Wishy

Wishy What's up guys, Noobie Wishy here! Welcome to my page where I daily streaming games and upload video

25/07/2026

Cheers 🥂

18/07/2026

රවිදුනම් ඉතින් Ez 😎

14/07/2026

හැම්ස්ටර් කෙනෙක් කන්නේ නැති දෙයක් නම් කර වටිනා තෑග්ගක් දිනාගන්න 👍🤦‍♀

09/07/2026

ඔයාලට මොකද හිතෙන්නේ මිකී මවුස්ව කන්න හිතෙන්නේ නැද්ද 😜🫶

Hey Cuties, ආදරෙන් පිළිගන්නවා ඔයාලා හැමෝවම 😍🫶 Welcome to everyone who’s recently joined this little corner of mine!Thank...
01/07/2026

Hey Cuties,
ආදරෙන් පිළිගන්නවා ඔයාලා හැමෝවම 😍🫶 Welcome to everyone who’s recently joined this little corner of mine!

Thank you for being here. Every follow, every like, every comment, and every bit of support truly means more than you know. It inspires me to keep creating and sharing what I love.

I hope we can make wonderful memories together, learn from one another, and enjoy this journey side by side. Wishing each of you happiness, success, and countless beautiful moments ahead.

Thank you for being part of this community. Here’s to an amazing journey together! ❤️✨

Drop a cute little comment 🫣😻
Let’s get to know each other! 🫶

Dhammike Sriyan, Nirasha Ariyasinha, Ridmi Nilakshani, Hasanga Wijedasa, Nishamali Subasinghe, Jeewanthi K Rathnayake, Damith Dilanka, Manula Samaradiwakara, Ajantha Priyani, Thushari Sagarika, Madushani Abewickrama, Rasika Weerasekara Rasi, Piumantha Piumantha, Oshani Hansika, Ikak Jks, Sewmini Wijesekara, Samurda S Lankathilaka, Sithmini Sahanya, Dhananjani Kumbalathara, Thakshila Madushani Rajapaksha, Kirosha Chamalie, Disna Kumari, Jayani Rathnayake, Chehansa Nanayakkara, Sunitha Malani, Ishani Gunasingha, Prabath Bandula, Dulni MK, Jude Ruwan, Lakshi Shashinika, Imesha Rajapaksha, Shanaka Nh, කුමාරි කුමාරි, Apeksha Hettiarachchi, Kaveesha Nanayakkara, Madushi Perera, කවිදු සම්පත්, Dinesha Lakshani, වසන්ත දිසානායක, Shashini Dilthara, Nelum Shanika, Chiran Mihisara, Piumi Nisansala Jayathilke, Thisanka Bimsara, Gallage SJ, UD Nisansala Kumari, Roshan Roshan, Chandani Amarathunga, Vihagi Apeksha, Milan Dinuka

30/06/2026

🌿 මලක් ලස්සනට පිපිලා අපිට පෙනුනට 💐 ඒක පිටිපස්සේ ගොඩක් කැපකිරීම් හැංගිලා තියෙනවා🤍

සමහර දවස් තියෙනවා... හිතට කිසිම හේතුවක් නැතුව බරක් දැනෙන. 🌧️ කතා කරන්නත් හිතෙන්නේ නැහැ. හිනාවෙන්නත් අමාරුයි. ඒත් මන් එක දෙයක් දන්නවා, ඒ දවස් හැමදාම තියෙන්නේ නෑ.
ජීවිතේ කියන්නේ එකම වේගයකින් යන ගමනක් නෙවෙයි. සමහර වෙලාවට වැටෙනවා, සමහර වෙලාවට නවතිනවා, තවත් වෙලාවට හිතාගන්නවත් බැරි විදිහට ලස්සන දේවල් හම්බවෙනවා. 🌸

අද ඔයාට දේවල් හරියන්නේ නැහැ කියලා හිතෙනවා නම්... ඒකෙන් අදහස් වෙන්නේ ඔයාගේ කතාව ඉවරයි කියන එක නෙවෙයි. තාම ලියවෙන්නේ එක පිටුවක් විතරයි. ඊළඟ පිටුව කොහොම වෙයිද කියන්න අපි දන්නේ නෑ 📖✨ ඒත් දන්නවද ඔයාට බලයක් තියෙනවා ඒකට පොඩි හරි බලපෑමක් කරන්න 🥰

අඩන්න ඕනීනම් ඇති වෙනකන් අඩන්න. කාත් එක්ක හරි ටිකක් කතා කරන්න. කවුරුත් නෑ කියලා හිතන්න එපා Comment section එක ඔයාට ඕනී වෙලාවක විවෘතයි 💐 නැගිටින්නවත් හිතෙන් නැත්නම් phone එක පැත්තකින් තියලා ටිකක් නිදාගෙන නැගිටින්න

සීතල වතුරට අමුතුම බලයක් තියෙනවා. මම කියනවට අකමැත්තෙන් හරි ගිහින් shower එක යටින් ඉදන් සුවද සබන් ටිකක් ගාලා ඇග ටිකක් හෝදගන්න 🫶 ඔයාටම වෙනස තේරෙයි. Youtube එකෙන් පොඩි guided meditation එකක් play කරන්න. චිත්‍රයක් අදින්න. කුරුටු බෝල බබෙක් හරි කමක් නෑ. කවුද බලන්න එන්නේ ලමයෝ.. ඔයා ආස ඕනිම දෙයක් කරන්න. ඔයාට ඔයා වෙන්න වෙලාවක් දෙන්න.

ඉවසීම කියන්නේ හැමදේම දරාගෙන නිහඬව ඉන්න එක විතරක් නෙවෙයි. හෙට ගැන තව ටිකක් විශ්වාස කරන එකත් ඉවසීමක්. 💛 ඒ වෙනුවෙන් පොඩි හරි පියවරක් ගන්න 🫶 ඉතින් අද ටිකක් විවේක ගන්න. වතුර ටිකක් බොන්න. බොරුවට හරි පොඩ්ඩක් හිනාවෙලා බලන්නකෝ🌼 ජීවිතේ හදිස්සි කරන්න එපා. සමහර මල් පිපෙන්න ටිකක් කල් යනවා කියලා මතක තියාගන්න... 🌙�මන් ආයෙමත් කියනවා දුක් වෙන්න එපා. හැමදේම කාලයත් එක්ක හරියනවා 🤍✨

~Wishy

🌕 හැම  පෝය දවසකම මේ දේවල් 5 ඔයාටම මතක් කරගන්න 🪷"පෝය දවස ?👉 ආ නිවඩු දවස! " ලංකාවේ ගොඩක් දෙනෙක්ට ඒක ගෙදර ඉන්න පුලුවන් නිවා...
29/06/2026

🌕 හැම පෝය දවසකම මේ දේවල් 5 ඔයාටම මතක් කරගන්න 🪷

"පෝය දවස ?👉 ආ නිවඩු දවස! " ලංකාවේ ගොඩක් දෙනෙක්ට ඒක ගෙදර ඉන්න පුලුවන් නිවාඩු දවසක්. ඒත් එදා දවස නිකන්ම නිවාඩු දවස කරගන්නේ නැතුව ඔයාට පුලුවන් පොඩ්ඩක් නැවතිලා ඔයා ගැනම පොඩි Reflection එකක් කරන්න 🤍 ඔයාගේ ඇතුලාන්තයට පොඩ්ඩක් එබිලා බලන්න 🌿 🙏

🌸 1. මම අද දවසේ කරුණාවන්ත උනාද?

ලොකු දේවල් නෙවේ ජිවිතේ පොඩි පොඩි තැන් වලින් අපිට කරුණාවන්ත වෙන්න ගොඩක් අවස්ථා එනවා. ඉතින් ඒ අවස්ථා අරගන්න. කරුණාවන්ත මිනිස්සු දකින්න හරිම ලස්සනයි!

💛 මම මෘදු ලෙස කතා කළාද?
💛 මම කිසිවක් බලාපොරොත්තු නොවී කෙනෙකුට උදව් කළාද?
💛 මගේ වචන සාමය ගෙනාවාද නැත්නම් වේදනාවක් ගෙනාවාද?

පොඩි උදව්වක්, හිනාවක්, තරහා වචන වෙනුවට ලස්සන අගය කිරීම කරලා බලන්න තවත් කෙනෙක්ගේ දවසක් ලස්සන කරන්න ඔයාට පුලුවන් වෙයි

🍃 2. මම අල්ලාගෙන ඉන්නේ මොනවද?

සමහර විට අපිට තියෙන ලොකුම බර අපට සිද්ද උන දේවල් නෙවෙයි අපි අත්හැරීමට අකමැති දේවල්,
😔 Anger තරහා
💔 Resentment අමනාපය
😞 Regret කලකිරිම
😣 Fear බය

මේ වගේ හැගීම් අල්ලන් ඉන්න එකෙන් අපේ හදවත් ගොඩක් බර වෙනවා. ඉතින් මේ හැගීම් වලට යන්න දීලා ඔයාගේ සාමකාමි බව රැකගන්න

🌼 3. මගේ ක්‍රියාවන් යහපත් කර්මයක් ඇති කරයිද?

අපේ හැම සිතුවිල්ලක්ම, වචනයක්ම, කිර්‍යාවක්ම හරියට අපි පැල කරන බීජයක් වගේ 🌱
අපි පෙන්වන කරුණාව, අපි පුරුදු කරන අවංකකම සහ අපි පිරිනමන ත්‍යාගශීලීභාවය අපේ අනාගතය විතරක්ම නෙවේ අපි වටා සිටින අයගේ ජීවිත ද හැඩගස්වනවා.
ඔයාගෙන්ම අහන්න
✨ මම ඇත්ත කතා කරාද?
✨ මම අවංකව කටයුතු කළාද??
✨ දුෂ්කර වූ විට පවා මම කරුණාව තෝරා ගත්තද?

"Good karma begins with the small choices we make every single day"

🌙 4. මම ජීවත් වෙන්නේ වර්තමාන මොහොතෙද?

අපේ මනස ගොඩක් වෙලාවට පුරුදු වෙලා තියෙන්නේ
🌧️ ඊයේ උන දේවල් ගැන පසුතැවෙන්න
🌅 හෙට ගැන වද වෙන්න.
ඒත් ඇත්තටම වැදගත් වෙන්නේ ඔයා මේ මොහොත ගත කරන්නේ කොහොමද කියන එකයි..
හොද ගැබුරු හුස්මක් ගන්න. ඔයාගේ වටේ තියෙන දේවල්, sounds හොදට අවදානෙට ගන්න. සාමකාමි බව තියෙන්නේ මේ මොහොතේ කියන එක හොදට මතක තියාගන්න. ඔයා මේ වෙලාවේ ඒක තෝරගන්න බලයක් තියෙනවා!

🌺 5. මම මගේ ජිවිතේ තියෙන දේවල් වලට ස්තුතිවන්ත වෙනවද?

අපි පුරුදු වෙලා ඉන්නේ දේවල් පස්සේ දුවන්න.. එකක් හම්බුනාම තව එකක්. ඒත් පොඩ්ඩකට නැවතිලා බැලුවොත් ඔයාට ජීවිතේ ස්තුතිවන්ත වෙන්න දේවල් ගොඩක් ඇති. ඔයාට මේක කියවන්න හම්බෙනවාට ඔයාගේ ඇස් දෙකට ස්තුතිවන්ත වෙන්න. මොකද තව කෙනෙක්ට ඒක හිනයක් වෙන්න පුලුවන්. අපි මේ ඉන්න ලෝකේ හරිම තාවකාලිකයි. ඉතින් ස්තුතිවන්ත වෙන්න පුරුදු වෙන්න.

🌑🌒🌓🌔🌕
අමාවක හද ටිකෙන් ටික එලිය වෙනවා. ඉතින් පෝය දවස කියන්නේ ඔයාට මතක් කරගන්න හොදම දවස ඔයාගේ කරුණාවන්ත කම, ලස්සන හදවත, ආරක්ෂා කරගන්න. අමාවකට කොයි තරම් අදුරු උනත් ආයේ හද සම්පුර්ණයෙන්ම අද වගේ බබළන දවසක් එනවා.

මතක තියාගන්න අමාවක දවසෙත් හද ඒ විදිහටම තිබ්බා. මිනිස්සු උන අපිට හද පේන විදිහ තමා වෙනස් උනේ. ඉතින් සමාව දෙන්න. ඔයා ඔයාව දැනගන්න ඔයාගේ ඇතුලාන්තෙට ගිහින් බලන්න. එතන එලිය තියෙනවානම් ඔයා දවසක අනිවාරෙන්ම බැබළෙනවා. 🤍

🌕 May this Poya Day bring you wisdom, inner peace, and the strength to walk the path of kindness.

"May all beings be happy. May all beings be free from suffering." 🙏🪷

29/06/2026

එකෝමත් එක වැස්ස දවසක් 🌧 🫶

20/06/2026

අපේ චූටික්කිගේ අලුත් ගෙදර

20/06/2026

ඔයාගේ හිත නිවෙන්න වෙලාවක් දෙන්න 🥰🍃

Address

Nilpangoda
Minuwangoda
11550

Telephone

+94705249681

Website

Alerts

Be the first to know and let us send you an email when Wishy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Wishy:

Shortcuts

Share