කLaa

කLaa Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from කLaa, Digital creator, Hospital Road, Mawathagama.

" මට කියාගන්න බැරි තරම් ලොකු තනිකමක් , පාලුවක් දැනෙනවා ! " 🥺🥀මට ඕන වෙලාවට මගෙ ලග කවුරුත් නෑ..මාව අහන් ඉන්න , දැනෙන දෙයක්...
25/06/2025

" මට කියාගන්න බැරි තරම් ලොකු තනිකමක් , පාලුවක් දැනෙනවා ! " 🥺🥀

මට ඕන වෙලාවට මගෙ ලග කවුරුත් නෑ..

මාව අහන් ඉන්න , දැනෙන දෙයක් කියන්න ඒ හැමදේටම මට ඉන්නෙ මං විතරයි..🥺

කවදාවත් තනි කරන්නෙ නෑ කීව මිනිස්සු දැන් හරියට බිසී වෙලා..

මට මතක් උනොත් ඇරෙන්න ඒ අයට
මාව ගානක්වත් නෑ..

" හැබැයි මට මතකයි මම කොච්චර බිසී උනත් , මට කොච්චර වැඩ තිබුනත් මං ආදරේ කරපු මිනිස්සු වෙනුවෙන් මං කාලය වෙන් කරා ! " 🥀🥺

ඒත් මට එහෙම කාලයක් වෙන් වෙන්නෙ නෑ...

වෙලාවකට මට මාවම පව් කියල හිතෙනවා ! "🥺

කිසිම දෙයක් බලාපොරොත්තු නොවී හැමෝම වෙනුවෙන් කැපකිරීම් කරපු මට අද මෙහෙම උනේ කොහොමද ? 😌

වෙලාවකට මං මගෙන්ම ප්‍රශ්න කරා..

අඩුම කලුවර වැටුනම හෙවනැල්ලවත් මගෙ ලග නෑ...

" කමක් නෑ අනේ මට මං ඉන්නවනේ "

අන්තිමට මම එහෙම හිතලා මගෙ හිත හදා ගත්තා ! 🥺🥀🖇️

17/07/2024

- ඇයි උබ එහෙම කරන්නෙ -

ඇයි රෑ වෙලා ගෙදර යන්නෙ.ඇයි වැඩිය කතා කරන්නෙ නැත්තෙ..

ඇයි උබ ඔහොම බොන්නෙ , මැරෙන්නද
හදන්නෙ..

බැලුවොත් උබ මහ රෑ ජාමෙටත් ඔන්ලයින්..

එක්කො වැඩිපුර ඉන්නෙ තනියම..
__________________________________________________
මං අඩු වයසින් ජීවිතේ හැම කට්ටක්ම
කාපු එකෙක්..

මට නුහුරු බදීම් වලට වඩා හුරු තනිකමට මං
ආදරෙයි..

රෑට මතක පෑරෙනවා වැඩියි..

නින්ද යන්නැති උනාම ඔන්ලයින් එනවා
තමයි..

මගේ දේවල් තව කෙනෙක්ට කිව්වොත් ඒ
කෙනා හිතයි..

ඇත්තටම මට පිස්සු කියලා..

පේන දේට වඩා නොපෙනෙන දේවල් මං
ගැන බොහෝයි..

ඉතින් ඇයි අහන්නෙපා හැමදේටම..

මට සමහර දේවල් වලට උත්තර දෙන්න හරි
අමාරුයි..

උබලා කාටවත් පේන්නෙ නෑ..

මට මම වෙන්න බැරුව මං විදින දුක..

07/07/2024

බදාගෙන සිප අරන්
ලස්සනම තඹරු
රොන් අරන් ඉගිලිලා
ගියත් වී රුදුරු

අප්ලෝඩ් කලේ නෑ
සිනෙමැටික් සමරු
ඉරක්වත් ඇන්දෙ නෑ
ජෙන්ට්ල්මන් බඹරු😇

07/07/2024

04/07/2024

එක්කො මම හිස් වෙමින් ඇත..එසේත් නොමැති නම්
මා පරිණත වෙමින් ඇත..🩶

පෙර මෙන් තදින් කිසිදු බැදීමක් ගැන ඕනෑවට වඩා
සිතීමක් දැන් මා තුළ නැත..

මාගේ ප්‍රියතම පුද්ගලයින්ගේ පවා ආදරය අවධානය ලැබේද නොලැබේද යන්න සොයා බැලීමත්
ඒ ගැන චෝදනා කිරීම් පවා දැන් මා හට වෙහෙසකරයි.

පොඩි දෙයකින් කලබල වී සිත් රිදවාගෙන සංවේදී වූ මා දැන් දරුණුතම වේදනාවන් පවා සිනාවකින් දරාගැනීමටත් ඒ දෙස උපේක්ෂාවෙන් බැලීමටත් පුරුදු වී ඇත..

කොටින්ම කෙතරම් දරුණු කඩාවැටීමකට වුවත් දැන් මා ජීවිතේ නැවත නැගී සිටීම නවතාලිය නොහැක.

මුණ ගැහෙන සෑම කෙනෙකුගේ ජීවිතේම හොදම මනුස්සයෙක් වීමේ වුවමනාවක් යන කොටස දැන් මාගේ ජීවිතේ නොමැති අතර එය මට වර්තමානය පහසු කරන්නක් වී ඇත..

මා සිතන අයුරින් ජීවිතේ සාමකාමීම පරිච්ඡේදය දැන් මා ගත කරමින් ඇත... 😌🩶

-උපුටා ගැනීමක්-

ගමන අවසානයේදී තෘප්තිමත් වීමට සිටින්නේනම් එය කිසිදා සිදුනොවන්නකි.. ගමනේදීම තෘප්තිමත් වන්න.මක්නිසාද,ගමනාන්තය මිරිඟුවක් නිස...
13/05/2024

ගමන අවසානයේදී තෘප්තිමත් වීමට සිටින්නේනම් එය කිසිදා සිදුනොවන්නකි.. ගමනේදීම තෘප්තිමත් වන්න.
මක්නිසාද,
ගමනාන්තය මිරිඟුවක් නිසා නොව; ගමනම මිරිඟුවක් නිසාවෙනි.

23/02/2024

දුක හොයාගන යන ගමනෙ ශෝට් කට් එක තමයි ආදරේ,,,😇

10/02/2024

සංසාරික හමුවීම් අතරේ ලියවුනු සමහර අහේතුක වෙන්වීම් දරාගන්න කියාදෙන 'ආදරේ' කියන්නෙම මහ පුදුම දෙයක් හිතවතුනි!

⛔බොහෝ සෙයින් පෙම් කළ හිත් ප්‍රේමයෙන් බිඳුනු තැන්වල හැඟීම් දැනීම් නැති මිනිසුන් සේ ජීවත්වුනා 🥀❤
24/01/2024

⛔බොහෝ සෙයින් පෙම් කළ හිත් ප්‍රේමයෙන් බිඳුනු තැන්වල හැඟීම් දැනීම් නැති මිනිසුන් සේ ජීවත්වුනා 🥀❤

20/01/2024

ඉතින් තවමත් පමා නෑ ඔබ හිතේ ඇති දේ කියන්න,
නොයා දුරකට රැඳෙන්නම් මම ඔබේ ඔය හිත නිවන්න...❤🥀

Dating ගැන ඔයාලා දන්නෙ නැති facts...!හැමදේම update වෙන කාලෙක, ආදරය, ප්‍රේමය, ලිංගිකත්වය, සම්බන්ධතා වගේ දේවල් විතරක් upda...
20/01/2024

Dating ගැන ඔයාලා දන්නෙ නැති facts...!

හැමදේම update වෙන කාලෙක, ආදරය, ප්‍රේමය, ලිංගිකත්වය, සම්බන්ධතා වගේ දේවල් විතරක් update නොවී තියෙන්නේ නෑ කියලා ඔය ගල් යුගයේ stuck වෙච්ච දායක සභාව තේරුම් ගන්න ඕන. මේ හෑල්ල annoying වගේ නම් කියවන එක නතර කරලා scroll කරගෙන පහළට යන්න.

මං මෙතන dating types 12ක් ගැන කතා කරනවා. දැනුමට යමක් දෙන්නයි යන්නේ.

මොකද අපේ එවුන්,
ලව් කරන්ඩ ඕන
උකන්ඩෝන කියන දෙක ඇරෙන්න එතනින් එහා තමන්ට ඕන දේ define කරගන්න දන්නෙ නෑ. ඒ නොදන්න කම නිසාම තමයි නොගැළපෙන සම්බන්ධතාවල හිර වෙලා කාලකණ්ණි වෙන්නේ.

1. Casual Dating
මේක fun එකට කරන එකක්. Casual datingවලදි බැරෑරුම් කැපකිරීම්වත්, long term relationship එකක් ගැන hopesවත් නෑ. ඒ නිසා මෙතනදි අනිවාර්‍යෙන් ම partnersලා දෙන්නට ඒ ගැන පැහැදිලි අවබෝධයක් සහ එකඟතාවයක් තියෙන්න ඕන. “ටික කාලයක එකට ඉන්නකොට එයාට මාව කසාද බඳින්න හිතෙයි” කියලා හිතාගෙන casual dating කරන මළ හෝන්තුවක් වෙන්න එපා. ඒක ඔයා ඔයාගේ partnerට වගේම ඔයාටත් කරගන්න අසාධාරණයක්.

2. Long-term Dating
මේ කියන්නේ කාලාන්තරයක් එකට ජීවත් වෙන්න හිතාගෙන ගොඩනගාගන්න සම්බන්ධතා ගැන. මේවා strong. මෙතනදී deep dedications කරන්න සිද්ධ වෙනවා. ඒ වගේම partner ගැන ලොකු හැඟීමක් තියෙන්න ඕන. ඒ විතරක් නෙමෙයි, අනිවාර්‍යෙන් ම ඒ මනුස්සයාගේ වටිනාකම්, සම්බන්ධතා, ඉලක්ක උඹේ ඒවාත් එක්ක tally වෙනවද කියලා බලන්නත් ඕන. අනික Long-term relationship එකක් success වෙන්න නම් උඹලා එහෙම සම්බන්ධෙකට ගැළපෙනවාද කියලා දැන අඳුනගන්න, decision එක ගන්න කලින් එකට කාලය ගත කරන එක must එකක්. [මේ කියන්නේ living together ඉඳලා check කරගන්න කියන එක]

3. Friends With Benefits
මේක මරු එකක්. මේකෙදි වෙන්නේ යාලුවෙක් විදිහට treat කරන කෙනෙක් එක්ක නිතරම හරි ඉඳ හිට හරි s*x කරන එක. හැබැයි මෙතනදිත් dedicated love relationship එකක තියෙන hopes or targets තියෙන්න බෑ. ඒ කියන්නෙ යාලුවාව කසාද බඳින්න පොළඹවගන්න හිතාගෙන ඌ එක්ක s*x කරන්න යන්න එපා. ඒකෙන් වෙන්නෙ ඔයාටත් හිකිලා යාලුකමටත් හිකවෙලා යන එක.

4. Situationship
“සමහර බැඳීම්වලට නමක් නෑ” ගගා ඇමිනෙන්නේ මෙන්න මේ situation එකේ ඉන්න එවුන් තමයි. උන්ව හෙන emotional, loving people විදිහට හෝ talk කරගෙන අනින්ඩ පුළුවන් people විදිහට detect කරගන්න ගොබ්බයෝ ඔක්කොටම හපන්! තමන්ට හිතෙනවා නම් “මේ බැඳීමට නමක් නෑ” කියලා, ඉක්මනට partner එක්ක කතා බහ කරලා ඔයාලා අතරේ වඩාත් success වෙන්නේ මොන වගේ දෙයක්ද කියලා identify කරගෙන ඒක workout කරන්න.

5. Online Dating
මේක ඉතින් අමුතුවෙන් කියලා දෙන්න ඕනෙ නෑනේ. Social media ඇතුළේ chat කරන එක, time pass කරන එක, photos, videos share කරගෙන ආතල් ගන්න එකට තමයි online dating කියන්නේ. අවදානම දැනගෙන, අවබෝධයෙන් online date කරන්න. මොකද අන්තර්ජාලයට සම්බන්ධ වුණාට පස්සේ කිසිම දෙයක් ඔයාගේ control එකේ නෑ.

6. Speed Dating
ඔයා relationship එකක් maintain කරන්න කාලය වෙන් කරගන්න බැරි තරම් අම්බානක busy dial එකක් නම් මේ structure එක ඔයාට set වෙනවා. මොකද මෙතනදි, ඉතාම කෙටි කාලයකින් සමීප වෙනවා වගේම ඉතාම කෙටි කාලයකින් වෙන් වෙනවා. සමහරවිට අද මුණ ගැහෙන කෙනා ඔයාට ආයේ ජීවිත කාලෙට ම මුණ නොගැහෙන්නත් පුළුවන්. ආයේ මුණ ගැහුණත්, ඊළඟ වතාවක් මුණ ගැහෙයිද කියලා hopes තියාගන්න බෑ.

7. Blind Dating
මේ ඇවිල්ලා, ඔයා දන්න කියන කෙනෙක් විසින් ඔයාට ඔයා කවදාවත් දැකලා අහලා නැති random මනුස්සයෙක් මුණ ගස්වන එක. Blind date එකකට යද්දි, එයා ගැන ආත භූත දේවල් හිතලා ඔලුව අවුල් කරගෙන යන්නෙ නැතුව fresh mind එකකින් එයා ළඟට ගියොත් හොඳයි. එතකොට ඔයාලාට ඔයාලාව හොඳින් අඳුරගන්න සහ බෙදාගන්න පුළුවන්. ආයෙ වතාවක් මුණ ගැහෙනවද නැද්ද කියන එක ඒ හඳුනාගැනීම මත තමයි සිද්ධ වෙන්නේ.

8. Friend Set-Up
මේකෙදි වෙන්නේ උඹේ යාලුවෙක්, ඔයා නොදන්න එයාගෙ හොඳම යාලුවෙක්ව set කිරීම. මෙතනදි උඹ උඹේ යාලුවාට chance එකක් දීලා බලන්න කැමති වෙලා ඉන්න ඕන. මෙහෙම dating එක්කට උබ ලෑස්ති නැත්තම් ඒක කලින් කියපන්. මොකද chemistry එක set වුන් නැත්තං යාලුකම් පලුදු වෙන්න බෑ.

9. Long-distance Dating
මේක නම් හෙන challengeable. මොකක් හරි හේතුවක් නිසා හෙන දුර ඉඳන් ආශ්‍රය කරන එක ලේසි වැඩක් නෙමෙයි. හැබැයි ඉතින් උත්සාහය, කැපවීම සහ දෙන්නා අතරේ හොඳ communication එකක් තියෙනවා නම් ඕවා මහ දේවලුත් නෙමෙයි!

10. Group Dating
මෙතනදි වෙන්නේ අපිට comfortable set එකක් එකට එකතුවෙලා date කරන එක. මෙහෙම meetup එකකදි තමන්ට match වෙන partnerව හොයාගන්න space එක හදාගන්න පුළුවන්. හැබැයි තව කෙනෙකුගෙ consent එකට respect කරන්න දන්නෙ නැති ගොබ්බයන්ව නම් මෙහෙම තැන්වලට අරන් යන්න එපා.

11. Exclusive Dating
නමේ තියෙන විදිහට ම මේක විශේෂ එකක්. ලංකාවේ ගොඩක් උන් හිතාගෙන ඉන්නේ තමන් විතරක් නෙමෙයි, මේ ලෝකේ ඉන්න හැම මනුස්සයෙක් ම exclusive Dating කළ යුතුයි කියලා. අන්න ඒක අවුලක්. මොකද, Exclusive Dating එකකට එකඟ වුණාට පස්සේ ඒ කෙනාට තමන්ගේ partner ඇර වෙනත් මිනිස්සු එක්ක නිදි වදින්න බෑ. හැම එකාම exclusive dating කරන්න ඕන නම් ඉතින් මේ ලෝකේ dating වර්ග ම 12ක් තියෙන්න ඕනෙ නෑනේ.

ඒ නිසා සිහි බුද්ධියෙන් තේරුම් ගන්න. Exclusive Dating කියන්නේ තමන්ගේ සහ තමන්ගේ partnerගේ consent එක මත එළඹෙන එකඟතාවයක්. නැතුව රටේ ලෝකේ ඉන්න හැම එකාම උඹලා වගේ වෙන්න ඕන, උඹලා තමයි හරිම එක’ කියන එකට නෙමෙයි. Exclusive Dating එකකදි, දෙන්නට දෙන්නාගේ වටිනාකම් අවබෝධ කරගෙන වර්තමානය සහ අනාගතය ගළපගන්න වෙනවා. ඒ වගේම විශ්වාසවන්තව ඉන්න එකත් must එකක්.

12. Open Relationships
මෙතනදි relationship එකේ ඉන්න එක්කෙනෙකුට හෝ දෙන්නට ම ඒ සම්බන්ධතාවයෙන් පරිබාහිරව වෙනත් අය සමග ආදරේ කරන්න හෝ s*x කරන්න පුළුවන්. හැබැයි දෙන්නගෙම අන්‍යෝන්‍ය එකඟතාවය අනිවාර්‍යයි.

ඉතින්, ඔයාට අවශ්‍ය මොන ආකාරයේ සම්බන්ධතාවයක්ද කියලා define කරගන්නත් කාලයක් ගත වෙයි. ඔයා ඒකට පාවිච්චි කරන ක්‍රමවේදය හරි හෝ වැරදියි කියලා විනිශ්චය කරන්න කාටවත් අයිතියක් නෑ. ඒ කොහොම වුණත් ඔයා ඔයාගේ ජීවිතේ ඉතිරි කාලය ගත කරන්න partner කෙනෙක් හෝ කිහිපයක් තෝරගන්න එක ලේසි නෑ, ඒ නිසා, ඒකට Sihina ඇප් එක පාවිච්චි කරන්න! Link හොයන අය first comment එක check කරන්න.

මොකද එතන ඉන්නෙත්, මං මේ කියපු හරුපේ තේරුම් ගන්න පුළුවන්, තව කෙනෙකුගේ consent එකට respect කරන්න දන්න, මොළේ තියෙන genuine මිනිස්සු...!

එහෙනම්... Cheers for the Good Vibes...!

Copied

Address

Hospital Road
Mawathagama

Telephone

+94763211197

Website

Alerts

Be the first to know and let us send you an email when කLaa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to කLaa:

Share