Rastiyadukaraya - " රස්තියාදුකාරයා "

Rastiyadukaraya - " රස්තියාදුකාරයා " Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Rastiyadukaraya - " රස්තියාදුකාරයා ", Media, matara, akuressa, Matara.

31/10/2024

#සමහර මිනිස්සු විවිධ හේතු නිසා ආදරේ දෙන්නෙ ලිමිට් කරලලු,
එහෙම කරන්නෙ කොහොමද කියලවත් මට හිතාගන්න බෑ,

මොකද මම ආදරේ කරද්දි මට ආදරේ ලිමිට් කරල දෙන්න තේරෙන්නෙ නෑ
හදවතින්ම සම්පූර්ණයෙන් ආදරේ කරනව මිසක් ලිමිට් කරන්නෙ ඇයි කියලවත් මම දන්නෙ නෑ

ඇත්තටම මට ආදරේ ලැබේවි කියල මම බලාපොරොත්තු වෙන තරමටත් වඩා මම ආදරේ කරන මිනිස්සුන්ට මම ආදරේ කරනවා
ඒ මගේ හැටි
සමහරු ඒක දුර්වල කමක් විදියට දකිනවද දන්නෙ නෑ, ඒත් කමක් නෑ,

ඒ වගේම මං ඉල්ලන්නෙ අවංක ආදරෙයි විශ්වාසෙ රකින්නයි කියල විතරයි, ඒ දෙක රැකුනෙ නැති තැන මං ඒ අය එක්ක ඉන්නෙ නෑ කියලත් මං ආදරේ කරන අයට කියලයි මං ආදරේ කරන්නෙ

ආදරේ කරද්දි මම ආදරේ කරන මනුස්සයව කවදාවත් විකල්පයක් විදියට තියාගෙන නෑ
අරක නැති උනොත් මේක, එයා බෑ කිව්වොත් මේක, එහෙම ආදරයක් මගේ හිතේ නෑ, තව කෙනෙක්ව හිතේ තියන් කාටවත් ආදරේ කරන්න ගිහින් නෑ, ආදරේ කරන්නෙ එක්කෙනාටයි, එයා විතරයි, මුළු හදවතින්ම, වෙන option නෑ

ඉතින් මට ලේසියෙන් කෙනෙකුට හිත යන්නෙත් නෑ, හැබැයි මේ වෙනකන් හිත ගිය අයගෙන් හරිහමන් අවංක ආදරයක් මට ලැබිල නෑ, මගේ විශ්වාසෙ රැකල නෑ, මාව පාවිච්චි කරලදෝ කියලත් හිතෙනවා, හැබැයි මම ඒ අයට ආදරේ කළා උපරිමෙන්ම අවංකව.

මම කාවවත් පටු අරමුණක් වෙනුවෙන් පාවිච්චි කරල නෑ, විකල්පයක් විදියට තියාගෙන ආශ්‍රය කරල නෑ, ද්‍රෝහි වෙලා නෑ, බොරු කරල නෑ, අහිංසක හිත් එක්ක සෙල්ලම් කරල නෑ, ආදරේ නාමයෙන් කාවවත් පාවිච්චි කරල නෑ, වචනෙ වචනෙ විදියට රැක්ක.

හදවතින්ම ආදරේ කරන කෙනාටම විතරයි ආදරේ කළේ,

ඉතින් මට මං ගැන ගොඩක් සතුටුයි

අනිත් අය කොහොම කලත් මං ආදරේ කලේ අවංකවම නිසා

මට දුක් දුන්න, මගේ ආදරේ පහළට දාපු,
මාව අවංක තේරීමක් වෙනුවට option එකක් විදියට පාවිච්චි කරපු, මාව මගඇරපු, නොසලකා හැරපු, මාව රවට්ටපු, මට වටිනාකමක් නොදීපු, මගේ ආදරේ අවභාවිතා කරපු, හැමෝටම මම සමාව දෙනවා,
ඒ ඒ අය සමාව ලබන්න සුදුසු නිසා නෙමෙයි, ඒ අයව හිතේ තියාගෙන ඉඳීමෙන් මට සැනසීමක් නැති නිසා,

ඒත්, මම සමාව දුන්නත් මේ සොබාදහම, කර්මය මේ සේරම බලාගෙන හිටියා,

ඉතින් හෘද සාක්ෂිය නඩු අහද්දි සොබාදහම දඬුවම් දෙද්දි, කර්මය පළිසන් දෙද්දි ඒක කාටවත් නවත්තන්න බෑ, ඒක කාටත් පොදු ධර්මතාවක්, ඉතින් කරපු පව් ගෙවාගන්න බැරිව ඉද්දි ඒ අය තවත් පව් රැස් කරගත්ත එකට කරන්න දෙයක් නෑ

මම එහෙම කලේ නැති නිසා මට මං ගැන මගේ ආදරේ ගැන පසුතැවීමක් නෑ

ඒ වගේම මම දන්නවා බැඳීම් වලදි අවංකව ආදරේ කරල ඒව රැකගන්න මම කැපකිරීම් කරපු නිසා සොබාදහම මට සාධාරණයක් කරාවි, මට ඒක විශ්වාසයි.

ඉතින් ස්තූතියි මුළුමහත් විශ්වයට මට පාඩම් කියල දුන්නට ජීවිතය ගැන 🌏

#ආදරණීය_ninja

Copied

Credit goes to respective owners

31/10/2024

සමහර මිනිස්සු හැසිරෙන්නෙ එයාල කිසිම වැරැද්දක් නොකරපු අය වගේ

ඒත් ඒ මිනිස්සු හිත් රිද්දපු, බොරු කරපු, අවංක මිනිස්සුන්ට දැනුන වේදනාව එයාලටත් දැනුන නම්,
එයාල තේරුම් ගනීවි මිනිස්සුන්ගෙ හිත් එක්ක සෙල්ලම් කරන්න හොඳ නෑ කියල

මිනිස්සුන්ව, මිනිස්සුන්ගෙ හිත් පාවිච්චි කරන්න හොඳ නෑ කියල

හෘද සාක්ෂිය කතා කරන දවසට එයාලට ඒක හොඳටම තේරෙවි, සොබාදහම තේරුම් කරාවි

එහෙම බොරුවෙන් ජීවත් වෙන මිනිස්සු
ඔබව මගහැරිය එක, අතහැරිය එක ගැන සතුටු වෙන්න

මනුස්සයෙක්ව රිද්දල, විශ්වාසෙ බිඳල, රවට්ටල, බොරු කරල, මග හැරල, සතුටු වෙන්න,
එහෙම කරල තමන් වැරැද්දක් කළේ නෑ කියල සාධාරණීකරනය කරන්න එයාලට පුලුවන්

අඩුම මනුස්සකමේ අවම අගය වත් නැති, හිත් පිත් නැති ඒ වගේ මිනිස්සුන්ට තමන්ගෙ වාසිය වෙනුවෙන් ඊට වඩා නරකම දෙයක් උනත් කරන්න පුලුවන්

ඉතින් සතුටු වෙන්න ඔයා එහෙම නොවුන එක ගැන, ඔයා බැඳීමට, ආදරයට අවංක උන එක ගැන, විශ්වාසෙ නොබින්ද එක ගැන, රැවැට්ටුවෙ නැති එක ගැන, ද්‍රෝහි නොවුන එක ගැන

අපි කවුරුත් සර්ව සම්පූර්ණ නැහැ,
ඒත් හිතක් රිද්දල, විශ්වාසෙ බිඳල, රවට්ටල, බොරු කරල සතුටු වෙන්න තරම් මනුෂ්‍යත්වය පහතට දාගන්න එපා

ඉතින් සතුටු වෙන්න ඒ වගේ මිනිස්සුන්ගෙන් ගැලවුන එක ගැන ඔයාගෙ ලස්සන ජීවිතය

එයාලට වෛර කරන්න එපා, සමාව දෙන්න සුදුසු නැති උනත් සමාව දෙන්න,
ඔයාගෙ මනසෙ සාමය ආරක්ෂා කරගන්න
ඒ අයව සොබාදහමට බාර කරන්න

ඔයා ඔයාගෙ ගමන සතුටින් යන්න

ඉතින් ආදරෙන් හොඳ හිතින් අවංකව ඉන්න ලස්සන ආදරණීය ළමයෝ

ඔයාට සොබාදහම හොඳම දේවල් තෑගි කරාවි

~ සදී ~

31/10/2024

බොරු කරපු ආදරයකට

වෛර නොකරමි, ශාප නොකරමි, විශ්වාසය, අවංක බව, බිඳුනු තැන ඉදිරියක් නැතකර්මය හරි සාධරණයි කියල මං විශ්වාස කරනවා☝️
31/10/2024

වෛර නොකරමි, ශාප නොකරමි, විශ්වාසය, අවංක බව, බිඳුනු තැන ඉදිරියක් නැත
කර්මය හරි සාධරණයි කියල මං විශ්වාස කරනවා☝️

Loving someone who’s healing from heartbreak can be challenging, and sometimes the emotional weight becomes too much to carry. In this video, we explore why ...

15/09/2024
15/09/2024
14/09/2024
14/09/2024

Address

Matara, Akuressa
Matara
20000

Website

Alerts

Be the first to know and let us send you an email when Rastiyadukaraya - " රස්තියාදුකාරයා " posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category