
10/08/2025
✨️මායා මන්දිරය ✨️
------------------------------------------------------------------
The Palace of Illusions
(by Chitra Banerjee Divakaruni)
-----------------------------------------------------------------
අසංක්ෂිප්ත සිංහල පරිවර්තනය:
දිලිනි ගුණවර්ධන
-----------------------------------------------------------------
අඩක් ඓතිහාසික සිදුවීම්වලින් ද, අඩක් පුරාණෝක්තින් ගෙන් ද පිරි, සම්පූර්ණයෙන් ම මායාකාරී වූ යුගයක් වෙත පිවිසෙන්න...
මායා මන්දිරය වූ කලී මහා භාරතය නම් වූ අකාලික පුරාවෘත්තය පාණ්ඩව සොයුරන් පස් දෙනාට ම බිරිඳ වූ පංචාලි කුමරියගේ ස්ත්‍රීවාදී ඇසින් විමසා බැලීමකි. අග්නියෙන් වූ ඇගේ උප්පත්තිය ද, සිය ආදරණීය සොයුරාගේ සමාගමයෙන් පමණක් තනි මැකුනු හුදකලා ළමා විය ද, අභිරහස් ක්රිෂ්ණ සමඟ වූ සංකීර්ණ මිතුදම ද, විවාහය ද, මාතෘත්වය ද, සිය ස්වාමියාගේ අති බිහිසුණු එදිරිවාදියා වන ගුප්ත පුද්ගලයා කෙරේ ඈ තුළ වන රහස්‍ය ප්‍රේමය ද ඇතුලත් ව පංචාලියගේ ජීවිතය නිරූපණය කෙරෙන මෙය පුරුෂයන් උදෙසා සැදුණු ලොවක උපන් ස්ත්‍රියක ගැන කියැවෙන අති මානුෂීය වෘත්තාන්තයකි.
‘A bright a gem as the Hope Diamond’
-Los Angeles Times-
‘Radiant… A charming and remarkable book’
-Houston Chronicle-
‘Divakaruni’s storytelling talents put her right up there with the best’
-Miami Herald-
-------------------------------------------------------------------------------