Crick Jayaa

Crick Jayaa Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Crick Jayaa, Digital creator, Minuwangoda.

1981 දී මෙම ශ්‍රී ලංකාව නම් පුංචි දිවයිනට ටෙස්ට් ක්‍රිකට් වරම් හිමි වන්නේ 1975 ලෝක කුසලාන තරගාවලියට සහභාගිවීමෙන්,1979 ලෝ...
16/03/2026

1981 දී මෙම ශ්‍රී ලංකාව නම් පුංචි දිවයිනට ටෙස්ට් ක්‍රිකට් වරම් හිමි වන්නේ 1975 ලෝක කුසලාන තරගාවලියට සහභාගිවීමෙන්,1979 ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියත් ක්‍රීඩා කර ජයග්‍රහණය කිරීම සහ 1979 ලෝක කුසලානයත් ක්‍රීඩා කිරීමෙන් අනතුරුව ය.
1990 ආශ්‍රිත කාලයේ ශ්‍රී ලාංකික ජනතාව අතරට එන ක්‍රිකට් ක්‍රීඩාව 1996 ලෝක කුසලාන ජයග්‍රහණයෙන් පසුව මෙරට සංස්කෘතිය තුළ දක්නට ලැබෙන උප සංස්කෘතියක් බඳු විය. තවමත් ක්‍රිකට් ජනතාව තුළ මුල්බැස ගෙන ඇත්තේ මෙම ඉතිහාසය වෙනස් කළ ජයග්‍රහණයෙනි.

"ඓතිහාසික එක්දින ලෝක කුසලාන ජයට
වසර 30 ක් 🥹❤️❗

ධජය ලෙලවනා සිංහයෝ..
හදවතේ අපේ වීරයෝ.. ❤️

කාසියේ වාසිය දිනල batting first හොඳ ground එකක first bowl කරා. ඔවුන්ට මන් හිතන්නෙ සැලසුමක් තියෙන්න ඇති ඉන්දියාව යම් ලකුණ...
09/03/2026

කාසියේ වාසිය දිනල batting first හොඳ ground එකක first bowl කරා.

ඔවුන්ට මන් හිතන්නෙ සැලසුමක් තියෙන්න ඇති ඉන්දියාව යම් ලකුණු සංඛ්‍යාවකට සීමා කරන්න.

ඒ හින්දම තුන් ඉරියව් Machoncie වෙනුවට වේග පන්දු යවන Duffy ව කණ්ඩායමට කැඳවන්න ඇත්තේ.

ඉන්දියාව powerplay එකට ලකුණු 90 ගහනව. අන්තිමේ නීෂම් ගේ ඕවරෙන් යම් damage එකක් උනත් Dube මැච් එක ආයේ අනික් පැත්තට හැරෙව්වා. Duffy ට ලොකු impact එකක් කරන්න උනෙත් නෑ.

අන්තිමට එදා වගේ අදත් 80 ගානකට 5ක් ගියා.

අන්තිමට Extra batter ව අයින් කරපු එකේ result එක නවසීලන්තයට විදින්න උනා.

එදා අපි එක්ක අර කුඹුරෙදිත් වැඩ දාපු මැකොන්කි හිටියනන් නවසීලන්තයට වැඩක් වෙන්න ඉඩ තිබුණ කියල තමා මට හිතෙන්නෙ.

Anyway, Congratulations to India 🇮🇳

They won their 3rd T20I world cup title.

කිවියො දින්නොත් අද රෙකෝඩ් එක ඉවරයි 🙂💔මොනා උනත් හොඳ පළමු ඉනිමක්. Overs 12 වෙද්දි 170+ ගහල ඉද්දි සැම්සන් ව යවාගෙන මැදපෙල ස...
08/03/2026

කිවියො දින්නොත් අද රෙකෝඩ් එක ඉවරයි 🙂💔

මොනා උනත් හොඳ පළමු ඉනිමක්.

Overs 12 වෙද්දි 170+ ගහල ඉද්දි සැම්සන් ව යවාගෙන මැදපෙල සෑහෙන දුරට අස්ථාවර කරා.

අන්තිමේ ධුබේ ආයේ ගේම් එක ඉන්දියාව පැත්තට හැරෙව්වා.

බලමු 💀

අද බොහෝ විට එතෙක් මෙතෙක් පන්දුවාර විස්ස ක්‍රිකට් ලෝක කුසලාන ඉතිහාසයේ විශිෂ්ටතම අවසන් මහා තරගයක් දැකිය හැකි වේවී. පන්දු ය...
08/03/2026

අද බොහෝ විට එතෙක් මෙතෙක් පන්දුවාර විස්ස ක්‍රිකට් ලෝක කුසලාන ඉතිහාසයේ විශිෂ්ටතම අවසන් මහා තරගයක් දැකිය හැකි වේවී.

පන්දු යැවීමේ අතින් ඉන්දියාව යම් ප්‍රබල ස්ථානයක සිටින බව කිව යුතුමයි. බුම්රා, ආෂ්ඩීප්, කුල්දීප් බලපෑම් එල්ල කළ හැකි පන්දු යවන්නන්.
එදා එංගලන්ත තරගයේ 18 වැනි පන්දුවාරයෙන් බුම්රා එල්ල කල impact එක මතක ඇති. නවසීලන්ත පන්දු යවන්නන් ට වඩා ඉන්දියාවේ පන්දු යැවීම ශක්තිමත්.

පිතිකරණ බලය දෙපිලේම එක හා සමාන තත්ත්වයක් පවතිනවා.
Samson හොඳ ෆෝම් එකේ ඉන්නෙ. Abhishek ට වැදුණොත් වැදුණම තමා.
Middle order එකේ Pandya, Tilak Verma, Suryakumar ඕවරයක් දෙකක් අරගෙන තරගයට ප්‍රබල බලපෑමක් එල්ල කළහැකි පිතිකරුවන්.

Tim Siefert සහ Finn Allen තරගාවලිය පුරාම හොඳ ප්‍රහාරාත්මක ඉනිම් ක්‍රීඩා කළ නිසා ඉන්දියාවේ ජයග්‍රහණය තීරණය කරන ප්‍රබල සාධකය මේ ආරම්භක පිතිකරණ යුගලය වනු ඇත.

Santner, Cole Machoncie , Rachin Ravindra, James Neesham ක්‍රිකට් භාෂාවෙන් කිව්වොත් මැච් වෙනස් කරපු power hitters ලා 🔥

අද සුපිරි තරගයක් නැරඹිය හැකි වේවි ❤️🔥

#හදවතින්මනවසීලාන්කිකයි

2013 ශූරයන්ගේ කුසලාන අර්ධ අවසන් පූර්ව වටයේ එංගලන්තයට එරෙහිව ඕවල් හිදී දකුණු අප්‍රිකාවේ මුල්පෙල හා මැදපෙල අසාර්ථක වෙද්දී ...
05/03/2026

2013 ශූරයන්ගේ කුසලාන අර්ධ අවසන් පූර්ව වටයේ එංගලන්තයට එරෙහිව ඕවල් හිදී දකුණු අප්‍රිකාවේ මුල්පෙල හා මැදපෙල අසාර්ථක වෙද්දී ලකුණු 120 කට පමණ සීමාවිය හැකිව තිබූ ඉනිමක් එක මැද පෙල පිතිකරුවකු නොදැවී ලකුණු 53 ක් රැස් කරමින් පන්දු යවන්නන්ට පන්දු යවන්නට හැකි ලකුණු සංඛ්‍යාවකට ගෙන යනවා.

2014 පන්දුවාර විස්ස ලෝක කුසලාන අර්ධ අවසන් පූර්ව වටයේ ඩකාහි ඉන්දියාවට එරෙහිව තරගයේ තම කණ්ඩායම ලකුණු 170 න් එහා ලකුණක් කරා ගෙන යමින් තරග අවසන් කරන්නාගේ වගකීම මැනැවින් ඉටු කරනවා.

ඕක්ලන්ඩ් හි නවසීලන්තයට එරෙහිව 2015 දකුණු අප්‍රිකාව අර්ධ අවසන් පූර්ව වටයේ තරගයේ අවසන් භාගයේ වර්ෂාවෙන් බාධා එල්ල වීමත් සමගම එක් පිතිකරුවකු දියත් කරන ප්‍රහාරාත්මක ඉනිම නිසා ම ඩක්වත් ලුවිස් න්‍යායේ වාසිය වැඩි ලකුණු 17 කින් දකුණු අප්‍රිකාව දෙසට යොමු වෙනවා.

2023 ඉන්දියාවේ ඊඩ්න් ගාඩ්න්ස්හි ඕස්ට්‍රේලියාවට එරෙහිව අර්ධ අවසන් පූර්ව වටයේ දකුණු අප්‍රිකාව ලකුණු 213 ක ගෞරවාන්විත ලකුණකට ගෙන යමින් ශතකයක් වාර්තා කරන්නට මෙම තනි සටන්කරුවා සමත් වනවා.

2024 පන්දුවාර විස්ස ලෝක කුසලාන අවසන් මහා තරගයේ විටෙක දකුණු අප්‍රිකාව අතේ පැවති ජයග්‍රහණය ඉන්දියාව දෙසට කැරකෙන්නට පටන් ගත්තේ මෙම තනි සටන්කරුවා අතිශය විවාදාපන්න උඩ පන්දුවකින් දවා ගැනීමත් සමගිනි.

2025 චැම්පියන්ස් කුසලාන අර්ධ අවසන් පූර්ව වටයේ තරගයේදී නවසීලන්තයට එරෙහිව 360+ ඉලක්කයක් හඹායාමේදීත් තනි සටන්කරුවා වූ මෙම දකුණු අප්‍රිකාණු ප්‍රහාරකයා ශතකයක් ලබා ගන්නවා.

නමුත් අවාසනාවට කරුණ නම් ඔහු සහ කණ්ඩායම මේ සියලු තරග පරාජය වීමයි.

ඊයේ පැවති අර්ධ අවසන් පූර්ව වටයේ තරගයෙන් ද දේදුණු දේශය පරාජය වැලැද ගත්තේ, දේදුණු දේශය බිහි කල එම අපූරු සටන් කරුවා ට ලෝක කුසලානයක පහස ලබා ගැනීමට තිබූ ඉඩ අහුරාලමිනි.

අපට නැවත ඔහු ගේ එබදු ඉනිම් ICC තරගාවලි තුළ බොහෝ විට යළි දැක ගන්නට නොහැකි වනු ඇතී.

Thank you for all memories ❤️

David Miller 🥺


දැන් ඊලග මාසේ අපි ඇෆ්ගනිස්ථානයට තලනවා 😂ඒක දින්නම World Cup එකේ අරයා හිටියේ නෑ, මෙයා හිටියේ නෑ කියනවා 😂ඊලගට ආයේ තව ලොකු ට...
28/02/2026

දැන් ඊලග මාසේ අපි ඇෆ්ගනිස්ථානයට තලනවා 😂

ඒක දින්නම World Cup එකේ අරයා හිටියේ නෑ, මෙයා හිටියේ නෑ කියනවා 😂

ඊලගට ආයේ තව ලොකු ටීමක් එනකන් හරි ඊලග ICC tournament එක එනකන් ලංකාවෙ ක්‍රිකට් එක ඇදන් යනවා 😂

සරලයි 😂💔

2015 ඉදන් සරලවම වුණේ මේක 💔😂

සමහරු දැන් කියනව ශානක මේකේ හරි ගැහුවලු 😂

කලින් දිනන්න තිබ්බ සහ දිනන්න ඕන මැච් දෙක සෙට්ල් වෙලා ගැහුවෙ නැතුව dead rubber වල ගහල ශානක වීරයෙක් කියල hype කරන්න යන්නෙපා.

අපේ players ලා 2015 ඉදන් ඕක තමා කරේ. 😂
They are trying to be dead rubber heroes 😂

ඔය අර මිනිස්සුන්ට ඔක්කොම අමතක වෙන්න කියන මෝඩ කතා 😂
28/02/2026

ඔය අර මිනිස්සුන්ට ඔක්කොම අමතක වෙන්න කියන මෝඩ කතා 😂

ශ්‍රී ලංකාව ලෝක කුසලාන තරග පාවා දුන්නාද?

ශ්‍රී ලංකාව මෙවර පන්දුවාර 20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ තරග පාවා දුන්නා කියලා මේ වෙද්දී පාකිස්තානය පැත්තෙන් චෝදනා එල්ල වනවා. ඔවුන් කියන්නේ ඉන්දියාවේ බලපෑම් මත පාකිස්තානය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා නොගන්නා තැනට ශ්‍රී ලංකාව වැඩ කළා කියන එක.

විශේෂයෙන්ම නවසීලන්ත තරගයේදී ශ්‍රී ලංකාව ක්‍රීඩා කළේ අපේක්ෂා නොකළ මට්ටමේ දියාරු ස්භාවයකින් වීම ඔවුන්ගේ මෙම පාවාදීමේ තර්කයට තිබෙන ප්‍රධාන සාධකයක්.

සත්‍ය වශයෙන්ම ශ්‍රී ලංකාව මේ තරගය මුදලට පාවලා දුන්නාද? පිළිතුර නෑ.

එහෙම කියන්නේ ඇයි. එන්න මම කරුණෙන් කරුණ පැහැදිලි කරලා දෙන්නම්.

පළවෙනි එක තමයි ප්‍රායෝගික ලෝකයේ මුදල් අරගෙන එහෙම තරගයක් පිටින් පාවලා දෙන්න බෑ. ඒක ප්‍රැක්ටිකල් කාරණයක් නෙමෙයි. මේ සම්බන්ධයෙන් සම්පූර්ණ විස්තර එක්ක මම වීඩියෝ එකක් කළා. මේ ලින්ක් එකෙන් ඒ වීඩියෝ එක බලන්න පුළුවන්. එතනදී සත්‍ය වශයෙන්ම තරග පාවාදීම් කරන්නේ කොහොමද කියලා පැහැදිලි කරනවා.

වීඩියෝ ලින්ක් එක :- https://www.facebook.com/reel/3791374087660020

පාකිස්තානය චෝදනා කරන විදිහට ඉන්දියාව එහෙම කරන්න කියලා සල්ලි දෙයිද?

එහෙම සල්ලි දීලා තරගයක් එහෙම පිටින්ම පාවා දෙන්න කියලා තියෙන තැන මොන තරම් රිස්ක් එකක් තියෙනවද කියලා තේරෙනවද? මේ සිදුවීම කොහෙන් හරි එළි වුණොත් ඉන්දීය ක්‍රිකට් වල කී දෙනෙක්ට දොට්ට බහින්න වෙනවද කියලා දන්නවද?

අනික මැච් ෆික්සින් එහෙමත් නැත්තන් තරග පාවාදීම කියන්නෙ අධිකරණය හමුවට පමුණුවලා දඬුවම් ලබා දෙන්න පුළුවන් තරම් බරපතළ වැරැද්දක්. කලින් එහෙම කරලා හිරේ ගියපු ක්‍රීඩකයෝ පවා ඉන්නවා.

එච්චර නීතිය තදට තියෙන වෙලාවක ඉන්දියාව මේ වගේ රිස්ක් එකක් ගන්න කටයුතු කරනවා නම් ඒක මහ මෝඩකමක්.

තුන්වෙනි වැදගත්ම කාරණය තමයි පාකිස්තානය අවසන් පූර්ව වටයට පැමිණීම වලක්වන්න ඉන්දියාව සල්ලි දෙන්නේ ඇයි? ඇත්තටම එහෙම තත්ත්වයක් උඩ නවසීලන්තයට වඩා පාකිස්තානය අවසන් පූර්ව වටයට පැමිණීම තමයි ඉන්දියාවට කණ්ඩායමක් විදිහට වාසි.

ඉන්දියාව අතීතයේ ඉඳලම ලෝක කුසලාන වලදී පාකිස්තාන තරගය ජය ගන්නවා. 2026 දීත් ඒක වෙනසක් වුණේ නෑ. 2021 ලෝක කුසලානයේ හැරෙන්න අනිත් සියලුම තරග වල ජයග්‍රහණය තියෙන්නේ ඉන්දියාව නම ඉදිරියෙන්.

නවසීලන්තයත් එක්ක මෑත කාලීනව යම් අමිහිරි මතක ඔවුන්ට තිබ්බත් පාකිස්තානය එක්ක නම් ලෝක කුසලාන වල අමිහිරි මතකයක් කියලා ඔවුන්ට තියෙන්නේ 2021 තරගාවලිය විතරයි.

අනික ඉන්දියාවට පාකිස්තානයට වඩා ඉතාම හොඳ කණ්ඩායමක් ඉන්නවා. එහෙම තත්ත්වයක් උඩ ඇයි පාකිස්තානය අවසන් පූර්ව වටයට පැමිණීම ඔවුන් වලක්වන්න සල්ලි දෙන්නේ? ඉන්දියාවටම තමයි නවසීලන්තය වගේ කණ්ඩායමක් එන එකේ පාඩුව තියෙන්නේ.

ඊළඟ වැදගත්ම කාරණය තමයි ඉන්දියානුවන් මොන තරම් හයිකාරකම් තියෙන රටක් වුණත් වෙනත් කණ්ඩායමකට සල්ලි දීලා තරග දිනන්න, වෙනත් කණ්ඩායමක් මිලදී අරන් අවසන් පූර්ව වටය ක්‍රීඩා නොකරවන්න තරම් ක්‍රීඩක අහේනියක් ඔවුන්ට නෑ.

තාමත් 2026 පන්දුවාර 20 ක්‍රිකට් ලෝක කුසලානයේ ඉන්න දක්ෂම සහ ෆේවරිට්ම කණ්ඩායම ඉන්නේ ඉන්දියාවට. ඔවුන් ඇයි ඉතින් අපරාධමය රිස්ක් එකක් එක තරගයක් වෙනුවෙන් ගන්නේ?

ශ්‍රී ලංකා කණ්ඩායම මෑත කාලීනව ක්‍රීඩා කරපු තරග අරන් බැලුවොත් එහෙම අපිට කියන්න වෙන්නේ ඇත්තටම සියලුම තරග පාවාදීලා කියලා තමයි. ඔවුන්ගේ මේ ක්‍රීඩා රටාව ක්‍රීඩකයන්ගේ නොහැකියාව මිසක් තරග පාවාදීමක් නෙමෙයි.

ඔයාලා උඩ මම දාපු ලින්ක් එකෙන් ස්පොට් ෆික්සින් කියන්නේ මොකක්ද ඒක කරන්නේ කොහොමද කියලා බලලා තේරුම් ගත්තා නම් තේරෙයි ඇත්තටම හොඳ තීක්ෂණ බුද්ධියක් සහ හැඩගැසීමක් නැතුව ඒක කරන්න බෑ කියලා.

ඒ නිසා කොහෙත්ම මෙතන තරග පාවාදීමක් සිද්ධ වෙලා නෑ. එහෙම හිතනවා නම් ඒක නිකම් සිතුවිල්ලක් විතරයි.

එච්චර දෙයක් කරන්න ඉන්දියාවට ක්‍රීඩක අහේනියක් නෑ අනික ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පහුගිය කාලෙම ක්‍රීඩා කරපු තරග අරන් බැලුවොත් මේ ඔවුන්ගේ නෝමල් ගේම් එක විතරයි වෙන පවාදීමේ මැජික් එකක් නෑ කියලා තේරෙයි.

මේ තියෙන්නෙ ජාත්‍යන්තර පන්දුවාර විස්ස තරඟවල ශ්‍රී ලංකාව වාර්තා කළ අඩුම ලකුණු 5 පිළිබඳව cricinfo site එකේ දත්ත.ඔතන බලන්න,...
28/02/2026

මේ තියෙන්නෙ ජාත්‍යන්තර පන්දුවාර විස්ස තරඟවල ශ්‍රී ලංකාව වාර්තා කළ අඩුම ලකුණු 5 පිළිබඳව cricinfo site එකේ දත්ත.

ඔතන බලන්න, 2015 ට කලින් තියෙන්නෙ එකයි.
අනික්ව ඔක්කොම 2015 ට පස්සෙ.

ඔතන අපිට මතක ම එක තමා සිම්බාබ්බේ tour එක.
ඒකේ දෙවනි මැච් එකේ තමා අපි 80 ට ගියේ.

ඒක පැරදිල තුන්වෙනි එක අපි ගැහුව.

හුඟක් වෙලාවට උනේ මේක.

අපි අම්මටසිරි වෙන්න කෑවම ෆෑන්ස්ල මුරලි හරි කියනව. ලෙජන්ඩ්ල ක්‍රිකට් වෙනස් වෙන්න ඕන කියනව.

ඊලග මැච් එක මොන සෙල්ලම දාල හරි දිනනව, නැත්තන් ඊලගට පොඩි ටීම් එකක් එක්ක සෙල්ලන් කරන්න දාගෙන දිනල ආයේ ෆෑන්ස්ලව අද්ද ගන්නව.

එතනින් ඔක්කොටම පරණ දේවල් අමතකයි.
ෆෑන්ස්ල මුරලිට පලු යන්න බයිනව.

ඊට පස්සෙ ලොකු ටීමක් සෙට් උනාම අම්බානක කනව. ICC tournament එකක හොදි නැතුව කනව. ඊට පස්සෙ ආයේ "මගේ මතේ ඒක බෑ"

හැම පාරම උනේ ඕක.

දැන් අද මැච් එක මොකක් උනත් අපේ ක්‍රිකට් දැන් වැටිල තියෙන තැන අමතක කරන්න එපා.

මොකද අපේ ලංකාවේ මිනිස්සුන්ට සති දෙකෙන් ඔක්කොම අමතක වෙනවනේ.

මෙවර වත් වෙනසක් විය යුතුයි. හැම දේකම.




28/02/2026

දැන් මේ අස්සෙ ආයෙ රැල්ලක් යනව අපේ කොල්ලන්ට පුලුවන්, වසන්තය එනව අනම් මනම් 😂

අපි වසන්තය එයි කියල 2016 ඉදන් බලන් හිටිය.
ඉන්දියාව ගෙදරටම ඇවිත් 2017 test odi t20i series එකක් ගහල ගියා,
2017 champions trophy පක්කො එක්ක එදා ඊසි දිනල සෙමි යන්න තිබ්බ එක දැන් ඔය ලෙජන්ඩ්ලා, අපේ කොල්ලො එක්ක ඉන්න කියන,මහා ගුරාලා කියන මිනිස්සු තමා ඒ කාලෙ හිටියෙ.
බලපු අය දන්නවනෙ.

2018 එක්දින ආසියානු කුසලානයේ අපි ඇෆ්ගනිස්ථානය, බංග්ලාදේශයට පරාදයි.

2019 World Cup එකේ අපි තව පොඩ්ඩෙන් ඇෆ්ගනිස්ථානෙන් කනව කෑමක්.

2020 එංගලන්ත සංචාරය, ආයෙ පරාදයි
වසන්තය එයි එයි කියල අපෙ මිනිස්සු මහ රෑ ඇහැරිල බැලුව. මාත් එහෙම කෙනෙක්.
පරදින බව දැන දැන අනාගතේ වසන්තය ගැන හිත හිතා බැලුව.
බංග්ලාදේශෙන් සීරීස් පිටින් කෑවා.

2021 හොඳට ලෝක පන්දුවාර විස්ස ශූරයෝ වෙන්න තිබ්බ එක සේසෙට මිස් වුණා.
හසරංග ගේ hattrick එක එහෙම මතක ඇති,

2021 න් පස්සෙ 2022 Asia cup එක දින්නම හිතුව අනේ අපේ ක්‍රිකට් හරි ගියා කියල 💔

අත්තනෝමතිකව සමහර ක්‍රීඩකයින් ඉවත් කරා.
හිතුණ හිතුණ වෙලාවට ටීම් එක වෙනස් කරා.

2022 T20I world cup එකේ අපි නැම්බියාව ට පැරදුණා.

ඔව්ව මෙව්ව එක්ක 2023 අපේ රටේම Asia cup final එකේ ඉන්දියාව ඉස්සරහ 55 කට ගියා.

එක්දින ක්‍රිකට් වල ලොකුම පරාජය ඉන්දියාව ඉස්සරහ ලකුණු 307 කින් World Cup මැච් එක පැරදුණා.

ඒකේ අපි බංග්ලාදේශයෙන් ඇෆ්ගනිස්ථානයෙන් කෑවා.

සිම්බාබ්බේට පවා අපි අපේ රටේම පැරදුණා.

2024 T20I world cup එකේ අපි ආයේ බංග්ලාදේශයෙන් කෑවා.

2026 T20I world cup එකට කලින් ගහපු T20I series ඔක්කොම වගේ පරාදයි.

2026 World Cup එකේ සිම්බොන්ගෙන් කාලා, out of form හිටපු එංගලන්තෙ form කරා 😂

ඉතින්,

තවත් අපේ කොල්ලන්ට පුලුවන් කිය කියා අද මැච් එක දිනනකන් ඉන්නෙ කවුද දන්නවද,

අර 2022 ආසියානු කුසලාන ජයග්‍රහණය ලොකුම ජයග්‍රහණය කියල හිතන රැල්ලට බලන කට්ටිය කියල තමා මට හිතෙන්නෙ 😂

28/02/2026

SANATH TO STEPS DOWN AS HEAD COACH.! 💔

BREAKING NEWS 🚨📰

According to multiple sources, Sanath Jayasuriya is going to step down as Sri Lanka’s head coach after the heartbreaking World Cup exit. Today’s match against Pakistan will be his last game in charge - and it feels like the end of something very special. 🥹💔

What started as a small consulting role in December 2023 turned into the huge responsibility of being Head Coach in October 2024. Earlier this year, Sanath quietly promised that - no matter what happened - he would leave after the World Cup. Now that moment has come. 👀

Sri Lanka had so much hope. They were the hosts. They had everything in their hands. But the dream slipped away. They couldn’t reach the semi-finals. The campaign ended in deep disappointment and pain.🥲

Today, when the team walks out to play Pakistan, it will also be the final goodbye to a legend who gave his heart to Sri Lankan cricket. 💔

A chapter full of emotion, pride, and now tears is coming to a close.
Thank you Sana! 🇱🇰♥️

27/02/2026

සල්ලි, ගෑණු නිසා විනාශ විය 💔

27/02/2026

Address

Minuwangoda

Website

Alerts

Be the first to know and let us send you an email when Crick Jayaa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share