09/06/2024
මිනිස්සු මැරෙන්නෙ වයසෙ පිළිවෙලට නෙමෙයි 👇🏼
මේක වෙලා දැන් ටික කාලයක් ,අවුරුදු තිස් ගානක් වුන මේ තරුණයා මනෝ උපදේශනයට එන්නෙ අවුරුදු විසි නමයක් වුනු තමන්ගෙ තරුණ බිරිඳ මියයාමේ වේදනාව දරාගන්න බැරුව ,
ඇගේ අහිමිවීමටත් වඩා තමන්ගේ යුතුකම් ඉටු නොකිරීමේ පශ්චාත්තාපය ඔහුට ජීවිතය එපා කරවලා තිබ්බා.
ඒ කථාව නම් ගම් වෙනස් කරලා එයා කියපු විදිහටම කියන්නම් .
"මම පවුලෙ එකම දරුවා. අම්මා රජයේ රස්සාවක් කලේ. මට අවුරුදු එකොළහේදී තාත්තා නැති උනාට පස්සෙ අම්මා මාව තනියම ලොකු මහත් කරන්න සෑහෙන්න දුක් වින්දා.
කොහොමහරි හොඳට ඉගනගෙන අම්මා කැමති උන විදිහටම මම ඉංජිනේරුවෙක් උනා .
චාමරී මට මුණගැහුනෙ මගෙ ඔෆිස් එකේදී. එයා හරිම හොඳ අහිංසක කෙල්ලෙක්.
වසර දෙකක පෙම් සබඳතාවයක ප්‍රථිපලයක් විඩිහට අපි කසාද බැන්දා.
පවුලේ එකම ළමයා නිසයි ,අම්මා තනියම නිසයි අපි අපේ ගෙදරම නැවතුනා.
මුලදී අම්මයි චාමරියි බොහොම හොඳට හිටියා.
හැබැයි ටික කාලයක් යනකොට අම්මා අපේ ජීවිතවලට ඇඟිලි ගහනවා වැඩියි නේද කියල චාමරී මට චොද්නා කරන්න ගත්තා.
ඇත්තම කිව්වොත් නොකිව්වට මටත් ඒක තේරිලා තිබුණේ.
ඉරිදට කොහෙහරි ඇවිදින්න යන්න හැදුවම එයත් ලැස්තිවෙලා ඇවිත් කාර් එකේ ඉඳගන්නවා.
අපි කාමරේ දොර වහන් ඉන්නකොට දොරට ගහනවා.
මම චාමරී ආස දෙයක් අරන් දීපු ගමන්ම එයාටත් ඒක ඕන වෙනවා.
ඒ විතරක් නෙමේ ,මගෙ පඩිය පවා වියදම් වෙන විදිහ ගැන බලපෑම් කරනවා .
ඕව දරාගන්න බැරුව චාමරි සමහර දාට මාත් එක්ක රණ්ඩු වෙනවා.
ඒ රණ්ඩු වෙන හැම වෙලාවකම මම චාමරී ට කියපු එකම එක කථාවක් තිබ්බා.
"අම්මා හැමදාම ජීවත් වෙන්නෙ නැහැ ,මම එයා ඉන්නකම් එයාගෙ හිත රිද්දන්නෙ නැතුව එයාව සතුටෙන් තියනවා ,ඔයා කැමති උනත් නැතත් මම ඒක කරනවා "
ඉතින් ඊට පස්සෙ අපි ට්‍රිප් යන එක නැවතිලා ගියා. කෙටියෙන්ම කිව්වොත් ෆිල්ම් එකක් වත් බලන්න ගියෙ නැහැ.
අම්මා නැතුව අපි දෙන්නා තනියම ගමන් ගියේම නැති තරම්.
අම්මා නැති කාලෙක ඔයා ආස දේවල් කරමු.
අම්මා නැති කලෙක ටුවර් එකක් යමු.
අම්මා නැති කාලෙක ඒක ගමු.
කිය කිය එයාගෙ ජීවිතේ හුඟක් ඉල්ලීම් මම පස්සට දැම්මා ..
මගෙ වදේටමද කොහෙද චාමරී උනත් පස්සෙ පස්සෙ අම්මගෙ වෙනස්කම් ඉවසගෙන ඉන්න පුරුදු උනා. එයා ඉන්නේ සතුටෙන් නෙමෙයි කියල දැන දැන උනත් මම පාඩුවේ හිටියා .
හරියටම මාස හයකට කලින් එක දවසක් බඩු ගේන්න ටවුමට ගිය චාමරී ආයෙ පණ පිටින් ගෙදර ආවෙ නැහැ.
කහ ඉරේදීම ලොරියකට යටවෙලා එයා නැති වුනා.
වයස විසිනමය ඉවර වෙලා මාස දෙකයි දවස් පහෙන් චාමරී ජීවිතේ ඉවර කළා .
"අවුරුදු හැත්ත හයක් වෙච්ච අම්මා තාම ජීවත් වෙද්දි විසි නමයෙන් මගෙ නෝනා මැරුණා. "
ඉපදෙන හැමෝම මැරෙනවා කියල මට එයාගෙ මරණය ගැන හිත හදාගත්තත් ,අම්මා නිසා නැතිකරලා දාපු එයාගෙ ආසාවල් මතක් වෙද්දී හිත හදාගන්න බැහැ මිස් ...
ඔහු දරාගෙන හිටපු ඒ වේදනාව ලේසි පහසු එකක් නෙමෙයි.😥
කමිලගේ ඒ පශ්චාත්තාපය අවම කරන්න අපිට තෙරපි එක්ක ලොකු ප්‍රොසෙස් එකක් ඕනෙ උනා .
👇🏼...............................👇🏼
මේ ටික ඔයාට ,
මේ ලෝකෙ කවුරුත් වයසෙ පිළිවලට මැරෙන්නෙ නැහැ.
ඒ නිසා කිසිම මොහොතක බැඳීම්වලට හිඟ තියාගන්න එපා.
📍අම්මල ඉන්නෙ එකයි කිය කිය තමන් විශ්වාස කරලා තමන් එක්ක ජීවත් වෙන්න ආපු බිරිඳට හෝ සැමියාට ශාරීරික හෝ මානසික වද දෙන්න හිතෙනවනම් හෝ ඒ දිහා නිශ්ශබ්දව බලන් ඉන්න බලාගෙන කසාද බඳින්න එපා .
📍මොකද ඔබේ දෙමව්පියන්ගේ toxic behaviours වලට ,අහිමිවීම් වලට හෝ ඇරියස් වලට වෙනත් මනුස්ස ජීවින් ගොදුරු විය යුතු නැහැ. එහෙම ගොදුරු කරවන්න ඔබට අයිතියකුත් නැහැ .
📍වැඩිමහල් වුනු දරුවන්ගේ ජීවිතවල පුර්ණ අයිතිය ඔවුන්ට දෙන්න බැරුව තන්හාවෙන් දරුවෝ අල්ලන් ඉන්න දෙමව්පියෝ මේ සමාජේ ඕන තරම් ඉන්නවා.
ඔවුන් නිසා වද වේදනා විඳලා ජීවිතේම එපා වෙච්ච තරුණ ගැහැණු දරුවො ඊට වඩා ඉන්නවා .
📍තමන්ගෙ පුතා බිරිඳට ගහනවා අහගෙන ඉඳල සතුටු වෙන අම්මල වගේම ,තමන්ගෙ දුව බෑනාට බනිනවා හිනා වෙවී අහන් ඉන්න අම්මලත් ඕන තරම් ඉන්නවා.
📍ලංකාවෙ දෛනික දික්කසාද වලින් 60 %කට වඩා ප්‍රතිශතයකට හේතුව විදිහට නැද්දම්මලා වග කියනවා .
📍නැද්දම්මල නිසා පීඩා විඳින සමහර තරුණ ගැහැණු දරුවෝ අතින් ඒ පීඩාව ඇරියස් එකක් විදිහට අනාගතේ තමන්ගෙ දරුවන්ගෙ ජීවිත වලටත් ඇප්ලයි වෙනවා .
ආයෙත් කියන්නේ ,විවාහයට සාදාරණ වෙන්න බැරි මිනිස්සු කසාද බඳින්න එපා ,
තමන්ගෙ සහායකයාගේ ජීවිතය සතුටෙන් තියන්න බැරිනම් ඒත් කසාද බඳින්න එපා .
මොකද ,මිනිස්සු මැරෙන්නෙ වයසෙ පිළිවෙලට නෙමෙයි ,
තමන්ගෙ මිනිස්සු නොහිතන වෙලාවක මිය ගියොත් ඒ මිනිස්සු වෙනුවෙන් කරන්න පුළුවන්කම තියෙද්දිත් නොකරපු සහ හිතාමතා මගහැරපු යුතුකම් මතක් වෙනකොට ඔබටත් ජීවත් වෙන්න හිතෙන එකක් නැහැ .
අනිශා ජයකොඩි ✍🏻
Anisha Jayakody
(Psychological counsellor)