27/07/2025
❤️💚💛 ඔයා වෙනුවෙන් "Me time" එකක් ගන්නවද ?
"Me time" කියන්නේ පවුල, රැකියාව, වගකීම්.. මේ හැමදේම අතරේ.. "මමත් වැදගත්" කියන powerful reminder එකත් එක්ක තමන් වෙනුවෙන් පුංචි හරි වෙලාවක් තියාගන්න එකට !!!
Me Time එකක්..
- තමන්ගෙ හැඟීම්, සිතිවිලි, කැමති අකමැති දේ එක්ක තමන්වම තේරුම් ගන්න අවස්ථාවක්.
- තමන්ගෙ වටිනාකම තේරුම් ගන්න අවස්ථාවක්.
- Creativity දියුණු කරගන්න අවස්ථාවක්.
- Stress අඩු වෙලා mood up කරගන්න අවස්ථාවක්.
- Energy එක reset කරගන්න අවස්ථාවක්.
Me Time Ideas !!!
🍿 ආසම පොතක් කියවන ගමන් උණු තේ කෝප්පයක් බොන එක..
🍿 ආසම සිංදුවක් අහන ගමන් ජනේලෙන් එපිට වැටෙන වැස්ස දිහා බලන් ඉන්න එක..
🍿 වෙන්දට වඩා වෙලා අරන් හොඳට නිදහසේ නාගන්න එක..
🍿 Journal එකේ ඔයාගේ හැඟීම් ලියන එක..
🍿 චිත්‍ර අඳින්න, පාට කරන්න, ඇවිදින්න, උයන්න..ඔයා ආස hobby එකක්..
🍿 ලස්සන දේවල් පින්තූර ගන්න ගමන් නිදහසේ Gratitude walk එකක් යන එක..
🍿 ආසම snacks එකකුත් හදාගෙන, බ්ලැන්කට් එක අස්සට වෙලා ආසම ෆිල්ම් එකක් බලන එක..
🍿 තේ කෝප්පයක් රසවිඳින ගමන් තමන්ගෙ මල් පිරිච්ච ගෙවත්ත වටේ රවුමක් යන එක..
🍿 ඔය වගේ තව කොච්චර නම් දේවල් තියෙනවද අනේ !!!
ඉතිං ඔයාටත් මෙහෙම පුංචි me time එකක් අරන් "මම ඔයාට හරි ආදරෙයි අනේ" කියන්න අමතක කරන්නෙපා !!! 😘❤️✨️
Me time is the best gift you can give yourself and you deserve it !!!!
🫶🧿