
05/08/2025
'අලි-සාලිය ක්‍රිකට් එන්කවුන්ටර්' එක ගැන මගේ මිතුරන් කිහිපදෙනෙක්ම තමන්ගේ FB එකේ සටහන් තියලා තිබුනා. ඒත් මේ මගේ සටහන ඊට වඩා ගොඩක්ම වෙනස්! ඒකත් මගේ ජීවිතෙය් මුහුණදුන් එක්තරා විදියක
'අලි-සාලිය එන්කවුන්ටර්' එකක් තමයි!
හරියටම අදට වසර 14ට කලින් මේ 'තරගය' නියම සහ අනියම් ලෙස පුරා මාස 06ට වැඩි කාලයක් දැඩි අවධානයට ලක්වෙමිනුත් තවත් වසර 6.5ක් පමණ මහජන අවදානයෙන් බැහැරවත් පැවැත්වුනා.
නමුත් මේ සටහන මෙම ඉහල ගණයේ වෘත්තිකයන් දෙදෙනාගෙන් කාටහෝ විරැද්ධව තබන සටහනක් නොවන බව ඉතා පැහැදිලිව කිවයුතුයි. 'Ali-Saliya Cricket Encounter' ලෙස දුටු විගස ඇතිවූ මගේ මතකය
මෙසේ සටහන්කරන්නට සිතුවා.
වර්ෂ 2010 ජනාධිපතිවරණය වන විට රාජපක්ෂ පාලනයට තවදුරටත් සහාය නොදිය යුතුයි කියලා මම තීරණයක් ගත්තා. එම තීරණය මගේ දේශපාලනික වගේම පුද්ගලික ජීවිතයේත් බරපතල අභියෝගයන් රැසකට මම
රැගෙන ගියා. ශාරීරික හා මානසික පීඩනයන් හා ප්‍රහාරයන් මා සහ මගේ පවුල සොයා ආවා. නීතියට වඩා අවනීතියත්, රාජ්‍ය බලය රකුසෙකු ලෙසත් මා පසුපස පන්නන්නට වුනා.
පළාත් පාලනයේ විනය හා විමර්ෂණ නීතිය අතිශය රැදුරැ හා පක්ෂග්‍රාහී වූ, නීතියේ මූලික ආචාරධර්මවලට පවා නින්දා ගෙනදෙන ක්‍රියාවලියක්! ඒ පිළිබදව පසුව සටහන් කරන අපේක්ෂාවෙන් මම මගේ කථාවේ 'අලි-සාලිය' කොටසට එනවා.
ඉහත දේශපාලන කාරනා මුල්කර ගනිමින්, මා අකාර්යක්ෂම නගරාධිපතිවරයෙකු ලෙස නම් කරමින් දකුණු පළාතේ ප්‍රධාන අමාත්‍යතුමා (දකුණේ පළාත්පාලන ඇමති) මාගේ මාතර නගරාධිපති ධූරය අත්හිටුවමින් ගැසට් නිවේදනයක් නිකුත් කලා. මේ ගැසට් නිවේදනයට එරෙහිව නීතිමය පියවරක් ගැනීම මගේ අභිලාශය වූනා. මේ සදහා පළාත් පාලන විශයට සුදුසු නීතිඥ මහත්මයෙකු සොයාගැනීම මගේ අරමුණ වුනා. වර්ථමාන ලංකාවේ පළාත් පාලනයේ ඉහලම ගණයේ නිළධාරියෙකුවන Gamini Gunasekara මහතාත් මමත් බොහෝ ඉහලපෙලේ නම් දරාපු නීතිඥයින් හා සමාගම් සමග කථාකලා. සමහර ඉහලම පෙලේ දේශපාලන නායකයන් විවිධ නීතිඥ මහත්වරැ හදුන්වා දුන්නා. ඒත් ඒ කාගේත් මතය වුනේ මේ ගැසට් නිවේදනයට විරැද්ධව කලහැකි කිසිවක් නොමැත් බවයි. ඔවුන්ට අනුව මට ඉතිරිවී තිබුනේ 'යටත්වීම' පමණයි.
අවසානයේ දී සාලිය පීරිස් මහතා හමුවන්නට අපි තීරණය කලා. මගේ සහ මංගල සමරවීර මහතාගේ නිවාස වලට ආණ්ඩුවේ මැරයන් ලවා පහරදීමට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සම් වෙනුවෙන් ඔහු පෙනීසිටි අවස්ථාවේ මම ඔහු හදුනාගත්තා. ඒත් ඔහු තෝරා ගැනීමේ දී ප්‍රධනම කරැණ වුනේ ඔහු තුල තිබුන ඇහම්කම්දීමේ ගුණය නිසයි. අපේ නඩුව පැහැදිලිකරලා දෙන්නට පුලුවන් කෙනෙකු ලෙස අප සිතූ පරිදිම ඔහු කටයුතුකලා.
ඔහු පුදුම කෙනෙක්! අපට හමුවුන නීතිඥවරැ අපේ කථාව ඇහුවේ නැහැ. ඔවුන් අපට නීතිය කියාදුන්නා. 'බැහැ' කියලා නොකියාම කිව්වා. ඒත් සාලිය පළාත් පාලනය අපෙන් අහගන්න තරම් නිහතමානී වුනා. ඔහුගේ දැනුම හා
අත්දැකීම් ඒවාට ඒකතුකලා. කවුරැත් බැහැ කියපු ගැසට් නිවේදනය අත්හිටුවමින් අධිකරණයෙන් 'අතුරැ තහනම් නියෝගයක්' ගන්න සාලිය පීරිස් මහතා සමත්වුනා. මම නැවත නගරාධිපති පුටුවේ වාඩිවුනා. පළාත් පාලන
ඇතුලේ මේක ඓතිහාසික සිදුවීමක්!
මේ පසුබිම යටතේ දක්ෂිණපායේ ඉදලා අරලියගහ මන්දිරයට යනකම්ම ගිනියම් වුනා. මහ ඇමතිතුමාට ගෝටාභය මහත්මයාගේ ඍජු නියෝගය වුනේ 'අලි සබ්‍රි' මහතාගේ නීති උපදෙස් ලබාගන්නා ලෙසයි. එතැන් සිට ගාල්ලේ සටන අනියම්වත්, කොළඹ සටන ඍජුවමත් 'අලි-සාලිය එන්කවුන්ටර්' එකක් වුනා.
කොළඹ පීඩනය නිසාම මහ ඇමතිතුමා 'තහනම් නියෝගයට' එරෙහිව අභියාචනා අධිකරණයේ නඩු පැවරැවා.
නඩුවට දින නියමවුනේ දෛවෝපගත විදියකට! හරියටම නඩු දිනයට කලින්දිනයේ දී කෝට්ටේ 'අපේගම' පරිශ්‍රයේ දී
මාතර මහා නගර සභාව ලංකාවේ හොඳම මහා නගර සභාව ලෙසින් සම්මානයට පාත්‍රවුනා. තවත් විදියකින් කිවහොත් මම ලංකාවේ හොඳම නගරාධිපති ලෙස සම්මානයට පත්වුනා.
ඒ 2010 ජුලි මාසය. අධිකරණ ශාලාවේ අපේ නඩුව විභාගය ඇරඹුනා! 'අලි-සාලිය' දෙපාර්ශවයේ නීතිඥයින් ලෙස පෙනී සිටියා. මම එදින පලමුවරට අලි සබ්‍රි මහතා දුටුවා. ඔහු මහඇමතිතුමාගේ නඩුව ඉදිරිපත්කලා. ඔහුගේ
කටහඩ මෙන්ම ඉදිරිපත් කල කරැණු අතිශය පැහැදිලියි. මට එරෙහිව වුනත් එය ඉතාමත් තර්කානුකූලයි මෙන්ම ප්‍රභලයි. නමුත් අති දක්ෂ තර්කණයක් ප්‍රායෝගික නොවූ අවස්ථාවාදී පසුබිමකට ගැලපීමට ඇති අසීරැ බව අපට ඇති ප්‍රධානම වාසිය බව මම විශ්වාස කලා. ඒ වගේම සාලිය පීරිස් මොන කොලේ ඇද්දත් ඒක තුරැම්පු වේයැයි මගේ යටිහිතේ විශ්වාසයක් තිබුනා. මොකද! මම සිටියේ අත්නොහැර සටන්කරන මානසිකත්වයක. මහ ඇමතිතුමාගේ චෝදනා පටන් ගන්නේම මා අකාර්යක්ෂම හා දූෂීත නගරාධිපතිවරයෙකු ලෙසින් හදන්වමිනුයි. නමුත් මධ්‍යම රජයට අමතරව ඒ වන විටත් පිට පිට වසර 03ක් මාතර මහා නගර සභාව දකුණු පළාතේ හොදම මහා නගර සභාව ලෙසින් ඒ මහ ඇමතිතුමා විසින් ද මා වෙත සම්මාන ලබාදී තිබුනා.
ඊට කලින් දිනයේ මධ්‍යම රජයේ පළාත් පාලන ඇමතිවරයා දුන් සම්මාන සහතිකයත්, මහ ඇමතිතුමා විසින් මා වෙත පිරිනැමූ සහතිකත් සාලිය පීරිස් මහතා ගරැ අධිකරණයට ඉදිරිපත්කරමින් මගේ පිළිතුරැ ඉදිරිපත්කලා.
අවසානයේ මහ ඇමතිවරයා නඩුව ඉල්ලා අස්කරගනිමින් මා මුල්කර ගනිමින් අතිවූ 'අලි-සාලිය සටන' පළමු වටයේ අවසන් වුනා.
(මේ සටන ත්‍රාසය, භීතිය, කුතුහලය මෙන්ම ශාරීරික හා මානසික වදහිංසා ආදියෙන් නොඅඩුව පිරී තිබුනා. ඒවා මේ සටහනේ නැහැ. සටන 2017 වසර පමණ වනතෙක් ඇදී ගියා. නමුත් මෙහි නොලියවුන අත්හල නොහැකි සුවිශේෂීවූ භූමිකාවක් ඉටුකල නමක් සටහන්කල යුතුමයි. ඒ ඒවකට සාලිය පීරිස් මහතාගේ කණිෂ්ඨ නීතිඥයෙකු වූ Thanuka Madhawa Nandasiri මහතායි. වසර 07ක් පමණ පුරාවට මා අතිශය පීඩාවට හා තර්ජනයන්ට ලක්කරමින් රාජපක්ෂ රජය ගෙනගිය ක්‍රියාකලාපයේදී කලින් කිසිදු දිනක හඳුනාගෙන නොසිටියත් සිය වෘත්තීය වගකීමට අමතරව මිතුරෙකු ලෙසින් දඔහු දැක්වූ උපදේශනය අතිමහත්ය. ඔබේ වැඩි පහසුව වෙනුවෙන් ඇත්තම 'Ali-Saliya Cricket Encounter'පිළිබදව වූ Sudarshana Gunawardana ගේ FB සටහන පළමු කොමෙන්ටුවේ තිබෙනවා.)