16/10/2025
සුවහසක් වූ Toxic නැන්දම්මලා වෙනුවෙන්.!
අද හරිම සතුටු දවසක්. මගේ පුතා අද විවාහ වුණා. අම්මෙක් විදියට හරිම නිදහසක් දැනෙනවා. ඒත් ලේලි ගැන මට ටිකක් ඉරිසියයි. පුතා බැඳලා වෙනම යන්න හැදුවත් එයා තනියම ගිහින් දුක් විඳිනවට මම කැමති නෑ. ඒ නිසා එයාලා දෙන්නත් අපේ ගෙදරම ඉන්න කැමති කරවගෙනමයි කසාදේ කලේ. පුතා කවදාවත් මම නැතුව රැයක් ගෙදරින් පිට ඉඳලා නෑ. මමත් එහෙමයි. එයාට මම නැතිව තනියි. ඒ හින්දා මමත් එයාලා එක්ක හනිමූන් ට්‍රිප් එක ආවා. අපි තුන් දෙනෙක්ට ඉන්න පුලුවන් කාමරයක් ගත්තා. අප්පච්චි නම් එන්න බෑ කිව්වා. මටත් කිව්වා පාඩුවේ එයාලට යන්න දෙන්න කියලා. එහෙම බැහැනේ. මගේ ළඟම හැදුණු දරුවනේ. එහෙම යවන්නේ කොහොමද? ගෙදරදී නම් ඒ දෙන්නට වෙනම කාමරයක් දෙනවා. ඒත් මේ පිට තැන් වල තියන්න බෑනේ දරුවව. කොහොමහරි අපි දැන් ඒ කාමරේ ඉන්නේ. ලේලි නම් බුකවගෙන ඉන්නවා. අනේ මන්දා ඒකිත් කලින් වගේ නෑ. මොනවා උනත් ලේලිනේ කියලා මම සාරි කටු, කොණ්ඩ කටු ගැලෙව්වා.
ලේලි නාන්න ගියා පුතා නාලා ආව නිසා, පුතාට ඇඳුමක් හොයලා දෙන්න මම එයාලගේ සූට් කේස් එක ඇද්දා. මගේ අම්මේ මොකද්ද විලි සංගයක් නැති, පටි පටි තියන දුහුල් රෙදි කෑලි දෙකකුයි, තේ පෙරන ගොටු හදන රෙද්දෙන් හදපු දිග මේස් දෙකකුයි, ඒ මදිවට පොඩි දුහුවිලි පිහදන එකකුත් ඒ සූට් කේස් එකේ. අම්මපා මං ආවේ නැතිනම් මේකී මේ නොදන්න තැනක කාමරයක් අස්සේ මේ විලි සංගේ නැති රෙදි කෑලි දෙක අඳින්න වෙන්නැති හිතාන ඉන්න ඇත්තේ. ඒ අතරේදි මේකි ආවනේ නාගෙන. මගේ දිහායි, සූට් කේස් එක දිහායි බැලුවේ නිකං පුච්චලා දාන ගානට. මෙකි හැපින්න වගේ පිඹ පිඹ ඉන්නේ නිකං මම ඒකිගේ පුතාව පැහැර ගත්තා වගේ. යමංකෝ ගෙදර, මම හදලා ගන්න.
නැන්දම්මාගේ ඩයරිය available Now..!
මිල රු1000, අපේ මිල 900
COD හෝ Bank Deposit/ Online transfer.
ඕඩර් එකක් දාන්න මේ විස්තර අපිට එවන්න.
1. Name:
2. Address:
3. Phone Number (s):
4. Payment Method: Cash on Delivery/ Bank Deposit
WhatsApp us!
0769712973
Call or message us for further details.