසක් විතර ඉතුරු වුණා. උදේම තංගල්ලේ ඉඳන් හම්බන්තොට හරහා තිස්සමහාරමයට ආවා 75km විතර. මේ පැත්තේ බස් පුදුම වේගෙකින් යන්නෙ 🫠 මතක විදියට ඒ දුර එන්න පැයකට කිට්ටු කාලයක් යන්න ඇත්තෙ.

තිස්ස්මහාරාම චෛත්‍යට එනකම් ඇවිදගෙන ආවා town එකේ ඉඳන්. කුඹුරු, ඇළ පාරවල්.... 🍃 වෙනස්ම ගමනක් වුණා.

සම්පූර්ණ vlog එක yt එකෙන් බලන්න පුලුවන් 👉
https://youtu.be/YBqWQaJ75qo?si=OjCaMgI67rnwJ5BE

#තිස්සමහාරාම #දකුණ

31/10/2025

මතකද කලින් vlog එකේ රෑ මම නැවතිලා හිටියෙ තංගල්ල මුහුද අයිනෙම තිබුණ මැටි ගෙදරකනෙ. (මාව follow කරපු අය දකින්න ඇති 😎)

උදේම ඇහැරලා main road එකට ගිහින් තිස්සමහාරාමෙට යන බස් එකක් අල්ලගන්න වැලි පාරක් දිගේ 1.5km විතර පයින් ගියා. ඒ අතරමඟ තිබුණ හරි ලස්සන තැනක් මේක. මට දැනුනෙම සීගිරියේ ඉඳන් පිදුරංගලට යන පාරේ තිබුණ vibe එකමයි. ඒ විදියමයි 🍃

මේ කොටසෙදි මම ගියා තිස්සමහාරාමෙට යනකම්. තිසා වැවේ boat ride එකකුත් ගියා.

ඒ අත්දැකීමත් එක්කම මේ ටික විඳින්න ආස කෙනෙක් ඉන්නවා නම් සම්පූර්ණ vlog එක මේ link එකෙන් බලන්න පුලුවන් 👉
https://youtu.be/YBqWQaJ75qo?si=NT7Ojq6iXc6jV9Kf

30/10/2025

කොළඹ ඉඳන් එක දිගටම ඇවිත් හපුතලේ town එකේම පොඩි තැනක මම නැවතුනා. මනුස්සයෙක්ගෙ ජීවිතේ තියෙනවා නේද කවදාවත් අමතක වෙන්නෙ නැති මොහොතවල්? ඒ අත්දැකීම අන්න එහෙම එකක්. මීදුම සීතල - නන්නාදුනන පළාතක තනියම... මම කවදාවත් ඒ හපුතලේ ස්ටේෂන් එකේ train යන සද්දෙට බිත්ති හෙල්ලුන ලස්සන රාත්‍රිය අමතක වෙන එකක් නැ.

පහුවදා උදේම ගියේ ලිප්ටන්ස් සීට්. වාහනේ කෝවිළක් ළඟ දාලා tuk එකක් දාගෙන තමා උඩට ගියේ. ඒක තමා මොළේ ඇතිම වැඩේ ඔයාලත් ගියොත් තේරෙයි 😁

මෙතන ඉඳන් පේන view එක මට බලන්න බැරි වුණා මීදුම නිසා. ඒ උනත් මම ගියපු පුදුම ලස්සනක් තියෙන තැනක්.

මේක කියෙව්වට ඔයාට මට දැනුන ඒවා දැනෙන එකක් නැ. සම්පූර්ණ vlog එක බලන්න 👉
https://youtu.be/C1ONxsN9LP8?si=SI_hO9zQtXGbj1S3

29/10/2025

තංගල්ලේ මුහුද අයිනේ තිබුණ මැටි ගෙදරක තනියම night එකක් හිටියා. කලපුවක් ළඟ තිබුණ තැනක් මේක. Booking.com එකෙන් තමයි හම්බවුණේ පොඩි ගාණකට.

තංගල්ල කියන්නෙ හිතුවට වඩා වෙනස් culture එකක් තියෙන ලස්සන පැත්තක්.

📍Full vlog එක මේ link එකෙන් බලන්න 👉
https://youtu.be/paLGf6gu-2Q?si=rNXSmVpADIXm19hT

26/10/2025

කොළඹ ඉඳන් ආව මගේ solo road trip එකේ නතර වුණ තවත් ලස්සන තැනක් තමා මේ.
හපුතලේ කඳු අතර, විශාල වනාන්තර හා මීදුම් මැද පිහිටා ඇති ඇඩිසම් බංගලාව ශ්‍රී ලංකාවේ ඉතාමත් සුන්දර හා ඉතිහාසමත් ස්ථානයක්. 🌿☁️

මෙම බංගලාව ඉදිවුණේ 1931 – 1940 අතර කාලයේදී, ඉංග්‍රීසි මහත්වරුන්ගෙන් වූ සර් තොමස් ලෙස්ලි ටර්නර් ඇඩිසම් (Sir Thomas Villiers Adisham) ගේ නිවසක් ලෙසය. “Adisham Hall” ලෙස මේ ගොඩනැගිල්ල ඉංග්‍රීසි ගල් ගෘහ නිර්මාණ ශෛලියෙන් ඉදිවූ විශාල බංගලාවක් වගේම ඒ වටේට හිතාගන්න බැරි ලස්සන උයනක් තියෙනවා.
ඇතුළට ගියොත් පරණ ඉංග්‍රීසි යුගයේ භාණ්ඩ, පුස්තකාලය සහ නිවෙස් සංස්කෘතිය ඒ විදියටම අත් විඳින්න පුලුවන්. හැබැයි ඇතුලේ නම් photos/ videos ගන්න දුන්නෙ නැ.

සම්පූර්ණ vlog එක මගේ youtube එකෙන් ඔයාට බලන්න පුලුවන් 🍃🚘 👉 https://youtu.be/VdE51UYjltQ?si=S2Vy-P1nyD-beqr6

25/10/2025

කොළඹ ඉඳන් අවිස්සාවේල්ල - රත්නපුර - බෙලිහුලොය - බෙරගල - හපුතලේ - බොරලන්ද - කැප්පෙටිපොළ - නුවරඑළිය හරහා 450km වැඩි දුරක් මම තනියම ගියපු road trip එක. සම්පුර්ණ vlog එක 👉 https://youtu.be/6xT7BCZuPxo?si=mUD5uu-_yrhqI7jk

Address

Matara

Website

Alerts

Be the first to know and let us send you an email when SathsaRax posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share