A - Sanin TV

A - Sanin TV ගවේෂණාත්මක නිවැරදි හා සත්‍ය තොරතුරු වඩාත් විශ්වාසනීය ලෙස සහ වේගවත්ව සමාජ ගතකිරීම තුළින් ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය තහවරු කිරීම අපගේ ප්‍රමුඛ අභිලාෂයයි.
(5)

Our primary goal is to uphold the people's right to information.

06/09/2026
06/09/2026

ජනාධිපති අනුර කුමාර දිසානායක සහභාගී වන ජන රැළි මාලාව අදින් ආරම්භ විය."අපේ ආණ්ඩුව වසර දෙකයි - රටට සුබයි" තේමාව මුල් කරගනි...
06/09/2026

ජනාධිපති අනුර කුමාර දිසානායක සහභාගී වන ජන රැළි මාලාව අදින් ආරම්භ විය.

"අපේ ආණ්ඩුව වසර දෙකයි - රටට සුබයි" තේමාව මුල් කරගනිමින් මෙම ජන රැළි මාලාව පැවැත්වීමටයි කටයුතු යොදා තිබෙන්නේ.

මෙම ජන රැළි මාලාවේ පළමු අදියර කළුතර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් අද පස්වරුවේ ආරම්භ වූ අතර, පළමු රැලිය පස්වරු 2.00ට බුලත්සිංහලදී ද, දෙවන රැලිය පස්වරු 3.30ට බේරුවලදී ද පැවැත්වීමටයි කටයුතු සංවිධානය කර ඇත්තේ.
#වසරදෙකයිරටටසුභයි

06/09/2026

#𝐛𝐞𝐫𝐮𝐰𝐚𝐥𝐚

සැප්තැම්බර් මාසයට අදාළව ලාෆ්ස් ගෑස් මිල ගණන් සංශෝධනය නොකරන බව එම සමාගම නිවේදනය කරයි. පවතින මිල ගණන් යටතේම ලාෆ්ස් ගෘහස්ථ ...
06/09/2026

සැප්තැම්බර් මාසයට අදාළව ලාෆ්ස් ගෑස් මිල ගණන් සංශෝධනය නොකරන බව එම සමාගම නිවේදනය කරයි.

පවතින මිල ගණන් යටතේම ලාෆ්ස් ගෘහස්ථ ගෑස් සිලින්ඩර අලෙවි කෙරෙන බවයි එම සමාගම සඳහන් කරන්නේ.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස්‌ සිලින්ඩරයක මිල රුපියල් 4,965ක් වන අතර, කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,988ක් ලෙස පවතී.

ශ්‍රී ලංකාවේ හෙල්ල විසිකිරීමේ ශූර රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් ශූරතාව දිනාගෙන තිබේ.ඒ අනුව ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා ශූරතාවලිය...
06/09/2026

ශ්‍රී ලංකාවේ හෙල්ල විසිකිරීමේ ශූර රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් ශූරතාව දිනාගෙන තිබේ.

ඒ අනුව ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා ශූරතාවලියේ අවසන් මහා තරගයේදී හෙල්ල විසිකිරීම පිරිමි ඉසව්ව ජය ගනිමින් මෙම ජයග්‍රහණය වාර්තා කර ඇත.

මෙරට වේලාවෙන් අද (06) අලුයම අවසන් වූ මෙම තරගයේදී ඔහු මීටර් 89.04ක දුරක් වාර්තා කරමින් මෙම ජයග්‍රහණය හිමි කර ගත්තා.

මීටර් 87.47ක දුරක් විසිකළ පෝලන්තයේ Dawid Wegner දෙවන ස්ථානය දිනා ගත් අතර, මීටර් 83.99ක දුරක් වාර්තා කළ ටොබෑගෝr රජ්‍යයේ Keshorn Walcott තෙවන ස්ථානය හිමි කර ගත්තා.

වසරක් තුළ අදියර කිහිපයකින් පැවැත්වෙන මෙම ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් මහා තරගයේදී එක් එක් ඉසව් ජය ගන්නා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඩයමනේ ලීග් ශූරතා හිමිවනවා.

ඒ අනුව ඔහු වාර්තා අතරට එක් වන්නේ ඩයමන්ඩ් ලීග් ශූරතාව දිනු පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩකයා ලෙස වන අතර ඔහු මේ වන විට හෙල්ල විසිකිරීම පිරිමි ඉසව්වේ ලෝක ශ්‍රේණිගතකිරීම් හි පෙරමුණේ පසු වනවා.

ඌව, මධ්‍යම සහ නැගෙනහිර පළාත්වලත්, පොළොන්නරුව සහ මුලතිව් දිස්ත‍්‍රික්කවලත් පස්වරු 2.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම්...
06/09/2026

ඌව, මධ්‍යම සහ නැගෙනහිර පළාත්වලත්, පොළොන්නරුව සහ මුලතිව් දිස්ත‍්‍රික්කවලත් පස්වරු 2.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඌව සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි අතර, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කර සිටින්නේ.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටී.

"එ:ජා:ප යම නාමල්ට ගොනු කරපු චෝදනාවට අත්අඩංගුවට අරන් නීතිය ක්‍රියාත්මක කරනකොටලැජ්ජ නැතූව අත්අඩංගුවට ගැනීම විවේචනය කරලා ලි...
05/09/2026

"එ:ජා:ප යම නාමල්ට ගොනු කරපු චෝදනාවට අත්අඩංගුවට අරන් නීතිය ක්‍රියාත්මක කරනකොට

ලැජ්ජ නැතූව අත්අඩංගුවට ගැනීම විවේචනය කරලා ලිපියක් නිකුත් කරනවා"

- නිරුක්ෂ කුමාර -

05/09/2026

Address

Matara
81000

Alerts

Be the first to know and let us send you an email when A - Sanin TV posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to A - Sanin TV:

Shortcuts

Share