Sathsarax The Vlogger

Sathsarax The Vlogger I’m travelling, seeking adventure 🙌

Part time : Youtuber 26k+ 🎖🎥 Vlogger
Full time : Software Developer - MS D365 BC

22/08/2026

දෙල්තොට - ලූල්කඳුර වතුයාය හොයාගෙන යන ගමන් | Lookandura - Delthota

VLOG 27 : Link in first comment

21/08/2026

VLOG 53 : උදේම අනුරාධපුර වැව් බැම්මක් දිගේ ඇවිදිනකොට තියෙන සනීපේ | Anuradhapura Sri Lanka

මම දැන් ඇවිත් ඉන්නෙ අනුරාධපුරට. කලින් vlog එකෙන් වෙස්සගිරියේ ගියා මතකනේ.
( VLOG 51 👉 https://www.facebook.com/share/v/18KeZZ6kej/?mibextid=wwXIfr )

ඊට පස්සේ වැවකින් නාලා රුවන්වැලි සෑය වැඳගත්තා 👉
https://www.facebook.com/share/v/1HBZ9TyKnm/?mibextid=wwXIfr

දෙවනි දවසෙ උදේම ආයෙත් බසවක්කුලම වැවට ගියා. වැව බැම්ම දිගේ ඇවිදලා - මීකිරි රස බලලා ඊළඟට ගියේ ථූපාරාමයට !

ඊළඟ කොටස් ටිකත් බලන්න මාව follow කරලා තියාගන්න. නැත්නම් YT channel එකේ ඔක්කොම ටික තියෙනවා.

ජය 💪

17/08/2026

How I started in 2020 and how its going in 2026 🤚

16/08/2026

අනුරාධපුර රුවන්වැලි මහා සෑය - Ruwanweli Maha Seya Anuradhapura

16/08/2026

VLOG 52 : බසවක්කුලම වැවෙන් නාලා රුවන්වැලි සෑය වැන්දා | Ruwanweli Maha Seya - Anuradhapura Sri Lanka

මම දැන් ඇවිත් ඉන්නෙ අනුරාධපුරට. කලින් vlog එකෙන් වෙස්සගිරියේ ගියා මතකනේ.
( VLOG 51 👉 https://www.facebook.com/share/v/18KeZZ6kej/?mibextid=wwXIfr )

ඊට පස්සේ පූජා නගරයේ තවත් ටික දුරක් ඇතුළට ආවා. බසවක්කුලම වැවෙන් නාලා හවස් වෙලා මම ගියා රුවන්වැලි සෑය වඳින්න. හැමෝම කියන කතාව ඇත්ත. එතන හිත නිවන තැනක්.

ඊළඟ කොටස් ටිකත් බලන්න මාව follow කරලා තියාගන්න. නැත්නම් YT channel එකේ ඔක්කොම ටික තියෙනවා.

ජය 💪

12/08/2026

VLOG 51: වෙස්සගිරිය ගිහින් තියෙනවද?
Vessagiriya - Anuradhapura

මේ මගේ අනුරාධපුර ගමනේ පළවෙනි කොටස ✅

ක්‍රි.පූ 307-267 කාල සමය තුළ මෙරට රජකම් කළේ දෙවන පෑතිස් රජතුමා යි. එම රජතුමාගේ රාජ්‍ය කාලය තුළ මහින්දාගමනය සිදුවීමත් සමගම ලංකාවට බුදු දහම ලැබුණා. ඉන් අනතුරුව අප රට තුළ වෙහෙර විහාර රැසක් ඉදි වුණා. එලෙස ඉදිවුණු වෙහෙර විහාර අතරට ථූපාරාමය, ඉසුරුමුණිය, සෑගිරිය, වෙස්සගිරිය යන පූජනීය ස්ථානයන් කිහිපය අයත් වනවා. ඒ අතුරින් වෙස්සගිරිය නම් විහාරයට එම නම් ලැබී ඇත්තේ වෛශ්‍ය හෙවත් වෙළද කුලයට අයත් 500 දෙනෙකු පැවිදි වී මෙහි වාසය කළ නිසා යි. එසේම, රාවණාගේ සීයා වුණු විශ්‍රවස් මුණි මෙහි වාසය කළ නිසා එදා විශ්‍රවස් ගිරි ලෙසින් හැඳින්වුණු ප්‍රදේශය පසුව වෙස්සගිරිය වුණු බවට ද මතයක් පවතිනවා.

අනුරාධපුර පූජා නගරයේ දකුණු දෙසට වන්නට සුන්දර ඉසුරුමුණි විහාරය පිහිටා තිබෙනවා. එම විහාරයට ආසන්නව විශාල ගිරිකුළුවලින් ගහන ගල් තලාවක් සහිත නිස්කලංක භූමියක් පිහිටා තිබෙනවා. වෙස්සගිරිය නමින් හැඳින්වෙන එම පූජා භූමිය, අනුරාධපුර යුගයේ ආරම්භය දක්වා විහිදී යන ඉතිහාසයක් ඇති බිමක්. ක්‍රි.පූ 3 වන සියවසේ අනුරාධපුර යුගයේ රජකම් කළ දෙවන පෑතිස් රජතුමා විසින් ඉදිකෙරුණු මෙම විහාරය තුළ භික්ෂූන් වහන්සේලා 500ක් පැවිදිව වාසය කළ බව වංශකතාවල සඳහන් වනවා. ඉතිහාස මූලාශ්‍රවල වෙස්සගිරි විහාරය පිළිබඳව සඳහන් වුණත්, මෙය නියම වෙස්සගිරිය විහාරය බව ඔප්පු කළ හැකි කිසිදු සාක්ෂ්‍යයක් මෙම භූමියෙන් හමු වී නැහැ.

10/08/2026

මේක නම් පිස්සුවක් බං Live - Wasthi Productions | Anushka Udana | Dulaj Jayathilaka

@ කාල අවකාශ 2026

මම 2016 ඉඳන් වස්ති fan ❤️2022 දි Campus එකේ (SLIIT) විරාමයක් concert එකේ වස්ති live perform කළා හැබැයි දුර ඉඳන් දැක්කේ. මේ concert එකේ VIP tickets අරන් ළඟටම ගිහින් කැම්පස් එකේ කොල්ලො කෙල්ලො අස්සෙම මටත් ආතල් එකක් ගන්න chance එකක් හම්බවුණා. 2026 මම ආසම මොහොතක්.

එදා දවසේ Full Vlog එකක් තියෙනවා මගෙ YT එකේ. Link එක bio එකේ 😎( VLOG 44 )

FB page එකෙන් බලනවා නම් 👉 https://www.facebook.com/share/v/1LrhFgQTeW/?mibextid=wwXIfr

05/08/2026

Kelabokka 360 View Point - කැලෑබොක්ක

දිට්වා කුණාටුවෙන් පස්සේ කැලෑබොක්ක යන්න හිතුණා. වත්තේගම ඉඳන් කබරගල පාරේ ගිහින් ticket counter එක ගාවින් හැරිලා view point එකටම 3km විතර යන්න තියෙනවා. පස් කඳු කඩන් වැටිලා තිබුණ නිසා බයික් එකේ යන්න පුලුවන් වුණේ 1km වගේ දුරක්.
එතන ඉඳන් උඩටම යන්න වුණේ පයින් 😓

Full vlog එක 👉
https://www.facebook.com/share/v/1DGKSb78mQ/?mibextid=wwXIfr

YT එකෙත් මම ඉන්නවා. Follow කළොත් අපි ආයෙමත් හම්බවෙයි. 🍃

01/08/2026

VLOG 37 : හේයි 90 ළමයි, අපිත් දැන් වයසයි 😣 Amma got retired !

අවුරුදු 20කට විතර කලින් අම්මා ප්‍රාථමික අංශයේ ගුරුවරියක් විදියට සේවය කරපු එක ඉස්කෝලයක් තමා පා/හේ/ හපුතලේ මධ්‍යම මහා විද්‍යාලය. ඊටත් පස්සේ එක එක ඉස්කෝලවල වැඩ කළා.
අවුරුදු 35 කිට්ටුව සේවා කාලයක් නිමා කරලා අන්තිමට වැඩ කරලා අවුරුදු 60න් විශ්‍රාම ගත්තෙත් මේ ඉස්කෝලෙන්මයි. ඒ කාලේ එයත් එක්ක ඉස්කෝලෙට ඇවිත් තියෙනවා පෙර පාසලට කලින් වයසෙදි. ඒ තිබුණ මතකයන් ඔක්කොම ආයෙමත් අලුත් වුණ දවසක් මේක.

YT එකෙත් මම ඉන්නවා 🫶

Address

Matara

Alerts

Be the first to know and let us send you an email when Sathsarax The Vlogger posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share