Malimbada Api

Malimbada Api Malimbada Official Updates 🎖
(2)

ඊශ්‍රායලයේ රැකියා ක්ෂේත්‍ර දෙකක් සඳහා අයැදුම්පත් කැඳවීම අද (10) ආරම්භ වන බව විදේශ රැකියා නියුක්ති කාර්යාංශය පවසනවා.ඒ අනු...
10/08/2026

ඊශ්‍රායලයේ රැකියා ක්ෂේත්‍ර දෙකක් සඳහා අයැදුම්පත් කැඳවීම අද (10) ආරම්භ වන බව විදේශ රැකියා නියුක්ති කාර්යාංශය පවසනවා.

ඒ අනුව, අවන්හල් ක්ෂේත්‍රය වෙනුවෙන් අයැදුම්කරුවන් 4,000 ක් ලියාපදිංචි කිරීම සඳහා අද දහවල් 12.00 ට https://services.slbfe.lk/Israel/WebPortal_Home යන වෙබ් අඩවියේ අදාළ ද්වාරය විවෘත කෙරෙන බවයි සඳහන් වන්නේ.

එසේම, ප්‍රතිසංස්කරණ රැකියා ක්ෂේත්‍රය වෙනුවෙන් අයැදුම්කරුවන් 12,000 ක් ලියාපදිංචි කිරීම සඳහා අද පස්වරු 2.00 ට වෙබ් ද්වාරය විවෘත කිරීමට නියමිතයි.

සුදුසුකම්ලත් ඊශ්‍රායල් නියෝජිතයන් විසින් ඉහත රැකියා කාණ්ඩවලට අදාළව ශ්‍රමිකයන් තෝරාගැනීම සිදු කරන බැවින්, තමන්ට මනා වෘත්තීය හැකියාව ඇති රැකියා ක්ෂේත්‍රය සඳහා පමණක් අයැදුම් කරන ලෙසයි විදේශ රැකියා නියුක්ති කාර්යාංශය රැකියා අපේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටින්නේ.

10/08/2026

බලමු අපි හැප්පිලා....
අත්අඩංගුවට ගැනීමට පෙර පොහොට්ටුවේ මහලේකම් නීතීඥ සාගර කාරියවසම් කියූ කතාව >>>

🔴 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම්, මීට සුළු මොහොතකට පෙර මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගු...
10/08/2026

🔴 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම්, මීට සුළු මොහොතකට පෙර මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා >>>

සිරි වඩන පුර දුලන දෑ උරුම පෙරහර, අදින් අට දිනකින් වීදි සරයි..!
10/08/2026

සිරි වඩන පුර දුලන දෑ උරුම පෙරහර,
අදින් අට දිනකින් වීදි සරයි..!

හෙට දිනයේ උසස්පෙල විභාගයට පෙනී සිටින දැයේ දූ දරුවන්ට, ඉහළ සාමාර්ථයක් ලබා ගැනීමට හැකියාව ලැබේවා කියාහදවතින්ම ප්‍රාර්ථනා ක...
09/08/2026

හෙට දිනයේ උසස්පෙල විභාගයට පෙනී සිටින දැයේ දූ දරුවන්ට,
ඉහළ සාමාර්ථයක් ලබා ගැනීමට හැකියාව ලැබේවා කියා
හදවතින්ම ප්‍රාර්ථනා කරමු..!!

🔴 දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ මාර්ග ප්‍රතිසංස්කරණයට ඉන්දියාවෙන් තවත් 'බේලි' පාලම් තොගයක් ශ්‍රී ලංකාවට >>>දිට්වා සුළි ...
09/08/2026

🔴 දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ මාර්ග ප්‍රතිසංස්කරණයට ඉන්දියාවෙන් තවත් 'බේලි' පාලම් තොගයක් ශ්‍රී ලංකාවට >>>

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් දැඩි ලෙස හානියට පත් ශ්‍රී ලංකාවේ ග්‍රාමීය මාර්ග පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ඉන්දීය රජය විසින් තවත් 'බේලි' (Bailey) පාලම් තොගයක් ශ්‍රී ලංකාව වෙත නිල වශයෙන් පරිත්‍යාග කර ඇත.

ඉන්දියාව විසින් ශ්‍රී ලංකාව වෙනුවෙන් පිරිනමන ලද ඩොලර් මිලියන 450ක ආපදා පසුකාලීන ප්‍රතිසංස්කරණ පැකේජය යටතේ මෙම පාලම් ලබා දී ඇති අතර, මෙට්‍රික් ටොන් 250කට අධික බරකින් යුත් මෙම පාලම් තොගය නිල වශයෙන් භාර දුන් බව ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය සිය 'X' ගිණුම හරහා තහවුරු කර තිබේ.

දිවයින පුරා බලපෑමට ලක්වූ ප්‍රදේශවල අත්‍යවශ්‍ය ගමනාගමන සබඳතා යළි ස්ථාපිත කිරීම සහ යටිතල පහසුකම් නැවත ගොඩනැංවීම මෙහි ප්‍රධාන අරමුණයි. මෙම පාලම් ස්ථාපනය කිරීමේ කටයුතු සඳහා ඉන්දීය හමුදා ඉංජිනේරුවන් දේශීය බලධාරීන් වෙත සෘජු තාක්ෂණික සහයෝගය ලබා දීමට නියමිතය.

🔴 කොත්මලේ ගාමිණී දිසානායක ජලාශයේ ජල මට්ටම එහි උපරිම ධාරිතාව වෙත ළඟා වීම හේතුවෙන්, අද (09) පස්වරු 7.00 ට ජලාශයේ වාන් දොරට...
09/08/2026

🔴 කොත්මලේ ගාමිණී දිසානායක ජලාශයේ ජල මට්ටම එහි උපරිම ධාරිතාව වෙත ළඟා වීම හේතුවෙන්, අද (09) පස්වරු 7.00 ට ජලාශයේ වාන් දොරටු සුළු වශයෙන් විවෘත කිරීමට පියවර ගෙන තිබේ.

ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ ප්‍රධාන වේලි හා ජලාශ මෙහෙයුම් අංශය (කොත්මලේ) නිවේදනය කළේ, මෙම වාන් දොරටු හරහා තත්පරයට ඝන මීටර 20 ක පමණ වේගයකින් අතිරික්ත ජලය කොත්මලා ඔයට මුදා හැරෙන බවයි.

මෙම තත්ත්වය මත ජලාශයෙන් පහළ කොත්මලා ඔයේ සහ මහවැලි ගඟේ ජල මට්ටම් ඉතා සුළු වශයෙන් ඉහළ යාමක් සිදුවිය හැකි බැවින්, ඒ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙසත්, අදාළ ප්‍රදේශවල වෙසෙන ජනතාව මේ සම්බන්ධයෙන් වහා දැනුවත් කරන ලෙසත් බලධාරීන් මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

09/08/2026

ඓතිහාසික සීනිගම ශ්‍රී මහා දෙවොල් දේවාලයේ 59වන ඇසළ මහා පූජෝත්සවයේ දෙවන දවල් පෙරහැර සජීවී විකාශනය

09/08/2026

ඓතිහාසික සීනිගම ශ්‍රී මහා දෙවොල් දේවාලයේ 59වන ඇසළ මහා පූජෝත්සවයේ දවන දවල් පෙරහැර සජීවී විකාශනය

🔴 වැලිගමදී දියවැලකට හසුව අතුරුදහන් වූ විදේශිකයාගේ සිරුර සොයා ගැනේ >>>>>වැලිගම, පරණ කඩේ වෙරළ තීරයේ සර්ෆ් ක්‍රීඩාවේ යෙදෙමි...
09/08/2026

🔴 වැලිගමදී දියවැලකට හසුව අතුරුදහන් වූ විදේශිකයාගේ සිරුර සොයා ගැනේ >>>>>

වැලිගම, පරණ කඩේ වෙරළ තීරයේ සර්ෆ් ක්‍රීඩාවේ යෙදෙමින් සිටියදී දැඩි සුළං තත්ත්වය හේතුවෙන් දියවැලකට හසුවී අතුරුදහන් වූ 21 හැවිරිදි ටියුනීසියානු ජාතික සංචාරකයාගේ මළ සිරුර අද (09) පෙරවරුවේ එම වෙරළ තීරයට ගොඩගසා තිබියදී සොයාගෙන ඇත.

ඊයේ (08) පස්වරුවේ සිදු වූ මෙම අනතුරෙන් පසු පොලිස් ජීවිත ආරක්ෂක කණ්ඩායම්, වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ පෞද්ගලික කිමිදුම්කරුවන් එක්ව සෙවුම් මෙහෙයුම් දියත් කළ ද ඔහු සොයා ගැනීමට නොහැකි විය.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ වැලිගම මූලස්ථාන පොලීසිය මගින් සිදු කරනු ලබයි.

Address

Malimbada
Matara
81000

Website

Alerts

Be the first to know and let us send you an email when Malimbada Api posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share