Media unit of Samarasingharama Dhamma School

Media unit of Samarasingharama  Dhamma  School Media unit of Samarasingharama Dhamma School

01/12/2024

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අද දින මෝටර් රථයක් ගිනිගනී

26/11/2024
☸️ විශේෂ ආශිර්වාද පූජාව ☸️මෙවර අ.පො.ස.උසස් පෙළ විභාගයට ඉදිරිපත්වන දරු දැරියනට සෙත්පතා පවත්වන විශේෂ සූවිසි විවරණ ශාන්ති ස...
21/11/2024

☸️ විශේෂ ආශිර්වාද පූජාව ☸️

මෙවර අ.පො.ස.උසස් පෙළ විභාගයට ඉදිරිපත්වන දරු දැරියනට සෙත්පතා පවත්වන විශේෂ සූවිසි විවරණ ශාන්ති සම්බුද්ධ වන්දනා පින්කම නොවැම්බර් මස 23 සෙනසුරාදා සවස 5.00 ට තෙලිජ්ජවිල සමරසිංහාරාමයේදී පැවැත්වේ.

විභාගයට ඉදිරිපත්වන සියලු දූ දරුවනට මේ මා හැඟි අවස්ථාවට සහභාගි ආශිරිවාද ලබාගන්නා මෙන් ආරාධනා.෴.

හෙට උදාවන වප් පුර පසළොස්වක පොහෝය නිමිත්තෙනි🔸🔸🔸🔸🔹🔸🔸🔸🔸වප් පුන් පොහෝ දිනය අසිරිමත් බෞද්ධාගමික සිදුවීම් රැසක් සිදුවුනු වැදගත...
16/10/2024

හෙට උදාවන වප් පුර පසළොස්වක පොහෝය නිමිත්තෙනි
🔸🔸🔸🔸🔹🔸🔸🔸🔸
වප් පුන් පොහෝ දිනය අසිරිමත් බෞද්ධාගමික සිදුවීම් රැසක් සිදුවුනු වැදගත් පොහෝ දිනයකි. මහා පවාරණය, දේවාවරෝහණය, සාරිපුත්ත තෙරණුවෝ ප්‍රඥාවෙන් අගතැන් ලැබීම, මෛත්‍රී බෝධිසත්වයන් ගෞතම සම්බුදු සසුනේ පැවිදි බව ලැබීම, ථූපාරාම සෑ මළුවේ විනය සංගායනාව සිදුකිරීම, ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව රන් කටාරමෙහි පිහිටීම ආදී අසිරිමත් ශාසනික සංසිද්ධීන් සිදුවූයේ වප් පුන් පොහෝ දිනයන්හි දී ය.

පෙරවස් පවාරණය

වසරේ මාස දොළොස හේමන්ත – ගිම්හාන – වස්සාන යනුවෙන් ඍතු තුනකට බෙදනු ලැබේ. එයින් වස්සාන ඍතුවේ වැසි සාර මාසයෙන් මුල් තුන් මස භික්ෂූන් වහන්සේලා වස් වසා වැඩ සිටින කාලයයි. එසේ වස් විසූ පැවිදි උතුමන් වහන්සේලා වස් පවාරණය කරනු ලබන්නේ වප් පුන් පොහෝ දින දීය. භාග්‍යවතුන් වහන්සේ අනුදැන වදාළ ආකාරයට, එක්ව වස් වැසූ සබ්‍රහ්මචාරීන් වහන්සේලා ඉදිරියේ පවාරණය සිදුකරනු ලබන්නේ මෙලෙස පවසමිනි. ‘සංඝං භන්තේ පවාරේමි. දිට්ඨේන වා සුතේන වා පරිසංකාය වා. වදන්තු මං ආයස්මන්තෝ, පස්සන්තෝ පටිකරිස්සාමි. ‘ස්වාමීනී, සංඝයා වහන්සේට පවරමි. වස් වසා වැඩසිටි කාලය තුළ මාගේ වරදක් දැක්කා නම්, අසන්නට ලැබුනා නම්, සැකයක් ඉපදුනා නම් එය මට පවසන්න. මා අතින් එම වරද සිදු වූ බව දන්නේ නම් එය නිවැරදි කරගනිමි.“ යනු එහි තේරුමයි. සම්බුදු සසුනක පමණක් දක්නට ලැබෙන එම උත්තම ආයති සංවරය තුළ පිහිටමින් මහා පවාරණය සිදුකරනා භික්ෂූන් උදෙසා ඊළඟ චීවර මාසය තුළ සැදැහැවත් උපාසක උපාසිකාවන් කඨින චීවර පූජා කර උතුම් පුණ්‍ය ධර්මයන් රැස්කර ගනිති. පැවිදි උතුම්න් වහන්සේලා සිය ශාසනික ජීවිතය පිළිවෙතින් සරුකර ගන්නා වූ ද ගිහි පින්වතුන් බොහෝ පින් රැස්කර ගන්නා වූ ද පින්බර වස්සාන සමය නිමාවට පත්ව මහා පවාරණයන් සිදුකරනු ලබන්නේ වප් පුන් පොහෝ දින දී ය.

සංකස්සපුර දේවා

20/11/2023
රන්දා සිනිදු ගත, රන්වන්  දම් සළුව..බන්දා හැගුම් එක මිටකට ගෙන හැළුව..ලන්දා ගෝතමිය සද, පැරදූ කළුව...කැන්ද බිනර, අමදිමු අකු...
28/09/2023

රන්දා සිනිදු ගත, රන්වන් දම් සළුව..
බන්දා හැගුම් එක මිටකට ගෙන හැළුව..
ලන්දා ගෝතමිය සද, පැරදූ කළුව...
කැන්ද බිනර, අමදිමු අකුසල් මළුව...

☸️භික්ෂුනී ශාසනය ආරම්භ කිරිම.

☸️තපස්සු භල්ලුක යන වෙළද දෙබෑයන් විසින් බුදුන් වහන්සේගේ කේෂ ධාතු තැන්පත් කල ගිරිහඩු සෑය ඉදිකිරීම.

☸️භික්ෂුනීන් වහන්සේලා ට ගරු ධර්ම අටක් හදුන්වා දීම.

වැනි වැදගත් සිදුවිම් රැසක් සිදු වූ උතුම් බිනර පොහොය දිනය අදයි.

☸️ඔබ සැමට පින්බර බිනර මංගල්‍යක් වේවා.!

මේ බිනර මාසයේ  සමරසිංහාරාම  දහම්  පාසලේන්  ඔබ වෙත ධම්මපදයේ  එන පදයක්, සදහම් තිළිණයක්ව මෙසේ උපුටා දක්වයි.A Dhammapada ver...
28/09/2023

මේ බිනර මාසයේ සමරසිංහාරාම දහම් පාසලේන් ඔබ වෙත ධම්මපදයේ එන පදයක්, සදහම් තිළිණයක්ව මෙසේ උපුටා දක්වයි.
A Dhammapada verse on this Binara March

ඔබේ යුතුකම ඉටු කරන දිනයයි...විද්‍යාලට අඩුපාඩුවක්ව පවතින වාහනයක් මිලදී ගැනීමට පවත්වන ලබන Royal Night සංගීත ප්‍රසංගය සදහා ...
04/08/2023

ඔබේ යුතුකම ඉටු කරන දිනයයි...

විද්‍යාලට අඩුපාඩුවක්ව පවතින වාහනයක් මිලදී ගැනීමට පවත්වන ලබන Royal Night සංගීත ප්‍රසංගය සදහා ආදී සිසුන් වන ඔබගේ දායකත්වය ලබා දෙන්න..

එන්න එක්ව අපි අපේ රාජකීය විද්‍යාලය ගොඩනගමු..

අද ඇසල පෝය දිනයයිඇසල පොහොය දිනයේ විශේෂ වැදගත් කමඅපමහ සිදුහත් බෝසතාණන් වහන්සේ පස්මහ බැළුම් බැලීමෙන් අනතුරුව මිනිස් ලොව උප...
02/07/2023

අද ඇසල පෝය දිනයයි
ඇසල පොහොය දිනයේ විශේෂ වැදගත් කම

අපමහ සිදුහත් බෝසතාණන් වහන්සේ පස්මහ බැළුම් බැලීමෙන් අනතුරුව මිනිස් ලොව උපදින්නට මහ මායා දේවියගේ කුස පිළිසිඳගත්තේ ඇසල පෝය දිනකයි.

සිදුහත් බෝසතාණන් වහන්සේ ගිහිගෙය කලකිරී මහාභිනිෂ්ක්රඅමණය කරන්නේත්, රාහුල කුමරුගේ උපත සිදු වන්නේත් ඇසළ පුන් පෝ දිනකයි. එමෙන්ම මාරයා විසින් සිදුහත් බෝසතුන්ගේ ගිහිගෙය හැරයාම වළකා දින හතකින් සක්විති රජකම ලැබෙන බව පවසන්නේද මෙදිනයි.

ගිහිගෙය හැරගොස් වසර හයකට පසුව ලොව්තුරා බුද්ධත්වයට පත්ව බරණැස ඉසිපතන මිගදායේදී ප්රනථම වරට පස්වග තවුසන් උදෙසා ධම්ම චක්ක පවත්තන සූත්රරය දේශනා කොට වදාළේද ඇසළ පොහොය දිනයකයි.

තීර්ථකයන්ගේ මානය බිඳ, දමනය කරනු වස් ගෞතම බුදුරජාණන් වහන්සේ ගන්ධබ්බ රුක් මූලයේදී මහා පෙළහර පෑම ඇසළ පෝ දිනයක සිදුවිය.

කීර්ති ශ්‍රී රාජසිංහ රජු සමයේදී ලක්දිව උපසපන් භික්ෂූන් නොවූයෙන් සියම් රටින් (අද තායිලන්තය) උපාලි තෙරුන් වහන්සේ ඇතුළු පිරිස ගෙන්වා ලංකාවේ උපසම්පදාව ප්රුතිස්ථාපනය කිරීම සිදුවූයේද ඇසල පොහෝ දිනයකයි.

විහාරස්ථාන වල වැඩ වසන භික්ෂූන් වහන්සේලා වස් විසීම ආරම්භ කරන්නේද (පෙර වස් විසීම) ඇසල පොහෝ දිනටයි.

මේ  ඇසළ මාසයේ  තෙලිජ්ජවිල  සමරසිංහාරාම  දහම් පාසලෙන්  ඔබට ගෙන  එන  සදහම්  තිලිණයයි
02/07/2023

මේ ඇසළ මාසයේ තෙලිජ්ජවිල සමරසිංහාරාම දහම් පාසලෙන් ඔබට ගෙන එන සදහම් තිලිණයයි

දඹදිව අ‍ශෝක අධිරජ සමයේ, පැළලුප් නුවර අශෝකාරාමයේ දී මොග්ගලීපුත්ත තිස්ස රහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ තුන්වැනි ධර...
03/06/2023

දඹදිව අ‍ශෝක අධිරජ සමයේ, පැළලුප් නුවර අශෝකාරාමයේ දී මොග්ගලීපුත්ත තිස්ස රහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ තුන්වැනි ධර්ම සංගායනාවෙන් පසු, බුද්ධ ධර්මය පැතිරවීම පිණිස වෙන වෙනම ප්‍රදේශ නවයකට රහතන් වහන්සේලා යැවීමට ගන්නා ලද තීරණයට අනුව, ශ්‍රී ලංකාව වෙත පිටත් කරනු ලැබූ ඉට්ඨිය, උත්තිය, සම්බල, භද්දසාල යන රහතන් වහන්සේලා ද, සුමන නම් සාමණේරයන් සහ භණ්ඩුක නම් අනාගාම් උපාසක ද ඇතුළත් දූත කණ්ඩායම කැටුව එහි ප්‍රමුඛත්වය ගෙන මිහින්තලාවට වැඩම කළ මිහිදු මහා රහතන් වහන්සේ සහවරයින් සමඟ දඩයමේ එහි ගොස් සිටි දේවානම්පියතිස්ස රජු හමුවේ පෙනී සිට රජු හා පිරිසට චුල්ලහත්තිපදෝපම සූත්‍රය දේශනා කිරීමෙන් සිරිලකට බුදු දහම හඳුන්වා දුන්නේ අද වැනි පොසොන් පුර පසළොස්වක පොහෝ දිනයකදී ය.

Address

Thelijiwila
Matara
8100

Alerts

Be the first to know and let us send you an email when Media unit of Samarasingharama Dhamma School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Media unit of Samarasingharama Dhamma School:

Share