Media unit of Samarasingharama Dhamma School

Media unit of Samarasingharama  Dhamma  School Media unit of Samarasingharama Dhamma School

පළමු ධර්ම සංගායනාව සිදුකිරීම, ආනන්ද හිමියන් අරහත් ඵලයට පත්වීම සහ පෙරවස් මඟ හැරුණු භික්ෂූන් වහන්සේලා පසුවස් සමාදන් වීම වැ...
27/08/2026

පළමු ධර්ම සංගායනාව සිදුකිරීම, ආනන්ද හිමියන් අරහත් ඵලයට පත්වීම සහ පෙරවස් මඟ හැරුණු භික්ෂූන් වහන්සේලා පසුවස් සමාදන් වීම වැනි ශාසනික සන්ධිස්ථාන රැසක් සනිටුහන් වූ පින්බර නිකින පෝය දිනයක් වේවා! 🌸✨


මිහිඳු මාහිමියන් අපට දායාද කළ උතුම් ශ්‍රී සද්ධර්මයේ ආලෝකයෙන් අප සැමගේ සිත් සතන් ආලෝකමත් වේවා! ✨වෛරයෙන් තොර, කරුණාවෙන් පි...
19/08/2026

මිහිඳු මාහිමියන් අපට දායාද කළ උතුම් ශ්‍රී සද්ධර්මයේ ආලෝකයෙන් අප සැමගේ සිත් සතන් ආලෝකමත් වේවා! ✨
වෛරයෙන් තොර, කරුණාවෙන් පිරි පින්බර පොසොන් මංගල්‍යයක් වේවා...! 🙏🌸

තේලිජ්ජවිල සමරසිංහාරාම දහම් පාසලේ ගුරු-සිසු දෙපිරිසේම කැපවීමෙන් හා එකමුතුවෙන් සංවිධානය කෙරුණු සත් සිත් නිවාලන “සදහම් අමා...
04/06/2026

තේලිජ්ජවිල සමරසිංහාරාම දහම් පාසලේ ගුරු-සිසු දෙපිරිසේම කැපවීමෙන් හා එකමුතුවෙන් සංවිධානය කෙරුණු සත් සිත් නිවාලන “සදහම් අමා වැස්ස - ශාක්‍යසිංහ ගුණ බැති ගී සරණිය” ශ්‍රද්ධා බුද්ධි සමවත් දැහැන 2026.05.31 වෙසක් පසු පෝදා දින දහම් පාසල් පරිශ්‍රයේ දී සාර්ථකව පවත්වන්නට යෙදුණි.

සම්බුදු ගුණ මහිමයෙන් දසත සුවඳවත් කරමින්, පැමිණ සිටි දහස් සංඛ්‍යාත සැදැහැවත් පිරිසගේ සිත් සතන් නිවා සැනසූ ඒ පින්බර සැඳෑවේ සොඳුරු මතකයන් කිහිපයක්... 🌸🎶
සටහන - සදහම් හඬ මාධ්‍ය කවයේ අපි

දම් සිසිලෙන් සිත් සැනහෙන,සදහම් සිතුවිලි හද තුළ පහන්වන,මෙත් කරුණා ගුණයෙන් ලොවම සුගන්ධවත් වන,සැම සිත් යහපත් සිතුවිලිවලින් ...
30/05/2026

දම් සිසිලෙන් සිත් සැනහෙන,
සදහම් සිතුවිලි හද තුළ පහන්වන,
මෙත් කරුණා ගුණයෙන් ලොවම සුගන්ධවත් වන,
සැම සිත් යහපත් සිතුවිලිවලින් පිරෙන,

පින්බර වෙසක් මංගල්‍යක් වේවා!

මැයි 18 - විජයග්‍රහණයට වසර 17යි..!විජයග්‍රහණය අභිමානයෙන් සිහිපත් කරමු ❤️👍🙏රට,ජාතිය වෙනුවෙන් ජීවිත කැප කල,රණවිරුවනි, අපි ...
18/05/2026

මැයි 18 - විජයග්‍රහණයට වසර 17යි..!
විජයග්‍රහණය අභිමානයෙන් සිහිපත් කරමු ❤️👍🙏
රට,ජාතිය වෙනුවෙන් ජීවිත කැප කල,
රණවිරුවනි, අපි ඔබට සදා ණයගැතියි..💗

අද දින තෙලිජ්ජවිල සමරසිංහාරාම දහම් පාසලේ පැවති ගුරු හමුව 🌸🙏ආදර්ශමත් දහම් පාසලක් කරා යන ගමනේ තවත් වැදගත් පියවරක් තැබූ දවස...
17/05/2026

අද දින තෙලිජ්ජවිල සමරසිංහාරාම දහම් පාසලේ පැවති ගුරු හමුව 🌸🙏

ආදර්ශමත් දහම් පාසලක් කරා යන ගමනේ තවත් වැදගත් පියවරක් තැබූ දවසක්.🌸🙏

මෙහිදී ආචාර්ය මණ්ඩලය කොටස් තුනකට බෙදී:
විනය
අධ්‍යාපනය
විෂය සමගාමී සහ බාහිර ක්‍රියාකාරකම්

මෙම අංශ තුනෙන් දහම් පාසල ඉදිරියේදී වෙනස් විය යුතු දේ සහ නව්‍යකරණය කළ යුත්තේ කෙසේද යන්න පිළිබඳ වටිනා අදහස් සමුච්චයක් ගොඩනැගුවා.

දරුවන්ගේ හදවතට ළංවන, කාලයට ගැලපෙන, සාරධර්ම පෝෂණය කරන දහම් අධ්‍යාපනයක් වෙනුවෙන් අපි එකට හිතන, එකට වැඩ කරනවා 💛

මේ අවස්ථාවේ කැමරා කාචයේ රැඳුණු සොඳුරු මතක කිහිපයක් ඔබ සමඟ බෙදාගන්නවා 📸

"වෛරයෙන් වෛරය නොසන්සිඳේ; මෛත්‍රියෙන් ම පමණක් වෛරය සන්සිඳේ." 🙏✨අපේ සිතේ ඇතිවන ක්‍රෝධය, තරහව තවත් ක්‍රෝධයකින් පරාජය කරන්න ...
12/05/2026

"වෛරයෙන් වෛරය නොසන්සිඳේ; මෛත්‍රියෙන් ම පමණක් වෛරය සන්සිඳේ." 🙏✨
අපේ සිතේ ඇතිවන ක්‍රෝධය, තරහව තවත් ක්‍රෝධයකින් පරාජය කරන්න බැහැ. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ සදාතනික සත්‍යය අපේ ජීවිත වලට එකතු කර ගනිමු. සැමවිටම මෛත්‍රිය සහ ඉවසීම පෙරදැරිව කටයුතු කරමු. 🧘‍♂️🧡
සමරසිංහරාම දහම් පාසලෙන් පිරිනමන ධර්ම දානයක් ලෙස මෙය ඔබේ මිතුරන් අතරත් බෙදා හරින්න. ☸️

සදහම් අමා වැස්සතෙලිජ්ජවිල සමරසිංහාරාමාධිපති රාජකීය පණ්ඩිත අති පූජනීය දිද්දෙනිපොත ධම්මානන්ද ලොකු ස්වාමීන් වහන්සේට නිරෝගි ...
11/05/2026

සදහම් අමා වැස්ස

තෙලිජ්ජවිල සමරසිංහාරාමාධිපති රාජකීය පණ්ඩිත අති පූජනීය දිද්දෙනිපොත ධම්මානන්ද ලොකු ස්වාමීන් වහන්සේට නිරෝගි සුව පැතීම සහ සම්බුද්ධ මාළිගාව ප්‍රතිනිර්මාණය උදෙසා දායක වන සැමට සෙත් පැතීම වෙනුවෙන් විහාර දායක ප්‍රජාව එක්ව සංවිධානය කරන

සත් සිත් නිවාලන - සුපින්බර ධර්ම දේශනා සීල භාවනා විශේෂ පින්කම් මාලාව
2026 මාර්තු 21 දින සිට මැයි 30 දක්වා .෴.

1 පින්කම මාර්තු මස 21 සෙනසුරාදා සවස 5.00 සිට අති පූජනීය කහගොල්ලේ සෝමවංස නායක ස්වාමීන් වහන්සේ (ධර්ම දේශනාව)

2 වන පින්කම මාර්තු 29 ඉරිදා සවස 5.00 සිට ආචාර්ය අති පූජනීය බලංගොඩ රාධ ස්වාමීන් වහන්සේ (ධර්ම දේශනාව)

3 වන පින්කම අප්‍රේල් 05 ඉරිදා සවස 5.00 සිට අති පූජනීය උඩුදුම්බර කාශ්‍යප ස්වාමීන් වහන්සේ (ධර්ම දේශනාව)

4 වන පින්කම අප්‍රේල් 26 ඉරිදා සවස 5.00 සිට ආචාර්ය අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමීන් වහන්සේ (ධර්ම දේශනාව)

5 වන පින්කම තරුණ සීල භාවනා වැඩසටහන
මැයි 02 සෙනසුරාදා උදාසන 6.00 සිට සවස 5.00 දක්වා
අති පූජනීය රාජගිරායේ අරියඤාණ ස්වාමීන් වහන්සේගේ අති පූජනීය කැළණියේ සාසනරතන ස්වාමීන් වහන්සේගේ සහ අති පූජනීය ගල්කිස්සේ සෝමානන්ද ස්වාමීන් වහන්සේ

6 වන පින්කම මැයි 09 සෙනසුරාදා සවස 5.00 සිට අති පූජනීය මීගොඩ සුඛිත ස්වාමීන් වහන්සේ (ධර්ම දේශනාව)

කළ්‍යාණමිත්‍රත්වයෙන් සද්ධර්ම ශ්‍රවණය කර පිළිවෙතින් දිවිමග සරසාගනු වස් ආරාධනා .෴.

මෙහෙයවීම
කාර්ය සාධක සමිතිය
සමරසිංහාරාමය
තෙලිජ්ජවිල
විමසීම් 0718337587/ 077253 9384

සත් සිත්ඉනිවාලන සදහම් අමා වැස්ස සුපින්බර ධර්ම දේශනා පින්කම් මාලාවේ භාවනාමය සීල සමාදානය 2026 මැයි මස 02 සෙනසුරාදා උදාසන 6...
04/05/2026

සත් සිත්ඉනිවාලන සදහම් අමා වැස්ස සුපින්බර ධර්ම දේශනා පින්කම් මාලාවේ භාවනාමය සීල සමාදානය 2026 මැයි මස 02 සෙනසුරාදා උදාසන 6.00 සිට සවස 5.00 දක්වා අති පූජනීය රාජගිරියේ අරියඥාන ස්වාමීන් වහන්සේගේ පින්බර වැඩම වීමෙන් මාතර තෙලිජ්ජවිල සමරසිංහාරාමයේ දී දහස් සංඛ්‍යාත සවිවනක් පිරිසේ සහභාගීත්වයෙන් පැවති පින්කම් අවස්ථා කැමරා සටහන්

Address

Thelijiwila
Matara
8100

Alerts

Be the first to know and let us send you an email when Media unit of Samarasingharama Dhamma School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Media unit of Samarasingharama Dhamma School:

Shortcuts

Share