Sanyatha Book Publishers

Sanyatha Book Publishers Bringing You the Best Experiences of World Literature
Book Publisher
Online Book Store

✨️මායා මන්දිරය ✨️------------------------------------------------------------------The Palace of Illusions (by Chitra Ba...
10/08/2025

✨️මායා මන්දිරය ✨️
------------------------------------------------------------------
The Palace of Illusions
(by Chitra Banerjee Divakaruni)
-----------------------------------------------------------------
අසංක්ෂිප්ත සිංහල පරිවර්තනය:
දිලිනි ගුණවර්ධන
-----------------------------------------------------------------
අඩක් ඓතිහාසික සිදුවීම්වලින් ද, අඩක් පුරාණෝක්තින් ගෙන් ද පිරි, සම්පූර්ණයෙන් ම මායාකාරී වූ යුගයක් වෙත පිවිසෙන්න...

මායා මන්දිරය වූ කලී මහා භාරතය නම් වූ අකාලික පුරාවෘත්තය පාණ්ඩව සොයුරන් පස් දෙනාට ම බිරිඳ වූ පංචාලි කුමරියගේ ස්ත‍්‍රීවාදී ඇසින් විමසා බැලීමකි. අග්නියෙන් වූ ඇගේ උප්පත්තිය ද, සිය ආදරණීය සොයුරාගේ සමාගමයෙන් පමණක් තනි මැකුනු හුදකලා ළමා විය ද, අභිරහස් ක‍්‍රිෂ්ණ සමඟ වූ සංකීර්ණ මිතුදම ද, විවාහය ද, මාතෘත්වය ද, සිය ස්වාමියාගේ අති බිහිසුණු එදිරිවාදියා වන ගුප්ත පුද්ගලයා කෙරේ ඈ තුළ වන රහස්‍ය ප්‍රේමය ද ඇතුලත් ව පංචාලියගේ ජීවිතය නිරූපණය කෙරෙන මෙය පුරුෂයන් උදෙසා සැදුණු ලොවක උපන් ස්ත‍්‍රියක ගැන කියැවෙන අති මානුෂීය වෘත්තාන්තයකි.

‘A bright a gem as the Hope Diamond’
-Los Angeles Times-

‘Radiant… A charming and remarkable book’
-Houston Chronicle-

‘Divakaruni’s storytelling talents put her right up there with the best’
-Miami Herald-
-------------------------------------------------------------------------------

🐙 බූවල්ලා - Cover Reveal !!! 🐙(විද්‍යා ප්‍රබන්ධ නවකතාව)-----------------------------------------------------------------...
08/08/2025

🐙 බූවල්ලා - Cover Reveal !!! 🐙
(විද්‍යා ප්‍රබන්ධ නවකතාව)
----------------------------------------------------------------------------
කතෘ: හිරන්ත සිල්වා
පිටකවර නිර්මාණය: පවන් අන්ජන
---------------------------------------------------------------------------
යුද කටයුතු වෙනුවෙන් විද්‍යාව භාවිතා කිරීම සිදු කරන්නේ අද ඊයෙක සිට නොවේ.

සිටි ඉන්ස්ටිටියුට් ඔෆ් සයන්ස් නමින් හැඳින්වූ එක්තරා පර්යේෂණාගාරයක් තුළ සුවිශේෂී, යුදමය අතින් ඉතා වටිනා සුපිරි සොල්දාදුවෙක් නිර්මාණය වෙයි. එය නිර්මාණය කරන්නට පෙර කී ආයතනයේ හිමිකරු වැය කරන්නේ අතිමහත් වූ කාලයකි; ධනස්කන්ධයකි. ඔහුගේ ඒකායන අරමුණ එය එරට රජයට අලෙවි කිරීම ය.

එහෙත්,
එක්තරා දිනෙක, අධික වටිනාකමකින් යුතු සුපිරි සොල්දාදුවා පර්යේෂණාගාරයෙන් අතුරුදන් වෙයි!
එය සිදුවූයේ කෙසේද? ඊට හවුල් වූ අයගේ අරමුණ යහපත් ද? අයහපත් ද?

වියරු වැටුණු පෙර කී ආයතන හිමිකරුවා, අතුරුදන් වූ සිය ‘නිර්මාණය’ සොයා යනු පිණිස සහය පතන්නේ රජයේ ආරක්ෂක අංශවලින් නොව, ‘නාශකයා’ ලෙස තමන් හඳුන්වාගත් කුප‍්‍රකට කුලී ඝාතකයෙකු ගෙනි.

මේ වූ කලී, කුතුහලයත්, ත‍්‍රාසයත්, ආදරය හා සෙනෙහසත් මුසු වූ විද්‍යා ප‍්‍රබන්ධ නවකතාවකි.

බූවල්ලා 🐙--------------------------කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට සමගාමී ව Sanyatha වෙතින් පාඨක ඔබට තිළිණ කෙරෙන සුවිශේ...
27/07/2025

බූවල්ලා 🐙
--------------------------
කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට සමගාමී ව Sanyatha වෙතින් පාඨක ඔබට තිළිණ කෙරෙන සුවිශේෂී විද්‍යා ප්‍රබන්ධයක් පිළිබඳ සිදු කෙරෙන පළමු නිරාවරණය යි මේ.... 😉

✨️COVER REVEAL !!✨️මායා මන්දිරය - The Palace of IllusionsChitra Banerjee Divakaruni-------------------------------------...
20/07/2025

✨️COVER REVEAL !!✨️

මායා මන්දිරය - The Palace of Illusions
Chitra Banerjee Divakaruni
-------------------------------------------------------
[අසංක්ෂිප්ත සිංහල පරිවර්තනය: දිලිනි ගුණවර්ධන]

අඩක් ඓතිහාසික සිදුවීම්වලින් ද, අඩක් පුරාණෝක්තින් ගෙන් ද පිරි, සම්පූර්ණයෙන් ම මායාකාරී වූ යුගයක් වෙත පිවිසෙන්න...

මායා මන්දිරය වූ කලී මහා භාරතය නම් වූ අකාලික පුරාවෘත්තය පාණ්ඩව සොයුරන් පස් දෙනාට ම බිරිඳ වූ පංචාලි කුමරියගේ ස්ත‍්‍රීවාදී ඇසින් විමසා බැලීමකි. අග්නියෙන් වූ ඇගේ උප්පත්තිය ද, සිය ආදරණීය සොයුරාගේ සමාගමයෙන් පමණක් තනි මැකුනු හුදකලා ළමා විය ද, අභිරහස් ක‍්‍රිෂ්ණ සමඟ වූ සංකීර්ණ මිතුදම ද, විවාහය ද, මාතෘත්වය ද, සිය ස්වාමියාගේ අති බිහිසුණු එදිරිවාදියා වන ගුප්ත පුද්ගලයා කෙරේ ඈ තුළ වන රහස්‍ය ප්‍රේමය ද ඇතුලත් ව පංචාලියගේ ජීවිතය නිරූපණය කෙරෙන මෙය පුරුෂයන් උදෙසා සැදුණු ලොවක උපන් ස්ත‍්‍රියක ගැන කියැවෙන අති මානුෂීය වෘත්තාන්තයකි.

‘A bright a gem as the Hope Diamond’
-Los Angeles Times-

‘Radiant… A charming and remarkable book’
-Houston Chronicle-

‘Divakaruni’s storytelling talents put her right up there with the best’
-Miami Herald-

The Palace of Illusions - මායා මන්දිරය --------------------------------------------------------------------චිත්‍රා බැනර්...
18/07/2025

The Palace of Illusions - මායා මන්දිරය
--------------------------------------------------------------------
චිත්‍රා බැනර්ජි දිවාකරුණි විසින් මහා භාරතය පාදක කොට ගනිමින් රචිත අපූරු නවකතාවක අසංක්ෂිප්ත පරිවර්තනය ළඟදී ම ඔබ අතට....

බූවල්ලා.... 🐙
13/07/2025

බූවල්ලා.... 🐙

දුර්යෝධන----------------------------------------------------------පාණ්ඩව සොයුරන්ගේ ඥාති සොහොයුරා සහ කුරුක්ෂේත්‍ර යුද්ධයේ...
12/07/2025

දුර්යෝධන
----------------------------------------------------------
පාණ්ඩව සොයුරන්ගේ ඥාති සොහොයුරා සහ කුරුක්ෂේත්‍ර යුද්ධයේ ඔවුන්ගේ ප්‍රධාන එදිරිවාදියා ය. කෞරව කුමාරවරුන්ගෙන් වැඩිමලා ‍ය. පාණ්ඩවයන් කෙරේ ආත්මාර්ථකාමීත්වයෙන් ද, ඊර්ෂ්‍යාවෙන් ද, වෛරයෙන් ද යුතු ව ඔවුන් නැසීමට විවිධ කුමන්ත්‍රණ කරයි.

පියා: ධෘතරාෂ්ට්‍ර නම් වූ අන්ධ රජු
මව: ගන්ධාරි බිසව
ආයුධය: ගදාව

පංචාලි කුමරිය - Panchali---------------------------------------------------------මහා භාරතයේ එන ප්‍රධාන කාන්තා වීර චරිතය ...
09/07/2025

පංචාලි කුමරිය - Panchali
---------------------------------------------------------
මහා භාරතයේ එන ප්‍රධාන කාන්තා වීර චරිතය ඇය යි. පංචාල දේශයේ රජු වන දෘපදගේ යාගයකට අනුව ගින්නෙන් උපදින ඇය යුධිෂ්ඨිර, භීම, අර්ජුන, නකුල හා සහදේව යන සහෝදර පාණ්ඩව කුමාරවරු පස්දෙනාට ම එකවර බිරිඳ බවට පත් වෙයි. ඕ රූපශ්‍රීයට ද, ධෛර්යයට ද, බුද්ධි ප්‍රභාවට ද ප්‍රසිද්ධ ය. 'ඉන්ද්‍රප්‍රස්ථය' නම් වූ මායා මන්දිරයෙහි රාජිනිය වන ඇය පසුව කුරු රාජධානියේ අධිරාජිණිය බවට පත් වෙයි. කුරුක්ෂේත්‍ර යුද්ධය ඇරඹීමට මූලික වන්නේ ඇය යි.
වෙනත් නම්: ද්‍රෞපදී, ක්‍රිෂ්ණා
පියා: පංචාල දේශයේ දෘපද රජු
සහෝදර සහෝදරියන්: දෘෂ්ටධ්‍යුම්න (නිවුන් සොයුරා), ශිඛණ්ඩි

කර්ණ - Karna-----------------------------------------------------------අධිරථ නම් වූ රථාචාර්‍යවරයා විසින් ඇති දැඩි කර ගන්...
09/07/2025

කර්ණ - Karna
-----------------------------------------------------------
අධිරථ නම් වූ රථාචාර්‍යවරයා විසින් ඇති දැඩි කර ගන්නා ලදී. නියම මව සහ පියා පොත කියවද්දී පාඨක ඔබට හමුවනු ඇත. අති දක්ෂ රණශූරයෙකි. අර්ජුනගේ ප්‍රධාන ප්‍රතිවාදියා සහ සතුරා ය. දුර්යෝධන කුමරුගේ අතිජාත මිත්‍රයා ය. ඒ නිසා ම දුර්යෝධන විසින් ඔහු අංග දේශයේ රජු ලෙස පත් කර යවන ලදී.

ආයුධය: විජය නම් වූ දුන්න

සහදේව----------------------------------------------------------පාණ්ඩව කුමරුන් පස් දෙනා ගෙන් බාලයා ය. නකුලගේ නිවුන් සහෝදර...
11/06/2025

සහදේව
----------------------------------------------------------
පාණ්ඩව කුමරුන් පස් දෙනා ගෙන් බාලයා ය. නකුලගේ නිවුන් සහෝදරයා ය. ඉතා ප්‍රඥාවන්ත අයෙකු වන මොහු තාරකා විද්‍යාවෙහි ද, කඩු හරඹයෙහි ද දක්ෂයෙකි.

පියා: සෞඛ්‍යයට අධිපති අශ්විනි නිවුන් දෙවිවරු
මව: මද්‍රි බිසව (නමුත් හදා වඩා ගන්නා ලද්දේ කුන්ති බිසව විසිනි)
බිරිඳ: පංචාලි බිසව

නකුල---------------------------------------------------------------පාණ්ඩව සොයුරන් පස්දෙනා ගෙන් සිව් වැන්නා ය. ඔහුත් පස් ...
10/06/2025

නකුල
---------------------------------------------------------------
පාණ්ඩව සොයුරන් පස්දෙනා ගෙන් සිව් වැන්නා ය. ඔහුත් පස් වෙනි සොයුරු සහදේවත් නිවුන්නු වෙති. නකුල ඔහුගේ යුගයේ පහල වූ කඩවසම් ම මිනිසා ය. කඩු හරඹයෙහි ද, අශ්ව පාලනයෙහි ද අති දක්ෂයෙකි.

පියා: සෞඛ්‍යයට අධිපති අශ්වින නිවුන් දෙවිවරු
මව: මද්‍රි බිසව (නමුත් හදා වඩා ගන්නා ලද්දේ කුන්ති බිසව විසිනි)

ආයුධය: අසිපත

භීම--------------------------------------------------------------පාණ්ඩව කුමරුවන් පස් දෙනා අතරින් දෙවැන්නා ය. ඇතුන් දහසකග...
09/06/2025

භීම
--------------------------------------------------------------
පාණ්ඩව කුමරුවන් පස් දෙනා අතරින් දෙවැන්නා ය. ඇතුන් දහසකගේ කාය ශක්තියෙන් හෙබි ශ්‍රේෂ්ඨ රණශූරයෙකි. කුරුක්ෂේත්‍ර යුද්ධයේ දී කෞරවයන්ට දරුණු ලෙස පහර දුන්නේ ය. පංචාලි බිසවට සුවිශේෂී ආදරයක් දැක්වීය.

පියා: සුළඟට අධිපති වායු දෙවියා
මව: කුන්ති බිසව
බිරින්දෑවරු: පංචාලි බිසව, හිඩිම්බි
දරුවන්: ඝටෝත්කච, සුතසෝම

ආයුධය: යගදාව

Address

Mirigama

Alerts

Be the first to know and let us send you an email when Sanyatha Book Publishers posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sanyatha Book Publishers:

Share

Category