04/09/2026
✅ වයස අවුරුදු 82 ක් වන විශේෂඥ වෛද්‍ය විල්ෆ්‍රඩ් විජේසිංහ මහතා යනු ගම්පහ සුමේධ විද්‍යාලයේ සභාපතිවරයා ය.
✅ ඔහු බොහෝ අත්දැකීම් ඇති පරිණත පුද්ගලයෙක්.
✅මෙරට වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් වී අධ්‍යාපනය ලබා එංගලන්තයේ ද වැඩිදුර අධ්‍යාපනය ලබා වසර ගණනාවක් එරට සේවය කර මව් බිමට පැමිණියා.
✅අනතුරුව තම මාමණ්ඩිය වූ නවලෝක සමූහ ව්‍යාපාරයේ අධිපති එච්.කේ. ධර්මදාස මහතාගේ මග පෙන්වීමෙන් නවලෝක රෝහල ඉදිකළා.
✅අනතුරුව ගම්පහට පැමිණි එතුමා සුමේධ විද්‍යාලය, පෙරපාසල ආදිය ගොඩනැගුවා.
✅දරුවන් ලක්ෂ ගණනකට දෑස් පෑදු එතුමාගේ එකම බලාපොරොත්තුව රට වෙනුවෙන් උපරිම සේවාවක් ඉටු කිරීම.
✅ ඩී. එස්. සේනානායක මහතාගේ සිට වර්තමානයේ අනුර කුමාර දිසානායක මහතා දක්වා දේශපාලනය හොඳින් කියවා ඇති විල්ෆ්‍රඩ් විජේසිංහ මහතා තම ජීවන අත්දැකීම් ඇසුරින් ජාතියෙන් ඉල්ලා සිටින්නේ වත්මන් පාලනය පිළිබඳ ගැඹුරින් කල්පනා කරන ලෙසටයි.
✅එසේ කළ යුත්තේ ඇයි ද? යන්න ඔහුගේ මෙම විග්‍රහයෙන් පැහැදිලි වෙනවා